
සාර්ථක වෙන්න ඕනේනම් ඒ වෙනුවෙන් කරන්න තියෙන ලේසිම දේ සාර්ථක මිනිසුන් අනුගමනය කරන එක කියලා කතාවක් තියෙනවා. අන්න ඒ නිසා මේ ලිපියෙන් මම ඔබට කියලා දෙන්න යන්නේ ඔබේ වැඩ මේසය සාර්ථක මිනිසෙක්ගේ වැඩ මේසයක් බවට පත්කරගන්නේ කොහොමද කියන දේ ගැන.
මොකද වැඩකරන්න ආස කරන පරිසරයක් තියෙන එකම ඔබේ සාර්ථකත්වය දෙගුණ තෙගුණ කරන්න බලපාන කාරනයක් වෙන නිසා.
ඔබ සාර්ථක වෙන කෙනෙක්නම්, ඔබේ මේසය තුල මෙන්න මේදේවල් තියෙන්නම ඕනේ.
1. දින සැලසුමක්
දින සැලසුමක් කියන්නේ අද දවසේදී තමන් කරන්න බලාපොරොත්තු වෙන වැඩ ටික හරි ආකාරයෙන් කරගන්නේ කොහොමද යන්න ගැන වන සැලසුමක්. මොකද සාර්ථක මිනිස්සු දවස පටන් ගන්නේ තමන් දවස ගත කරන්නේ කොහොමද කියන දේ හරියටම සැලසුම් කරලා.
හැබැයි බොහෝ දෙනෙක් මේ කාරනයේදී, දින සැලසුමයි, වැඩ ලයිස්තුවයි ( To do list ) පටලවා ගන්නවා. වැඩ ලයිස්තුව කියන්නේ දින සැලසුමට නෙමේ. වැඩ ලයිස්තු තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු ලග, සාර්ථක මිනිස්සු ඒ වෙනුවට පාවිච්චි කරන්නේ දින සැලසුම්. දින සැලැස්මක් නිවරැදිව හදා ගන්න හැටි ගැන අපි " ජීවිතය දිනන ප්‍රායෝගික මග" පොතේ සම්පූර්න පරිච්චේදයක් පුරාවට පැහැදිලි කරලා තියෙනවා. දින සැලසුමක් හදා ගන්න හරි ක්‍රමය දන්නේ නැත්නම් ඔබ ," ජීවිතය දිනන ප්‍රායෝගික මග" පොතේ දිනය සැලසුම් කිරීමට අදාල කොටස කියවන්න.
2. ඔරලෝසුවක්
සාර්ථක මිනිසෙක්ගේ මේසය තුල ඔරලෝසුවක් තියෙන්නම ඕනේ. මොකද සැලසුම් කරපු වැඩ ටික වෙලාවට කරන්නනම් , ගතවෙන කාලය ගැන තමන් පූර්ණ අවදානයෙන් යුතුව ඉන්න ඕනේ. දන්නෙම නැතුව කාලය ගියා වෙගේ දේවල් කියන්න බැරි වෙන තැනට හොදට පෙනෙන ඔරලෝසුවක් තියා ගන්න.
3. පෑනක් හා කුඩා සටහන් පොතක්
අත්‍යවශ්‍ය කරුණු ලියා ගන්න සාර්ථක මිනිස්සු පෑනක් හා සටහන් පොතක් හැම වෙලාවෙම තියා ගන්නවා. පෑනක් පොතක් හොයන්නවත් කාලය අපතේ යවන්නේ නෑ ඒ අය. අනිත් පැත්තට සාර්ථක මිනිස්සු අත්‍යවශ්‍ය කරුණු කිසිම දෙයක් මතකයේ තබා ගන්න එක කරන්නේ නෑ. ඒ අය හැම වෙලාවෙම කරන්නේ අවශ්‍ය දේවල් ලියලා තියා ගන්න එක. අවශ්‍ය වුනාම නැවත ඒ දේවල් පරික්ෂා කරන එක. මොකද ඔබේ මතකයට වරදින්න පුලුවන්. නමුත් ලියලා තියා ගත්තාම එහෙම වෙන්නේ නෑ.
4. තමන්ගේ ඉලක්ක ලියපු සටහනක්
තමන්ගේ ජීවිතේ ඉලක්ක තමන්ට හොදින් පෙනෙන විදිහට තමන්ගේ මේසය මත තියා ගන්න. මේ දේ හැම වෙලාවෙම ඔබ වැඩ කරන්නේ කුමක් වෙනුවෙන්ද යන්න ඔබට මතක් කරනවා. නිතර නිරත තමන්ගේ අරමුණ මනසට ඇතුල් වීම හරහා අදාල අරමුණ වෙනුවෙන් ඔබේ මනසේ තියෙන අරමුණුගත බව වැඩි වෙනවා.
5. දින දසුනක් ( Calendar )
නිවාඩු දවස් , විශේෂ දවස් සටහන් කරපු දින දසුනක් තියා ගන්න. මේ දේ ඉදිරි වැඩ සැලසුම් කරනකොට අතපසුවීමකින් තොරව ඒ දේවල් කරගන්න ඔබට ඉතාම වැදගත් වෙනවා.
6. කෝපි කෝප්පයක්, වතුර වීදුරුවක්
ඒකාකාරීම වැඩක් කරගෙන යනකොට නිදිමත කම්මැලි කම ඇහිවීම සාමාන්‍ය දෙයක් කෝපි හෝ වතුර කියන්නේ ඒ තත්වය මගහරින දෙයක්. ඒ නිසා ඒ වගේ දෙයක් මේසය උඩ තියෙන එක ඉතාම වැදගත්.
7. කියවීම වෙනුවෙන් පොතක්
සාමාන්‍යයෙන් සාර්ථක පුද්ගලයෙක් මාසෙකට පොත් 5ක් පමණ, වසරකට පොත් 60ක් පමණ කියවනවා. මේ නිසා හැම වෙලාවෙම තමන්ගේ සාර්ථකත්වයට අදාල කරුණු තියෙන පොතක් මේසය උඩ තබා ගැනීමත්, විවේකයක් ලැබුන වෙලාවට එහි පිටුවක් දෙකක් කියවීම පුරුද්දක් කර ගැනීමත් ඉතාම වැදගත්.
සටහන මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර
ඔබ සිහින දකින ඕනෑම ආකාරයක අරමුණක් ප්‍රායෝගික ජීවිතය තුල ලගා කරගන්නේ කොහොමද? ඒ වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න, ඉතා සරලව, ප්‍රායෝගික මට්ටමකින් ඉගෙන ගන්න. "ජීවිතය දිනන ප්‍රායෝගික මග " PDF eBook එක පහතින් Download කර ගන්න.
Comments