top of page

උත්සාහවන්තයා ජය ගනී කියන්නේ බොරුවක්!

Updated: Dec 1, 2022



ලෝකයේ බොහෝ දෙනෙක් ජීවිතේ සාර්ථක කරගන්න බැරුව දුක් විදින්නේ , කොච්චර උය්ත්සාහ කලත්, කොච්චර මහන්සි වුනත් ප්‍රතිඵල නැති තත්වයකට පත් වෙලා මුලු ජීවිත කාලයම එකම තැන හිරවෙලා , අසාර්ථක මිනිසෙක් ලෙස ගත කරන්නේ ඇත්තටම ඒ මිනිස්සුන්ට සාර්ථක වෙන්න බැරි කමක් නිසාවත්, ඔවුන්ට සාර්ථක වෙන්න හැකියාවක් නැති නිසාවත්, දක්ෂතාවයේ තියෙන අඩුවක් නිසාවත්, උනන්දුවේ හා කැපවීමේ තියෙන ගැටලුවක් නිසාවත් නෙමේ.


ඔවුන් බොහෝ දෙනෙක් ඒ තත්වයට පත් වෙලා තියෙන්නේ ඇත්තටම ඔවුන් සාර්ථකත්වය ගැන ඉගෙනගත්ත දේවල් වල තියෙන ගැටලුවක් නිසා


මේ දේ නිරවුල් මනසකින් යුතුව, නිවරැදිව තේරුම් ගන්න උත්සාහ කරන්න.


ලෝකයේ බොහෝමයක් මිනිස්සු සාර්ථක වෙන්න තියෙන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න දේවල් හා සාර්ථක වෙන්න ඇත්තටම ඔනේ දේවල් අතර ලොකු වෙනසක් තියෙනවා. මෙන්න මේ දේ හරියට තේරුම් නොගන්න එක තමයි මේ ලෝකයේ ජීවත් වෙන සාර්ථක ජීවිතයක් ගැන සිහින දකින බොහෝමයක් දෙනාට වැරදුන තැන වෙන්නේ.


මදක් මේ පුංචි අභ්‍යාසයේ නිරත වෙන්න,


පහත තියෙන උපදෙස් 2 හොදින් කියවන්න, කියවලා සැබෑවටම ඔබ සිතන විදිහට, සාර්ථකත්වය වෙනුවෙන් ඔබට ලැබෙන සැබෑ උපදෙස කුමක්ද යන්න තෝරන්න.


1. උත්සාහවන්ත බව හා අදිෂ්ඨානශීලී බව ඇතිකර ගත්තොත් සාර්ථක වෙන්න පුලුවන්

2. උත්සාහය හා අදිෂ්ඨානය ඇතිකර ගත්තාට සාර්ථක වෙන්න බෑ.


ඔබ හිතන්න ,කවුරු හරි පුද්ගලයින් දෙන්නෙක් මෙන්න මේ උපදෙස් 2 ඔබට ලබා දුන්නොත් ඔබ කාගේ උපදෙසද පිලිගන්නේ?


අනිවාර්යයෙන්ම පළවෙනි එක නේද? ඔබ හීනෙකින්වත් දෙවැනි එක හරියි කියලා හිතන්නේ නෑ නේද? ඔබ දෙවැනි උපදෙස ඇසූ පමණින්ම ප්‍රතික්ෂේප කරනවා නේද?


නමුත් ඔබ දන්නවාද ප්‍රායෝගිකව සාර්ථක වීම සම්බන්දයෙන් ඇත්තටම ඔබ ඉගෙනගත යුතු , ඔබ පිලිගත යුතු උපදෙස වෙන්නේ 1 නෙමේ 2 බව?


සාර්ථක වෙන්න ඕනේනම් උත්සාහය හා අදිෂ්ඨානය ඇතිකර ගන්න ඕනේ කියන කතාව අපි කාලයක් තිස්සේ අහලා අහලා හිතට දා ගත්ත කතාව. හැමෝම පිලිගන්න කතාව. අපිට අම්මා තාත්තා, ගුරුවරුන් කාලයක් තිස්සේ මන්තර වගේ කියලා කියලා හිතට ඇතුල් කරපු කතාව. ඒ නිසා අපි ඒ දේ පිලිගන්නවා. නමුත් එය ප්‍රායෝගිකව සාර්ථක වෙන කෙනෙක් වෙනුවෙන් නම් වැරදි ප්‍රකාෂයක්.


