
ඕනෑම දීර්ග ගමනක් හැදෙන්නේ පුංචි පුංචි පියවර රාශියක් එකතු වෙලා. වසරකින් දෙකකින් , එහෙමත් නැත්නම් දිගු කාලීනව ඔබ ඔබේ ජීවිතයේ ලගා කරගන්න සිතන සාර්තකත්වය කරා යන ගමනේ දී ඒ ආකාරයෙන් වන පුංචි පියවරක් වෙන්නේ පැය විසි හතරකින් යුත් දිනයක්.
සෑම දිනයක් තුලම අවශ්‍ය දේ ඉටු කරමින් එකිනෙක දිනය තුල සාර්තක වෙන්න පුලුවන්නම් අපි හැම කෙනෙක්ටම ප්‍රායෝගිකව අපේ ඉලක්ක වලට යන්න පුලුවන්. මේ නිසා අද මේ ලිපියෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ තමන්ගේ දවසේ ඵලදායීතාවය දෙගුන තෙගුන කරගන්න, වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න, උද්‍යෝගයෙන් දවස ගෙවන්න පුලුවන් විදිහට තමන්ගේ දිනය සැලසුම් කරන්නෙ කොහොමද කියන කාරණය ගැන.
පියවර 1. - තමන්ගේ ඉලක්කය නිවරැදිව ලියා ගන්න.
තමන්ගේ දිනය සැලසුම් කරන්න කලින් මුලින්ම තමන්ගේ ජීවිතයේ ඉලක්කය මොකක්ද කියන දේ හරියට ලියා ගන්න. මොකද දවසින් දවස සාර්තක වෙලා තමන් යන්නේ කොතනටද යන්න ගැන දැනගෙන ඉන්න තරමට, ඒ දේ හිතේ තදින් තියෙන තරමට ඔබට ඉදිරියට යන්න ලේසියි. හැබැයි ඉලක්කයක් කියන්නේ සිහිනයක් නෙමේ, දල අදහසක් නෙමේ, නිශ්චිත, කාලසීමාවකට යටත්, මැනිය හැකි ඉලක්කයක්.
ඇයි ඒ ආකාරයේ ඉලක්කයක් පිහිටුවන්න ඕනේ, සිහිනයකට වඩා ඉලක්කයක් තමන්ගේ සිතුවිලි රටාව වෙනස් කරන්නේ කොහොමද කියන දේ ගැන අපි කලින් කීප සැරයක්ම කතා කරලා තියෙනවා. මේ දේ ගැන තවමත් ඔබ දන්නේ නැත්නම් , තාම ඉලක්කයක් සිහිනයක් කියන දේ හරියට වෙන්කර ගන්න බැරිනම් අප නිකුත් කර තිබෙන " ජීවිතය දිනන ප්‍රායෝගික මග " පොතේ 4 වන පරිච්චේදය පරිශීලනය කරන්න.
පියවර 2. - දෛණික ඉලක්කය සටහන් කර ගන්න
දෙවනුව ඔබ කරන්න ඕනේ ඉහත සදහන් කරගත්ත ඉලක්කය වෙත ලගා වෙන්න තමන් අද දවස තුල කුමන ආකාරයක සාර්තකත්වයක් ලගා කරගන්න ඕනෙද කියන දේ, නිවරැදිව පැහැදිලිව සටහන් කරගන්න එක. දෛණික ඉලක්කය කියන දේ ඔබට හිතෙන ආකාරයෙන් සටහන් කරන්න හැකියාවක් නෑ. ඒ දේ ඔබ සැලැස්මකට අනුව තීරණය කල යුතු දෙයක්. දිගු කාලීනව තමන්ගේ ඉලක්කයට යන්න අවම වශයෙන් දවස තුල මොන මොන දේවල් කල යුතුද, කුමන ආකාරයේ සාර්තකත්වයක් ලගා කරගත යුතුද යන්න නිවරැදිව ඔබේ දෛණික ඉලක්කය තුල අන්තර්ගත විය යුතුයි. දෛණික ඉලක්කයක් හරියට සකසා ගන්න හැටි ගැනත් හරි අවබෝධයක් ඔබට නැත්නම් " ජීවිතය දිනන ප්‍රායෝගික මග " පොතේ සැලසුම්කරණය කොටස හොදින් පරිශීලනය කරන්න. එහි මේ පිලිබද පැහැදිලි විස්තරයක් උදාහරණ සහිතව තිබෙනවා.
