මිනිස් මනස තරම් විශ්මිත වූත් බලසම්පන්න වූත් යමක් මේ ලෝකයේ වෙන ඇත්දැයි සැක සහිතය. එය ඒ තරමටම විශ්මිතය, අසිරිමත් ය. නමුත් කනගාටුවට කරුණ නම් එහි අසිරිය අත්විදින්නට සමත් වූ පිරිස ඉතා සීමා සහිත වීමය.
බටහිර මනෝවිද්‍යාවට අනුව සාමාන්‍ය මිනිසෙක් තම මනස තුල ශක්තීන්ගෙන් හා හැකියාවන්ගෙන් භාවිතා කරන්නේ 10%ක් වැනි ප්‍රමාණයකි. 90%ක් පමණ වූ ප්‍රමාණයක් බොහෝ දෙනෙකු තේරුම් ගැනීමකින් තොරවම අත් හැර දමයි. නමුත් මගේ පෞද්ගලික විශ්වාසය නම් බටහිර මනෝවිද්‍යාව තුලත් මනස තුල වන ශක්තීන් සියල්ල හදුනා ගැනීමක් නොවන නිසා, මෙම අගය තව දුරටත් සංශෝධනය විය යුතුය යන්නයි.
මන්ද යත්, පෙරදිග මනෝවිද්‍යාත්මක සංකල්ප දෙස බැලූ කල , මනස දියුනු කල හැකි මට්ටම් පිලිබදව ඇති සීමාවන් බටහිර මනෝවිද්‍යාවට සාපේක්ෂව ඉතා පුළුල් ය. උදාහරණයක් ලෙස බටහිර මනෝවිද්‍යාව අදටත් මනස දියුනු කිරීම හරහා මිනිසෙක්ට පියාබන්නට හැකියයි කීවොත් එය පිලිගන්නේ නැත. නමුත් පෙරදිග මනෝවිද්‍යාව තුල එවැනි තත්වයන් ගැන කතා කරයි.
ඒ අනුව බැලූ කල සාමාන්‍ය මිනිසෙක් තම සිත තුල වන ශක්තීන්ගෙන් 0.0001%ක් වත් භාවිතා කරනවාදැයි සැක සහිතය.
කෙසේ වෙතත්, මිනිසෙකු ලෙස ඔබ ඉපදුනානම්, ඔබ තුල වන ශක්තීන් උපරිම භාවිතයට ගනිමින්, හැකි තරම් ඔබ ජීවිතය විදින්නට පටන් ගත යුතුය යන්න, මගේ පෞද්ගලික මතයයි. මේ නිසා මා ඔබට සෑම විටම බල කර සිටින්නේ ඔබගේ මනස තුල වන ශක්තින්ගෙන් ඉතා සුළු කොටසක් හෝ පාවිච්චි කිරීමට කටයුතු කරන ලෙසටයි.
ඒ වෙනුවෙන් ඔබ පොලබවනු වස් , මම මේ ලිපියෙන් මිනිස් මනස තුල වන විශ්මිත බව පිලිබද සුවිශේෂී කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. එය මනස තුල වන අසීමිත වූත් , විශ්මිත වූත් හැකියාවන් , සැබෑ ලෝකය තුල භාවිතයට ගන්නා මිනිසුන් අතරට එකතු වීම වෙනුවෙන් යම් තරමක ප්‍රායෝගික පෙලබවීමක් ඇති කරනු ඇතැයි මම විශ්වාස කරමි.
ඔබේ මනස වෙනස් වූ මොහොතේ සිට සියල්ලම වෙනස් වෙයි
මේ කතාව ජීවිතයේ මීට පෙර ඔබ ඕනෑ තරම් අසා ඇති කතාවක් යැයි සැකයක් නැත. නමුත් එය එතරම් තදින් ඔබ තේරුම් ගෙන ඇත්දැයි යන්න පිලිබද සැකයක් ඇත.
පරිගණයකය මෙහෙයුම් පද්දතිය ( operating system ) තුල යම් වෙනසක් වුවහොත් පරිගනකයක ක්‍රියාකාරීත්වය ඍජුවම වෙනස් වෙයි. ඒ ආකාරයෙන්ම මනස යනු ඔබේ මෙහෙයුම් පද්දතියයි. එයද වෙනස් වූ විට ඔබේ ක්‍රියාකාරීත්වය ඇතුලුව සියලු දේ වෙනස් වෙයි.
එමෙන්ම මෙහි ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ එය අවශ්‍යනම් ඔබටත්, වෙනත් කෙනෙකුටත් කෘතිමව වුවත් වෙනස් කල හැකි වීමයි.
