සාර්ථකත්වය කියන්නේ ප්‍රායෝගික දෙයක් , එය ඔබ පාසලේදී ගණිතය, විද්‍යාව වගේ විශයක් ඉගෙනගෙන ගන්න ආකාරයෙන් එක එක දේවල් කියවලා මතක තියා ගත්තා කියලා, එහෙමත් නැත්නම් කටපාඩම් කරගත්තා කියලා ඔබට කිසිම වැඩක් වෙන්නේ නෑ. ඔබට සැබෑ ජීවිතයේදී සාර්ථක වෙන්න ඕනේනම් ඔබ කරන්න ඕනේ එකම දේ වෙන්නේ ඔබ ඉගෙන ගන්න දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමයි.
අද අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරන කාරණය සම්බන්දයෙනුත් එය එසේමයි. ඔබ මේ ලිපිය කියෙව්වා කියලාවත්, ඔබ මේ ලිපියේ තියෙන හැම අකුරක් නෑරම මතක තියා ගත්තා කියලාවත්, ඔබේ ජීවිතයේ අඹමල් රේණුවකවත් වෙනසක් වෙන්නේ නෑ. වෙන එකම දේ ඔබේ කාලයෙන් මිනිත්තු කීපයක් හරි වැයවෙන එක විතරයි. ඒ නිසා දැනුම එක් රැස් කරගන්න හිතාගෙන නම් මේ ලිපිය කියවන්න එපා. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න බලාගෙන මේක කියවන්න.
මම ඔබට මේ ලිපියෙන් කියන්නේ නිශ්චිතවම ඔබේ ජීවිතය වෙනස් කරන්න පුලුවන්, ප්‍රායෝගිකව රැකියාව තුලින් මාසයක් තුල ලබන ආදායම වගේ කීප ගුණයක් එක දවසකින් ලැබිය හැකි මට්ටමක් දක්වා මගේ ජීවිතය වෙනස් කල ප්‍රායෝගික ක්‍රම ශිල්පයක් පිලිබදවයි! ඔබ කල යුතු වන්නේ මේ දේ හරියට තේරුම් අරගෙන ප්‍රායෝගිකව මේ මොහොතේ සිට ක්‍රියාත්මක කරන්න පටන් ගැනීම පමණයි. ඔබ ක්‍රියාත්මක වුනොත් එවිට ඒ හරහා ඔබට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙයි, එහෙම නැති වුනොත් ඔබට දැනට ලැබිලා තියෙන දේම ආයේ ආයේ ඔබට ලැබෙයි. එකම තැන ඉන්නවාද වෙනස් වෙලා තමන්ට ඕනේ ජීවිතේ ලගා කරගන්නවාද කියන දේ ඔබ තීරණය කරන්න!
අපි දැන් බලමු මේ වසර ඉවර වෙන්න කලින් තමන් දැනට උපයනවා වගේ කීප ගුණයක් උපයන්න පුලුවන් තත්වයට පත්වෙන්න මොනවද කරන්න ඕනේ කියන දේ කියලා!
පියවර 1 - නිවරැදි ඉලක්කයක් පිහිටුවන්න.
මේ දේ ලගා කරගැනීම වෙනුවෙන් ඔබ මුලින්ම කරන්න ඕනේ දේ තමයි, නිවරැදිව පිහිටවූ ඉලක්කයක් සකස් කරගන්න එක. ඒ දේ කරනකොට ඔබ පිහිටුවන ඉලක්කය අනිවාර්යයෙන්ම ඔබට උපයන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා 10ස ගූනයකවත් ඉහල ඉලක්කයක් වෙන්න ඕනේ. මොකද අපි සාමාන්‍යයෙන් අපේක්ෂා කරන දේ ලබා ගන්න අපි හිතනවාට ( අපේ මනස අපිට දන්වනවාට ) වඩා 10 ගුණයක ශක්තියක් හැම වෙලේම යොදවන්න ඕනේ. ( මේක ඔයාලට ගොඩක් අය නොකියන මනෝවිද්‍යාත්මක කරුණක් ) ඒ නිසා හැම වෙලාවෙම තමන්ට අවශ්‍ය දේට වඩා දසගුණයක් විශාල ඉලක්කයක් කරා ගියොත් විතරයි අපිට සැබෑ ජීවිතයේදී ඒ දේ ලගා කරගන්න පුලුවන්.
