"හිතන විදිහ වෙනස් කරගන්න පුලුවන්නම් අපිට සාර්ථක වෙන්න පුලුවන්" කියන කතාව, අපි හැමෝම අහලා තියෙන කතාවක් . ඒ වගේම ඒ දේ අපි හැමෝම කිසිදු ගැටලුවකින් තොරව පිලිගන්නවා. එහි කිසිම ගැටලුවක් නෑ. නමුත් තියෙන ප්‍රශ්ණය වෙන්නේ ඇත්තටම අපි "හිතන" දේවල්ද අපිව අසාර්ථක කරන්නේ කියන එක.
හොදට කල්පනා කරලා බලන්න. ඔබ අසාර්ථක වෙන්නේ ඇත්තටම ඔබ "හිතන" දේවල් නිසාද? නැත්නම් ඔබට "හිතෙන" දේවල් නිසාද? කියලා
හිතන දේවල් නිසා කියලා ඔබ කියනවානම් , එතැනදී ඔබ උවමනාවෙන්ම හිතලා ඔබේ අසාර්ථකත්වය ලගා කරගෙන තියෙන්න ඕනේ. එහෙමනම් අපි හිතන විදිහ වෙනස් කිරීමෙන් සාර්ථක වෙන්න පුලුවන් කියන එක හරි,
නමුත් ඇත්තටම එයද සිදුවෙන්නේ? ඔබ උවමනාවෙන්ම හිතලා අසාර්ථක වෙන නිසාද ඔබ අසාර්ථක වෙන්නේ?
නෑ නේද?
හොදට හිතන්න, හොදට හිතලා ඔබ තුල තියෙන ගැටලුව හරියට හදුනා ගන්න.
99% දෙනාට තියෙන්නේ "හිතන" විදිහේ ප්‍රශ්ණයක් නෙමේ, "හිතෙන" විදිහේ ප්‍රශ්ණයක්. නමුත් මේ දේ හරියට බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නෑ. මෙන්න ඒ නිසා ඔවුන් සාර්ථක වෙන්න අවශ්‍ය දේ තමන් කරනවා කියලා හිතුවට ඔවුන් සැබෑ ජීවිතයේදී සාර්ථක වෙන්නේ නෑ.
හොදට හිතන්න,
* අපි කිසිම කෙනෙක්, හිතලා ජීවිතේ අඩියක් පසුපසට තියන්නේ නෑ, අපි හැමෝටම තියෙන්නේ අභියෝග හමුවේ පසුපසට එන්න හිතෙන ගැටලුවක්.
* අපි කිසිම කෙනෙක් හිතලා අලුත් යමක් උත්සාහ නොකර ඉන්නේ නෑ. අපි හැමෝටම තියෙන්නේ අලුත් යමක් උත්සාහ කර බලන්න ඕනේ වුනත් ඒ දේ කරන්න නොහිතෙන ගැටලුවක්.
* අපි කිසිම කෙනෙක් අභියෝග වලට උවමනාවෙන් බය වෙන්නේ නෑ. අපි හැමෝටම තියෙන්නේ අභියෝග හමුවේ බය හිතෙන ගැටලුවක්.
* අපි කිසිම කෙනෙක් හිතලා වැඩ කල් දාන්නේ , වැඩ මහ හරින්නේ නෑ, අපි හැමෝටම තියෙන්නේ එහෙම හිතෙන ගැටලුවක්.
* අපි කිසිම කෙනෙක් උවමනාවෙන් කම්මැලි වෙන්නේ නෑ, අපි හැමෝටම තියෙන්නේ කම්මැලි හිතෙන ගැටලුවක්.
