මුදල් කියන්නේ, මේ ලෝකයේ ජීවත් වෙන 80% දෙනාට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. මොකද මුදල් කියන දේ ප්‍රශ්ණයක් කර නොගෙන, මූල්‍යමය ස්ථාවර බවකින් හෝ නිදහස් බවකින් ජීවත් වෙන්නේ මේ ලෝකයේ ජීවත් වන මිනිසුන්ගෙන් 20%ක් වගේ සුලු ප්‍රමානයක් විතරයි.
මුදල් කියන දේ ප්‍රශ්නයක් වෙච්ච මේ ලෝකයේ ජීවත් වෙන බොහෝ දෙනෙක් එහි වරද පටවන්න පුරුදු වෙලා තියෙන්නේ බොහෝ වෙලාවට වියදම් වලට, බොහෝ දෙනෙක් හිතන්නේ වියදම් වැඩිවීම, ජීවන වියදම ඉහල යාම, බඩු මිල වැඩි වීම වගේ දේවල් නිසා තමයි තමන්ට ආර්ථික ප්‍රශ්ණ ඇතිවෙන්නේ කියලා.
නමුත් ඔබ දන්නවාද ඇත්තටම ඔබේ මුදල් ප්‍රශ්ණ වලට හේතුව , වියදම් නෙමේ, මුදල් ප්‍රශ්ණ ඇතිවෙන්නේ වියදම් නිසා යයි සිතන්න හුරු වූ සිතුවිලි රටාව බව?
ඔබ මේ ලෝකයේ කොහේ ජීවත් වුනත් වියදම් කියන දේ දවසින් දවස වැඩි වෙනවා. එය සාමාන්‍ය දෙයක් , එය ඔබේ මුදල් ප්‍රශ්ණ වලට හේතුව ලෙස ගත්තොත් ඔබට කිසි දිනෙක එයින් මිදෙන්නට ලැබෙන්නේ නෑ.
ඔබේ මුදල් ප්‍රශ්න වලට හේතු වන සැබෑම හේතුව වෙන්නේ ඔබේ ආදායම්, ඔබේ වියදම් වල වැඩිවීමට සාපේක්ෂව වැඩි නොවන ආදායම්.
උදාහරනයක් ලෙස සිතන්න ඔබ මේ මාසයේ මුල රු 1000කින් ලබා ගත් භාන්ඩ ප්‍රමාණය ඔබට ඊලග මාසයේ මිලදී ගන්න හැකියාවක් තිබෙනවාද? එය අඩුම තරමින් රු 10කින් වත් වැඩි වෙනවා. නමුත් ඒ ආකාරයෙන් ඔබේ ආදායම් වැඩි වෙනවාද? එසේ වැඩි නොවෙනවා නම් එයින් අදහස් වන්නේ ඔබ මුදල් කියන දේ ගැටලුවක් වන තැනට ගමන් කරන බව.
බොහෝ දෙනෙක් හිතන්නේ මුදල් කියන දේ උපයන්න ඉතා අපහසු දෙයක් බව. ආදායම් වැඩි කරනවා කියන්නේ ඉතා අමාරු දෙයක් බව. අපි සමහර වෙලාවට " සල්ලි ගස් වල හැදෙනවද" කියලා අහන්නේ මෙන්න මේ නිසා. ඒ වගේම අපි බොහෝ දෙනෙක් ආදායම් වැඩිකරගන්නවා වෙනුවට වියදම් කපා හැර මුදල් ප්‍රශ්ණ විසදා ගන්න යන්නෙත් , ආදායම් වැඩිකර ගැනීම අමාරු දෙයක්ය යන ආකල්පය ඔවුන් තුල තිබෙන නිසා.
නමුත් ඇත්තටම මුදල් උපයන එක, ආදායම් වැඩි කරන එක අමාරු දෙයක්ද?
ආදායම් වැඩිකරගන්න අමාරු ඇයි?