මම ඔබට කලින් කීවා මේ ඉලක්කය නිවරැදිව පිහිටවූ ඉලක්කයක් වෙන්න ඕනේ කියලා. එහෙම කීවේ නිකමට නේමේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ප්‍රායෝගිකව සාර්ථක වෙන්න යන ගමනේදී අපි කිසිම දෙයක් නිකරුනේ කරන්නේ නෑ. හැම දෙයක්ම කරන හේතුවක් තියෙනවා. නිවරැදිව ඉලක්කයක් පිහිටුවන්න කීවෙත් එහි ප්‍රායෝගිකව ප්‍රතිඵලයක් තියෙන නිසා.
හිතට එන බලාපොරොත්තුවක් ඉලක්කයක් කිරීම සම්බන්දයෙන් , ලෝකයේ පිලිගත් මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවා. ඒ ආකාරයෙන් පිහිටවූ ඉලක්කයක් තමයි අපිට නිවරැදිව පිහිටවූ ඉලක්කයක් කියන්නේ. ඒ ආකාරයෙන් ඉලක්කයක් පිහිටවූවම ඔබ ඔබේ බලාපොරොත්තුව සම්බන්දයෙන් සිතුවිලි ක්‍රියාත්මක වෙන ආකාරය ආකාර 3කින් වෙනස් වෙනවා. ඒ තමයි,
1. මෙහෙම නිවරැදි ඉලක්කයක් පිහිටවූවම, කවදා හරි කොහොම හරි මගේ ඉලක්කයට මම යනවා කියලා ඔබට හිතන්න බැරි වෙනවා. එහෙම හිතන්න බැරි තැනට ඉබේම ඔබේ මනස පත් වෙනවා.
2. කවදා හරි කොහොම හරි කියන දේ වෙනුවට, නිශ්චිතවම, කවදා , මොන මොන දේවල් කරලා ඒ තැනට ලගා වෙනවාද යන්න ඉබේම හිතෙන්න පටන් ගන්නවා.
3. නිවරැදිව ඉලක්කයක් පිහිටවූ මොහොතේ පටන් ඔබට , අමුතුවෙන් ඔබේ අරමුණ හිතේ තියාගෙන ඉන්න ඕනේ නැති තැනට ඔබේ හිත පත් වෙනවා. ඉබේම නිතර නිතර ඔබේ ඉලක්කය ඔබට මතක් වෙන්න පටන් ගනන්වා. හැම වෙලාවෙම අනිත් දේවල් පරයාගෙන ඔබේ ඉලක්කය ගැන සිතුවිලි ඉදිරියට එන්න පටන් ගන්නවා.
මෙන්න මේ මානසික තත්වයන් 3න ඇතිකරගන්න තමයි , නිවරැදිව ඉලක්ක පිහිටුවන්න කියන්නේ. මොකද මොන දේ කරනත් කලින් ඔබ මේ විදිහට හිත හදාගෙන ඉන්න ඕනේ. ඒක අනිවාර්යයි, වෙන විකල්ප කිසිවක් නෑ.
ඔබ හරියට ඉලක්කයක් පිහිටුවන ආකාරය ගැන දන්නේ නැත්නම් මුලින්ම පහත සබැදියෙන් ජීවිතය දිනන ප්‍රායෝගික මග - ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා කට්ටලය Download කරගන්න. කරගෙන එහි ඉලක්ක පිහිටුවීමට අදාල කොටස කියවනන්, එහි දක්වා තියෙන උදාහරණ අද්යයනය කරන්න. ඉන්පසු ඒ පිලිවෙලට ඔබේ ඉලක්කය, ඒ සමග ලැබෙන ඉලක්ක පිහිටුවීමේ වැඩපත්රිකාව භාවිතා කරලා, නිවරැදිව ගොඩනගා ගන්න. ඒ දේ කරලා ඉතිරි පියවර වලට යන්න , මොකද ඔබට ඒ දේ නොකර ඉතිරි පියවර එකක්වත් කරන්න බෑ. ඉතිරි පියවර ටික ඔබට කරන්න පුලුවන් වෙන්නේ ඔබ හරියට ඉලක්කය පිහිටුවා තියෙනවානම් විතරයි.
පියවර 2 - යටි සිත බලගන්වන්න.
