top of page

99% දෙනා නොදන්න සාර්ථකත්වයේ සැබෑ රහස්!

Updated: Dec 1, 2022



ලොව ඉතාමත් ජනාදරයට පත් Rich Dad Poor Dad කෘතියේ කතෘ මිලියනපති ව්‍යාපාරික, දේෂක රොබට් කියොසාකි විසින් වරෙක මෙලෙස සදහන් කරනවා.


" මම උගන්වනකොට පන්තියෙන්, මැක්ඩොනල්ඩ් එකට වැඩිය හොද බර්ගර් හදන්න පුලුවන් කී දෙනෙක් ඉන්නවාද කියලා ඇහුවම, පන්තියේ සිටින සිසුන් සියලු දෙනාම වගේ අත උස්සනවා,


මම ඊට පස්සේ ඔවුන්ගෙන් අහනවා, එහෙමනම් ඇයි මැක්ඩොනල්ඩ් එක ඔබට වැඩිය සල්ලි උපයන්නේ කියලා "


මේ වචන පෙල මීට වසර 8ට පමන පෙර කියවන්න ලැබුන මොහොත මගේ ජීවිතය වෙනස් කල එක් ප්‍රබල සංදිස්ථානයක් කීවොත් වරදක් නෑ. ඒ නිසාම මේ කතාව පටන් ගන්න මේ උපුටා ගැනීම ඉතා වටිනවා කියලා මම විශ්වාස කරනවා.


හොදින් සිතන්න, අපි බොහෝ දෙනෙක් ඇත්තටම සාර්ථක වීම වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ වගේම අපි අපේ ජීවිතයේ බොහෝමයක් දේවල් සාර්ථකත්වය වෙනුවෙන් කැපකරනවා. අපි බොහෝ දෙනෙක් බොහෝ දේවල් ඉගෙනගෙන තිබෙනවා. අපි දන්නවා අපිට බොහෝ හැකියාවන් තිබෙන බව නමුත් මෙතරම් දේවල් කරලත් අපි බලාපොරොත්තුවෙන සාර්ථකත්වය බොහෝ වෙලාවට ලගා කරගන්න එක ඉතා අපහසුයි. මේ අත්දැකීම ජීවිතේ සාර්ථකත්වය සොයාගෙන යන, මොනවා හරි දෙයක් කරන්න උත්සාහ කරන මිනිස්සුන්ගෙන් 99%කටම තියෙනවා.


ඒ වගේම මෙහෙම මහන්සි වෙනකොට අපිට සුලබව තව දෙයක් දකින්න ලැබෙනවා, ඒ තමයි අපි තරම් දක්ෂ නැති, අපි තරම් ඉගෙනගෙන නැති, අපිට වඩා පහල මට්ටමේ ජීවන මට්ටම් වල සිටි අය බොහෝ දෙනෙක් ඉතා සුවිශේෂී ආකාරයෙන් ජීවිතය සාර්ථක කර ගන්න එක. සාමාන්‍යයෙන් ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් මේ අත්දැකීම හොදටම ඇති, ඒ වගේම පාසලේ ඔබට වඩා අදක්ෂ ළමයි අද වනවිට ඉතා ඉහල ජීවිත ගත කරනවා ඔබ දැක ඇති.


කලින් කිවුවා වගේම ඇත්තටම මැක්ඩොනල්ඩ් එකට වඩා හොදට බර්ගර් හදන්න අපිට පුලුවන් වුනාට ඒ වගේ සාර්ථක වෙන්න අපිට හැකියාවක් නැති බවක් ඇත්තටම අපි බොහෝ දෙනෙක්ගේ ජීවිත වල තියෙනවා නේද?


ඔබට හිතෙන්නේ නැද්ද මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා?


ඇයි අපිට හැකියාවන් තිබුනට, උත්සාහය තිබුනට, උවමනාව තිබුනට, ඒ වෙනුවෙන් කැපවුනාට අපිට අපි හිතන සාර්ථකත්වය කරා යන්න මෙච්චර අමාරු?


