අපි හැම කෙනෙක් ලගම අපි සිහින දකින ජීවිතයක් තියෙනවා, නමුත් සැබෑ ජීවිතයේදී මේ සිහින දකින ජීවිතය ලගා කරගන්නේ ඉතාම සුළු පිරිසක් විතරයි. ඇයි මෙහෙම වෙන්නේ? මේ තත්වය වෙනස් කරන්න අපිට බැරිද?
සාර්ථකත්වය කියන්නේ කිසිම වෙලාවක ඉබේ ලැබෙන දෙයක් නොවන බව මම ඔබට කලින් ලිපි කීපයකදිම සදහන් කරලා තියෙනවා. ඔබ යම්කිසි දිනයක සාර්ථක වෙනවානම් සාර්තක වෙන්නේ ඒ ඔබ සාර්ථක වෙන්න අවශ්‍ය ආකාරයෙන් සිතමින් හා ක්‍රියකරමින් තිබෙන නිසා පමණයි. ඒ වගේම ඔබ යම්කිසි ආකාරයකින් සාර්ථක වෙන්නේ නැත්නම් එයටත් හේතුව ඔබ සාර්ථක වෙන්න අවශ්‍ය පරිදි සිතීම හා ක්‍රියා කිරීම සිදු නොකිරීමම තමයි.
අපි බොහෝ දෙනෙක් අපේ ඉලක්ක හබා ගෙන යන්න තියන පළමුවෙනි පියවර තියන්නෙම බොහෝ වෙලාවට මම කොහොම හරි මොනවා හරි කරලා මේ දේ සාර්තක කර ගන්නවා කියලා. ඔබ නිකමට සිතලා බලන්න. ඔබ නොදන්න, කලින් ගිහින් නැති තැනකට යන්න, ඔබ මම කොහොම හරි , මොනවා හරි කරලා යනවා කියලා හිතාගෙන , කිසිම සැලැස්මක් නැතුව, කිසිම සූදානමක් නැතුව පාරට බැස්සොත් , ඔහේ හිතෙන හිතෙන පැත්තට ගමන් කලොත් මොකද වෙන්නේ? ඔබ සාර්ථකත්වය හොයාගෙන යන ගමනේදීත් ඔබට වෙලා තියෙන්නේ ඒ දේම නෙමේද?
ඔබ දන්නේ නැති , කලින් ගිහින් නැති තැනකට යනවානම්, ඔබ මුලින්ම කරන්න ඕනේ, මම කොහොම හරි යනවා කියලා හිතලා එලියට බහින එක නෙමේ. ඔබ කරන්න ඕනේ තමන් යන්න ඕනේ මාර්ගය මොකක්ද? කොච්චර දවසක් යනවද? අතර මග නවතින්න සිදුවෙනවද? ගමනට කොතරම් වියදමක් යනවද? අතර මග කුමන කුමන තැන් පසුකර යන්න වෙනවද යන්න ගැන නිවරැදිව සොයා බලා එයට නිවරැදිව සූදානම් වෙලා ගමන යන්න පටන් ගැනීම. එහෙම යනවනම් ඔබට නිශ්චිතවම ඔබේ ගමනාන්තයට ලගා වෙන්න හැකියාවක් තියෙනවා. ඒ ආකාරයෙන්ම ඔබ සාර්ථකත්වය හොයාගෙන යන ගමනේදීත් කොහොම හරි මොනවා හරි කරලා මම සාර්ථකත්වය වෙත යනවා කියලා හිතනවා වෙනුවට ඔබ කරන්න ඕනේ, මම නිශ්චිතම සාර්තක වෙන්න මොනවද කරන්න ඕනේ, කොහොමද කරන්න ඕනේ කියන දේ නිවරැදිව හදුනාගෙන ඒ දේ ක්‍රියාත්මක කරන එක.
