top of page

මේ දේ හරියට තේරුම් ගත්තොත් මාසෙකට ලක්ෂයක් දෙකක් වැඩිපුර හොයන එක සුලු දෙයක්

Updated: Dec 1, 2022


මුදල් ඉපයීමේ හැකියාව කියන්නේ 100%ම ඔබ සිතන විදිහ මත ගොඩනැගෙන දෙයක්. මෙන්න මේ නිසා මුදල් ඉපයීම අමාරුයි , මුදල් ඉපයීම ලේසි දෙයක් නෙමේ, මුදල් ඉපයීම කියන්නේ විසදන්න අමාරු ගැටලුවක් වගේ දේවල් ඔබේ මනසේ ගොඩනැගෙන්නේ, ඔබට ප්‍රායෝගික ලෝකය තුල ඉහල මූළ්‍ය සාර්ථකත්වයක් සහිත මිනිසෙක් ලෙස සාර්ථක වෙන්න බැරි වෙන්නේ ඇත්තටම ඔබ සිතුවිලි මෙහෙයවන විදිහේ තියෙන වරදක් නිසා මිස වෙන දෙයක් නිසා නෙමෙයි.


හොදට හිතන්න, අපි හිතමු මාසෙකට ඔබට ලක්ෂ 2.5 වගේ ආදායමක් ලබන්න ඕනේ කියලා. ලක්ෂ 2.5 කියන්නේ දවසකට රු 8333යි, පැයකට 347.22 , ආසන්න වශයෙන් ගත්තොත් ඔබට මාසෙකට රු ලක්ෂ 2.5 උපයන්න ඔබ දවසේ පැයකට උපයන්න ඕනේ රු 350ක ඉතා කුඩා මුදලක් විතරයි.


මාසෙකට රු. ලක්ෂයක් වගේ උපයන්න නම් ඔබට පැයකට උපයන්න තියෙන්නේ රු 138.88 ක් වගේ ඉතාම සුලු මුදලක් විතරයි. මේ දේ පාරේ සිගමන් යදින කෙනෙකුටත් කරන්න පුලුවන් දෙයක්. එතකොට ඔබම හිතලා බලන්න ඔබ මාසෙකට රු ලක්ෂයක් දෙකක් වත් උපයන්නේ නෑ කියන එකෙන් අදහස් වෙන්නේ කොයි තරම් පහසු ඉලක්කයක් ලගා කරගන්න බැරිව ඔබ පසුවෙනවාද කියන එක.


ලෝකයේ පොහොසත් මිනිස්සු කවරදාකවත් මාසික හෝ වාර්ෂික ඉලක්ක ගැන සිතන්නේ නෑ, ඔවුන් සිතන්නේ දෛණික හෝ පැයකට අදාල ඉලක්ක ගැන අපිට වාර්ෂිකව මිලියන 1.2 ක් හෝ මිලියන 3 ( ලක්ෂ 30 ) වගේ ආදායම්ක් ගැන කියනකොට ඒක අමාරු දෙයක් කියලා හිතෙනවා, මාසෙකට ලක්ෂයක්, ලක්ෂ 2.5 ක ආදායමක් ලබනවා කියන එක කරන්න අමාරු දෙයක් කියලා හිතෙනවා. එය සාමාන්‍යයි. නමුත් පැයකට රු 150ක් හෝ රු 350ක් හොයනවා කියන දේ අපිට කවදාවත් අමාරුයි කියලා හිතෙන්නේ නෑ. මේ නිසා මුදල් උපයන එක ඔවුන්ට හැම වෙලාවෙම පහසු දෙයක් විදිහට පෙනෙන්න පටන් ගන්නවා.


හොදට හිතන්න කලින් කියපු විදිහටම සල්ලි හොයනවා , පොහොසත් වෙනවා කියන්නේ මනස තුල, සිතන ක්‍රමය අනුව ගොඩනගා ගත යුතු හැකියාවක් , මේ නිසා ඔබ පොහොසතෙක් වෙන්න අමාරුයි කියලා හිතන තාක් කල් ඔබට පොහොසතෙක් වෙන්න අවශ්‍ය හැකියාවන් ඔබේ මනස තුල ගොඩනැගෙනේ නෑ.