ඉලක්කය හරියට ඔබ පිහිටුවීම කලානම්, ඔබ දෙවනුවට කරන්න ඕනේ දේ තමයි, දවස් 30ක කාලයක් වෙන්කරගෙන , දවසට විනාඩි 15-20ක් වෙන්කරගෙන දිනපතා තමන්ගේ ඉලක්කය සම්බන්දයෙන් යටි සිත බලගැන්වීම සිදු කිරීම. මේ දේ කරන්නෙත් නිකමටනම් නෙමේ. විශේෂ හේතුවක් ඇතුව,
අපිට වැඩිපුර මුදල් උපයන්න බැරි වෙන්න තියෙන ප්‍රධාන හේතුව තමයි, මුදල් උපයන්න පුලුවන් අවස්ථාවන් නිවරැදිව ග්‍රහණය කරගන්න අපිට බැරි වීම හා නව අවස්ථාවන් නිරමාණය කරගන්න තරම් අපේ මනස නිර්මාණශීලී නොවීම. මෙන්න මේ හැකියාව නැතිව වැඩිපුර මුදල් උපයනවා කියන්නේ වෙන්නේ නැති වැඩක්, ඒ නිසා, අන්න ඒ තත්වයන් දෙක ගොඩනගා ගන්න තමයි අපි මේ පියවර ක්‍රියාත්මක කරන්නේ.
ඔබට මේ වෙනුවෙන් දවස් 30ක් අනිවාර්යයෙන්ම ඕනේ, ඒ නිසා හදිස්සි වෙන්නේ නැතුව ඒ කාලය අතහැරලා, මේ යටි සිත බලගැන්වීම හරියට කරන්න. හරියට කරන්න කියන්නේ මේ දේත් කරන්නම් වාලෙනම් කරන්න එපා , මොකද ඔයා කරන පුංචි වරදකින් ඔයාට ලැබෙන්න තියෙන දේ සම්පූර්නයෙන්ම නැති වෙන්න පුලුවන්. යටි සිත අදහස් හුවමාරු කරගන්නේ, යමක් තේරුම් ගන්නේ අපි තේරුම් ගනන් විදිහට නෙමේ. ඒ නිසා ගොඩක් අය යටි සිත හිතුමනාපෙට බලගන්වන්න ගිහින් ඇත්තටම බලගන්වා ගන්නේ තමන්ට අනවශ්‍ය දේ වෙනුවෙන්. ඒ නිසා මේ දේත් හරියට කරන එක අනිවාර්යයි.
ඔබ යටි සිත බලගැන්වීම ගැන දන්නේ නැත්නම් මුලින්ම, අපි ඉදිරිපත් කර ඇති අසිරිමත් යටි සිත පොත කියවන්න, ඔබට එය පහත සබැදිය හරහා eBook එකක් ආකාරයෙන් Download කරගන්න පුලුවන්, එහි විශේෂයෙන් මූල්‍ය ඉලක්ක වෙනුවෙන් යටි සිත බලගන්වන ආකාරය පියවර සහිතව පැහැදිලිව දක්වා තියෙනවා. ඒ අභ්‍යාසය ප්‍රායෝගිකව , පොතේ දක්වා ඇති පියවර අනුව සතියක් පමණ කරන්න. සතියක් විතර කරගෙන යනකොට මුදල් ඉපයීම සම්බන්දයෙන් විශාල අදහස් රාශියක් එක දිගට ඔබේ මනසට එන්න පටන් ගන්නවා. ඔබට මෙතෙක් කල් නොපෙනුන මුදල් ඉපයීමේ අවස්ථාවන් රාශියක් පෙනෙන්න පටන් ගන්නවා.
මෙන්න මේ තත්වය ගොඩනගා ගන්න තමයි අපි යටි සිත බලගැන්වීම කරන්නේ. ඒ ආකාරයෙන් ඔබේ මනස මුදල් ඉපයීම සම්බන්දයෙන් අවධි වෙලා, මුදල් ඉපයීම සම්බන්ද අවස්ථාවන් ග්‍රගණය කරගන්න පටන් ගන්නකොට, අලුත් අදහස් ජනිත කරන්න පටන් ගන්නකොට ඔබ ඒ සියල්ල මුලින්ම ක්‍රියාත්මක කරන්න යන්නේ නෑ. ඔබ ඔබේ සිතට එන අදහස් මුලින්ම ඉතා පැහැදිලිව පිලිවෙලට ලියා ගන්න ඕනේ.
මේ විදිහට කළබල නැතුව දවස් 30ක් විතර හිතට එන දේවල් සටහන් කරමින් ඉන්න, මේ විදිහට කරගෙන යනකොට ඔබටම තේරේවි , ඉතා විශාල මුදල් ඉපයිය හැකි අවස්ථාවන් හා අදහස් ප්‍රමාණයක් ඔබේ මනස හදුනාගෙන තියෙන බව. දවස් 30 අවසානයේ ඒ දවස් 30 ඇතුලත ඔබේ හිතට ආපු අදහස් ටික එක දවසක් හෝ දෙකක් අරගෙන හොදට පරික්ෂා කර බලන්න. ඒ අතරින් ලේසියෙන්ම ක්‍රියාත්මක කරන්න පුලුවන් අදහස් 10ක ලයිස්තුවක් හදා ගන්න. එතැනිනුත් ලේසියෙන්ම ක්‍රියාත්මක කරන්න පුලුවන් එක අදහසක් හෝ අවස්ථාවක් තෝර ගන්න.