මොනවා හරි කොහොම හරි කරලා සාර්ථක වෙන්න බෑ , අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට කරලා සාර්ථක වෙන්න
මේ ලෝකයේ ඕනෑම දෙයක් සාර්ථක කරගන්න , එහෙන් මෙහෙන්, තැනින් තැනින් කරලා පුලුවන් කමක් නෑ. ඕනෑම දෙයක් කල යුතු නිශ්චිත පියවරක් හා අඩු වැඩි වශයෙන් මහන්සි විය යුතු තැන් තියෙනවා. උදහරණයක් විදිහට ඔබ ගෙයක් හදනාවානම් ඔබ එක දවසක බිත්තියක් බැදලා අනිත් දවසේ වහලෙන් බාගයක් ගහලා , ආයෙත් ඊලග දවසේ අත්තිවාරමෙන් කොටසක් දාලා නිවස හදන්නේ නෑ. එහෙම කලොත් ඔබට නිවස නිසි ආකාරයෙන් හදා ගන්න ලැබෙන්නෙත් නෑ. ඒ වගේම ඔබ නිවසක් හදනකොට අත්තිවාරම ගැන අඩු සැලකිල්ලක් දක්වලා අඩු වියදමකින් හදාලා , ඉතිරි සියල්ල කල හැකි උපරිම ආකාරයෙන් ශක්තිමත්ව නිමා කලත් එයිනුත් ඔබට ඔබේ නිවස හරි ආකාරයෙන් හදා ගන්න ලැබෙන්නේ නෑ.. වැඩි කාලයක් යන්න කලින් ගෙදර බිමට සමතලා වෙනවා.
මේ විදිහටම ඔබ සිහින දකින සාර්ථකත්වයත් ඔබට හිතෙන හිතෙන දේවල්, එහෙන් මෙහෙන්, හිතෙන හිතෙන විදිහට කරලත් කිසිම දවසක ගොඩනගා ගන්නනම් ලැබෙන්නේ නෑ. ඔබ එය නිවරැදි ක්‍රමයට නිවරැදි ආකාරයෙන් අනිවාර්යයෙන්ම කල යුතුයි. ඔබේ සාර්ථකට්ව්හය නිවසක් නම්, එහි අත්තිවාරම වෙන්නේ ඔබ ගොඩනගා ගන්න ධනාත්මක ආකල්ප, සාර්ථකත්වය වෙනුවෙන් සකසන, ඉලක්ක සැලසුම් ආදිය. ඔබේ සාර්තකත්වය 100%ම ගොඩනැගෙන්නේ මේ කාරනා මත. ඔබ මේ දේවල් ගැන හරි අවදානයක් නොමැතිව ක්‍රියාමක වුවොත්, ඔබේ සාර්ථකත්වයටත් නිසි අත්තිවාරමක් නැති නිවසකට වෙන දේ වෙන එක නතර කරන්න කිසිම විදිහක් නෑ.
ඔබ ඔබ ගැනම හිතන්න ඔබට ඔබේ සාර්ථකත්වය ගැන නිශ්චිත ඉලක්කයක් තියෙනවද? ඔබට ඔබේ සාර්ථකත්වය වෙත ගමන් කිරීම වෙනුවෙන් නිශ්චිත සැලැස්මක් තියෙනවද? ඔබට ඔබේ ඉලක්කය වෙත ලගා වීම වෙනුවෙන් අවශ්‍ය වන ධනාත්මක බව හා ආකල්පමය තත්වයන් ඔබ නිවරැදිව ඔබේ මනස තුල ස්ථාපණය කරගෙන තියෙනවාද?
ඔබ මේ දේවල් හරියට ස්ථාපනය කරගෙන තියෙනවාද නැද්ද යන්න මනින්න දන්නවාද? ඔබ හරියට ඉලක්කයක් පිහිටුවන ආකාරය, නිවරැදිව ඵ්ලදායී ආකාරයෙන් ඉලක්කයක් වෙත යාමට සැලැස්මක් සකසා ගන්න හැටි, එම අරමුණ වෙත ලගා වීමට , බාදක වලට මුහුණ දීමට අවශ්‍ය ධනාත්මක බව, ආකල්පමය තත්වයන් මොනවාද, ඒවා නිවරැදිව ඇතිකරගන්නේ කොහොමද කියන දේ ගැන නිවරැදිව දන්නවාද? දන්නේ නැත්නම් ඔබ ඒ දේවල් ඉගෙන ගන්න මොනවා හරි දෙයක් කරලා තියෙනවද?
ඔබට ගෙයක් හදනකොට යම් මුදලක් ගෙවලා හොදට ගෙවල් හදන්න දන්න කෙනෙක්ගේ සහය ලබා ගන්න පුලුවන්, නමුත් සාර්ථකත්වය ගොඩ නගා ගැනීමේදී ඔබට ඔබේ සාර්ථකත්වය ගොඩනගා ගන්න, ඔබව සාර්ථක කරලා දෙන්න වෙන කෙනෙකුට බාර දෙන්න හැකියාවක් නෑ. කෙනෙකුට ඔබට සාර්ථකත්වය වෙනුවෙන් කල හැකි උපරිම උදවුව ඔබට යා යුතු මාර්ගය පෙන්වා දීම පමණයි . ඒ මාර්ගයේ යාමකල යුතු වන්නේ ඔබයි. ඔබ ඔබේ සාර්තකත්වය ගොඩනගා ගන්න මහන්සි වෙන්නේ නැත්නම් , වෙන කවුරුත් ඔබව සාර්ථක කර දෙන්න මහන්සි වෙන්නේ නෑ.