මුදල් ඉපයීම , ආදායම් වැඩිකරගැනීම කියන දේ සැබෑ ලෙසින්ම බැලුවොත්, වියදම් කපා හරිමින් ගෙවන ජීවිතය තරම් අමාරු නෑ. නමුත් ඔබට මුදල් ඉපයීම අමාරු දෙයක් ලෙස සිතෙනවානම් එයට බලපාන හේතු 2ක් තිබෙනවා,
ඒ තමයි
1. ඔබ තුල නව අදහස් මතු නොවීම
2. අවස්ථාවන් හදුනා ගැනීමට ඇති අපහසුව
නව අදහස් මතු නොවීම කියන්නේ , මුදල් ඉපයිය හැකි අලුත් ආකාරයන් ගැන අලුත් අදහස් ඇති නොවීම. ඔබ තුල එවැනි දේ ඇතිවෙනවානම් ඔබට අලුත් අලුත් දේ ලෝකයට එකතු කරමින් ඒ හරහා මුදල් ඉපයීමේ හැකියාව තිබෙනවා. ලෝකය තුල මෙවැනි නව අදහස් තුලින් මිලියනපතියන්, බිලීයනපතියන් වූ නව නිර්මාණකරුවන්, කලාකරුවන් වැනි පිරිස් ඕනෑ තරම් සිටිනවා.
දෙවැනිකාරනය තමයි අවස්ථාවන් හදුනා නොගැනීම. අපි හැම කෙනෙක්ගේම ජීවිත තුල අපිට අමතර මුදලක් ඉපයිය හැකි අවස්ථාවන් අවම එකක් දෙකක් හෝ තිබෙනවා. නමුත් මේ දේවල් හදුනා ගැනීමේ හැකියාව නැති නිසා ඒ තුලින් ආදායම් වැඩි කර නොගෙන, බොහෝ දෙනෙක් රැකියාවකින් ලැබෙන වැටුපකට හෝ වෙනත් දෙයකට සීමා වෙලා ජීවත් වෙනවා.
අපිට මූළ්‍යමය අතින් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් , ප්‍රතිඵ්ලයක් ලැබෙන්නේ අපි ඒ දේ වෙනුවෙන් යම්කිසි ක්‍රියාවක නිරත වුනොත් පමණයි, මේ ආකාරයෙන් යමක් වෙනුවෙන් අපි ක්‍රියා කරන ආකාරය තීරණය වන්නේ අපි මනස තුල ඇති වෙන අදහස් හා තීරණ අනුව බව අපි කලින් ඉදිරිපත් කල ලිපි බොහෝමයක සදහන් කර තිබෙනවා. මෙන්න මේ නිසා ඔබට ඔබේ මුදල් ප්‍රශ්ණ විසදා ගැනීම වෙනුවෙනුත් නිවරැදිව ක්‍රියා කරන්න පුලුවන් වෙන්නේ , ඒ වෙනුවෙන් වන නව අදහස් උත්පාදනය හා ඔබ අවට තියෙන අවස්ථාවන් හදුනාගෙන නිවරැදි තීරණ ගැනීම ඔබගේ මනස විසින් හරි ආකාරයෙන් සිදුකරනවානම් පමනයි.
නමුත් ඔබේ මනස මේ වන විට මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එයට හේතුව වෙන්නේ ඔබ කාලයක් තිස්සේ ඉගෙනගත් දේ , ලද අත්දැකීම්,හා බාහිරින් ලද දත්ත මත ඔබේ මනස ක්‍රියාකරන්න හුරු වී ඇති රටාව නිසා. කෙසේ වෙතත් මෙය ඉතා සරල යටි සිත බලගැන්වීමේ අභ්‍යාසයක් තුලින් පවා ඔබට ඉතා ඉක්මනින් වෙනස් කරගන්න හැකියාව තිබෙනවා.
යටි සිත බල ගැන්වීමෙන් මුදල් ප්‍රශ්ණ විසදෙන්නේ කොහොමද?