මිනිස් මනස, පරිගනකයක මෙහෙයුම් පද්දතිය මෙන් බවට මෙය එක් කදිම උදාහරණයකි. කෙසේ වෙතත්, ඒ නිසාවෙන්ම, පරිගණකයක මෙහෙයුම් පද්දතිය ආරක්ෂා කරන ආකාරයෙන්ම ඔබේ මනස ආකර්ක්ෂා කර ගැනීමද ඉතා වැදගත් බව තේරුම් ගැනීමටද මෙය කදිම උදාහරණයකි. මක් නිසාද යත් ඔබේ මනසේ පාලනය වෙතත් අයෙකු සතු වුවහොත් , ඔබව භාවිතා කර කල නොහැකි දෙයක් ඔවුන්ට නොමැති නිසාවෙනි.
මේ නිසාවෙන් ඔබේම මනස සමග වුවත් හිතුමනාපෙට සෙල්ලම් කිරීම එතරම් ගුණදායක නොවන බව මම ඔබට සදහන් කර සිටිමි.
ඔබේ මනස තුල නිපදවන සිතුවිලි වලට ලෝකයේ බොහෝ දේ පාලනය කල හැකි වෙයි.
මනස තුල වන සිතුවිලි මෙතරම් ප්‍රබල බව ඔබ කිසිදා හෝ තේරුම් ගෙන ඇත්දැයි මම නොදනිමි. නමුත් ඔබේ මනසට ඔබ අවට සිටින මිනිසුන්, ජීවී අජීවී බොහෝ දේවල් වල ක්‍රියාකාරීත්වය පැවැත්ම වෙනස් කල හැකි ශක්තියක් පවතී.
එය එසේමද යන්න ගැන සැකයක් ඇත්නම් ඔබටද සරල පරීක්ෂණයක් හරහා එය අත්දකින්නට හැකියාව පවතී.
පිසූ බත් හැදි 3ක් සමාන ප්‍රමාණයකින් ලබා ගන්න, එක හා සමාන භාජන තුනකට එම බත් දමා එක් භාජනයක් " ආදරය" ලෙසත් අනිත් භාජනය " වෛරය" ලෙසත් නම් කරන්න , තුන් වන භාජනය කිසිවක් නොලියා තබන්න.
සෑම දිනකම විනාඩි 10ක් 15ක් වැනි කාලයක්, ආදරය ලෙස සදහන් කල භාජනයේ බත් දෙස බලා ආදරය මුසු වුන සිතුවිලි සිතන්න. එම බත් ඉතා හොදින් කලක් පැවතිය යුතු බවත්, යහපතක් සිදුවිය යුතු බවටත් සිතන්න,
ඉන්පසු වෛරය ලෙස සදහන් කල භාජනය ගෙන එයට හැකි තරම් වෛර කරන්න, එහි ඇති බත් ඉක්මනින් කුණු වී විනාශ විය යුතු බව සිතන්න.
තුන් වන භාජනයට කිසිවක් නොකර සාමාන්‍ය පරිසරය තුල තබන්න. දින කීපයක් මෙය සිදුකරන විට ඔබ වෛර කල භාජනයේ බත් ඉතා ඉක්මනින් කුණු වී යන බවත්, කිසිවක් නොකල භාජනයේ බත් සාමාන්‍ය ආකාරයෙන් නරක් වීමට ලක් වන බවත්, ඔබ ආදරය කල භාජනයේ බත් නරක් වීමට සාමාන්‍ය කාලයට වඩා වැඩි කාලයක් ගන්නා බවත් ඔබට නිරීක්ෂණය කල හැකි වෙයි.
මෙය සාමාන්‍ය මනසක් ඇති තත්වයකදී වුවත් සිදුවන දෙයකි, එසේනම් නිවරැදිව පුහුණු කල මානසික ශක්තීන් දියුනු කල මනසකට භාහිර පරිසරය තුල කොතරම් පාලනයක් අත්පත් කර ගත හැකිද යන්න ගැන මම සදහනක් නොකර ඔබටම සිතා ගැනීමට ඉඩ හරිමි.
සැබෑ ලෙසින්ම බැලුවොත් ඔබට ඔබේ මනසේ පාලනය තමන් සතු කර ගත හැකිනම් , එහි තුල වන ශක්තීන් නිවරැදිව, දියුනු කර ගත හැකිනම් ඔබේ පාලනයට යටත් කරගත නොහැකි දෙයක් නොමැති තරම් යයි කීවොත් වරදක් නැත. එසේ කල නොහැකිනම් කල නොහැකි වන්නේ සැබෑ ලෙසින්ම ඒ ආකාරයෙන්ම දියුනු කල මනසක ක්‍රියාකාරීත්වය පමණි.