මේ නිසා හොදට කල්පනා කර බලන්න, ඔබට ඔබේ සාර්ථකත්වය ගොඩනගා ගන්න අවශ්‍ය අත්තිවාරමවත් ඔබ හරියට දාගෙන තියෙනවද? එය නිවරැදිව දමා ගන්න ඔබ කැපවී තිබෙනවාද? අවදානය යොමු කර තිබෙනවද? වැදගත් කමක් ලබා දී තිබෙනවද? ඔබ ඔබේ ආකල්ප වර්ධනය කරගන්න හැටි ගැන ඉගෙන ගන්න, නිවරැදිව ඉලක්කයක් , සැලැස්මක් හදා ගන්නේ කොහොමද? බාදක ඇතිවෙනකොට ඒවාට මුහුණ දෙන්නේ කොහොමද? හරියට කාලය කලමණාකරයන කරගෙන්නේ කොහොමද? වගේ දේවල් ඉගෙන ගන්න ගෙවුන දින 7 ඇතුලත කොපමණ කාලයක් වැය කලාද? සාර්ථකත්වය ගැන සාකච්චා කරන්න, සාර්ථක විය හැකි ක්‍රම ගැන කතා කරන්න ඔබ කොතරම් කාලයක් වැය කලාද? අන්තිමට ඔබ ලැබූ වැටුපෙන් කොතරම් මුදලක් මේ දේවල් ඉගෙන ගැනීම වෙනුවෙන් , පොතක් පතක් මිලදී ගන්න, දේෂණයකට සහබාගී වෙන්න, උපදේෂක වරයකුගේ සහය ලබා ගන්න වැය කලාද? ඔබ පසුගිය මාසය තුල මේ දේවල් ගැන ලියවුන පොත් කීයක් කියෙවුවද? ඔබ ඔබේ හිතින්ම අහලා බලන්න.
ඔබ ඔබව ගොඩනගා ගැනීම වෙනුවෙන්, ඔබේ සාර්ථකත්වයේ මූළිඛ පදනමවත් ශක්තිමත්ව සකසා ගැනීම වෙනුවෙන් යම් කාලයක්, මුදලක් ආයෝජණය නොකරයිනම් , එය වෙන කෙනෙක් ඔබ වෙනුවෙන් කරයි කියලා ඔබ සිතනවාද? දැන් සමහර විට ඔබ කියයි ඔබ උපයනෙනේ සුලු මුදලක්, එහෙම දෙයක් කරන්න මුදලක් ඉතිරි වෙන්නේ නෑ කියලා, එහෙමත් නැත්නම් අපි හරිම කාර්ය බහුලයි අපිට මේ වගේ දෙයක් කරන්න වෙලාවක් නෑ කියලා. ඔබ එහෙම කියනවානම් එයට දිය හැකි එකම උත්තරය ඔබට සාර්ථක වෙන්න තවම උවමනාවක් නෑ කියන දේ විතරයි. ඔබ විශිෂ්ඨත්වය සොයා යන විශිෂ්ඨ මිනිසෙක් නෙමේ, ඔහේ ජීවත් වෙලා ඔහේ මැරියලා යන්න බලාගෙන ඉන්න, ජීවත් වෙලා ඉන්නකන් පුලුවන් විදිහට ජීවත් වෙන්න හිත හදා ගත්ත දුර්වල සාමාන්‍ය මිනිසෙක්.