ඒ වගේම ඔබ මේ අභ්‍යාසයේ නිරත නොවී, ඔබ කොයි තරම් දනාත්මක චින්තන වැඩසටහන් වලට ගියත්, කොයි තරම් පොත් කියෙවූවත්, කොයි තරම් දේෂණ , වැඩමුලු වලට සහබාගී වුනත්, මුලු දවසම මට සාර්ථක වෙන්න පුලුවන් කියලා මන්තරයක් වගේ මතුර මතුර හිටියත් ඔබට කිසිම දවසක පොහොසත් වෙන එක ලේසියි කියලා හිතෙන්න පටන් ගන්නේවත් එතැනින් එහාට ප්‍රායෝගිකව ඔබට සාර්ථක වෙන්න අවශ්‍ය කරන මානසික තත්වයන් ගොඩනැගීම ආරම්භ වන්නේවත් නෑ. මේ නිසා ඔබට ඉතාම ලේසියෙන් ලගා කරගන්න පුලුවන් ඉලක්ක පවා ඉතා අමාරු දේවල් වගේ පෙනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඉතා ලේසි දේවල් පවා ප්‍රායෝගික ලෝකය තුල ඔබට ඉබේම අමාරු දෙයක් බවට පත් වෙනවා.


දැන් ඔබ තේරුම් ගත යුතු තවත් වැදගත් දෙයක් තියෙනවා, ඒ තමයි, ඉහත අභ්‍යාසයෙන් / ගණනය කිරීමෙන් පස්සේ ඔබට රු. ලක්ෂයක් දෙකක් උපයන එක අමාරු නෑ කියලා හිතුනට, එහෙම හිතීම විතරක් ප්‍රායෝගිකව එම මුදල උපයන්න ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඔබට පුලුවන් වෙන්න ඕනේ ඒ හරහා ඇතිවෙන අලුත් ප්‍රශ්ණ කීපයකට උත්තර බදින්න. ඒ තමයි,


1. ඔබට පුලුවන් වෙන්න ඕනේ රු 150 හෝ 350ට වැඩි වටිනාකමක් නිර්මාණය කරගන්න, එය භාන්ඩයක් හෝ සේවාවක් වෙන්න පුලුවන්.


2. ඔබට පුලුවන් වෙන්න ඕනේ ඔබ නිර්මාණය කරන වටිනාකමට මිල ගෙවන්න කැමති පිරිස හරියට හදුනාගෙන ඒ අය අතරට ඔබේ වටිනාකම ගෙනියන්න. අනිත් එක පැයකට රු 150/350ක් කියන්නේ දවසේ ආදායම පැය 24න් බෙදලා ගත්තාම එන අගය, අපි කාටවත් පැය 24ම වැඩකරන්න හැකියාවක් නෑ. එතකොට ඔබට මේ දේ කරන්නනම් ඔබ වැඩ කලත් නොකලත් ඔබට මුදල් ලැබෙන , ගණුදෙනු නිසි ආකාරයෙන් සිදුවෙන ක්‍රමයක් නිර්මාණය කරන්න පුලුවන් වෙන්න ඕනේ.


3. අනිත් කාරනය තමයි ඔබ මේ සියල්ලම හරියට කලත් වැඩක් නෑ, ඔබට පුලුවන් වෙන්න ඕනේ, ඔබේ භාන්ඩ හා සේවාව මිලදී ගන්න කෙනාව ගණුදෙනුවක් කිරීම වෙනුවෙන් පොලබවා ගන්න.


මේ දේවල් දන්නේ නැත්නම් ලක්ෂයක් දෙකක් හොයන එක කොච්චර ලේසි වුනත් ඔබට ප්‍රායෝගිකව එහෙම මුදල් උපයන්න ලැබෙන්නේ නෑ. නමුත් මේ ටික දන්නවානම් ඔබට ලක්ෂයක් නෙමේ ලක්ෂ දහයක් වුනත් ඉතා ලේසියෙන් උපයන්න පුලුවන්.


හොදින් හිතන්න,


ඔබේ ගමේ නගරයේ තියෙන රු 150ට -200ට අලෙවි කරන කෑම වේලක්, මේ රටේම තවත් පිරිසකට රු 2500 - 3000කට අලෙවි කරනවා.


