
සාර්ථක මිනිසුන්ගේ ජීවිත කතා තුල අපි ඉගෙන ගන්නේ ඇත්තම කතාද?
ඒ කතා ඇතුලේ අපි ඇත්තටම අපි කියවිය යුතු කොටස් ටික ඉගෙන ගන්නවාද?
සාමාන්‍යයෙන් අපිට කියවන්න ලැබෙන සාර්ථක මිනිසුන්ගේ චරිත කතා තුල 99%ක්ම තියෙන්නේ, ඔවුන් අතීතයේදී දුක් වින්දා පසුව , උත්සාහයෙන් , අදිෂ්ඨානයෙන් කටයුතු කරලා කොහොම හරි ජීවිතේ ජයගත්තා කියන කතාව විතරයි... ඒත් සාර්ථක මිනිසුන්ගේ ජීවිත අද්‍යයනය කරලා අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ දේ විතරද? අපිට කරන්න පුළුවන් එකම දේ " කොහොම හරි මමත් සාර්ථක වෙනවා " කියන මානසික අභිප්‍රේරණය ලබා ගන්න එක විතරද?
ඔබ දන්නවාද අපි කියවන 99% චරිත කතා ඇතුලේ එලියට නොදාපු රහස් තියෙන බව? සැබෑවටම ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන කොටස් ඒ සැගවුන රහස් ඇතුලේ තියෙන බව?
"මම කොහොම හරි, මොනවා හරි කරලා සාර්ථක වෙනවා" කියලා හිතපු පලියට අපිට සාර්ථක වෙන්න පුළුවන්නම්, මේ ලෝකයේ හැමෝම සාර්ථක වෙලා තියෙන්නෙ ඕනේ. මොකද අපි කවුරුත් අසාර්ථක වෙන්නේ "මම කොහොම හරි අසාර්ථක වෙනවා" කියලා හිතපු නිසා නෙමේනේ....
අන්න ඒ නිසා ඔබ චරිත කතා අද්‍යයනය කරනවානම් එය කරන්න ඕනේ "මම කොහොම හරි සාර්ථක වෙනවා" කියලා හිතන්න උදව්වක් විදිහට නෙමේ, ඔවුන් කොහොමද ඇත්තටම එතැනට ගියේ කියලා හොයා ගන්න...
හොදට කල්පනා කරලා බලන්න,
අපි හැමෝම ස්ටීව් ජොබ්ස් ගැන දන්නවා, තරුණ අවදියේදී, කන්න බොන්න නැතුව, ක්‍රිශ්නා ටෙම්පල් එකට ගිහින් කෑම කෑවා, හිස් බෝතල් එකතු කරලා වියදමට සල්ලි හොයා ගත්තා කියලා අපි දන්නවා. අන්තිමට ඇපල් සමාගම නිර්මාණය කරලා අති සාර්ථක පුද්ගලයෙක් වුනා කියලත් දන්නවා...
නමුත් ඔය කතාව කියවලා , මාත් ස්ටීව් ජොබ්ස් වගේ වෙන්න ඕනේ, මට පුළුවන් කියලා හිතන 99%ක් දන්නේ නෑ, ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගම වෙනුවෙන් අවශ්‍ය ප්‍රාග්ධනය හොයාගත්ත විදිහ ගැන, හදපු පරිගනක කවුරුත් ගන්නේ නැති වුනාම, ඒකට මාකටින් ප්ලෑන් එකක් හදපු විදිහ ගැන.. IBM වගේ සමාගම් ඇපල් සමාගම වට්ටන්න හදනකොට ඒවට මුහුණ දෙන්න පාවිච්චි කල උපක්‍රම ගැන...
ස්ටීව් ජොබ්ස් ගේ ජීවිත කතාවේ ඉගෙන ගන්න තියෙන්නේ ඔන්න ඔය දේවල්, ඒවා ඉගෙන ගත්තොත් තමයි, සැබෑ ජීවිතයේදී අපි කොහොමද දියුනු වෙන්න ඕනේ කියන දේ ගැන අදහසක් ගන්න පුලුවන් වෙන්නේ... එහෙම නැතුව කන්න නැති නිසා කෑම කන්න ගිය තැන් ගැන ඉගෙන ගෙන, වියදමට කීයක් හරි හොයාගන්න කරපු දේවල් ගැන ඉගෙන ගෙන ස්ටීව් ජොබ්ස් වගේ වෙන්න හිතනවානම් ඇත්තටම ඒක හරිම ප්‍රාතමික වැඩක්.