ඔබට ඇත්තටම සාර්ථක වෙන්න උවමනාවක් තියෙනවානම් දවසේ ඔබ ආකාර ගන්න වේල් තුනෙන් එක වේලක් නොකා ඉදලා ඒ මුදල පොතක් පතක් ගන්න, අලුත් යමක් ඉගෙන ගන්න, අලුත් පියවරක් තබන්න ඔබට වැය කරන්න පුලුවන්. ඔබ එහෙම කලා කියලා ඔබ මැරෙන්නේ නෑ. නමුත් ඔබට දැනෙන බඩ ගින්න , ඔබට සාර්තක වෙන්න තියෙන ආසාවට, උවමනාවට වඩා වැඩියි. ඔබ ඔබේ දරුවෙක් අසනීප වෙලා රෝහල්හත කලොත් මට වෙලාවක් නෑ දරුවා ගැන බලන්න, මම හරි කාර්යයබහුලයි කිය කියා ඉන්නේ නෑ. ඔබ කොහෙන් හරි ඒ අවශ්‍ය දේවල් කරන්න කාලය වෙන්කරගන්නවා, ඔබට ඒ වෙනුවෙන් කාලය වෙන්කරගන්න පුලුවන්නම් , ඔබට ඔබ වෙනුවෙන් ඔබේ දියුනුව වෙනුවෙන් දවස්කට පැයක් දෙකක් නැති වෙන්න විදිහක් නෑ. දවසකට නිදා ගන්න පැය 6න් 2ක් වැයකලා කියලා ඔබ මැරෙන්නේ නෑ. ඔබේ හිත ඔය ඔබට කියන හැම හේතුවක්ම ඇත්තටම දුර්වල මිනිසෙක් තමන්ගේ අසාර්ථකත්වය වහගන්න, තමන් දුර්වලයෙක්, තමන් අසාර්ථක මිනිසෙක්, කියන දේ වහ ගන්න කියන බොරු නිදහසට කාරනා ටිකක් විතරයි.
ඔබට ඇත්තටම සාර්ථක වෙන්න අවශ්‍යනම් ඒ වෙනුවෙන් අපි හැම කෙනෙක්ටම ඇති තරම් මුදලුත් තියෙනවා, කාලයත් තියෙනවා, දැනුම ලබා ගන්න ඕනෑ තරම් මාර්ගත් තියෙනවා. නැති එකම දේ ඔබ තුල වන උවමනාව හා දැඩි කැපවීම පමණයි. කතවක් තියෙනවා ඔබට සාර්ථක වෙන්න අවශ්‍යනම් එය දියේ ගිලුන මිනිසෙකුට හුස්ම ගන්න අවශ්‍ය වෙන තරමටම අවශ්‍ය විය යුතුයි කියලා. ඔබ ඔබෙන්ම අහලා බලන්න ඔබට එහෙම අවශ්‍යතාවයක් දැනෙනවාද කියලා , එහෙම දැනෙන්නේ නැත්නම් සාර්ථකත්වය ගැන හීන දකින එක නතර කරන්න, මොකද ඔබ කරන්නේ තේරුමක් නැති වැඩක්, නැත්නම් එහෙම අවශ්‍යතාවයක් ඇතිකර ගන්න. මේ මොහොතේම කටයුතු කරන්න.
සාර්ථක වෙන්න අපි හැමෝටම පුලුවන්, එයට ඕනෑ තරම් අවස්ථාවන් අපි හැමෝටම තියෙනවා. තමන්ගේ සාර්ථකත්වය තමන්ගේ ජීවිතේ පලමුවෙනි අරමුණ කරගෙන ඒ වෙනුවෙන් සීමා රහිතව කැපවෙන්න. කල යුතු දේ නිවරැදිව ඉගෙන ගන්න, නිවරැදිව ඉලක්කයක් පිහිටුවන හැටි සැලැස්මක් හදා ගන්න හැටි ඉගෙන ගන්න , ඒ අනුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න. ධනාත්මක ආකල්ප ඇතිකරගන්න අවශ්‍ය දේවල් සිදුකරන්න. සාර්ථකත්වයේ අත්තිවාරම හරියට මහන්සි වෙලා , ශක්තිමත්ව සකසා ගන්න, එතැනින් එහාට බිද වැටෙන්නේ නැති වෙන්න ශක්තිමත්ව ඔබේ සාර්ථකත්වය ගොඩනගා ගන්න ඔබට පුලුවන්, එහෙම නොවන්නට සිදුවෙන්නේ නිකරුනේ ඔබ මහන්සි වෙන එක විතරයි , ඔබට ස්ථාවර, ශක්තිමත් සාර්ථකත්වයක් ගොඩනගා ගන්න ඉඩ ලැබෙන්නේ නෑ.