අපේ මනස තුල උඩු සිත හා යටි සිත කියලා කොටස් දෙකක් තියෙනවා, මෙයින් අපේ යටි සිතට අපිට අවශ්‍ය ඉලක්කය අපිව රැගෙන යාමේ විශේෂ හැකියාවක් තිබෙනවා. එය නිවරැදිව බල ගැන්වීම කලොත් ඔබ කොතරම් කාලයක් කොතරම් ඍණාත්මක අදහස් සමග සිටියත්, ඒ සියල්ල වෙනස් කරමින් නව අදහස් , අවස්ථාවන් ගැන දත්ත ඔබේ උඩු සිතට ලබා දෙමින් ඔබව අලුත් මගකට ගන්න ඔබේ යටි සිත ක්‍රියා කරනවා. ඒ වගේම එතැනින් එහාට ඔබට අවශ්‍ය විවිද දේ ඔබ වෙතට ආකර්ෂණය කර දීම සිදු කරන්නත් ඔබේ යටි සිතට හැකියාව තිබෙනවා. ඒ හරහා ඉතා වේගයෙන් ඔබේ ඉලක්ක සපුරා ගන්න ඔබට හැකියාව තිබෙනවා.
මීට වසරකට පමණ පෙර මාගේ දේෂණයකට එක්තරා පෞද්ගලික බැංකුවක පිරිසිදු කිරීමේ සේවකයෙක් සහබාගී වුනා. ඔහුට උවමනා කරලා තිබුනේ තමන්ගේ ආර්ථික ප්‍රශ්න වලින් මිදෙන්න යම්
සහනයක් ලබා ගන්න. සැබවින්ම ඔහු බලාපොරොත්තුවෙන් පැමිනියේ නිශ්චිතවම කල හැක්කේ කුමක්ද යන්න පිලිබද අදහසක්, නමුත් ඒවැන්නක් ප්‍රකාෂ කරනවා වෙනුවට මනස බලගැන්වීම හරහා තමන්ට ගැලපෙන දෙයක් තමන්ටම හොයා ගන්න පුලුවන් ක්‍රමයක් අත්හදා බලන්න මට ඔහුව කැමති කරගන්න පුලුවන් වුනා.
වැඩසටහන අවසානයේ ඔහුටත් අන්සියලු දෙනාටම ලෙසින් , මූල්‍යමය ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් යටි සිත බලගන්වන ආකාරය උගන්වා මම ඔහුව පිටත් කර හැරියා. මාස 3කට පමන පසු නැවත ඔහු මට දුරකතන ඇමතුමක් දුන්නේ තම ගැටලු විසදා ගන්න උදවු කලාට ස්තුති කිරීමේ අරමුණින්. අදාල කාලය තුල විශාල දේෂණ ප්‍රමාණයක් පැවැත්වූ නිසා ඔහු මා අමතන වෙලාවේදී ඔහු සැබවින්ම කවුද යන්න මගේ මතකයේ තිබුනේ නෑ, ඒ නිසාම මම ඔහුගෙන් ප්‍රශ්ණ කලා මම ඔහුගේ ගැටලු විසදන්න උදවු වුනේ කොහොමද කියන දේ ගැන.
" මම බැංකුවක පිරිසිදු කිරීමේ සේවකයෙක්, මට මීට මාස 3ට කලින් ලැබුන පඩිය, මගේ ගෙදර වියදම් පියවන්නවත් මදි. ඒ නිසා තමයි මම ණයට සල්ලි ඉල්ලගෙන සර්ගේ වැඩසටහනට ආවේ. ඇත්තටම මම ආවේ මනස ගැන ඉගෙන ගන්න නෙමේ, සල්ලි හොයන්න පුලුවන් ක්‍රම ටිකක් ඉගෙන ගන්න. නමුත් සර්ගේ දේෂණය තුල එහෙම දෙයක් තිබුනේ නෑ, මම එහෙම ක්‍රම ටිකක් කියලා දෙන්න බැරිද කියලා සර්ගෙන් ඇහුවම සර් කීවේ, එහෙම ක්‍රමයක් කියනවා වෙනුවට තමන්ට හරියන ක්‍රම හොයා ගන්න ක්‍රමයක් කියලා දෙන්නම් කියලා. ඊට පස්සේ සර් මුදල් වෙනුවෙන් යටි සිත බලගන්වන හැටි ගැන කියලා දුන්නා.