ඊට පස්සේ තමයි අපිට 3 වෙනි පියවරට යන්න පුලුවන් වෙන්නේ.
පියවර 3 - නිශිචිත සැලැස්මක් සකසා ගන්න
දැන් ඔබ කරන්න ඕනේ ඔබට ලේසියෙන්ම ක්‍රියාත්මක කරන්න පුලුවන් අදහස ලෙස ඔබ තෝරා ගත් දෙය ප්‍රායෝගික ජීවිත තුල ක්‍රියාත්මක කරලා අපි කලින් සකස් කල ඉලක්කයට යන ආකාරය ගැන නිශ්චිත ලිඛිත සැලැස්මක් සකසා ගන්න එක. මේ සැලැස්ම හදනකොට ඔබ එය දිගුකාලින්න, කෙටිකාලීන, හා දින සැලසුම් ආකාරයෙන් වූ සැලැස්මක් හදා ගන්න ඕනේ.
සැලැස්මක් හදන එකේ පරමාර්ථය වෙන්නේ, මූලිඛ වශයෙන් අපිට අපේ ඉලක්කයට අපි තෝරා ගන්න ක්‍රමය හරහා කොතරම් පහසුවෙන් යන්න පුලුවන්ද, ඇතිවිය හැකි බාදාවන් මොනවාද යන්න ගැන ප්‍රායෝගික අදහසක් ඇතිකර ගන්න එක. ඒ වගේම නිශ්චිතවම එකිනෙක දිනය තුල තමන්ගේ ඉලක්කයට ලගා වීම වෙනුවෙන් නිශ්චිතවම මොන මොන දේවල් තමන් විසින් කල යුතුද යන්න පැහැදිලි කර ගැනීම.
ඔබ සැලැස්මක් හදා ගත්තට පස්සේ ඔබ අවදිවෙන සෑම දවසකම අවදි වෙන්නේ නිශ්චිතව එදා දවස තුල තමන් තමන්ගේ සාර්ථකත්වය වෙත ලගා වීම වෙනුවෙන් කුමන කුමන දේවල් කරන්න ඕනේද කියන දේ පැහැදිලිව දැනගෙන. ඒ වගේම හැම දවසකම අවසානයේ තමන් කල යුතු දේ හරියට කලාද කියන දේ ගැන අවබෝධයකින් යුතුව තමයි ඔබ දවස අවසන් කරන්නේ. ඒ නිසා ඔබ ඔබේ සැලැස්ම නිවරැදිව සකස් කලොත් එදායින් පස්සේ ඔබට කවදාවත් ඔබේ සාර්ථකත්වය ගැන අවිශ්වාසයක් ඇති වෙන්නේ නෑ. හැම වෙලාවෙම නිශ්චිතවම කවදා වෙනකොට තමන්ගේ ඉලක්කයට යන්න පුලුවන්ද කියන දේ ගැන දැනගෙන ඔබට ජීවත් වෙන්න පුලුවන් වෙනවා.
නිවරැදිව සැලැස්මක් සකසන ආකාරය ගැනත් ජීවිත දිනන ප්‍රායෝගික මග පොතේ දීර්ග විස්ථර කිරීමක් උදාහරණ සහිහව දක්වලා තියෙනවා, ඒ වගේම ඔබ එය බාගත කරනකොට සැලසුම් සැකසීම වෙනුවෙන් වැඩ පත්‍රිකාවක් ඔබට ලැබෙනවා, ඔබට එය පාවිච්චි කරලා, ඔබට ඔබේ සැලැස්ම හරි ආකාරයෙන් සකස් කරගන්න පුලුවන්.
පියවර 4 - සැලැස්ම ක්‍රියාත්මක කරන්න
මේක තමයි අමාරුම පියවර, දැන් ඔබ කරන්න ඕනේ වෙන මුකුත් ගැන හිතන්නේ නැතුව , ඔබ සකස් කල සැලැස්මට අනුව හරියට ක්‍රියාත්මක වෙන එක. මේක එකපාර කරන එක අමාරුයි. මොකද ඔබ මෙතෙක් කල් ක්‍රියාත්මක වුන විදිහක් තියෙනවා, වැඩ කරන්න පුරුදු වුන විදිහක් තියෙනවා, ඒ නිසා එක පාර සැලැස්මකට අනුව වැඩ කරන එක ප්‍රායෝගිකව අමාරුයි, ඒ නිසා ඔබ එයත් නිශ්චිත දින සැලැස්මකට අනුව ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඕනේ.
