top of page

සාර්ථකත්වයට shortcut නෑ කියන්නේ බොරු!

Updated: Dec 1, 2022



මේ ලෝකයේ බොහෝ දෙනෙක් පිලිගන්න එක් ප්‍රසිද්ද කියමනක් තමයි සාර්ථකත්වයට කෙටි මාර්ග නෑ කියන එක. නමුත් ඇත්තටම ඒක එහෙමද? සාර්ථක වෙන්න ඇත්තමට කෙටි මාර්ග නැද්ද? අද ලිපිය ඒ ගැන.


ඇත්තම කතාව තමයි , ඉක්මනින් සාර්ථක වෙන්න, ටක් ගාලා සාර්ථක වෙන්න කෙටි මාර්ග ඕනෑ තරම් තියෙනවා. නමුත් ප්‍රශ්ණය වෙන්නේ බොහෝ දෙනෙක් එහෙම නෑ කියන අදහස මුලින්ම හිතට දාගෙන ඉන්න නිසා ඒ දේ ගැන හොයන්න උනන්දු නොවීම.


මම ඔබට පුංචි උදාහරණ කීපයක් දෙන්නම්.


ඔබට කවදා හරි දැනිලා තියෙනවද, ඔබේ ජීවිතයේ වඩාත් නිර්මාණශීලීම අදහස් ටික ඔබ ස්නානය කරන මොහොතෙදී ඔබේ සිතට එන බව? දැනිලා නැත්නම් අද ඉදලා පොඩ්ඩක් අවදානයෙන් ඉන්න.


Shower Thoughts කියන්නේ වෙනස් විදිහට හිතන්න , අලුත් දේවල් නිර්මානශීලීව හිතන්න, ප්‍රශ්ණ ගැටලු දිහා අලුත් විදිහට බලන්න හුරු වෙන්න පුලුවන් අපූරු ක්‍රමයක්. ඔබේ සිතට හොද අදහස් , නිර්මාණශීලී අදහස් ගලාගෙන එන්න බලපාන එක හේතුවක් තමයි dopamine කියන රසායනිකය ඔබේ ශරීරය තුල නිපදවෙන්නට පටන් ගැනීම. ඔබ ස්නානය කරන වෙලාවේදීත් මෙය නිපද වෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා ඔබට මේ වෙලාවේදී ලොකු ලොකු ප්‍රශ්ණ වලට පවා නිර්මානශීලී විසදුම් කල්පනා කරන්න පුලුවන් වෙනවා. ඒ වගේම ස්නානය කරන වෙලාවේදී තියෙන පෞද්ගලික බව, නිදහස් බව කියන දේවලුත් මෙයට බලපානවා.


ප්‍රශ්ණයක ඉන්න වෙලාවක , කරන්න ඕනේ මොනවද කියලා හිතා ගන්න බැරි වෙලාවක, හිත හොදටම කලබල වෙලාවක, ඉක්මනින්ම යතා තත්වයට පත් වෙන්න , අලුතින් නිර්මානශීලීව හිතන්න පුලුවන් හැකියාව ඇතිකරගන්න තියෙන හොදම shortcut එකක් තමයි , හොද ස්නානයක් ලබා ගැනීම කියන්නේ.


තව උදාහරණයක්, ඔබට දැනිලා තියෙනවද උදෑසන යම්කිසි ගීත කන්ඩයක් වගේ ඇහුනොත් , ඒ ගීත කන්ඩය දවස පුරාම ඔබේ මනසට , මුගට එන බව? ඒකට හේතුව තමයි , උදේ පාන්දර ඇතිවන මානසික තත්වයන් සිතුවිලි රටාවන් විදිහට වර්ධනය වෙමින් දවස පුරාම ක්‍රියාත්මක වීම.


මේ නිසා මේකත් දවස පුරාම ධනාත්මකව, හොද energy එකකින් වැඩකරන්න පුලුවන් වෙන්න ලෝකයේ ගොඩක් සාර්ථක මිනිස්සු පාවිච්චි කරන shortcut එකක්. ගොඩක් සාර්ථක මිනිස්සුන්ගේ ජීවිත දිහා බැලුවොත් ඔබට පේන දෙයක් තමයි ඔවුන් සාමාන්‍ය මිනිසෙක්ට වඩා විශාල වැඩ ප්‍රමානයක්, වෙහෙසක් නැතුව කරනවා, ඒ වගේම පැය 16- 18ක් වැඩ කරනවා, එයාලගේ මනස හරිම නිරවුල් හා ධනාත්මකයි, ඔබ දන්නවාද මේ තත්වයට 80%ක්ම බලපාන්නේ ඔවුන් උදේ අවදි වූ මොහොතේ ඉදලා පැය 2-3ක කාලය තුල කරන සුවිශේෂී අභ්‍යාස කීපයක් කියලා?


මේ වගේ සාර්ථකත්වය කරා යන ගමනේදී ඔබ ඉතා අමාරුවෙන් ගොඩනගා ගන්න හදන තත්වයන් සමහර වෙලාවට මිනිත්තු කීපයක අභ්‍යාසයකින් ගොඩනගා ගන්න පුලුවන් ක්‍රම ශිල්ප මනෝ විද්‍යාව තුල වගේම ප්‍රායෝගික සාර්ථකත්වය කියන විශය තුල තියෙනවා!


නමුත් බොහෝ දෙනෙක් සාර්ථකත්වය ගැන ඉගෙන ගන්නවා කියලා කරන්නේ මෙන්න මේ දේවල් ඉගෙන ගන්න එක නෙමේ , කවුරු හරි ගාවට ගිහින් තාවකාලිකව මනස වෙනස් කරගෙන ගෙදර එන එක. නමුත් එහෙම කලා කියලා කිසිම දවසක ඔබේ ජීවිතය ගොඩනැගෙන්නේ නෑ.


හැම වෙලාවෙදිම ඔබ Motivation කියන දේට මුල්තැන දෙනවා වෙනුවට කරන්න ඕනේ, මෙන්න මේ වගේ ක්‍රම ශිල්ප ඉගෙන ගන්න පුරුදු වෙන එක. අන්න ඒ දේවල් දැනගත්තාම ඔබටම තේරෙන්න ගන්නවා, මම මේ හරිම ලේසියෙන් එන්න පුලුවන් ගමනක් තමා අමාරුවෙන් ආවේ කියලා. එදාට ඔබේ සාර්ථ්කත්වය ඔබටම පෙනෙන්න ගන්නකොට , ඔබව Motivate කරන්න අමුතුවෙන් කවුරුත් ඕනේ වෙන්නේ නෑ.


 

ජීවිතයේ සාර්ථකත්වය ගොඩනැගීමේ කලාව ගැන වැඩි දුරටත් කියවීමට "ජීවිතය දිනන ප්‍රායෝගික මග" කෘතිය පහතින් Download කර ගන්න.

Online ගෙවීම් කරන්න බැරි අයට, බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන් හෝ Ez Cash හරහා ගෙවීම් සිදු කිරීමෙන්, මෙය email එකට ලබා ගන්න පුලුවන්. ඒ සදහා 0764393624 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න





372 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page