සැබෑ ලෙසින්ම බැලුවොත් මිනිසා යනු සාර්ථක වීම වෙනුවෙන්ම සැකසුනු සත්වයකි. මක් නිසාද යත් මිනිස් මනස තුල වන ශක්තිය පමණක් භාවිතයට ගත්තත්, මිනිසාට ලගා කර ගත නොහැකි දෙයක් නොමැති නිසාවෙනි.
ඔබම සිතන්න, ඔබට ඔබව කිසිදු ගැටලුවකින් තොරව අවශ්‍ය ලෙස මෙහෙයවිය හැකිනම්, ඔබ අවට සිටින මිනිසුන්, හා භාහිර පරිසරය මෙහෙය විය හැකිනම්, ඔබට ලගා කර ගැනීමට නොහැකි යයි සදහන් කල හැකි කුමන හෝ සාර්ථකත්වයක් ලොව තිබිය හැකිද?
මනස තුල වන විශ්මිත බව ඔබට ඒත්තු ගැන්වීම වෙනුවෙන් තවත් එක් උදාහරණයක් මම ඔබට අවසන් වශයෙන් සදහන් කිරීමට කැමැත්තෙමි,
මෙය ලොව පුරා ඉතා ප්‍රසිද්ධියට කතුවරයෙක් වන, එමෙන්ම ලෝකයේ සාර්ථකත්වය පිලිබද ලියවුනු පොත් වලින් වැඩිම අලෙවි වාර්ථා තැපූ පොතක් වන Think & Grow Rich කෘතියේ රචකයා වන නැපෝලියන් හිල් විසින් සදහන් කරන ඔහුගේම පෞද්ගලික අත්දැකීමකි.
නැපෝලියන් හිල් ගේ දරුවා ඉපදෙන්නේ උපතින්ම වන ශ්‍රවන ආබාදයක් සහිතවයි . වෛද්‍යවරුන් ඔහුට කිසි දිනෙක ඇසීමේ හැකියාව ලබා ගැනීමට නොහැකි බව පරීක්ෂණ මගින් තහවුරු කරයි. නමුත් වසර 25කට අධික කාලයක් සාර්ථක මිනිසුන්ගේ ජීවිත අද්‍යයනය කිරීමේ නිරත වූ, මනස තුල වන විශ්මිත බව ගැන මනා අවබෝධයක් වූ නැපෝලියන් හිල් ඔහුගේ දරුවාගේ මානසික ශක්තීන් දියුනූ කිරීම හරහා වෛද්‍යවිද්‍යාවට පවා අභියෝග කරමින් ඔහුට ඇසීමේ හැකියාව ලබා දීමට කටයුතු කරයි.
සැබෑ ලෙසම බැලුවොත් ඔබේ දෛවය වන්නේ ඔබේ මනසයි, ඔබේ අනාගතය වන්නේ ඔබේ මනසයි, ඔබේ ජීවිතයේ නිර්මාණ කරුවා වන්නේ ඔබේ මනසයි. එහි පාලනය ඔබ ඔබේ අතට ගන්නට අසමත්වන තෙක් ඔබට ඔබේ ජීවිතයේ, අනාගතයේ පාලනය අහිමි වී යයි.
නමුත් ඔබ එහි පාලනය සතු කර ගත් මොහොතේ සිට ඔබ ඔබේ ජීවිතයේ, අනාගතයේ පාලනය ඔබ සතුකර ගනී. යම් කිසි දිනෙක ඔබ ඔබට අවැසි පරිදි සියල්ල සිදුවන ජීවිතයක් ගැන සිහින දැක්කානම්, මා ඔබට පවසන්නේ සියල්ල මදකට නවතා, ඔබේ මනසේ පාලනය ඔබ සතු කර ගැනීමට කටයුතු කරන ලෙසටයි.
එහි පාලනය ඔබ සතු වූ මොහොතේ සිට ඔබට සැබැවින්ම අවැසි ඕනෑම ආකාරයක ජීවිතයක් ගොඩනගා ගැනීමේ බලය ඔබ සතු වෙයි!
ඔබේ යටි සිත තුල වන ශක්තීන් අවදි කර ගන්නේ කෙසේද?
ඒ වෙනුවෙන් කල යුතු අභ්‍යාස හා ඒවා පුහුණු විය යුතු ආකාරය කුමක්ද?
යන්න ප්‍රායෝගිකව සති 8ක් (මාස 2ක්) පුරාවට ඉගෙන ගන්න, මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර මහතා විසින් මෙහෙයවන, "යටි සිත" දෙමසක පුහුණු වැඩසටහන ජනවාරි 22 සිට ආරම්භ වෙනවා.
තොරතුරු දැන ගැනීමට, Mind Info ලෙස සදහන් කර 076 970 5622 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Comments