top of page

ඔබේ මූල්‍යමය සාර්ථකත්වය සල්ලි වලින් මනින්න බෑ, ඒක මනින්නේ කාලයෙන්!

Updated: Dec 1, 2022



මූල්‍යමය සාර්ථකත්වය කියන්නේ අපි හැමෝම අපේක්ෂා කරන දෙයක්. ඒ වගේම ඒ අතරින් බොහෝ දෙනෙකුට ලගා කරගන්න අපහසු වෙලා තියෙන දෙයක්.


කොහොම වුනත් මූල්‍යමය සාර්ථකත්වය කියන දේ ලගා කරගන්න බොහෝ දෙනෙකුට ලගා කරගන්න අපහසු වූ දෙයක් බවට පත් වෙන්න තියෙන ප්‍රධානතම හේතුව තමයි, බොහෝ දෙනෙක් මූල්‍යමය සාර්ථකත්වය හබා ගෙන ගියාට, එය ලගා කරගන්න අවශ්‍ය අවම දැනුම වත් ඔවුන් තුල නො වීම.


මුදල් කියන්නේ ඉතා විශාල පරාසයක් තියෙන විෂයයක්. නමුත් මේ විෂය ලෝකයේ ජීවත් වෙන මිනිසුන්ගෙන් 80%ක්ම ඉගෙන ගන්නේ නෑ. කොටින් ම කීවොත් ඔවුන් එහෙම ඉගෙන ගන්න තියා එහෙම විෂයයක් තියෙනවා කියලා දන්නේ වත් නෑ. අන්න ඒ නිසා ඔවුන් බොහෝ විට මූල්‍යමය සාර්ථකත්වය ගැන හිතන්නේ , ඒ වෙතට ලගා වෙන්න අවශ්‍ය කරන මාර්ගය ගොඩනගා ගන්නේ තමන් හරියි කියලා හිතා ගෙන ඉන්න නමුත් මූල්‍යමය වශයෙන් අහිතකර වන සිද්ධාන්තයෙන් පදනම් කර ගෙන.

මං ඔබට ඒ වෙනුවෙන් හැමෝටම තේරෙන උදාහරණයක් කියන්නම්, මුදල් ඉතිරි කිරීම කියන්නේ මූල්‍යමය සාර්ථකත්වයට වැදගත් වන දෙයක්ද , අහිතකර දෙයක්ද කියලා අපි සාමාන්‍ය මිනිසුන් පිරිසකගෙන් ඇහුවොත් ඔවුන්ගෙන් 99%ක්ම වගේ කියන්නේ එය හොඳ දෙයක් කියලා.


නමුත් ඔබ මූල්‍යමය වශයෙන් දැනටමත් සාර්ථක පුද්ගලයින්ගෙන් ඇහුවොත්, මූල්‍යමය වශයෙන් සාර්ථක වෙන්න මුදල් ඉතිරි කිරීම හොද දෙයක් ද කියලා ඔවුන් කියන්නේ එය කිසි සේත් ම නොකල යුතු දෙයක් කියලා.


මොකද මූල්‍ය විද්‍යාත්මක ව, මුදල් ඉතිරි කිරීම වගේ සංකල්ප සමාජ ගත කරන්නේ පොහොසතුන් බිහි කිරීම වෙනුවෙන් නෙමෙයි, දුප්පත් හා මධ්‍යම පාන්තිකයන් පවත්වා ගෙන යාම වෙනුවෙන්. මොකද මේ පිරිස සුදුසු මට්ටමකින් පවත්වා ගෙන ගියේ නැති වුනොත් නිරායාසයෙන් ම ලෝකයේ සමතුලිත තාවය බිද වැටෙනවා. සරලවම කීවොත් , පොහොසත් මිනිසුන් යටතේ වැඩ කරන්න මිනිස්සු නැති වෙනවා, මේ පිරිස බිද වැටුනොත්.


ඒ නිසා ලෝකයේ දුප්පතුන් හා මධ්‍යම පාන්තිකයන් නිර්මාණය කිරීම වෙනුවෙන් සැකසුණු මූල්‍ය සංකල්ප වගේම පොහොසතුන් වෙනුවෙන් සැකසුණු මූල්‍ය සංකල්ප කියලා කොටස් 2ක් තියෙනවා. මේකෙන් බොහෝ විට සමාජගත වෙන්නේ හා බහුතර සමාජයට පිළිගැනීම වෙනුවෙන් පොලඹවන්නේ මින් පළමු වැන්න.