හොදට මතක තියා ගන්න මේකට හේතුව තමයි අපි දක්ෂ වුනාට අපේ සාර්ථකත්වය වෙත යන්න අවශ්‍ය කරන technique එකක් අපි ගාව නෑ. සාර්ථක වෙනවා කියන එක වෙනමම විශයක්. හොදටම ගීත ගායනා කරන්න පුරුදු වෙන එකයි, ගීත ගායනයෙන් සාර්තක වෙන්න පුරුදු වෙන එකයි කියන්නේ දෙකක්. අපි බොහෝ දෙනෙක් මේ දෙක පටලව ගන්නවා, ඔන්න ඕක තමයි අපේ ජීවිත වල තියෙන අවුල. අපි හිතාගෙන ඉන්නවා, දක්ෂතාවය, හැකියාව තමයි අපිව සාර්ථකත්වය කරා ගෙනියන්නේ කියලා, නමුත් ඇත්තටම එහෙම නෑ. ඔබට සාර්ථක වෙන්න ඕනේනම් ඔබ ඇත්තටම සාර්ථක වෙන්න ඔනේ " සාර්ථකත්වය ලගා කරගැනීම " කියන විශයට මිසක් වෙන දෙයකට නෙමේ.


ඔබ ලෝකයේ ඕනෑම රටක ඉතාමත් ජනප්‍රියම ගීත පිලිබද සොයා බලන්න. එම ගීත ගයන ප්‍රසිද්ද ගායක ගායිකාවන් පිලිබදව සොයා බලන්න. ඔවුන් ඒ රටේ ඉන්න දක්ෂතම අය නෙමේ. ඔබ හොදට හොයලා බැලුවොත් ඔවුන්ට වඩා සංගීතය පිලිබද දන්නා, ඔවුන්ට වඩා දක්ෂ මිනිසුන් ඕනෑ තරම් සිටින බව ඔබට පහසුවෙන් හොයා ගන්න පුලුවන්, නමුත් බොහෝ වෙලාවට ඔවුන්ව කවුරුවත් දන්නේවත් නෑ. කවුරුවත් ඔවුන්ගේ ගීත අහන්නේ නෑ. කොතරම් අලංකාර වුනත් ඔවුන්ගේ ගීත අනෙත් ගීත තරම් ප්‍රසිද්ද වන්නේ නෑ. මොකද ඔවුන්ට දක්ෂතාවය තිබුනට , ගායකයකු හෝ ගායිකාවක ලෙස සාර්ථක වෙන්න අවශ්‍ය කරන technique එක ඔවුන් සතුව නෑ. ඔවුන් සංගීතය, ගායනය ප්‍රගුණ කලාට සාර්ථක වීම කියන විශය ප්‍රගුණ කරලා නෑ.


2013 වසරේදී ඇමරිකානු චිත්‍රශිල්පී Barnett Newman විසින් අදින ලද චිතරයක් ඩොලර් මිලියන 44කට අලෙවි වෙනවා. මෙම චිත්‍රයේ තිබෙන්නේ නිල් පසුබිමක හරි මැදින් ඇදුනු සුදු ඉරක් පමණයි. නමුත් ඔහු එයින් ඩොලර් මිලියන 44ක් උපයනවා. ඔබ සිතන්න ලොව පුරා මීට වඩා ලක්ෂ වාරයක් අලංකාර චිත්‍ර කොතරම් සුළු මුදලකට අලෙවි වෙනවාද? ඇයි ඔවුන් මිලියන ගනන් උපයන්නේ නැත්තේ?


පිලිතුර සරලයි දක්ෂතාවය තිබුනට සාර්ථක වෙන්න අවශ්‍ය technique එක ඔවුන් ලග නෑ.