මොකද උත්සහය හා අදිෂ්ඨානය කියන්නේ බලෙන් ඇතිකර ගන්න පුලුවන් දේවල් නෙමේ, ඒවා ඉබේ ඇතිවෙන දේවල්. උත්සාහය හා අදිෂ්ඨානය ඇත්තටම ඔබට හිතලා ඇතිකර ගන්න බෑ. එහෙම ඇතිකර ගන්න පුලුවන් කියලා ඔබට තේරුනත් එය තාවකාලික දෙයක් පමණයි. එය හරියට රගපානවා වගේ වැඩක්, උත්සාහය හා අදිෂ්ඨානය ඔබ අනුකරනය කිරීමක් විතරයි එතැනදී සිදුවෙන්නේ. අන්න ඒ නිසයි එහෙම කලාට ඔබට එය දීර්ගකාලීනව පවත්වාගෙන යන්න ඔබට නොහැකි වෙන්නේ.


ඔබ අහලා ඇති තෝමස් එඩිසන් ගැන, විදුලි බුබුල නිපදවීම වෙනුවෙන් දහස් වාරයකට වඩා අසාර්ථක වුනත් උත්සාහය අත් නොහැර ඉදිරියට ගිය නිසා ජයගත් බව, ඔබ අහලා ඇති මාකෝනි ගැන, කොතරම් බාදක ආවත් අවසානයේ මානසික රෝගියෙක් කියලා සමාජයෙන් කොන් කරලා, මානසික රෝහලක සිර කරලා තැබුවත් තමන්ගේ හීන අත් නොහැර අදිෂ්ඨානයෙන් ඉදිරියට ගිහින් ගුවන් විදුලිය නිපදවපු හැටි ගැන ඔබ අහලා ඇති. කේ . එෆ් . සී අවන්හල් ජාලයේ නිර්මාතෘ ඩේවිඩ් සැන්ඩර්ස් තමන්ගේ කෑම වට්ටෝරුව අලෙවි කරගන්න අවන් හල් හිමියන් 1000කට වැඩි දෙනෙක් එක්ක කතා කරලත් අසාර්ථක වුන බව ඔබ අහලා ඇති, නමුත් උත්සාහය අත් නොහැර ඉදිරියට ගිය නිසා ඔහු සාර්ථක වුන බව ඔබ අහලා ඇති.


නමුත් ඔබ හිතන්න , ඔබට ප්‍රායෝගිකව එහෙම උත්සාහවන්ත වෙන්න පුලුවන්ද? එකම දෙයක් වෙනුවෙන් දහස් වාරයක් උත්සාහ කරන්න ඔබට හිතට අවංකව පුලුවන්ද? ඔබ දන්න අදුනන හැමෝම ඔබට පිස්සා කියද්දි , ඔබෙන් ඈත් වෙද්දි, ඔබව අල්ලලා හිර කරද්දී, ඔබව කොන් කරද්දී මාකෝනි වගේ අදිෂ්ඨානශීලී වෙන්න ඔබට පුලුවන්ද?


ඔබට එකම දෙයක් තුන් හතර පාරක් උත්සාහ කරනකොට එපා වෙන්නේ නැද්ද? ඇයි අපි උත්සාහවන්ත වෙනකොට එඩිසන් වගේ දහස් වාරයක් උත්සාහවන්ත වෙන්න බැරි වෙන්නෙ? ඇයි අපිට බාදක එකක් දෙකක් එනකොට අදිෂ්ඨාන ශීලී වෙන්න බැරි වෙන්නේ? ඇයි අපිට ප්‍රායෝගික ජීවිතයේදී උත්සාහය හා අදිෂ්ඨානය එඩිසන්, ඩේවිඩ්, මාකෝනි වගේ එක දිගට පවත්වාගෙන යන්න බැරි වෙන්නෙ?


ඔබ හිතන්නේ ඒක වෙන්නේ අපි දුර්වල නිසා කියලද?


බැලූ බැල්මට එහෙම පෙනුනට ඒක එහෙම නෙමේ. ඒකට හේතුව තමයි ඇත්තටම එඩිසන්, මාකෝනි, ඩේවිස් වගේ චරිත උත්සාහවන්ත, අදිෂ්ඨානශීලී චරිත ලෙස අපි ඉගෙනගත්තාට, අපි විශ්වාස කලාට. එය සැබවින්ම එහෙම නොවීම. ඔවුන් ඇත්තටම ඔබ හිතන ආකාරයට උත්සාහවන්ත වීමක් වත් අදිෂ්ඨානශීලී වීමක් වත් නිසා සාර්ථක වූ චරිත නොවීම.