මේ ලිපිය කියවගෙන යනකොට ඔබට හිතුනානම් මම මගේ ගමන වෙනස් කරන්න ඕනේ, තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් යමක් කරන්න ඕනේ කියලා, ඔබ කල යුතු දේ මේ මොහොතේම තීරණය කරන්න, ගන්න පුලුවන් පියවරක් මේ මොහොතේම ගන්න. මොකද ඔබ මේක කියවලා පැයක් දෙකක් යනකොට ඔබව ආපහු හරවන, නැවතත් අර සාමාන්‍ය මිනිසා බවට පත්කරන්න සූදානම් වුන බොහෝමයක් දේවල් විවිද මාර්ග වලින් ඔබ වෙතට එනවා. උදහරනයක් විදිහට ඔබ මේ ලිපිය කියවලා මම අද සාර්ථකත්වය ගැන අවශ්‍ය දේවල් ටික ඉගෙන ගන්න පොතක් ගන්නවා කියල හිතලා පැයක් දෙකක් යනකොට ඒ සිතුවිල්ල අමතක වෙන තරමට දේවල් රාශියක් ඔබේ හිතට අනිවාර්යයෙන් එනවා. මොකද එහෙම නොකර ඔබට අහිතකර නිශ්පාදන ඔබට විකුනන්න කිසිම ආයතනයකට බෑ. ඔබ නිකමට හිතන්න ඔබ වැඩියෙන්ම ආස කරන කෑම වර්ග 5ක් ගැන. ඒ දේවල් වලින් කීයක් ඇත්තටම ඔබට ගුණ දේවල් තියෙනවද? ඔබ නිතර නිතර දකින, ඔබට පහසුවෙන් මිලදී ගන්න පුලුවන් ආහාර ගැන හිතන්න ඒ දේවල් වල ඇත්තටම ඔබට ගුණ කෑම කොපමණ තියෙනවද? ගොටුකොල මිටිය රු 20ක් දීලා කන්නේ නැති මිනිස්සු ඕනෑ තරම් රු 1000ක් දීලා ක්ෂණික කෑම කනවා. මොකද ගොටුකොල වෙලෙන්දට වඩා ඔවුන් ඔබව ඔබට අහිතකර දෙයක් වුවත් එය මිලදී ගන්න පොලබවනවා.
ඒ අකාරයෙන්ම ඔබව දියුනු වෙන්න පොලබවනවා වගේ සිය ගුණයකින් ඔබව නැවත හරවන්න දහසකුත් දේවල් ක්‍රියාත්මක වෙනවා, පොතක් ගන්න, අලුතින් යමක් ඉගෙන ගන්න, දේෂණයකට සහබාගී වෙන්න ඔබට සිතුවිල්ලක් ආවොත්, ඔබට සියලු දේ කැපකරලා හෝ සාර්ථක විය යුතුයි කියලා සිතුවිල්ලක් ආවොත් ඒ දේ පැයක් දෙකක් ඇතුලත අනිත් පැත්ත හරවලා ඔබව ආපහු පරන ජීවිතේටම ඇදලා දාන්න පුලුවන් ඕනෑ තරම් දේවල් ඔබ වටේ තියෙනවා. මේ නිසා ඔබට යම් සිතුවිල්ලක් ආවනම් ,ඒ දේ පවත්වගෙන යන්න, ඔබේ දියුනුව වෙනුවෙන් පියවරක් ප්‍රායෝගිකව අරගෙන, ඔබේ දියුනුව වෙනුවෙන් යම් කාලයක් වෙන්කරගෙන, මේ ලිපිය ඉවත් කරන්න.
ඔබ මොනතරම් දේවල් ඉගෙන ගත්තත් ඔබ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. ක්‍රියාත්මක වෙන්න හිතුන මොහෝතේ ක්‍රියාත්මක වෙන්න. කොතනින් හෝ පටන් ගන්න, ඔබ පටන් ගත්තොත් එතැනින් එහාට ගමන යන එක අමාරු නෑ.
ඔබේ හිතේ තියෙන ඕනෑම ඉලක්කයක් ප්‍රායෝගික ජීවිතය තුල ලගා කරගන්නා ආකාරය සම්පූර්ණ පාඩම් මාලාවක් ලෙස ලබා ගන්න, පහත දැක්වෙන පිටු 115කින් යුත් ජීවිතය දිනන ප්‍රායෝගික මග - ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා පහතින් Download කර ගන්න. | 50% වට්ටමක් සහිතයි!
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
වෙනත් පොත්
මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව, ඉතාම ඉහල මට්ටමක් දක්වා රැගෙන ඒම වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන, පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
සාමාන්‍ය ආකර්ෂණ නීති සංකල්ප වලින් එහාට ගොස්, අවිංඥාණික මනස තුල වන ශක්තීන් ප්‍රායෝගිකව අවධි කරන ආකාරය පිලිබද උපදෙස් හා පියවර සහිත අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
ධනාත්මක මානසිකත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබට භාවිතා කල හැකි සරල උපක්‍රම පිලිබද ඍජු පාඩම් සහිත ප්‍රායෝගික උපදෙස් පොතකි
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
Comments