මෙන්න මේ technique එක දන්නේ නැති කමයි හැම වෙලාවෙම අපිව අසාර්තක කලේ. හොදට හිතන්න දැනුම ලබා දෙන්න ඕනෑ තරම් ආයතන මේ ලෝකය පුරාම තිබෙනවා. නමුත් ඒ දැනුම බාවිතා කරලා සාර්ථක වෙන හැටි උගන්වන්න මේ ලෝකයේ ආයතන තිබෙන්නේ කීයෙන් කීයද? අද උපාදිය අරගෙන එලියට බහින දරුවට රැකියාවක් නොලැබුනොත් කරකියා ගන්න දෙයක් නැතුව ගෙදරට වෙලාඉන්න හෝ මහ පාරේ උද්ගෝෂණ කරන්න වෙලා තියෙන්නේ මේ නිසා නෙමේද? ඔවුන්ට දැනුම තිබුනට එය පාවිච්චි කරලා සාර්ථක වෙන්න ඔවුන් දන්නේ නෑ. මොකද ඔවුන්ට ඒ දේ පාසලෙන්වත්, විශ්ව විද්‍යාලයෙන්වත් කියා දෙන්නේ නෑ.


අපි මේ හැමදේම කරන්නේ සාර්ථක මනුස්සයෙක් විදිහට සතුටින් ජීවිතය විදින්නට අවස්ථාවක් ලබා ගන්න. නමුත් ඔබ ඔය ගත කරන ජීවිතය තුල ඔබට එය ලැබිලා තිබෙනවාද? අඩුම තරමේ මේ දිනය වන විට මම සාර්ථක වෙනවා කියලා බය නැතුව කියන්නවත් පුලුවන්කමක් තියෙනවාද? එහෙමනම් එකම තැන කැරකි කැරකී මේ ගෙනවන ජීවිතයේ තේරුම කුමක්ද?


අපි දන්නේ නෑ අපිට තව කොච්චර කාලයක් මෙහෙම ජීවත් වෙන්න කාලය තියෙනවද කියලා, එහෙම දන්නේ නැති නිසා අපි හිතනවා අපිට ගොඩක් කල් තියෙනවා කියලා, නමුත් ඇත්තටම අපිට අසීම්ත කාලයක් නෑ ජීවත් වෙන්න, අපි අපිට අවශ්‍ය ජීවිතය ගොඩනගාගෙන සාර්ථක නොවී ගත කරන සෑම දිනයක්ම අපිට සාර්ථක මිනිසෙක් විදිහට ජීවිතය විදින්න තියෙන කාලය අපෙන් අහිමි කරනවා. මේ නිසා ඔබ කවුරු වුනත් ඔබේ ජීවිතය වෙනස් කර ගැනීම හා ජීවිතයේ සාර්ථකත්වය තහවුරු කර ගැනීම හැකි ඉක්මනින් කල යුතු වෙනවා.


හොදට මතක තියා ගන්න ඔබ හෙට මැරෙන්නත් පුලුවන්, එහෙම වුනොත් ඔබ මැරෙන්නේ ජීවිතය විදලද? ඔබේ යැපෙන්නන්ට යහපත් ජීවිතයක් ගත කරන්න පුලුවන් පරිසරයක් ඔබ හදලා තියෙනවද? නැත්නම් ඔබ මැරෙන්නේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ටත් ගෙවන්න තව බිල් ටිකක් ණය ටිකක් ඉතුරු කරලද?


ඔබ මේ ලෝකයට ඇවිත් , ජීවිතය විදලා සතුටින් ජීවත් වෙලත් නැත්නම්, ඔබ ඔබට, ඔබේ ආදරනීයයන්ට, මේ ලෝකයට කරපු දෙයකුත් නැත්නම්, ඔබ ඔබේ ජීවිත කාලයම කරලා තියෙන්නේ මහන්සි වෙච්ච එක විතරනම් ඔබේ ජීවිතේ තියෙන වටිනාකම මොකක්ද?

 

ජීවිතයේ සාර්ථකත්වය ගොඩනැගීමේ කලාව ගැන වැඩි දුරටත් කියවීමට "ජීවිතය දිනන ප්‍රායෝගික මග" කෘතිය පහතින් Download කර ගන්න.


Online ගෙවීම් කරන්න බැරි අයට, බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන් හෝ Ez Cash හරහා ගෙවීම් සිදු කිරීමෙන්, මෙය email එකට ලබා ගන්න පුලුවන්. ඒ සදහා 0764393624 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න






865 views

コメント

5つ星のうち0と評価されています。
まだ評価がありません

評価を追加
bottom of page