පළවෙනි දවසේ නම් ඇත්තටම මේක හරියයි කියලා විශ්වාසයක් තිබුනේ නෑ, එත් සර් එහෙම හරි ගිය අය ගැන කියපු විස්තරය නිසා උත්සාහ කරලා බලන්න හිතුනා. උදේම නැගිටලා සර් කියපු අභ්‍යාස කලා. සතියක් විතර යනකොට සල්ලි හොයන්න පුලුවන් ක්‍රම ගැන මට එක එක අදහස් හිතට එන්න පටන් ගත්තා. මම ඒ අදහස් වලින් සර් කියපු විදිහට ලේසියෙන්ම පටන් ගන්න පුලුවන් අදහස පටන් ගත්තා.
මම මේ බැංකුවට එන්න කලින් මේ ලග තියෙන කීපයකම වැඩ කලා, ඒ හැම එකකම දියවැඩියාව තියෙන අය 4ක් 5ක් වත් ඉන්නවා. මම දවසක් නිවාඩු දාලා ඒ හැම එකකටම ගිහින් එහම දියවැඩියාව තියෙන අයට කතා කරලා සුවදුක් විමසුවා. අන්තිමට මම එයාලට කීවා , කරවිල දියවැඩියාවට හොද බෙහෙතක්, උදේට කරවිල වීදුරුවක් බීවොත් දියවැඩියාව ඉක්මනින් පාලනය කරගන්න පුලුවන්, මම පොඩි ව්‍යාපාරයකුත් කරනවා දිය වැඩියාව තියෙන අයට උදේට බොන්න කරවිල හදලා මම විකුනන්වා, සර්ලටත් ඕනෙනම් මට උදේට එකටම ගෙනත් දෙන්න පුලුවන් කියලා. මට එක දවසින් මම වැඩකරපු වලයි, ඒ සර්ලා දන්න වෙන වල කීප දෙනෙකුයි එක්ක 28 දෙනෙක් හොයා ගන්න පුලුවන් වුනා කරවිල ඕනේ අය.
මම කරවිල කෝප්පයක් විකුනන්නේ රු 80කට, එක කරවිල කෝප්පයකට වියදම රු 10ක් වත් යන්නේ නෑ, එදා ඉදලා මම මාසෙකට රු 50000ක් විතර අමතරව හොයනවා. මෙච්චර කල් මම කලේ ප්‍රශ්ණ ගැන හිතපු එක මිසක් සර් කියනවා වගේ පිලිතුරු හොයන්න මනසට ඉඩ දීපු එක නෙමේ. මම මෙච්චර මේ මිනිස්සු එක්ක ඉදලත් මට කවදාවත් හිතුනේ නෑ මෙහෙම දෙයක් ගැන. සර්ගේ අභ්‍යාස කරන්න පටන් ගත්තාම පුදුම විදිහට මගේ ප්‍රශ්ණ විසදන්න පුලුවන් ක්‍රම මගේ හිතට එන්න පටන් ගත්තා. දැන් මම හිතාගෙන ඉන්නවා තව කෙනෙක්ව වැඩට අරගෙන මේක ටිකක් දියුනු කරගන්න. මගේ ඉලක්කය මීලග මාස 6 ඇතුලත ආදායම රු 150000 -200000ක් කර ගන්න. "
මෙන්න මේ ආකාරයෙන් යටි සිත බලගැන්වීම තුලින් තම ආර්ථික ප්‍රශ්ණ වලට විසදුම් සොයාගත් මිනිසුන් පිලිබද විස්තර ලංකාව තුලින් මෙන්ම , ලොව සාර්ථකම මිනිසුන්ගේ ලයිස්තුව තුලිනුත් ඕනෑ තරම් හොයා ගන්න පුලුවන්. අපි කියන නිසාම පිලි ගන්නේ නැතුව ඒ දේවල් ඔබම අද්යයනය කර බලන්න. ඔබේ මනස තුල , ඔබේ බොහෝමයක් ගැටලු ලේසියෙන් විසදා දීමේ විශ්මිත හැකියාවන් රාශියක් සැගව තිබෙනවා. ඔබ එය කරන්න ඔබේ මනසට ඉඩ දුන්නොත් එහි ප්‍රතිඵ්ල ඔබටම වැඩි කාලයක් නොයවාම අත් විදින්න පුලුවන්.