දින සැලැස්ම හදන එකේ අරමුණ වෙන්නේ, ඔබේ සාමාන්‍ය ජීවිතයේ හුරු වූ රටාව වෙනස් වීම නිසා ඇතිවන අපහසුතා අවම කරගෙන , ඔබට සැලැස්ම ක්‍රියාත්මක කරන්න අභිප්‍රේරනයක් ඇතිකර ගැනීම. ඒ නිසා එයත් සාමාන්‍ය දින සැලැස්මක් සකසන ආකාරයෙන් කරලා හරියන්නේ නෑ. ඒ දේ කල යුතු නිශ්චිත මනෝවිද්‍යාත්මක ක්‍රම පිලිවෙලක් අපි ජීවිතය දිනන මග පොතේ දින සැලසුම් සකස් කිරීම කොටසේ දක්වා තියෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් සකස් කල විශේෂ දින සැලසුමකුත් ඔබට එය බාගත කරනකොට ලැබෙනවා. එය භාවිතා කරලා නිවරැදිව දිනය සැලසුම් කරලා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. වෙනදා කලාට වඩා වැඩි වැඩ කොටසක් ඔබට කල හැකි බව ප්‍රායෝගිකව ඔබටම දැනේවි.
තව දෙයක් තියෙනවා ඔබ දැන ගන්න ඕනේ, අපි කලින් යටි සිත බලගැන්වීමේදී අපේ හිත ඇතිවුන මුදල් ඉපයීම සම්බන්ද අදහස් වලින් අපි 10ක් තෝරාගෙන එයින් වඩාත්ම පහසු එක තමයි තෝරගත්තේ. දැන් එතකොට ඉතුරු 9ට මොකද කරන්නේ?
එහෙම 10ක් තෝරගන්න කීවෙත් නිකම්ම නෙමේ, ඔබ මේ විදිහට සැලැස්මක් සකස් කරලා , ඒ සැලැස්ම මේ දින සැලසුම් ක්‍රමය අනුව ක්‍රියාත්මක කරනමින් ටික දවසක් ගත වෙනකොට ඔබේ කාර්යක්ෂමතාවය ඉතා වේගයෙන් වැඩි වෙන්න පටන් ගනන්වා. එතකොට ඔබටම තේරෙනවා, ඔබට තව තව දේවල් කරන්න පුලුවන් කියන දේ, අන්න ඒ අවස්ථාවෙදී ඔබට ඉතුරු අදහස් 9න් තව එකක් තෝරගෙන ක්‍රියාත්මක කරන්න පටන් ගන්න පුලුවන්, එතකොට හැබැයි අර කලින් සකස් කල සැලැස්ම ඔබට යාවත්කාලීන කරන්න වෙනවා. අන්න එතැනදී ඔබ මේ ක්‍රම ශිල්ප අනුව සැලැස්ම සකස් කරලා නොතිබුනොත් ඔබට ඒ දේ කරන්න බැරි වෙනවා. ආයේ අලුත් සැලැස්මක් ඔබට හදන්න වෙනවා. ඒ නිසා හැම දෙයක්ම නියමිත ක්‍රම ශිල්ප අනුව ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්.
අද ඉදලා අත් හදා බැලීමක් විදිහට හෝ මේ පියවර 4 ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පටන් ගන්න, මීලග මාස කීපය ඇතුලත ඔබට ඔබේ ආදායම් කීප ගුණයකින් වැඩිකර ගන්න අනිවාර්යයෙන්ම පුලුවන් වේවි!
______
මුදල් උපයන කාලාව ගැන පිලිවෙලට ඉගෙන ගන්න , පොහොසත් බවේ රන් දොරටු ප්‍රායෝගික උපදෙස් පොත මෙතැන Click කර Download කර ගන්න.
සාර්ථකත්වය ගැන අප නිකුත් කරන දිනපතා ලිපි, පාඩම් මාලා, මාසික පුහුණු වැඩසටහන් ඇතුලු සියල්ල අන්තර්ජාලය හරහා පරිහරණය කිරීමට Winner's Lounge Academy , අන්තර්ජාල පුහුණු අංශයේ සාමාජිකයෙක් වීමෙන් දැන් ඔබට පුළුවන්. සාමාජිකයෙක් වීමට මෙතැන click කරන්න
Kommentare