උදාහරණ ලෙස බැලුවොත් ඔබ කුඩා කාලයේ සිට අහන, හරියි කියලා හිතන,

මූල්‍යමය සාර්ථකත්වයට තියෙන සුරක්ෂිත ම මාර්ගය ඉහල වැටුපක් ලැබෙන, ස්තිර රැකියාවක්.

ලැබෙන මුදලින් කීයක් හරි ඉතිරි කිරීම කල යුතුයි.

තමන්ටම කියලා ඉන්න ගෙයක් දොරක් , තමන්ටම කියලා වාහනයක් තියෙන්න ඕනේ.

බොහෝමයක් අදහස් මේ ආකාරයෙන් සමාජ ගත වූ අදහස්.

ඔබ හොදින් බැලුවොත් ලෝකයේ මූල්‍යමය අතින් සාර්ථක වූ මිනිසුන් දිහා ඔවුන් ගේ ජීවිත තුල ඔබ ඔය හිතන කිසිම දෙයක් නෑ.

ඔවුන්ගෙන් සියල්ලම පාහේ ස්තීර රැකියාවලින් අයින් වුන හෝ නොකෙරූ අය

බැංකු වල මුදල් වශයෙන් තියෙන ඉතුරුම් වලින් 80%ක් පමණ තියෙන්නේ දුප්පත් හා මධ්‍යම පාන්තිකයන්ගේ මුදල්, මොකද පොහොසතුන් මුදල් ඉතිරි කරන්නේ නෑ. ඔවුන්ගේ ඉතුරුම් ක්‍රම ඉතා වෙනස්.

ඔවුන් තමන්ටම කියලා ගෙවල් දොරවල් යාන වාහන ගන්නේ නෑ, ඔවුන් ඒවා ගන්නේ කුලියට. තාවකාලික භාවිතය වෙනුවෙන්. ඒ වෙනුවෙන් ඔවුන් මිලදී ගන්නේ වෙනස්ම දේවල්.


මොකද පොහොසතුන් වෙනුවෙන් ගොඩනැගුනු, පොහොසත් බව ගොඩනගා ගැනීම වෙනුවෙන් සැකසුනු මූල්‍යමය සංකල්ප ඔබ හිතනවාට වඩා ගොඩක් වෙනස්. ඒවා බොහෝ විට සාමාන්‍ය සමාජයට සමාජ ගත වෙන්නේ නැති තරම්.


සරලවම කීවොත් අඩුම තරමේ මූල්‍යමය සාර්ථකත්වය කියන වචනයේ තේරුම වත් සමාජගත වෙන්නේ නෑ කීවොත් හරි.


සාමාන්‍ය සමාජයේ බොහෝ දෙනෙක් මූල්‍යමය සාර්ථකත්වය මනින්නේ මුදලින්. ඔහු සතු වත්කම් හා මුදල් වලින්. නමුත් පොහොසතුන් අතර එය මනින ආකාරය, එහෙමත් නැත්නම් මම කලින් කියූ පොහොසතුන් වෙනුවෙන් ගොඩනැගුනු සංකල්ප අනුව මූල්‍යමය සාර්ථකත්වය මනින ආකාරය මීට වඩා වෙනස්..


එතැනදී මූල්‍යමය සාර්ථකත්වය මනින්න භාවිතා කරන්නේ මුදල් නෙමේ කාලය.


ඒ දේ තේරුම් ගැනීම වෙනුවෙන් මම ඔබට සරල ව මේ දේ පැහැදිලි කරන්නම්.


සාමාන්‍යයෙන් මෙම සංකල්ප වලට අනුව මූල්‍යමය සාර්ථකත්වය කියන දේ ඔබ සතු මුදල් ප්‍රමාණය මත තීරණය වෙන්නේ නෑ. එය තීරණය වෙන්නේ, කාලය හා සම්බන්ධ වුන මූල්‍යමය ස්ථාවර බව හා මූල්‍යමය නිදහස් බව කියන මිනුම් දෙක මත.


මූල්‍යමය ස්ථාවර බව කියන්නේ, ඔබ සතු මුදල් හා ඔබට ලැබෙන ආදායම් වල ස්වරූපයට සාපේක්ෂව, කොතරම් කාලයක්, ඔබට අවශ්‍ය මූලික ජීවන මට්ටම පවත්වා ගෙන යන්න පුළුවන් ද කියන දේ. මෙහිදී අපි කතා කරන්නේ කිසිම අඩු පාඩුවක් නැති නමුත් වැඩිත් නැති ජීවන මට්ටමක් ගැන.

