Motivation සදහා මුල් තැන දීම
මේක තමයි සාර්ථකත්වය ගැන ඉගෙන ගන්න, 90%ක් දෙනා කරන ලොකුම වැරැද්ද. බොහෝ දෙනෙක් හිතනවා, Motivation එක තියෙනවානම් තමන්ට ඕනේ තැනකට යන්න පුලුවන් කියලා. ඒ නිසා ඔවුන් සාර්ථක වීම වෙනුවෙන් කියලා ඔවුන් කරන්නේ Motivation පස්සෙම දුවන එක. මේක ලොකු වැරැද්දක්.
ඔබ ජීවිතේ අසාර්ථක වෙන්නේ Motivation නැති නිසා නෙමෙයි. ඔබ සාර්ථක වෙන්න ඕනේ කියලා නිකමට හරි හිතනවානම් හිතන්නේ, ඒ වෙනුවෙන් ඔබට Motivation එකක් තියෙන නිසා. ඒ නිසා Motivation එකේ නෙමේ ප්‍රශ්ණේ තියෙන්නේ..
ඇත්තටම ඔබ අසාර්ථක වෙන්නේ, ඔබට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්න ඔබට බැරි වෙන්නේ, වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි, ඔබ කරන දෙයත්, ඔබට ලබා ගන්න ඕනේ ප්‍රතිඵලයත් අතර ගැලපීම ඔබට කරගන්න බැරි නිසා. ඒකට අවශ්‍ය දැනුම ඔබ සතුව නැති නිසා.
එහෙමනම් ඔබ මුලින්ම මුල්තැන දෙන්න ඕනේ ඒවා ඉගෙන ගන්න එක. හැබැයි බොහෝ දෙනෙක් කරන්නේ, ඒ දේවල් ඉගෙන ගන්නේ නැතුව, එකම දේ කර කර අසාර්ථක වෙවී, ඒ අසාර්ථකත්වයේ පීඩනයෙන් මිදෙන්න, Motivation පස්සේ දුවන එක.
ඒ නිසා ඔබට ඇත්තටම සාර්ථක වෙන්න ඕනේනම් ඔබ කරන්න ඕනේ පළමු වෙනි දේ තමයි සාර්ථක වීම වෙනුවෙන් වන ක්‍රමශිල්ප ( strategies ) ගැන ඉගෙන ගන්න එක.
හරි strategies ටික ඉගෙන ගෙන හරියට ක්‍රියාත්මක වුනොත්, ඔබට අවශ්‍ය ප්‍රතිඵලය ඉබේම ලැබෙනවා. එතකොට ඔබව Motivate කරන්න අමුතුවෙන් කවුරුත් ඕනේ නෑ. Motivation ඉබේම ලැබෙනවා!
2. වැරදි ගුරුවරු
සාර්ථකත්වය කියන්නේ ප්‍රායෝගික විශයක්. මේක ගණිතය විද්‍යාව වගේ පාඩම් කරලා ඉගෙන ගන්න පුළුවන් විශයක් නෙමේ. නමුත් අද වන විට සාර්ථකත්වය ගැන උගන්වන ගුරුවරුන්ගෙන් බොහෝ දෙනෙක් ඉන්නේ අන්න ඒ වගේ උගන්වන පිරිස. ව්‍යාපාර ගැන උගන්වනවා, නමුත් ඔවුන්ට ව්‍යාපාරයක් නෑ. මූල්‍යම නිදහස් බව ගැන උගන්වනවා, හැබැයි වැඩ කලත් නැතත් ආදායම් ලැබෙන ආකාරයේ එකම අදායම් මාර්ගයක් වත් ඔවුන්ට නෑ!
මෙන්න මේ නිසා අද වන විට ඔබ හිතන්නේවත් නැති තරම් සාර්ථකත්වය ගැන වැරදි තොරතුරු සමාජගත වෙලා අවසන්. ඒ නිසා ඔබ සාර්ථකත්වය ගැන ඉගෙන ගන්නවානම් ඔබ එය ඉගෙනගත යුත්තේ එම මාර්ගයේ ප්‍රායෝගිකව ගමන් කරන කෙනෙක්ගෙන්මයි!
