අපි හැම කෙනෙක්ම අපි හිතනවාට වඩා ලක්ෂ , කෝටි වාරයකින් බලවත්, අපි තුල වන ශක්තිය සැබවින්ම මෙතෙකයි කියා කියන්න බෑ. අපිට කල හැකි දේවල් වල වගේම , අපිට ලගා කරගත හැකි සාර්ථකත්වයේත් සීමාවක් නෑ.
එහෙම සීමාවක් තියෙනවානම් ඒ සීමාව තීරණය වන්නේ ඒ පුද්ගලයා පෞද්ගලිකව තමන්ට කරන්න පුලුවන් දේ පිලිබදවත් , තමන්ට ලගා කරගන්න පුලුවන් සාර්ථකත්වය පිලිබදවත් දරන විශ්වාසයේ සීමාව මත පමණයි. ඔබ ඔබට යමක් බෑ කියා සිතුවත්, ඔබ ඔබට යමක් පුලුවන් කියා සිතුවත් ඒ දෙකම නිවරෑදියි. මොකද ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වගේ නිර්මාණය වෙන්නේ ඔබ කැමැත්ත මත පමණයි.
මේ ලෝකයේ කරන්න බෑ කියා දෙයක්වත්, කරන්න පුලුවන් කියා දෙයක්වත් නෑ. යමක් කරන්න පුලුවන්ද බැරිද යන්න 100%ක්ම තීරණය වන්නේ ඔබේ සිතුවිලි මත පමණයි. උදාහරණයක් ලෙස ඔබේ මනස දැනට වසර 100ක අතීතයට ගෙනියන්න. ඔබ අසා, දැක, කියවා ඇති ඉතිහාසය අනුව මීට වසර 100ට පෙර තිබූ ලෝකය සිතින් මවා ගන්න. ඒ කාලයේ ජීවත් වූවෙකට අනුව, ලිපි මගින් ඈතක ජීවත්ව සිටින අය සමග සංනිවේදනය කල මිනිසෙක්ට අනුව, ලෝකයේ ඕනෑම තැනක සිටින කෙනෙක්ට ඒ මොහොතේම ඉතා වේගයෙන් , මුහුණට මුහුණ බලමින්, ලග සිටින කෙනෙකුට කතා කරන ආකාරයෙන් කුඩා දුරකතනයක් ආදාරයෙන් සංනිවේදනය කල හැකි ක්‍රම වේද යනු මායාවක්ද, නැත්නම් යථාර්ථයක්ද?
ඒ කාලයේ සිටි මිනිසුන්ට අනුව මිනිසාගේ බුද්ධියට සමාන , ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය හැකි කෘතිම බුද්ධිය, පරිගණක හෝ රොබෝවරු යනු මායාවක්ද නැත්නම් යථාර්ථයක්ද? ඒ කාලයේ සතුන් මගින් ප්‍රවාහණ කටයුතු කල මිනිසුන්ට ඇසි පිල්ලක වේගයෙන් විශාල දුරක් ගමන් කරන මෝටර් රථ , ගුවන් යානා යනු මායාවක්ද නැත්නම් යථාර්ථයක්ද?
නිසකවම ඒ කාලයේ ජීවත් වූ බොහෝ මිනිසුන්ට අනුව මේ සියල්ලම මායාවකි, හිතලුවකි, විද්‍යා ප්‍රබන්දයකි. නමුත් අද අපි මේ සියල්ල අත් විදිමින් සිටී. මක් නිසාද යත් බහුතරයක් මේ දේවල් මායවක් යයි සිතන විට එය සැබෑවක් ලෙස 'සිතූ' මිනිසෙක් හෝ දෙදෙනෙක් මෙය සැබෑවක් බවට පත්කර ලෝකය ඉදිරියට ගෙන ගොස් ඇත. එහෙයින් ඔබට ඔබ තුල සැබැවින්ම සැගව ඇති ශක්තිය හදුනා ගත හැකිනම් ඔබට මේ ලෝකයම වෙනස් කල හැකි සුපිරි මිනිසෙක් වීමේ හැකියාව ඔබට ලැබෙයි.