දැන් ඔබට තේරෙනවද මෙතන අපි හිතන විදිහේ ප්‍රශ්ණයක් නෙමේ තියෙන්නේ , අපිට හිතෙන විදිහේ ප්‍රශ්ණයක් බව. මේ ලෝකයේ කිසිම කෙනෙක් අසාර්ථක වෙන්න කැමති නෑ. අපි හැමෝම එක වගේ කැමතියි සාර්ථක මිනිසුන් ලෙස මේ ලෝකයේ ජීවත් වෙන්න, අපි හැමෝම කැමතියි හරියට හිතන්න. නමුත් ප්‍රශ්ණේ තියෙන්නේ අපිට උවමනා ආකාරයෙන් හිතන්න යනකොට අපිට අනවශ්‍ය දේ හිතෙන එක.
නිකමට හිතලා බලන්න,
ඔබට පුලුවන්ද ඔබට කැතයි කියලා "හිතෙන" කෙනෙක් දිහා බලලා කැත නෑ කියලා හිතලා ඒ කෙනා එතැනින් එහාට ලස්සනට කෙනෙක් ලෙස පෙනෙන තත්වයක් ඇතිකර ගන්න? ඔබට කැතැයි කියල හිතෙන කෙනෙක් දිහා බලලා ඔබ එයා ලස්සනයි කියලා හිතුවොත්, එතකොට ඒ කෙනාව ඔබට ලස්සන වෙලා පේනවාද?
හොදට හිතන්න, ඔබ ඔබට "හිතෙන" දේවල් වෙනස් කර ගන්න ඕනේ නිසා , ඔබ "හිතන" විදිහ වෙනස් කරන්න ගියොත් වෙන්නේ මීට සමාන දෙයක් නෙමේද? හොදට මතක තියා ගන්න "හිතෙන" දේවල් වලට "හිතන" විදිහ වෙනස් කරලා හරියන්නේ නෑ. ඒකට කරන්න ඕනේ "හිතෙන" විදිහ වෙනස් කරන එක.
දැන් බලමු අපි කොහොමද හිතෙන විදිහ වෙනස් කරන්නේ කියලා.
හිතෙන ක්‍රමය වෙනස් කරන්න කලින් අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ ඇයි අපිට මේ දේවල් හිතෙන්නේ කියලා. අපිට යමක් හිතෙනවානම් එයට තියෙන එකම හේතුව තමයි අපිට එහෙම හිතෙන්න ඕනේ පරිසරය අපි අපේ මනස තුල නිර්මාණය කරලා තිබීම.
වැඩිපුර මිනිසුන් කුණු බැහැර කරන තැනක් ගැන හිතන්න, ඔබ හිතන විදිහට ඇයි මිනිසුන් එතැනට කුණු දාන්නේ? සරලවම කුණු දාන්න සුදුසු ආකාරයෙන් එතැන සකස් වෙලා තියෙන නිසා. බස් හෝල්ට් එකේ මුල්ලට ටොෆි කොලයක් විසි කරන කිසිම කෙනෙක්, තරු පහේ හෝටලයක බිත්ති මුල්ලට ටොෆි කොල විසි කරන්නේ නෑ. මොකද හෝටලය තුල එසේ සිදුකරන්නට වාතාවරණයක් ගොඩනැගී නෑ. ඒ වගේම තමයි අපේ මනසත්. මනස තුල යම් ඍණාත්මක සිතුවිල්ලක් ගොඩනැගෙනවානම් එය ගොඩනැගෙන්නේ ඒ වෙනුවෙන් මනස තුල පරිසරය ගොඩනැගිලා තියෙන නිසා. අපිට හිතෙන දේවල් වෙනස් කරන්න නම් , අපි කරන්න ඕනේ එකම දේ තමයි අපේ මනස තුල තියෙන පරිසරය ධනාත්මක දේවල් ගොඩනැගෙන තැනක් බවට පත්කරන එක.
දැන් තියෙන ප්‍රශ්ණේ කොහොමද ඒ දේ කරන්නේ කියන එක,
ඒක හරිම සරල දෙයක් ඒකට ඔබ කරන්න ඕනේ එකම දේ තමයි , ඔබට විවිද දේවල් හිතෙන්නට හේතුවෙන මූලික සිතුවිලි බීජයන් ටික වෙනස් කරන එක.