මේ වෙනුවෙන් පුංචි උදාහරණයක් දෙන්නම්, " උත්සාහවන්ත වුනොත් ඔබට සාර්ථක වෙන්න පුළුවන්" කියන දේ සාර්ථකත්වය වෙනුවෙන් ලබා දෙන උපදෙසක් ලෙස ඔබ කොයි තරම් අහලා තියෙනවද? ඇතැම් විට ඔබ අහලා ඇති තෝමස් අල්වා එඩිසන් වගේ චරිත දහස් වාරයක් උත්සාහ කලා, ඒ වගේ උත්සාහවන්ත වුනොත් ඔබට ජයගන්න පුළුවන් කියලා! ඔබ එය නිවරැදි උපදෙසක් ලෙස කොතරම් විශ්වාස කරලා තියෙනවාද?
නමුත් ඔබ හීනෙකින්වත් හිතනවද මේ වගේ උපදෙසක් දෙනවානම් ඔහු සාර්ථකත්වය ගැන මෙලෝ හසරක් දන්නේ නැති කෙනෙක් විය හැකි බව?
ඇයි මම එහෙම කියන්නේ... ඒකට හේතුව තමයි, උත්සාහවන්ත බව කියන්නේ , උත්සාහවන්ත වෙන්න කිව්ව පලියට ගොඩනගා ගන්න පුලුවන් දෙයක් නොවීම. කාටවත් උත්සාහවන්ත වෙන්න බෑ, උත්සාහවන්ත බව කියන්නේ ඉබේ ඇති වෙන්න ඕනේ දෙයක්.
උත්සාහවන්ත බව කියන්නේ යමක් ලගා කරගන්න දැඩි ආශාව සහ එය තමන්ට ලගා කරගන්න පුළුවන් කියන දැඩි විශ්වාසය කියන මානසික ස්වභාවයන් දෙක එකට එකතු වුනාම ගොඩනැගෙන චරිත ලක්ෂණයක්. මේ මානසික ස්වභායන් දෙක ඔබේ මනස තුල තියෙනකන් , ඔබේ ඉලක්ක අතරමග අත් හැර දමන්න ඔබට හිතෙන්නේ නෑ. අන්න ඒ දේ තමයි උත්සාහය ලෙස පිටට පෙනෙන්නේ. එහෙම නැතුව උත්සාහවන්ත බව කියලා ඇතිකර ගන්න පුලුවන් දෙයක් නෑ.
සාර්ථකත්වය ගැන උගන්වන හරි ගුරුවරයෙක් කවදාවත් උත්සාහවන්ත වෙන්න කියලා කියන්නේ නෑ. ඔහු හැම වෙලාවෙම ඔබට උපදෙස් දෙන්නේ, සාර්ථක වෙන්න තියෙන ආශාව වැඩිකර ගැනීම වෙනුවෙන් හා එය තමන්ට කරන්න පුලුවන් කියන දැඩි විශ්වාසය ඇතිකර ගැනීම වෙනුවෙන්! මොකද ඒ දෙක හැදුවොත් විතරයි , ඔබට තෝමස් අල්වා එඩිසන් වගේ දහස් වාරයක් නෙමේ, ලක්ෂ වාරයක් වුනත් උත්සාහ කරන්න පුලුවන් වෙන්නේ.
මෙන්න මේ නිසයි හරි ගුරුවරයෙක් ඔබ තෝරා ගන්න ඕනේ. එහෙම නැති වුනොත් ඔබ අමාරුවේ වැටෙන එක නතර කරන්න කාටවත් බෑ.
3. නොමිලේ දැනුම සෙවීම
සාර්ථකත්වය ගැන ඉගෙන ගන්න , බොහෝ දෙනෙක් කරන තුන්වන වරද තමයි නොමිලේ ඉගෙන ගන්න යාම. හොදට මතක තියා ගන්න, සාර්ථකත්වය කියන්නේ එහෙම ඉගෙනගන්න පුළුවන් දෙයක් නෙමේ. ඔබට සාර්ථකත්වය ගැන ඉගෙන ගන්න ඕනේනම් ඒ වෙනුවෙන් ඔබට ආයෝජණය කරන්නම වෙනවා.
මොකද ඔබට කිසිම දවසක මම කලින් කියපු ආකාරයේ ගුරුවරයෙක්ගේ කාලය නිකන් ලබා ගන්න ලැබෙන්නේ නෑ. මොකද ඇත්තම කීවොත් එහෙම කෙනෙක්ට ඔබ වෙනුවෙන් නාස්ති කරන්න කාලයක් නෑ. එහෙම කාලය වැය කරනවානම් ඒ වෙනුවෙන් නිශ්චිත වශයෙන්ම හොද හේතුවක් තියෙන්නම ඕනේ. මොකද ප්‍රායෝගිකව සාර්ථකත්වයේ මග ගමන් කරන කෙනෙක්ට වටිනාම දේ තමයි කාලය.