ගමේ කෘමි නාශක භාවිතා නොකල නිසා අලංකාරව නොපෙනෙන එලවලු පලතුරු ටික අඩු මුදලට තත්වයෙන් අඩු එලවලු පලතුරු ලෙස විකිනෙනකොට, ඒ දේවල් ටිකම නගරයේ වෙනස් පාරිබෝගික පිරිසකට හොද ඇසුරුමක් එක්ක Organic Food විදිහට සාමාන්‍ය මිල වගේ දෙගුණයක මිලකට අලෙවි වෙනවා.


ඔබ රු 2000 - 3000ක් වියදම් කරලා ගන්න සපත්තු කුට්ටම පුංචි සන්නම් නාමයක් එක්ක රු20000 -30000කට මේ රටේම වෙනත් පාරිබෝගික පිරිසකට අලෙවි වීම සිදුවෙනවා.


මුදල් ඉපයීම, කියන්නේ වෙනම කලාවක්, වෙනම විශයක්, ඔබ එය හරියට හදුනා ගන්නේ නැති තාක් කල් ඔබ කොතරම් දක්ෂයෙක් වුනත්, කොතරම් මහන්සි වුනත්, ඔබට එයින් මුදල් උපයන්නවත් සාර්ථක වෙන්නවත් ලැබෙන්නේ නෑ.


ඔබ සමහර විට ඔබේ ආයතනයේ ඉන්න දක්ෂම , අවංකම, මහන්සි වෙලාම වැඩකරන කෙනා වෙන්න පුලුවන්, නමුත් ඔබ මේ විශය දන්නේ නැත්නම්, ඔබට එයට සරිලන ඉහල වැටුපක් ලබා ගන්න එක අනිවාර්යයෙන්ම අමාරු වෙනවා.


ඔබ සමහර වෙලාවට ඉතා සාදාරන විදිහට, ඉහල ගුණත්වයකින් යුත් භාන්ඩ හා සේවා සපයන ව්‍යාපාරිකයෙක් වෙන්න පුලුවන්, නමුත් ඔබ මේ විශය දන්නේ නැත්නම් ඔබේ අසාර්ථක වෙන එක, ඔබ වෙතට ගණුදෙනු කරුවන් එන්නේ නැති එක වලක්වන්න හැකියාවක් නෑ.


ඔබ සමහර විට අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක්, සංගීත නිර්මාණශිල්පියෙක් , රචකයෙක්, ගායකයෙක් වෙන්න පුලුවන්, නමුත් මේ විශය දන්නේ නැත්නම් එතැනදී ඒ හැකියාවන් තුලින් සාර්ථක වෙන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ නෑ.


ලංකාවේ තරු නිර්මාණය කරන රියලිටි තරග දිහා බලන්න, බොහෝ තරගකරුවන් තරු බවට පත් වෙන්නේ තරගය තුලදී පමණයි, එතැනින් එහාට ඔවුන් අතුරුදහන් වෙනවා, ඇතැම් විට ඔවුන් නිර්මාණ ඉදිරිපත් කලත් ඒවා එතරම් සාර්ථක වෙන්නේ නෑ. මොකද තරගය තුල ඉදිරියට එන්න දක්ෂතාවය වැදගත් වුනාට එතැනින් එහාට සැබෑ ලෝකයේදී දක්ෂතාවයට විතරක් ඔබව සාර්ථක කරන්න බෑ. එතැනදී ඔබට උදව් වෙන්නේ සාර්ථක වෙන්න ඔබ කොතරම් දක්ෂද කියන එක විතරයි.


මූල්‍යමය සාර්ථකත්වය ගොඩනැගීම ගැන වැඩි දුර අධ්‍යයනය සදහා, පහත පොහොසත් බවේ රන් දොරටු eBook එක කියවන්න.

අන්තර්ජාලය හරහා Download කරගැනීමට අපහසුනම්, 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන්, eMail එකක් හරහා මෙම eBook එක ලබා ගැනීමේ හැකියාව පවතී.








4,096 views

Comentarios

Obtuvo 0 de 5 estrellas.
Aún no hay calificaciones

Agrega una calificación
bottom of page