උදාහරණයක් විදිහට බැලුවොත්, සාර්ථකත්වය සොයාගෙන යන බොහෝ දෙනෙක්ට තියෙන ලොකු ගැටලුවක් තමයි, සාර්ථක වෙන්න ඕනේ කියලා උවමනාවක් තිබුනට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න හිතෙන්නේ නැති එක.
දැන් අපි බලමු ඇයි අපිට සාර්ථක වෙන්න ඕනේ වුනාට , ප්‍රායෝගිකව දෙයක් කරන්න හිතෙන්නේ නැත්තේ කියලා...
ඒකට තියෙන ප්‍රධානම හේතුව තමයි, ඔබේ සාර්ථකත්වය පිලිබද අදහස් , බලාපොරොත්තු සියල්ලම ගොඩනැගිලා තියෙන්නේ සිහින මත වීම.
එහෙම නැත්නම්, මට පොහොසතෙක් වෙන්න ඕනේ, මට හොද පවුල් ජීවිතයක් ගතකරන්න ඕනේ, මට හොදින් ඉගෙන ගන්න ඕනේ, මට සාර්ථක වෙන්න ඕනේ වගේ දල අරමුණු මත ඔබේ සාර්ථකත්වය පිලිබද අදහස් නිර්මාණය වී පැවතීම.
මෙවැනි මානසික තත්වයක් තියෙන කෙනෙක්ට, නිරායාසයෙන්ම "හිතෙන්නේ", මම කොහොම හරි , මොනවා හරි කරලා, කවදා හරි සාර්ථක වෙනවා කියන දේ මිස, ඒ වෙනුවෙන් නිශ්චිතවම කරන්න ඕනේ මොනවද කියන දේ නෙමේ. නිශ්චිතවම කරන්න ඕනේ දේ ගැන හිතෙන්නේ නෑ කියන්නේ, කොහොමත් ඔබට ප්‍රායෝගික්ව යම් දෙයක් කරන්න හිතෙන්නේ නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.
දැන් ඔබේ හිතේ තියෙන දල අදහස පොඩ්ඩක් වෙනත් විදිහකට වෙනස් කරලා බලමු,
අපි ඒ අරමුණ සදහා, ඒ වෙතට ලගා වුනාද නැද්ද යන්න මනින්න පුලුවන් හා එම අරමුණ වෙත ලගා වෙන්න නිශ්චිත කාල සීමාවක් මෙයට ඇතුලත් කරලා පොඩ්ඩක් මේ දල අරමුනේ ස්වභාවය වෙනස් කරමු,
ඒ කියන්නේ ඔබට පොහොසතෙක් වෙන්න ඕනේ කියන අදහස තියෙනවානම්, 20xx-xx-xx වන විට රු මිලියනයක් ඉතිරි කරනවා වැනි දෙයක් බවට අපි මේ අදහස පරිවර්ථනය කර ගනිමු. එහෙම කරලා බලමු, එතකොට අපේ හිත ඇතුලේ වෙන වෙනස් කම් මොනවාද කියලා.
දැන් හොදට හිතන්න,
පොහොසතෙක් වෙන්න ඕනේ කියන අදහස තියෙනකොට, මම කවදා හරි, කොහොම හරි, හරි පොහොසතෙක් වෙනවා කියලා හිතුනට,
20xx-xx-xx වන විට රු මිලියනයක් ඉතිරි කරනවා කියලා ඒ අදහස වෙනක් කලාම ඔබට හිතෙන්නේ මේ දේ කරන්නේ කොහොමද කියන එක. එතැනදී මම කවදා හරි කොහොම හරි මෙතෙන්ට ලගා වෙනවා කියලා ඔබට හිතෙන එක නතර වෙනවා. ඒ වෙනුවට මම අදාල දිනට කලින් මේ දේ කරන්න මොනවද කරන්න ඕනේ කියන දේ "හිතෙන්න" පටන් ගන්නවා. ඒ දේ හිතෙන්න පටන් ගත්තා කියන්නේ ඔබට ඉබේම ප්‍රායෝගිකව ඔබ කල යුතු දේවල් ගැන අදහස් ඔබේ මනස තුල නිර්මාණය වෙමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕනේ පරිසරය ගොඩනැගෙනවා.