මූල්‍යමය නිදහස් බව කියන්නේ, ඔබ සතු මුදල් හා ඔබට ලැබෙන ආදායම් වල ස්වරූපයට සාපේක්ෂව, කොතරම් කාලයක්, ඔබට හිතෙන ඕනෑම දෙයක් කරමින්, හිතෙන හිතෙන ඕනෑම ආකාරයක ජීවන තත්වයක් ගත කරන්න පුළුවන් ද කියන දේ.


ඒ නිසා මේ සංකල්ප අනුව ඔබට මුදල් තිබූ පමණින්ම මූල්‍යමය අතින් සාර්ථක වෙන්න බෑ. සමහර වෙලාවට මේ සංකල්ප අනුව, ඇතැම් මිලියනපතියන්ගේ මූල්‍යමය සාර්ථකත්වය, ඇතැම් බිලියනපතියන්ට වඩා වැඩි වෙනවා.


අපි ජීවත් වෙන්නේ මුදල් මත ගොඩනැගුණු ආර්ථිකයක, ඒ නිසා මුදල් කියන දේ අපිට මග හරින්න කිසිම හැකියාවක් නෑ. මේ පොහොසතුන් වෙනුවෙන් ගොඩනැගුණු සංකල්ප නිර්මාණය වෙලා තියෙන්නේ ඇත්තටම සතුට හා නිදහස වෙනුවෙන්. මොකද , ඔබ වනගත වෙලා ආධ්‍යාත්මික ජීවිතයක් වැනි දෙයක් ගත කරනවා වැනි දෙයක් කරනවා නම් හැර , ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස මෙම ආර්ථික රටාව තුල ජීවත් වනවා නම්. හැම වෙලාවෙ ම ඔබේ සතුට හා නිදහස මුදලට සීමා කරන්න පුළුවන්.


ඒ සීමාව කඩන්න පුළුවන් ඔබ මේ මූල්‍යමය ස්ථාවර බව, නිදහස් බව වැනි සංකල්ප නිවැරදිව හදුනාගෙන, ඒ වෙනුවෙන් ගමන් කල යුතු මාර්ගයේ ගමන් කරනවා නම් පමණයි.


මෙම සංකල්ප ඇතැම්විට මුල් වරට ඔබ හදාරනවානම්, තරමක් තේරුම් ගන්න අපහසු වෙන්නත් පුළුවන්, මොකද මේ සංකල්ප වල ඔබ හරියි කියලා හිතාගෙන ඉන්න බොහෝමයක් දේවල් වැරදි ලෙස දැක් වෙනවා. ඒ නිසා, මම ඔබට යෝජනා කරන්නේ ඔබ මෙය ඉගෙන ගන්නවා නම් , හැකි තරම් නිදහස් , නිරවුල් මනසකින් යුතුව ඉගෙන ගන්න කියලා.


මොකද ඔබට මූල්‍යමය අතින් සැබෑවටම සාර්ථක වෙන්න අවශ්‍යනම් ඔබට මේ සංකල්ප කවදා හරි ඉගෙන ගන්නම වෙනවා. මොකද නියත වශයෙන්ම ඔබේ මූල්‍යමය සාර්ථකත්වය ගොඩනැගෙන්නේ මේ දැනුම මත.

මොකද ඔබ ආදායම් මාර්ගයක් තෝරා ගැනීමේ සිටම මේ දේ හරියට ඉගෙනගෙන ක්‍රියාත්මක නොවුනොත්, ඔබට මේ ගමන යන්න හැකි වෙන්නේ නෑ. මොකද ඔබ තෝරා ගන්න ආදායම් මාර්ගය මත පවා ඔබට මේ ගමන යන්න පුළුවන් ද බැරිද කියන දේ තීරණය වෙනවා. ඒ දේවල් නොදැන ඔබ වැරදි ආදායම් මාර්ගයක් තෝරගෙන ආයේ හැරෙන්න, වෙනස් වෙන්න බැරි දුරක් ගියොත්, ඇතැම් විට ඔබේ මුලු ජීවිත කාලයටම, මූල්‍යමය ස්ථාවර බව හෝ නිදහස් බව අත් විදින්න බැරි වෙන්න පුළුවන්.


මූල්‍යමය සාර්ථකත්වය ගොඩනැගීම ගැන වැඩි දුර අධ්‍යයනය සදහා, පහත පොහොසත් බවේ රන් දොරටු eBook එක කියවන්න.


අන්තර්ජාලය හරහා Download කරගැනීමට අපහසුනම්, 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන්, eMail එකක් හරහා මෙම eBook එක ලබා ගැනීමේ හැකියාව පවතී.





Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page