පියවර 3. - දෛණික ඉලක්කයට අනුව දවසේ රාජකාරි පෙලගැස්ම සකසා ගන්න
සෑම දවසකම අපිට කල යුතු හා කරන්න සිදුවෙන කියන දෙයාකාරයේම ක්‍රියාකාරමක් වල නිරත වෙන්න සිදුවෙනවා. බොහෝ වෙලාවට ඔබ දින සැලැස්මක් අනුව වැඩ කරන්නේ නැත්නම් ඔබට බොහෝ වෙලාවට කරන්න සිදුවෙන දේවල් වල නිරත වීම නිසා, ඔබ ඔබේ දියුනුව වෙනුවෙන් කල යුතු දේවල් කිරීම අතපසු වෙනවා. අවසානයේ, ඔබ අනවශ්‍ය දෙයක් වෙනුවෙන් මහන්සි වෙලා තිබෙනවා, නමුත් ඔබ කල යුතු දේ කරගෙන නෑ. අවසන් ප්‍රතිඵලය වෙන්නේ නිකරුණේ කාලය ගෙවිලා යනවා නමුත් ඔබේ ජීවිතයේ කිසිම දියුනුවක් නොලැබෙන එක. මේ නිසා තමන්ගේ රාජකාරී පෙලගස්වා ගන්නකොට තමන්ගේ දවස තුල තමන්ගේ ඉලක්කයට යන්න ඔබ කල යුතු දේවල් වලට ප්‍රමුඛත්වය දෙමින්, දවසේ පැය 24 තුල ඔබ ක්‍රියාත්මක වන ආකාරය ගැන පෙලගැස්මක් ( Schedule ) සකසා ගන්න ඕනේ.
සරලවම කීවොත් ඔබේ To Do List ( Daily Schedule ) එක අනුව ඔබ සැලසුම් කරන වැඩ ටික කරලා ඉවර උනාම ඔබ ඔබේ දෛණික ඉලක්කයට ලගා වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ කොච්චර මහන්සි වුනත් දවස තුල එයින් ඔබේ ජීවිතයේ දියුණුවක් ඇතිවෙන්නේ නෑ.
පියවර 4. - සැලසුම් කරපු විදිහටම ක්‍රියාත්මක වෙන්න.
දවසේ වැඩකටයුතු වල ඔබ සැලසුම් කල විදිහටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔබ සැලසුම් කරපු එක එක වැඩේ ඉවර කලාම එය නිම කලා කියන දේ ඔබේ වැඩ පෙලගැස්මේ සටහන් කර ගන්න. මෙහෙම කරනකොට ටික වෙලාවක් යනකොට ඔබටම දැනෙනවා ඔබ වැඩක් කරන බව. ඔබ ඉදිරියට යන බව. ඒ වගේම මෙහෙම කරනකොට ඔබට වැඩ අතපසුවෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. සරලවම කීවොත් එහෙම ඉඩක් නැති තරම්.
පියවර 5. - දවසේ සාර්ථකත්වය මැන බලන්න.
සැලසුම් කරපු විදිහට වැඩ ටික කරලා තමන්ගේ සැලසුමට අනුව බලාපොරොත්තු වුන ප්‍රතිඵලය ලැබුනද කියන දේ පරික්ෂා කරල බලන්න. හිතපු විදිහටම වැඩේ හරි ගියානම් දවසේ සාර්තකත්වය පොඩියට සමරන්න. සතුටු වෙන්න. නමුත් හිතපු විදිහට කලාට ප්‍රතිඵල නැත්නම් ඇයි එහෙම වුනේ කියන දේ හොදට කල්පනා කරලා බලල සටහන් කරගන්න. මීලග දිනය සැලසුම් කරනකොට ඒ ගැන අවදානයෙන් යුතුව අද දවසේ අසාර්තකත්වයත් ආවරණය වෙන විදිහට මීලග දියයේ ඔබ ලගා විය යුතු ඉලක්කයට ලගා වෙන හැටි ගැන සැලසුම් කරන්න.
ජීවිතේ අපි කරන කියන දේවල්වල සුලු වෙනසක් හරි ආකාරව ඇතිකර ගැනීමෙන් ජීවිතේ ලොකු වෙනසක් ඇතිකර ගන්න පුලුවන්, හරියට ඉලක්කයක් පිහිටුවන හැටි, සැලැස්මක් හදා ගන්න හැටි, ධනාත්මක මනසක් පවත්වාගෙන යන හැටි ගැන ප්‍රායෝගිකව උදාහරණ සහිතව ඉගෙන ගන්න " ජීවිතය දිනන මග " ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා පහතින් eBook එකක් ආකාරයෙන් ඔබත් Download කර ගන්න.
හැමදාම හීන දැක දැක ඉන්නවා වෙනුවට , ප්‍රායෝගික සාර්තකත්වයක් ජීවිතයට ලගා කර ගන්න.
Commentaires