top of page

සාර්ථකත්වයේ සැඟවුනු රහස් පාඩම්

Writer: Chathuska AmarasekaraChathuska Amarasekara

Updated: Dec 2, 2022


සාර්ථකත්වය ගැන කතා කරනකොට, "සැඟැවුනු" "රහස්" වගේ වචන ඉතා සුලභව භාවිතා වෙනවා. හැබැයි බොහෝ විට, මිනිස්සුන්ගේ අවදානය ගැනීමේ උපක්‍රමයක් විදිහට මේ වචන බොහෝ දෙනෙක් භාවිතා කලාට, මේ වචන සාර්ථකත්වයත් එක්ක ඇලලීමේ කතාව බොහෝ දෙනෙක් හරියට දන්න බවනම් පෙනෙන්නේ නෑ.


අන්න ඒ නිසා, බොහෝ වෙලාවට, බොහෝ තැන්වලදී අපිට පෙනෙන්නේ, "සාර්ථකත්වයේ රහස්" ගැන කතා කරනවා කියලා සාමාන්‍ය උත්සාහය, උනන්දුව, කැපැවීම වගේ දේවල් ගැන කතා කරන ආකාරය. ඒ නිසා මේ ලිපියෙන් අපි ඔබට කියලා දෙන්න යන්නේ, සාර්ථකත්වයේ සැබෑ රහස් මොනවද කියන දේ ගැන.


රහසක් කියපු ගමන්ම එහි තියෙනවා, සැබෑ ස්වරූපය සැගැවීමක් කියන අදහස, එහෙමත් නැත්නම් සැබෑ තත්වය හෙලි නොකිරීම කියන අදහස.


ඇත්තටම සාර්ථකත්වය තුල, ඒ වගේ සඟවපු, එහෙමත් නැත්නම් හෙලි නොකරපු රහස් තියෙනවද? ඇත්තටම එහෙම ඒවා තියෙන්න පුළුවන්ද?

තියෙනවානම් ඇයි ඒවා සඟවලා තියෙන්නේ?


කෙලින්ම කිව්වොත් මේ ලිපියෙන් අපි කතා කරන්නේ මෙන්න මේ දේවල් ගැන..


මේකට දෙන්න පුලුවන් සරලම හා පැහැදිලිම උත්තරේ තමයි, සාර්ථකත්වය කියන විශය තුල, සගවපු රහස් රාශියක් තියෙන බව. කොටින්ම කිව්වොත්, සාර්ථකත්වය කියන්නෙම රහස් ගොඩකින් සකස් වුන විශයක්. හැබැයි ඒ රහස්, ඔබ ඔය සාමාන්‍යයෙන් ධනාත්මක චින්තනය හෝ අභිප්‍රේරණය තුල අහන උත්සාහවන්ත වෙන්න, අදිෂ්ඨානශීලී වෙන්න, කැපවෙන්න කියනවා වගේ ඒවානම් නෙමේ.


දැන් ඔබට හිතෙයි එහෙනම් ඒ රහස් මොනවද කියලා..


ඔබට එහෙම හිතෙනවානම්, ඒ රහස් මොනවද කියන දේ ගැන ඉගෙන ගන්න කලින්, ඇයි එහෙම රහස් ඇතිවුනේ කියන දේ ඉගෙන ගන්න එක වැදගත්. මොකද ඒ දේ දැන ගැනීම ඇතුලේ ඇත්තටම මේක ඇතුලේ තියෙන රහස් මොනවගේ ඒවා වෙන්න පුලුවන්ද කියන දේ ගැන ඔබට අදහසක් ලබා ගන්න පුලුවන්.


සාර්ථකත්වය කියන විශය ඇතුලේ රහස්, සැඟවුන දේවල් තිබීම පිටුපස ඇත්තටම ලොකු කතාවක් තියෙනවා. ඒ රහස් ඇත්තටම රහස් විදිහට තියෙන්නේ නිකන්ම නෙමෙයි.


ඒකට හේතුව මේකයි, අවබෝදයෙන් යුතුව තේරුම් ගන්න..


මේ ලෝකයේ පැවැත්ම හරි ආකාරයෙන් සිද්ද වෙන්න නම්, සාර්ථක මිනිස්සු වගේම අසාර්ථක මිනිස්සු කියන දෙකොටසම පැවතීම අත්‍යවශ්‍යයි. එහෙම නැති වුනොත්, මේ ලෝකයේ ගොඩනැගිලා තියෙන හැම දෙයකම පැවැත්ම බිදී යනවා. අන්න ඒ නිසා තමයි මූලිඛ වශයෙන්ම සාර්ථකත්වය කියන විශය තුල සැගැවුන දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ.