ඔබේ මනස ක්‍රියාත්මක වන ආකාරය හදුනා ගන්න පහත අභ්‍යාසයේ නිරත වන්න,
කුඩා කොල කැබලි 7ක් ගන්න, එහි නිල් , රතු, කොල, සුදු, දුබුරු, කලු, කහ ලෙස සදහන් කරන්න. ඒ කොල කැබලි තුල ලියූ දෙය නොපෙනෙන පරිදි එකිනෙක කොල කැබැල්ල වෙන වෙනම ගුලි කරන්න
ඔබෙ නිවසේ තිබෙන කාමරයකට යන්න , එහි මිනිත්තු කීපයක් ගත කරන්න. නැවත වෙනත් කාමරයකට ගොස් ඔබ ලග තිබෙන කොල ගුලි වලින් එකක් ගෙන දිග හරින්න.
දැන් කලින් ඔබ සිටි කාමරයේ තිබූ ඔබේ කොලයේ ලියා තිබෙන වර්ණය සහිත දේවල් ගැන සිහි කරන්න.
මිනිත්තු කීපයක් එලෙස ආවර්ජනය කර, නැවත කලින් ඔබ ගිය කාමරයට යන්න, ඔබ ගිය සැනින් ඔබේ අවදානව එම වර්ණය සහිත තැන් වලට වේගයෙන් යොමු වේ. බොහෝ විට ඔබට ආවර්ජනය කරගත නොහැකි වූ බොහෝ ස්ථාන වල එම වර්ණය තිබූ බව ඔබට පෙනෙන්නට පටන් ගනීවි.
මුදල් වෙනුවෙන් යටි සිත නිවරැදිව බලගැන්වූ කෙනෙකු තුලත් මුලින්ම සිදුවන්නේ මෙවන් දෙයක්, ඔහුට මේ ආකාරයෙන්ම මෙතෙක් නොදුටු මුදල් ඉපයිය හැකි අවස්ථාවන් ඉතා වේගයෙන් පෙනෙන්න පටන් ගන්නවා. එය තමයි මූලිඛම අවස්ථාව, එයත් සමග එතැනින් එහාට නිර්මාණශීලී අදහස් ඇතිවීම, වගේම ඔහුගේ ඉලක්කයට යාමට අවශ්‍ය පුද්ගලයන්, උදවු උපකාර , භෞතික දේවල් ඇතුලු බොහෝ දේ ඔහු වෙතට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. එය ආකර්ශණ නීතිය ලෙස හදුන් වනවා. මෙයත් සමග ඕනෑම කෙනෙකුට මූල්‍යමය අතින් සුවිශේෂී සාර්ථකත්වයක් ලගා කරගැනීම ඉතා පහසුවෙන් කරන්න පුලුවන්.
මූල්‍යමය සාර්ථකත්වය ගොඩනැගීම ගැන වැඩි දුර අධ්‍යයනය සදහා, පහත පොහොසත් බවේ රන් දොරටු eBook එක කියවන්න.
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
Comentarios