උත්සාහය හා අදිෂ්ඨානය කියන්නේ,


1. සාර්ථක වෙන්න තියෙන දැඩි ආශාවත්,

2. සාර්ථක වෙන්න පුලුවන් කියන දැඩි විශ්වාසයත්


සමග ඉබේ ගොඩනැගෙන චරිත ලක්ෂණ දෙකක්. එහෙම නැතුව සාර්ථක වෙන්න ඇතිකරගත යුතු කරුණු දෙකක් නෙමේ. උත්සාහය හා අදිෂ්ඨානය කියන්නේ ඇතිකරගන්න පුලුවන් දෙයක් නෙමේ, ඇති වෙන්න ඕනේ දෙයක්.


ඔබට යම් සාර්ථකත්වයක් වෙත ලගා වෙන්න දැඩි ආසාවක්, කැමැත්තක් තියෙනවානම්, ඒ ඉලක්කය වෙතට තමන්ට ලගා වෙන්න පුලුවන් කියලා දැඩි විශ්වාසයක් තියෙනවානම් , ඒ කැමැත්ත හා විශ්වාසය ඔබ තුල උත්සාහය හා අදිෂ්ඨානය කියන චරිත ලක්ෂණ දෙක ඉබේම ඔබ තුල ඇති කරනවා. ඒ වගේම මේ දෙකෙන් එකක් හරි නැති වුන දවසට උත්සාහය හා අදිෂ්ඨානය ඉබේම නැති වෙනවා.


එඩිසන්, ඩේවිඩ්, මාකෝනි වගේ චරිත ලග තිබුනේ ඇත්තටම තමන්ගේ අරමුණ සාර්ථක කරගැනීම වෙනුවෙන් වන දැඩි කැමැත්තක් හා එය තමන්ට ලගා කරගන්න පුලුවන් බවට වන දැඩි විශ්වාසයක් කියන දේ පමණයි. අපිට ඔවුන්ගේ චරිත හරහා පෙනෙන උත්සාහය හා අදිෂ්ඨානය ඒ කැමැත්ත හා විශ්වාසය මත ඉබේ ගොඩනැගුනු දෙයක් පමණයි.


නමුත් ලෝකයේ බොහෝමයක් මිනිස්සු සාර්ථකත්වය ගැන ඉගෙන ගන්නේ අසාර්ථක මිනිස්සුන්ගෙන්, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන මිනිස්සුන්ගෙන් නෙමේ. ඒ නිසා සාර්ථකත්වය ගැන වැරදි පණිවිඩ ඉතා වේගයෙන් සමාජගත වෙනවා.


එඩිසන් දිහා බලාගෙන ඉන්න කෙනෙක්ට ඇත්තටම පේන්නේ ඔහු දැඩි උත්සාහයක් තිබුන කෙනෙක් විදිහට, එහෙම කෙනෙක්ගෙන් ඔබ සාර්ථක වෙන හැට් ගැන ඇහුවොත් ඔහු කියන්නේ උත්සාහවන්ත වුනොත් සාර්ථක වෙන්න පුලුවන් කියලා. නමුත් ඔබ ඇත්තටම එඩිසන්ගෙන් හෝ එඩිසන් ගිය පාරේ යන කෙනෙක්ගෙන් ඇහුවොත් ඔවුන් කියන්නේ උත්සාහවන්ත වෙනවා වෙනුවට කැමැත්ත හා විශ්වාසය ගොඩනගා ගන්න කියලා.


මෙන්න මේ වගේ ඇත්තටම ඔබ සාර්ථක වෙන්න කරන්න ඕනේයයි හිතන දේවලුත්, ඇත්තටම කරන්න ඕනේ දේවලුත් අතර ලොකු වෙනසක් තියෙනවා.


හොදින් හිතන්න,


සාර්ථක වෙන්න නම් හොදින් ඉගෙනගෙන විභාග සමත් වෙන්න ඕනේ කියලා අපි බොහෝ දෙනෙක් හිතනවා. නමුත් ලෝකයේ සාර්ථකම මිනිස්සු සියල්ලම වගේ සාම්ප්‍රධායික අද්‍යාපණික තුල අසාර්ථක වූ අය.

අපි බොහෝ දෙනෙක් හිතනවා සාර්ථකත්වය දක්ෂතාවය මත ලගා වෙනවා කියලා, නමුත් ලෝකයේ වැඩිම ආදායම් ලබන, වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ඉන්න ගායික ගායිකාවන් දිහා බැලුවොත් ඔවුන් ලෝකයේ දක්ෂම ගායික ගායිකාවන් නෙමේ.