දැන් ඔබම මේ දේ උත්සාහ කරලා බලන්න, ඔබට පොහොසතෙක් වෙන්න ඕනේ කියලා හිතන්න. එතකොට ඔබ යම්කිසි මට්ටමකින් ධනාත්මකව හිතන කෙනෙක් නම්, ඔබට මම කොහොම හරි , මොනවා හරි කරලා සාර්ථක වෙනවා කියලා හිතෙන ස්වභාවය වැඩි බව ඔබට දැනෙයි,
දැන් හිතන්න පොහොසතෙක් වෙනවා වෙනුවට, මේ මාසය තුල රු මිලියනයක් උපයන්න ඕනේ කියලා. එතකොට ඔබට හිතෙන්නේ නෑ මම කොහොම හරි මේක කරනවා කියලා, ඔබේ මනස නිරායාසයෙන්ම හැම වෙලාවෙම මේක කරන්නේ කොහොමද කියන දෙය හිතෙන මට්ටමට සකස් වෙනවා.
මෙන්න මේ වගේ දේවල් තමා ප්‍රායෝගික ලෝකයේදී කෙනෙක් සාර්ථක වෙන්නටත්, තව කෙනෙක් අසාර්ථක වෙන්නටත් බලපාන සැබෑම කරුණු වෙන්නේ. නමුත් බොහෝ දෙනෙක් මේවා හරියට තේරුම ගන්නේ නෑ. ඒ නිසා බොහෝ දෙනෙක් මෙන්න මේ දේවල් ගැන අවදානය යොමු නොකර, සාම්ප්‍රධායිකව අපි අහන " සාර්ථක වෙන්න ඕනේ නම් හිතන විදිහ වෙනස් කරගන්න ඕනේ " වගේ දේවල් වල එල්බගෙන ඉදිරියට යන්න හදනවා. නමුත් ඇත්තටම ඔබ ඔය සාමාන්‍යයෙන් අහන සාර්ථකත්වයේ පාඩම් ඇතුලේ ඔබ හිතනවාට වඩා බොහෝ කරුණු තියෙනවා ඉගෙන ගන්න. අන්න ඒ දේවල් ඉගෙන ගන්නේ නැතුව ඇත්තටම පිටින් පෙනෙන දේ ඉගෙන ගත්තා කියලානම් ඇත්ත ලෝකයේදී සාර්ථක වෙන්න අමාරුයි,
තව පුංචි උදාහරණයක් දෙන්නම් මේ දේ වඩාත් හොදින් තේරුම් ගන්න. ඔබ කොච්චර කාලයක් අහලා තියෙනවාද උත්සාහවන්තයා ජය ගනී කියන කතාව. උත්සාහය අත් නොහැර ඉදිරියට ගියොත් ජය ගන්න පුලුවන් කියන කතාව. නමුත් අපි කී දෙනෙක් මේ කතාව දැන දැනත් එකපාරක් දෙපාරක් උත්සාහ කරලා උත්සාහය අත් හැරලා තියෙනවාද?
නිකමටවත් හිතලා බැලුවද ඇයි උත්සාහ කලොත් ජයගන්න පුලුවන් කියන දේ අපි අහලා තිබුනත් අපිට එහෙම කරන්න බැරි වුනේ කියලා?
හේතුව සරලයි, උත්සාහය කියන දේ එහෙම ඔබට හිතලා හදා ගන්න පුලුවන් දෙයක් නෙමේ. උත්සාහය කියන දේ ඇති වෙන්නේ මානසික තත්වයන් දෙකක එකතුවකින්, එක තමයි , තමන්ට සාර්ථක වෙන්න පුලුවන් කියන විශ්වාසය, දෙක තමයි සාර්ථක වෙන්න තියෙන කැමැත්ත. ඔන්න ඔය දෙක තියෙන තෙක් තමයි කෙනෙක් තුල උත්සාහය ඇති වෙන්නේ. ඔබම හිතලා බලන්න ඔබට යමක් සාර්ථක කරගන්න පුලුවන් කියලා හිතෙන මොහොතක, ඒ දේ ජයගන්න දැඩි ආශාවකුත් තියෙන මොහොතක ඔබ යම් අසාර්ථකත්වයක් ලැබුවොත් ඔබ ආයේ උත්සාහ නොකර අත් හරිනවාද?