උදාහරණයක් විදිහට, යම්කිසි ව්‍යාපාර ආයතනයක් ගැන හිතන්න. මේ ආයතනයේ, අයිතිකරුවන්, අධ්‍යක්ෂක මන්ඩලය, කළමණාකාරීත්වය, සේවක මන්ඩලය වගේම සුළු සේවකයනුත් විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. මේ සියලු දෙනාගේම ක්‍රියාකාරීත්වය හරි ආකාරයෙන් පැවැතුනොත් තමයි, මේ ආයතනය හරි ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ, ආයතනය හරි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න, හැම මට්ටමකම මිනිස්සු අවශ්‍යයි කියන එක.


හැබැයි ආයතනය වෙනුවෙන් එහෙම හැම මට්ටමකම මිනිස්සු අවශ්‍ය වුනාට, අභ්‍යන්තරයෙන් බැලුවොත් මේ ලෝකයේ ඉන්න කිසිම මිනිසෙක් ආස නෑ, සාපේක්ෂව තවත් කෙනෙක්ට වඩා අසාර්ථක ජීවිත ගත කරන්න. ඒ කියන්නේ, ආයතනයක වැඩ කරන සුළු සේවකයා තුල පවා තියෙන සැබෑම අපේක්ෂාව, ආසාව වෙන්නේ, ආයතනයේ අයිතිකරුවන් ගත කරන මට්ටමේ ජීවිතයක් ගත කරන්න.


නමුත් ඔවුන් තුල තියෙන එකම ගැටලුව තමයි, එවැනි ජීවිතයක් ගොඩනගා ගන්න පුලුවන් ආකාරය තේරුම් ගන්න බැරි වීම. ඒ නිසා ඔවුන්ට කැමැති වුනත් නැතත්, ඔවුන්ට කරන්න සිද්ද වෙන දේ කරන්න සිදුවෙනවා.


හැබැයි ඒ දේ එහෙම නොවී, ආයතනයක ඉන්න සුළු සේවකයාටත් අයිතිකරුවන් වගේ ව්‍යාපාර ගොඩනගන්න තමන්ටත් පුලුවන් බව ඇත්තටම දවසක තේරුම් ගියොත් ඔහු ඊලග දවසේදී එතැනින් අයින් වෙලා තමන්ගේ හීන හබාගෙන යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අනිත් අතට ආයතනයට සුළු සේවකයෙක්ගේ අඩුවක් ඇති වෙනවා.


අන්න ඒ නිසා, සමස්ථයක් ලෙස සාර්ථකත්වයේ පැවැත්ම වෙනුවෙන්, සාමාන්‍යයෙන් මිනිසුන් රැදී සිටින්නට අකමැති තත්වයන්ගේ රදවා ගැනීම වෙනුවෙ මේ සාර්ථක වීමේ විශය තුල තියෙන ඇතැම් කාරනා සැගවීම කියන දේ ඉතාම වැදගත්. මොකද සාර්ථකත්වයේ විශය තුල මහා ලොකු ගැඹුරු, තේරුම් ගන්න අමාරු කාරනාවන් නෑ. කෙනෙක් සාර්ථක වෙන්නෙත්, අසාර්ථක වෙන්නෙත් ඉතාම පුංචි වෙනස් කම් කීපයකින්.


සාමාන්‍යයෙන් ප්‍රායෝගික සාර්ථකත්වය සම්බන්දයෙන් තියෙන මතයක් තමයි, ඩොලර් 1000ක් උපයන පුද්ගලයෙක් හා ඩොලර් 100000ක් උපයන පුද්ගලයෙක් අතර තියෙන වෙනස දස ගුණයක් වුනත්, ඒ වෙනස ඇතිකර ගන්න අවශ්‍ය වෙනස 2%-3%ක වගේ පුංචි වෙනසක් බව.


අන්න ඒ නිසා, සාර්ථක වීම කියන විශය තුල තියෙන සැබෑ සංකල්ප ටික කාට හරි තේරුම් ගන්න පුලුවන් නම්, ඒ වෙනස්කම් ටික ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුල ඇති කරගන්න පුලුවන් නම්, අද ආයතනය තුල පිරිසිදු කිරීමේ රැකියාවක් කරන පුද්ගලයාට වුනත් හෙට ආයතනයක අයිතිකරුවෙක් වෙන්න බැරි කමක් නෑ.


නමුත් එහෙම වෙන එක, ඒ පුද්ගලයාගේ පැත්තෙන් හොද වුනාට, සමස්ථයක් විදිහට බැලුවොත් හොද දෙයක් නෙමේ.