සමහර විට ඔබට ඔබේ අසාර්ථකත්වයත් එක්ක, මිනිත්තු කීපයක් කියන දේ එතරම් නොදැනෙන්න පුලුවන්, නමුත් සාර්ථක මිනිසෙක්ට ඒ මිනිත්තු කීපය තුල කරන්න ගොඩක් වැඩ තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක ඔවුන් නිකරුනේ කාලය වැය කරන්නේ නෑ.
අන්න ඒ නිසා ඔබට එහෙම කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ඕනේනම්, ඔබට ඒ වෙනුවෙන් එක්කො ලොකු මුදලක් වැය කරන්න වෙනවා, නැත්නම් ඔබට ඉගැන්වීම වෙනුවෙන් , ඔවුන්ට දැනෙන හොද හේතුවක් පෙන්නන්නම වෙනවා!
දැන් ඔබ හිතයි ඒ වුනාට , අන්තර්ජාලයේ ඕනෑ තරම් නොමිලේ ඉගෙන ගන්න දේවල් ඒ වගේ පුද්ගලයින් නිකුත් කරනවානේ කියලා. එහෙම හිතනවානම් ඒකත් ඔබ කරන ලොකු වැරැද්දක්. ඇත්තටම ඔවුන් එහෙම දෙයක් කරන්නේ ඔබට උගන්වන්න ඕනේ නිසා නෙමෙයි. ඒ දේවල් බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ ඔබ හීනෙකින්වත් හිතන්නේ නැති දෙයක් වෙනුවෙන්.
උදාහරණයක් ලෙස ගත්තොත්, ලෝකයේ බොහෝමයක් සාර්ථක මිනිසුන් ලියපු පොත් තියෙනවා, ඔවුන් එය ලියන්න විශාල කාලයක් වැය කරනවා, නමුත් ඒ තුලින් ලබන ආදායම බැලුවොත් ඔවුන්ට එය දැනෙන්නේවත් නෑ. එහෙනම් ඇයි ඔවුන් ඒ දේ කරන්නේ...? බොහෝ වෙලාවට ඒ වගේ දේවල් පිටුපස තියෙන්නේ Personal Branding වගේ අරමුණු. පොතෙන් ලබන ආදායම වගේ ලක්ෂ වාරයක් විශාල ආදායමක් බොහෝ වෙලාවට ඔවුන් ඒ හරහා ගොඩනැගෙන Brand එක හරහා උපයනවා!
අපි ඇත්තම කතා කරමු....
සරලවම කීවොත් මම මේ ලිපිය ඔබට නොමිලේ ලියන්නෙත්, මට වෙන කරන්න වැඩක් නැති නිසාවත්, ඔබව සාර්ථක කරවන්න මට උවමනාවක් තියෙන නිසාවත් නෙමේ. මෙය පෞද්ගලිකව මට තවත් බොහෝ දේවල් වෙනුවෙන් උදව්වක් වන නිසා. නමුත් එයින් ඔබට යමක් ඉගෙන ගන්න ලැබෙනවා...
ඒ ඉගෙන ගැනීම හැම වෙලාවෙම අතුරු ඵලයක් මිස, ඍජු ඉගෙන ගැනීමක් නෙමේ.
ඒ ඇත්ත ඔබ තේරුම් ගන්නම ඕනේ... එහෙම නැතිවුනොත් ඔබට සිද්ද වෙන්නේ නොමිලේ දැනුම හොයන්න ගිහින් නිකරුනේ කාලය නාස්ති කරන්න. ඒ නිසා තමන්ට අවශ්‍ය දැනුම ලබා ගන්න ආයෝජනය කරන්න හිත හදා ගන්න එක ඉතාම වැදගත්.
4. අලුත් නොවීම.
මේකත් සාර්ථකත්වය ගැන ඉගෙන ගන්න බොහෝ දෙනෙක් කරන ලොකු වරදක්, ඔවුන් බොහෝ දෙනෙක් හිතන්නේ සාර්ථකත්වය කියන්නේ සාමාන්‍ය විශයක් වගේ ඉගෙන ගන්න පුලුවන් දෙයක් කියලා. ඒ නිසා ඔවුන් හිතනවා මේ ගැන අද ඉගෙන ගත්තත් හෙට ඉගෙන ගත්තත් ඔබ ඉගෙන ගන්නේ එකම දේ කියලා...