කිසිම වෙලාවක ඔබ ඒ දේ කරන්නේ නෑ. මොකද ඔබට එහෙම කරන්න හිතෙන්නේ නෑ. උත්සාහය හැම වෙලාවකම ඔබ අත් හරින්නේ ඔබ කරන දේ හරියන්නේ නෑ කියන දේ හිතුනොත් හරි , ඒ දේ හරි ගියත් ඔබට වැඩක් නෑ කියලා හිතුනොත් හරි විතරයි.
ඒ නිස ඔබට උත්සාහ වන්තයෙක් වෙන්න ඕනේ නම් හැම වෙලාවෙම ඔබ කරන්න ඕනේ බලෙන් උත්සාහවන්ත වෙන්න හදන එක නෙමේ, ඔබේ විශ්වාසය හා ආශාව වැඩි කරගන්න එක. එතකොට ඉබේම උත්සාහය අත් නොහරින්න හිතෙන තැනට ඔබේ මනස පත් වෙනවා.
සාර්ථකත්වය කියන්නේ මෙන්න මේ විදිහට ඉගෙන ගන්න ඕනේ දෙයක්, එහෙම නැතුව, මට කොහොම හරි ජය ගන්න ඕනේ, මම කොහොම හරි ජය ගන්නවා, මට පුලුවන්, වගේ සාම්ප්‍රධායික අදහස් ඇතිකරගෙන, අභිප්‍රේරණයට මුල් තැන දෙමින් ඉදිරියට යන්න හදන එක නෙමේ.
මොකද අභිප්‍රේරණය තුලින් ඕනෙනම් ඔබට තව එක පාරක් උත්සාහ කරන්න මනස හදා ගන්න පුලුවන් වෙයි, ඒත් උත්සාහය අත් නොහරින කෙනෙක් වෙන්න නම් අපහසුයි. ඒ තත්වය ගොඩනගා ගන්න ඕනේනම් , මේ විශය ඔබ වෙනස් විදිහට, ටිකක් ගැබුරෙන් ඉගෙන ගන්නම ඕනේ. ඔබේ ජීවිතය ප්‍රායෝගිකව වෙනස් වෙන්නේ එතැනින් එහාට බව මතක තබා ගන්න.
ඔබ දන්නවාද මේ ලෝකයේ ජීවත් වෙන මිනිසුන්ගෙන් 20%කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි මේ මට්ටමෙන් සාර්ථකත්වය ගැන ඉගෙන ගන්නේ. අන්න ඒ නිසා බොහෝ වෙලාවට ඒ 20% අනිත් 80%වෙම ජීවිත තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරනවා. ලෝකයේ සංසරනය වන මුදල් වලින් 80%ක්ම සංසරනය වන්නේ මේ 20% තුල ඉන්න පිරිස ඇතුලේ, අනිත් 80%ම පාවිච්චි කරන්නේ ලෝකයේ සංසරනය වන මුදල් වලින් 20%ක් වගේ ප්‍රමාණයක් විතරයි!
ජීවිතයේ සාර්ථකත්වය ගොඩනැගීමේ කලාව ගැන වැඩි දුරටත් කියවීමට "ජීවිතය දිනන ප්‍රායෝගික මග" කෘතිය පහතින් Download කර ගන්න.
අන්තර්ජාලය හරහා Download කරගැනීමට අපහසුනම්, 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන්, eMail එකක් හරහා මෙම eBook එක ලබා ගැනීමේ හැකියාව පවතී.
Comments