top of page
Writer's pictureChathuska Amarasekara

මනස එක අරමුණක රඳවාගෙන, වැඩකරන හැටි

Updated: Dec 1, 2022



මනස එක අරමුණක පිහිටුවා ගෙන වැඩ කරන්න තියෙන හැකියාව කියන්නේ, ජීවිතේ සෑම අංශයකම සාර්ථකත්වයට ඉතාමත් වැදගත් වෙන දෙයක්. ඒ වගේම බොහෝ පිරිසකට කරන්න අපහසු දෙයක්. සාමාන්‍යයෙන් අපගේ පුහුණු වැඩසටහන් වලදී පවා වැඩි දෙනෙක් අපෙන් විමසන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි “මනස එක අරමුණක තියා ගන්නේ කොහොමද?” කියන එක..


හැමෝටම තියෙන ප්‍රධාන මානසික ගැටලුවක් නිසා අපි හිතුවා මේ හැකියාව ඇතිකරගන්න පුළුවන් සරල ක්‍රමයක් ගැන මේ ලිපියකින් දැනුවත් කරන්න.


මිනිස් මනස තුල ස්වරූපයන් කීපයක් තියෙනවා, කෙටියෙන් විස්තර කලොත් ඒවා පහත ආකාරයෙන් දක්වන්න පුලුවන්,


1. Kshipta - Monkey Mind

2. Mudha - Donkey Mind

3. Vikspita - Butterfly Mind

4. Ekagra - Candle Mind

5. Nirudda


මේ අතරින් Kshipta - Monkey Mind කියන්නේ , නිතර විවිධ අරමුණු වලට යන ස්වරූපයක් තියෙන මනසකට, ඒ කියන්නේ වදුරෙක් ගහෙන් ගහට පනිනවා වගේ, මනසත් එක තැනක තියෙන්නේ නෑ , විවිධ අරමුණු වලට යනවා. මේ ආකාරයේ මනසක් තියෙන කෙනෙක්ට මේ දේ වෙනස් කරගන්න ඕනේනම් ඔහු හෝ ඇය කරන්න ඕනේ එකම දේ තමයි, මනස ක්‍රමාණුකූලව පුරුදු කරන එක. එතකොට අපිට ඒ ස්වභාවය ක්‍රමානුකූලව Butterfly Mind හෝ Candle Mind එකක් දක්වා දියුණු කරන්න පුළුවන්. ( Butterfly Mind කියන්නේ සමනලයෙක් එක මලක ටික වෙලාවක් ඉදලා , තවත් මලකට යන ආකාරයෙන් ක්‍රියා කරන, සාමාන්‍ය වෙලාවක් එක අරමුණක තියා ගන්න පුළුවන් මනසකට, Candle Mind කියන්නේ ලොකු අන්දකාරයක ඉටි පන්දමක් පත්තු කලාම අදුර තුල ඉටි පන්දම පෙනෙන ආකාරයෙන් අනෙකුත් සියලු දේවල් වලින් මිදිලා , තමන් කරන දේ පිලිබදව පමණක් අරමුණු කරගෙන ඉන්න පුළුවන් මනසකට. )


මේ ආකාරයෙන් මනස පුරුදු කරන්න පුළුවන් සරල අභ්‍යාසයක් තමයි දැක් කියලා දෙන්නේ. ඒ තමයි පුංචි පුංචි කෙටිකාලීන, ඉලක්ක වලට වැඩ කරන එක. මෙතැනදී ඉලක්කයක් කියන්නේ ලක්ෂණ 2ක එකතුවක් තියෙන දේකට, ඒ තමයි, මැනිය හැකි කුඩා අරමුණු, කෙටි කාලීන කාල සීමාවන් කියන දෙක.


උදාහරණයක් විදිහට, අපි හිතමු ඔබ පිටු 300 – 400ක් තියෙන පොතක් කියවන්න යනවා කියලා, අපි මේක දවස් 2කින් කියවලා ඉවර කරනවා කියලා, කියවන්න පටන් ගත්තොත් කවදාවත්, Monkey Mind එකක් තියෙන කෙනෙක්ට මේ වැඩේ හිත එකග කරගෙන කරන්න බෑ. දන්නෙම නැතුව මනස එක එක අරමුණු වලට ගිහින්, පිටු කීපයක්වත් කියව ගන්න ලැබෙන්නේ නෑ.


නමුත් අපි මේ වැඩේ, විනාඩි 5ක් ඇතුලත පළවෙනි පිටුව හෝ පිටු දෙක කියවනවා කියලා, වැඩේ පටන් ගත්තොත් ඒක අපිට හිත එක තැනක තියාගෙන ලේසියෙන්ම කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට පුංචි පිටු ගානක්, පුංචි කාලයක් ඇතුලත කියවන විදිහට , පොත කියවගෙන ඉදිරියට ගියොත්, දවස් 2න් පොත කියවලා ඉවර කරනවා කියලා හිතලා කාලාට වඩා දෙගුණයක් , තුන්ගුණයක් සාර්ථක විදිහට වැඩේ කරන්න ඔබට ඉබේම හැකියාව ලැබෙනවා.


අනික මේ විදිහට වැඩ කරනකොට, කාලයත් සමග ඔබේ මනස එක අරමුණක රැදෙන්න හුරු වෙනවා, ඒ කියන්නේ සති කීපයක්, මාස කීපයක් යනකොට , තමන්ගේ මනස වැඩි වෙලාවක් එක අරමුණක තියාගෙන ලස්සනට වැඩ ටික කරගෙන යන්න පුළුවන් කියලා තමන්ටම දැනෙන්න පටන් ගන්නවා. ඕනෑම වැඩකට මේ ක්‍රමය යොදලා අදම අත් හදා බලන්න, කලින්ට වඩා ලොකු සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් බව ඔබටම වැටහේවි...

 

මානසික එකාග්‍රතාවය, අරමුණු ගත ගොඩනගා ගැනීමේ ප්‍රායෝගික උපක්‍රම පිලිබද පියවර සතිත උපදෙස් හා අභ්‍යාස සහිතව සකස් වුන, "මානසික ඒකාග්‍රතාවය ගොඩනැගීමේ මග" ප්‍රායෝගික උපදෙස් පොත පහත සබැදිය හරහා Download කර ගන්න.



අන්තර්ජාලය හරහා Download කරගැනීමට අපහසුනම්, 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන්, eMail එකක් හරහා මෙම eBook එක ලබා ගැනීමේ හැකියාව පවතී.



440 views

Comments

Rated 0 out of 5 stars.
Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.
bottom of page