ප්‍රායෝගිකව කල්පනා කරලා බලන්න, අද වන විට රැකියා වල නිරත වෙන, 80%-90% දෙනා, රැකියා වල නිරත වෙන්නේ, කැමැත්තෙන් නෙමේ, ඔවුන් ඒ දේ කරන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා.


ඇත්තටම ඔය පිරිස රැකියාවට එන්නේ අකමැත්තෙන් වුනත් රැකියාව නොකලොත්, තමන්ගේ ජීවිතේ කඩා වැටෙනවා කියන හැගීම නිසා.. ඒ හැගීම නැති වුන දවසට ඔය කිසිම කෙනෙක් දුක් විද විද, ප්‍රධානීන්ගෙන් බැනුම් අහගෙන රැකියා කරන්න එන්නේ නෑ.


හැබැයි, සමස්ථයක් ලෙස බැලුවොත්, මිනිස්සු කැමැති වුනත් අකමැති වුනත්, මේ ලෝකයේ ආර්ථික තත්වයන් පවත්වාගෙන යන්න රැකියා කරන පිරිසක් මේ ලෝකයට ඕනේ.


එහෙමනම්, ඒ පිරිස නිර්මාණය කරගන්න තියෙන හොදම ක්‍රමය මොකක්ද?


නිසකවම ඒ දේ කරන්න පුලුවන් හොදම ක්‍රමය තමයි, රැකියාව කරන පිරිසට එතැනින් එහාට යන මට්ටමක් ගැන හිතන්න බැරි වෙන මට්ටමේ වාතාවරණයක් ගොඩනගන එක. ඒ දේ කරන්න නම්, සාර්ථක වීම සම්බන්දයෙන් තියෙන ඇතැම් පාඩම් අපිට ඒ පිරිසෙන් සගවන්නම වෙනවා.


සමහර විට ඔබට හිතෙනවා ඇති මේක හරි අසාදාරණ කතාවක් කියලා. නමුත් ඇත්තටම සිද්ද වෙන දේ වෙන්නේ ඔය දේ තමයි. සාර්ථකත්වය කියන්නේ ඇත්තටම සාදාරණ විශයක් නෙමේ.


සමහර වෙලාවට ඔබේ සාර්ථකත්වය පවත්වාගෙන යන්න, සමහර වෙලාවට ඔබට ඔබ යටතේ වැඩ කරන පිරිසේ සාර්ථකත්වය යම් මට්ටමකින් සීමා කරන්න සිදු වෙනවා.


අන්න ඒ නිසා ඔබට ඇත්තටම, මේ ලෝකයේ වෙන්න පුළුවන් චරිත දෙකයි... එක්කෝ, ඔබට පුලුවන්, ඔබට අවශ්‍ය ලෙස ජීවත් වෙන්නට පුලුවන් ජීවිතයක් ගොඩනගා ගන්න, නැත්නම් ඔබට පුලුවන්, සාර්ථක මිනිසෙක්ගේ ජීවිතය ගොඩනගා ගැනීම සහ පවත්වාගෙන යාම වෙනුවෙන් භාවිතා වෙන මෙවලමක් වෙන්න.


සාර්ථකත්වයේ රහස් සැගැවීම


ඔබ සමහර විට දැනටමත් දන්නවා ඇති, සාර්ථකත්වය කියන්නේ ඉතාම මිල අධික විශයක් බව.


සාමාන්‍යයෙන් එක දවසක වැඩමුළුවක් හෝ පැය කීපයක උපදේශණ සේවාවක් වෙනුවෙන් මිලියන ගනන් මිල නියම වෙන අවස්ථාවන් පවා මේ විශය තුල තියෙනවා. සමහර වෙලාවට ඔබට අවුරුදු 4ක උපාධියක් නිම කරන්න වැය වෙන මුදල වගේ දෙගුණයක් එක දවසක් වෙනුවෙන් වැය කරන්න වෙන අවස්ථාවන් සාර්ථකත්වය කියන විශය ඉගෙන ගැනීමේදී ඉතාම සුලබයි.


ඔබ කවදා හරි හිතලා තියෙනවාද ඇයි එහෙම ඉතා විශාල මිලක් මේ විශය වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙන්නේ කියලා?


ඒකට හේතුව තමයි, සාර්ථකත්වයේ පාඩම් සැගවීමේ අවශ්‍යතාවය. සාමාන්‍ය ධනාත්මක චින්තන වැඩසටහනක, අභිප්‍රේරණ වැඩසටහනක කතා කරන දේවල් සහ ඒ වගේ මිල අධික වැඩමුළුවක කතා කරන දේවල් සංසන්දනාත්මකව බැලුවොත්, අහසයි පොලවයි වගේ වෙනස්.