නමුත් සාර්ථකත්වය කියන්නේ එහෙම දෙයක් නෙමේ. සාර්ථකත්වය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන විශයක්. උදාහරණයක් ලෙස බැලුවොත් මීට වසර ගනනකට පෙර අලෙවිකරණය වෙනුවෙන් උගන්වපු කරුණු නෙමේ අපි මේ වසර මුල අලෙවිකරණ වැඩසටහන් වල ඉගැන්වූවේ. ඒ වගේම මේ වසර මුල උගන්වපු දේවල් නෙමේ දැන් උගන්වන්නේ. මොකද මේ මාස කීපයට කොරෝනා ගැටලුවත් එක්ක හැම ක්ෂේත්‍රයකම වගේ පාරිබෝගිකයා වෙනස් වෙලා ඉවරයි. වෙනස් වෙන පාරිබෝගිකයාට අනුව අලෙවිකරන උපායමාර්ග, සැලසුම් වෙනස් නොකලොත් ඔබට කවදාවත් ව්‍යාපාරයක් දියුනු කරන්න බෑ.
ඒ නිසා සාර්ථකත්වය කියන විශය ඉගෙන ගන්නවානම් ඔබ නිරන්තරයෙන්ම තමන්ගේ දැනුම යාවත්කාලීන කරගන්න එක වැදගත්. මේ නිසා මේ විශයේදී මම ඒ දේ ඉගෙන ගත්තා ආයේ ඉගෙන ගන්න දෙයක් නෑ කියලා ඉන්න ඔබට බෑ.
5. ප්‍රතිඵල අමතක කිරීම.
මේකත් සාර්ථකත්වය ගැන ඉගෙන ගන්න බොහෝ දෙනෙක් කරන ලොකු වරදක්. ඔවුන් ඉගෙන ගන්නවා, නමුත් ප්‍රතිඵල ගැන වැඩිය හිතන්නේ නෑ. මේ විශයේදී ඔබ ප්‍රතිඵල අරමුණු කරගන්නේ නැතුව කොතරම් ඉගෙන ගත්තත් වැඩක් නෑ. මොකද එයින් වෙන්නේ කාලය කා දැමීමක් විතරයි.
උදාහරණයක් ලෙස බැලුවොත් සාර්ථකත්වය ගැන ඉගෙන ගන්නකොට බොහෝ දෙනෙක් යටි සිත මනස වගේ දේවල් ගැන ඉගෙන ගන්නවා. නමුත් ඔවුන් බොහෝ වෙලාවට හරිම ආසාවෙන් ඉගෙන ගන්නේ මනසේ හෝ යටි හිතේ තියෙන විශ්මිත හැකියාවන් ගැන මිසක්, මනස දියුනු කරන්න ඕනේ ක්‍රම ශිල්ප ගැන නෙමෙයි.
මනසේ හෝ යටි සිතේ විශාල බලයක් තියෙන බව ඔබ දැනගෙන හිටියට වැඩක් නෑ. ඔබ එය පාවිච්චි කරන්න දන්නේ නැත්නම්, ඒ තුලින් ප්‍රතිඵලයක් ලබා ගන්නේ නැත්නම්. ඔබ දත්ත මතකයේ තබා ගත්තාම විභාග සමත් වෙන්න පුළුවන් වුනාට, ජීවිතේ සමත් වෙන්න බෑ.
ඒ නිසා ජීවිතේ සාර්ථක කරගන්න හැටි ඉගෙන ගන්නවානම් , සුරංගනා කතා, ආකර්ශණීය කතා වලට වඩා ප්‍රතිඵල අරමුණු කරගෙන ඉගෙන ගැනීම ඔබ විසින් කරන්නම ඕනේ. එහෙම නැති වුනොත් ඔබ කොතරම් ඉගෙන ගත්තත් හැමදාම ඉන්න වෙන්නේ අසාර්ථක මිනිසෙක් විදිහටම තමයි!
ජීවිතයේ සාර්ථකත්වය ගොඩනැගීමේ කලාව ගැන වැඩි දුරටත් කියවීමට "ජීවිතය දිනන ප්‍රායෝගික මග" කෘතිය පහතින් Download කර ගන්න.
Kommentare