ඔබ අහලා ඇති කාල් බෙන්ස් ලෝකයේ පළමු මෝටර් රථය නිපදවද්දී, මුදල් ප්‍රශ්ණ නිසා ලොකු දුකක් වින්ද බව, නමුත් උත්සාහය අත් නොහැර ඉදිරියට ගිය නිසා අවසානයේ සාර්ථක වුන බව, නමුත් ඔබ දන්නවාද, කාල් බෙන්ස්ගේ මෝටර් රථ කිසිම කෙනෙක් මිලදී නොගත්ත බව, ඔහුගේ බිරිද හදපු අති විශිෂ්ට අලෙවි කරන උපක්‍රම නොවන්නට කාල් බෙන්ස් කියන්නේ අසාර්ථක පුද්ගලයෙක් බව? ඔබ ඒ අලෙවිකරන උපක්‍රම ගැන කාල් බෙන්ස්ගේ කතාව ඇතුලේ කියවලා තියෙනවද? එහෙම නැත්නම් කාල් බෙන්ස්ගේ කතාව ඇතුලේ කියවලා තියෙන්නේ ඕන දේ නෙමේ, නිකන් ඕප දූප ටිකක් විතරයි.
ඔබ අහලා ඇති ශාරුක් කාන් මුල් කාලයේ පාරේ බංකුවක නිදා ගත් බව, මිතුරන්ගෙන් ණයට සල්ලි ඉල්ලගෙන රගපාන්න ගිය බව... නමුත් ඔබ කවදා හරි අහලා , කියවලා තියෙනවද ඔහු රගපාන්න අවස්ථාවක් හොයා ගත්ත විදිහ ගැන. ඒ අවස්ථාව උදාකරගන්න අවශ්‍ය සම්බන්දතාවයන් ගොඩනගා ගත්ත හැටි ගැන?
ඔබ අහලා ඇති තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුල නිපදවද්දි දහස් වාරයක් අසාර්ථක වුනත් , උත්සාහය අත් නොහැර ඉදිරියට ගිය නිසා සාර්ථක වූ බව? නමුත් ඔබ කවදා හරි ඉගෙනගෙන තියෙනවද, එහෙම එක දිගට අසාර්ථක වීම නිසා ඇති වන මූළ්‍යමය පාඩු වගේ දේවල් ඔහු කලමණාකරණය කරපු හැටි ගැන? ඒ වගේම හදපු විදුලි බුබුල ඔහු අලෙවි කරපු හැටි ගැන?
ඔබ අහලා ඇති Colonel Sanders තමන්ගේ කෑම වට්ටෝරුව අරගෙන අවන්හල් 1000කට ගියත් එය අසාර්ථක වුන හැටි ගැන, නමුත් උත්සාහය අත් නොහැරි නිසා ඔහු සාර්ථක වූ බව? නමුත් ඔබ ඉගෙනගෙන තියෙනවද, පුංචි කෑම වට්ටෝරුවක් KFC වගේ අවන්හල් ජාලයක් කරන්න, එය ලොව පුරා පැතුරුනු ජාලයක් කරන්න හදපු සැලසුම් ගැන, ක්‍ර්ම ශිල්ප හා උපක්‍රම ගැන?
ඔබට තේරෙනවද, බොහෝ චරිත කතා ඇතුලේ වැදගත්මක් කොටස් ටික අත් හැරලා, අපේ හදවතට දැනෙන ටික විතරක් අපි කියවන බව?
චරිත කතා කියන්නේ , ඔබේ සාර්ථකත්වය වේගවත් කරගන්න පවිච්චි ක්‍රන්න පුලූවන් හොද tool එකක්. මොකද මේ හැම චරිත කතාවක් ඇතුලෙම තියෙන්නේ අත්දැකීම්.... සමහර වෙලාවට අපිට අවුරුදු 20ක් තුලවත් ගන්න බැරි අත්දැකීම් රාශියක් , චරිත කතාවක් හරහා මිනිත්තු කීපයකින් ඉගෙන ගන්න පුලුවන්.....
හැබැයි එහෙම පුළුවන් වෙන්නේ ඒ කතා ඇතුලේ තියෙන ඕප දූප කියවලා නම් නෙමෙයි... එහෙම පුළුවන් වෙන්නේ, ඔබ ඒ කතා ඇතුලේ තියෙන ප්‍රායෝගික කරුණු අද්‍යයනය කලොත් විතරයි!
ජීවිතයේ සාර්ථකත්වය ගොඩනැගීමේ කලාව ගැන වැඩි දුරටත් කියවීමට "ජීවිතය දිනන ප්‍රායෝගික මග" කෘතිය පහතින් Download කර ගන්න.
Online ගෙවීම් කරන්න බැරි අයට, බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන් හෝ Ez Cash හරහා ගෙවීම් සිදු කිරීමෙන්, මෙය email එකට ලබා ගන්න පුලුවන්. ඒ සදහා 0764393624 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න
Comments