හැබැයි අධික මිල හැමෝටම දරන්න බැරි නිසා, මේ මිල දරන්න පුලුවන් පිරිස අතරේ පමණක් මේ දැනුම ගලා යාම සීමා වෙනවා. ඒ නිසා, සුලු සේවකයෙක්ට වුනත් ඊලග දවසේ ආයතනයක අයිතිකරුවෙක් වෙන්න හැකියාවක් තිබුනත්, ඒ දේ සැබෑ ලෝකය තුල ඒ දේ පහසුවෙන් සිදු වෙන්නේ නෑ. මොකද ඒ දේ කරන්නේ කොහොමද කියන දේ ඉගෙන ගන්න එක ඔහුට ලේසි වෙන්නේ නෑ.


අපි මේ ජීවත් වෙන්නේ, මිනිසුන්ව බලෙන් පාලනය කරන්න පුලුවන් යුගයක නෙමේ, අතීතයේ නම්, ඇතැම් මිනිසුන් වහලුන් ලෙස රදාවා ගනිමින් ඒ දේවල් සිදු කලා. නමුත් සමාජය ආර්ථික හා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාට පසුව, මේ ලෝකයේ හැම කෙනෙක්ටම සමාන අයිතිවාසිකම් හිමි විය යුතුයි යන මතය ගොඩනැගුනා.


එවැනි අවස්ථාවක කිසිම කෙනෙක්ට තමන් අකමැති දෙයක් කරන ලෙස බල කරන්න හැකියාවක් නෑ. ඒ නිසා බොහෝ වෙලාවට වෙන්නේ, අවස්ථා සීමා කිරීමක් පමණයි. සාර්ථකත්වයේ විශය තුල සැගවුන මාතෘකා තිබීමත්, ඒවා යම් යම් මිල මට්ටම් වලට ලගා විය හැකි අයට පමණක් ඉගැන්වීමත් අන්න ඒ වගේම දෙයක්.


අන්න ඒ නිසා, ඔබ ඇත්තටම ජීවිතේ සාර්ථකත්වය ගැන හිතනවානම්, මේ දේ ගැනත් ඔලුවේ තියාගෙන සාර්ථකත්වය හොයාගෙන යාම වැදගත්. මොකද ඔබ ඉගෙන ගන්න හැම පාඩමක්ම සාර්ථකත්වය වෙනුවෙන් සැකසුනු පාඩම් වගේ පෙනුනට ඇත්තටම ඒවා එහෙම නොවන බව දැනගෙන ඉදිරියට ගියොත්, ඔබට සැබෑ සාර්ථකත්වයේ පාඩම් ටික තේරුම් ගන්න ඒක ලොකු පහසුවක් වෙනවා.


උදාහරණයක් විදිහට, මම ඔබට ඉතාම සමීප උදාහරණයක් ඉදිරිපත් කරන්නම්. "උත්සහවන්ත වීම සාර්ථකත්වයට හේතුවනවා" "උත්සාහවන්තයා ජයගනී" "සාර්ථක වෙන්න අවශ්‍යනම් උත්සාහවන්ත වෙන්න" වගේ අදහස් ගැන හිතන්න.


බැලූ බැල්මටම මේ අදහස් හරි, මේ අදහස් ඔබව සාර්ථකත්වය සොයාගෙන යාම වෙනුවෙන් දිරි ගන්වන ආකාරයේ අදහස්... හැබැයි, සාමාන්‍ය මට්ටමේදී අපිට මේ අදහස් ඉතාම නිවරැදි සාර්ථකත්වයට උදව් වන අදහස් ලෙස පෙනුනට, මේක ඇත්තටම බොහෝ අවස්ථා වල සාර්ථකත්වය සීමා කිරීම වෙනුවෙන් සකස් වුන අදහසක්.


මේ කතාව හොදින් තේරුම් ගන්න,


"උත්සාහවන්ත වෙන්න" කියන එකේ අදහස වෙන්නේ, තමන් අසාර්ථක වුනොත්, අරමුණ අත් නොහැර තවත් සැරයක් උත්සාහ කරන්න කියන දේ. සාමාන්‍ය ධනාත්මක චින්තනය හෝ අභිප්‍රේරණය තුල, අසාර්ථකත්වය නැතිකර ගන්න තියෙන හොදම ක්‍රමය තමයි, දැඩි උත්සාහවන්ත බව. කොතරම් අසාර්ථක වුනත්, උත්සාහය අත් නොහැර ඉදිරියට යාම.