ඔබ මේ කාරනය දෙස හොදින් බැලුවොත් ඔබට පෙනෙන ප්‍රධානම කරුණ නම් ඔබට සිටිය හැකි සීමාව කුමක්ද එය අනුව මේ ලෝකයේ මෙන්ම ඔබේ ජීවිතයේද යථාර්ථය නිරමාණය වන බවයි. සිතින් පොහොසත් කිසිදු මිනිසෙක් සැබෑ ජීවිතයේ දුප්පත් වන්නේ නැත. ඒ වගේම සිතින් දුප්පත් කිසිදු මිනිසෙක් සැබෑ ජීවිතයේ පොහොසතෙක් වන්නේද නැත. ලෝකය සැමවිටම ඉදිරියට ගෙනියන්නේ සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස්ව සිතන මිනිසුන් ය. එනම් ඔබ තුල සැගවුන සැබෑ ශක්තිය ඇත්තේ ඔබේ සිත තුලය. ඔබ ඔබේ සිතේ ශක්තිය අවධි කරන මට්ටම අනුව ඔබේ ජීවිතයේ සාර්ථකත්වයද තීරණය වීම සිදුවනු නිසැකය.
සිතේ බලය
සිතේ බලය සැබවින්ම අප හදුනා ගන්නවාට වඩා ඉතා විශාලය. නමුත් අප බොහෝ දෙනෙක් එයින් භාවිතා කරන්නේ උඩු සිත ලෙසින් හදුන්වන ඉතාම සුලු කොටසක් පමණි. බටහිර ඉගැන්වීම් වලට අනුව අප සාමාන්‍යයෙන් භාවිතා කරන කොටස සමස්ථ සිතෙන් 10%කි, නමුත් අතීතයේ සිට පෙරදිග ආගමික හා සංස්තික සාදක අනුව සිත ගැන සදහන් වන කරුණු කාරනා සලකා බැලුවොත් එය 1%ක්වත් නැති තරම් විය යුතුය.
ඔබට ඔබේ ශරීරය කිසිදු බාහිර ආදාරයකින් තොරව ගුවනේ පාකල හැකි බව ඔබට විශ්වාස කල හැකිද? ඔබට වෙනත් අය සිතන දේ කියවිය හැකි බව, ඔබට වඩා දුර්වල මනසක් ඇති ඕනෑම අයෙකු දුරස්ථපාලකයකින් මෙහෙයවන ආකාරයෙන් මෙහෙයවිය හැකි බව ඔබව විශ්වාස කල හැකිද? සිතුවිලි තරංග මගින් ඕනෑම භෞතික භාන්ඩයක් ඔබේ පාලනයට ගත හැකි බව ඔබට විශ්වාස කල හැකිද? ඒ සියලු හැකියාව ඔබ ඔබේ මනසේ භාවිතා නොකරන කොටස තුල මේ මොහොත වන විටත් ඇත. එසේ කල හැකි මිනිසුන් මෙන්ම එම ශක්තිය වර්ධනය කල හැකි ක්‍රම ශිල්ප පිලිබද දැනුම අදටත් මේ මහ පොලව තුල පවතී. ඔබ කල යුත්තේ එය අවධි කිරීම පමණකි.
මෙවැනි සුවිශේෂි හැකියාවන් කෙසේ වෙතත් , ඉතා සුලු ප්‍රමාණයකින්, අවම වශයෙන් ඔබ දැනට භාවිතා නොකරන කොටසෙන් 1%-2%වත් භාවිතා කලොත් ඔබට ඔබ අද ඉතා වෙහෙස වී ලගා කරගන්නට උත්සාහ කරන ආර්තීක, සමාජීය, සෞක්යමය වැනි මූලිඛ බලාපොරොත්තු ටික වත් ඉතා පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකිවනු ඇත. භාවිතා නොකරන කොටසෙන් 1%, 2%ක් භාවිතයට ගැනීම ඕනෑම කෙනෙකුට කල හැකිය. ඔබ එතැනින් පටන් ගතහොත් ඔබ තුල වන අසීමිත ශක්තියේ පෙර නිමිත්, මහා කුනාටුවක් හමන්නට නියමිත බව හගවන සිසිල් සුලන් දාරාවක් මෙන් ඔබට දැනෙන්නට පටන් ගනු නියතය. එය නිසකවම ඔබ අද සිතා සිටින සුවිශේෂී සාර්ථකත්වය, ඉතා පහසුවෙන් ඔබට ලගා කරදෙන අතර, එයට වඩා, ඔබ සිතුවටත් වඩා සුවිශාල දේවල් රාශියක් ඔබට කල හැකි බවට ඔබට ඉගි සපයනු ඇත.
ප්‍රායෝගික ජීවිතය තුල ඔබේ ඉලක්ක ලගා කරගැනිනීම වෙනුවෙන් යටි සිතේ ශක්තිය භාවිතා කරන්නේ කෙසේද යන්න නිවරැදිව ඉගෙන ගන්න, " අසිරිමත් යටිසිත " ප්‍රායෝගික උපදෙස් පොත පහතින් PDF eBook එකක් ආකාරයෙන් Download කරගන්න.
Commentaires