අපි හිතනවා හොදම දේ තමයි වැඩිම ආදායම් ලබන්නේ කියලා, නමුත් ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන භාන්ඩ හා සේවා ගුණාත්මක අතින් ඉහලම ඒවා නෙමේ, එහෙමනම් කෝලා බීම එකකට වඩා කැද විකුනන කෙනා පොහොසත් වෙන්න ඕනේ.


සාර්ථක වීම කියන්නේ වෙනම කලාවක්, සාර්ථකත්වය අපි හිතන විදිහට අපි වෙතට ලගා වෙන්නේ නෑ. බොහෝ වෙලාවට අපි හිතන දේවල් කරලා ලබා ගන්නත් බෑ. මේ නිසා ප්‍රායෝගික ලෝකය තුල සාර්ථක වෙන්න ඕනේනම් ඔබ සාර්ථකත්වය කියන විශය සාම්ප්‍රධායිකව අපි අහන, කියවන සාර්ථකත්වයේ පාඩම් වලින් බැහැර වෙලා අද්‍යයනය කරන්න පටන් ගන්න ඕනේ.


ඔබ කුඩාකල ඉදලා අහල ඇති මනස අරමුණු ගත කරගෙන සාර්ථකත්වය හබාගෙන ගියොත් සාර්ථක වෙන්න පුලුවන් කියලා, නමුත් ඔබ දන්නවාද මෙයත් කලින් උත්සාහය වගේම දෙයක් බව? අරමුණුගත බව බලෙන් කරන්න ඕනේ දෙයක් නෙමේ, ඉබේ ඇතිවෙන්නක් බව? ඔබ දන්නවාද ඔබ අවුරුදු ගානක් උත්සාහ කරලත්, එක අරමුණක රදවාගන්න බැරිවුන හිත, මිනිත්තු කීපයක පුංචි අභ්‍යාසයකින් අරමුණුගත කරන්න පුලුවන් කියලා?


තව දුරටත් බැලුවොත් ඔබ අහලා ඇති අභියෝග වලට, ගැටලු වලට බය නොවී ඉදිරියට ගියොත් ජයගන්න පුලුවන් බව, ඔබ එසේ ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරලා අසාර්ථක වුන අවස්තාවන් ඕනෑ තරම් ඇති, නමුත් ඔබ දන්නවාද ඔබේ හිත කිසිම බාදාවක් හමුවේ නතර නොවෙන තැනට පත් කරගන්න ඔබට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මිනිත්තු කීපයයි කියලා, නිශ්චිත සිතුවිලි රටාවන් 4ක් ඔබගේ මනස තුල ස්ථාපණය කිරීමේ අභ්‍යාසයක් හරහා ඔබට ඉතාම කෙටි කාලයක් හරහා කිසිම අභියෝගයක් හමුවේ නතර නොවන තැනට පත්වෙන්න පුලුවන් කියලා?


ඔබට ඇත්තටම සාර්ථක වෙන්න ඕනේනම් ඔබ කරන්න ඕනේ, හැමදාම අහන, හැමෝම කියන ධනාත්මක චින්තනය පස්සේ යන එක නෙමේ, මොකද බොහෝ දෙනෙක් කරන්නේ, පිටින් පේන දේ ඔබට කියන එක. ඒ නිසා ඔබට ඇත්තටම සාර්ථක වෙන්න ඕනේනම් ඔබ කරන්න ඕනේ දේ තමයි, සාර්ථකත්වය ඇතුලත සැගවුන පාඩම්, ක්‍රම ශිල්ප ඉගෙන ගන්න උත්සාහ කරන එක. ඒ මාර්ගයේ ප්‍රායෝගිකව ගමන් කරන කෙනෙක් හරහා ප්‍රායෝගිකව ඉගෙන ගන්න එක.


ජීවිතයේ සාර්ථකත්වය ගොඩනැගීමේ කලාව ගැන වැඩි දුරටත් කියවීමට "ජීවිතය දිනන ප්‍රායෝගික මග" කෘතිය පහතින් Download කර ගන්න.


අන්තර්ජාලය හරහා Download කරගැනීමට අපහසුනම්, 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන්, eMail එකක් හරහා මෙම eBook එක ලබා ගැනීමේ හැකියාව පවතී.






315 views

Commentaires

Noté 0 étoile sur 5.
Pas encore de note

Ajouter une note
bottom of page