නමුත් අපි නිතර ඇසුරු කරන, ධනාත්මක චින්තනය හෝ අභිප්‍රේරණය තුල මේ විදිහට අසාර්ථකත්වය හමුවේ උත්සාහවන්ත වෙන්න ඉගැන්වුවාට, ඔබට ඉහල මට්ටමේදී ඉගෙන ගන්න ලැබෙන සාර්ථකත්වයේ පාඩම් තුල, එහෙම නැත්නම් සැගවුන පාඩම් ඉගෙන ගන්න මට්ටමේදී, ඔබට උත්සාහවන්ත වෙන්න කියලා උගන්වන්නේ නෑ.


එතැනදි හැම වෙලාවේදිම උගන්වන්නේ, ඔබ අසාර්ථක වුනානම්, ඔබ යම් වරදක් කරන බව තේරුම් අරගෙන, ඒ වරද කුමක්ද යන්න හදුනා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට පෙලබවීම. මොකද එතැනදී ඔබ උත්සාහවන්තයා ජයගනී කියලා දෙයක් ඉගෙන ගන්නේ නෑ. එතැනදි ඔබ ඉගෙන ගන්නේ, බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබීම වෙනුවෙන් කල යුතු දේ කරන පුද්ගලයා ජය ගනී කියන එක.


ඒ වගේම ඒ මට්ටමේදී උත්සාහවන්ත වීම කියන්නේ ඔබ විසින් කල යුතු දෙයක් නෙමේ.... ඒ මට්ටමේදී ඔබ විසින් කල යුතු දේ තමයි, ඔබ ලගා කරගන්න බලාපොරොත්තු වන අරමුණ ලගා කරගැනීම වෙනුවෙන් ඔබ තුල වන ආශාව ඉහල මට්ටමකින් පවත්වාගෙන යාම හා එය තමන්ට ලගා කරගත හැකි බවට වෙන විශ්වාසය ඉහල මට්ටමකින් පවත්වාගෙන යාම.


අන්න ඒ කරුණු දෙක ඔබේ මනස තුල තියෙන තෙක්, උත්සාහවන්ත බව කියන්නේ ඉබේම ඇතිවෙන දෙයක්. ඒ කරුණු දෙක ඔබේ මනස තුල තියෙන තෙක් ඔබ දහස් වරක් අසාර්ථක වුනත්, ඔබට ඔබේ අරමුණු අත් හරින්න හිතෙන්නේ නෑ. අන්න ඒ නිසා, නැවත නැවත උත්සාහ කිරීම ඉබේම ඔබ තුලින් සිදු වෙනවා.


නමුත් සාමාන්‍ය ධනාත්මක චින්තනය තුල ඉගෙන ගන්න විදිහට, උත්සාහවන්තයා ජයගනී කියන අදහස තුල හිටියොත්, ඔබ බොහෝ වෙලාවට, ප්‍රතිඵල හා ක්‍රියාකාරකම් ගැලපීම වෙනුවට ඔබ කරන්නේ, සාර්ථක වෙන්න නම් තව තවත් උත්සාහවන්ත වෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ වගේ අදහස් ඇතිකර ගන්න එක.


ඒ අනුව, අසාර්ථකත්වයේ මානසික පීඩනය යට කරගෙන, මම තව උත්සාහවන්ත වෙන්න ඕනේ කියලා බලෙන් හිතලා උත්සාහවන්ත වෙන්න හදන එක. එහෙම වෙනකොට සාමාන්‍යයෙන් වෙන දේ තමයි, එකපාරක් දෙපාරක් උත්සාහ කරලා අසාර්ථක වෙනකොට, ඔබට මේ දේ එපා වෙන එක.


ඒ අනුව බොහෝ විට 80%ක්ම කරන්නේ තමන්ගේ අරමුණ අත් හැරීම, තාවකාලීකව නතර වීම හෝ අලුත් අරමුණක් හොයා ගැනීම, ඒ වගේම ඉතාම සුලු පිරිසක් නැවත තමන්ව දිරි ගැන්වීමක් අපේක්ෂා කරනවා.


කොහොම වුනත් අවසාන වශයෙන් තමන් මොන දේ කලත් සිදුවෙන්නේ, දිරි ගැන්වීම් ලබා ගනිමින් හෝ තමන් දැනට ඉන්න මට්ටම තුලම වැඩි කාලයක් රැදී සිටීම මිස, ඒ මට්ටමෙන් ඉගලට යාම නෙමේ.


මේ මම ඔබට ඉදිරිපත් කලේ හැමෝටම අත්දැකීම් තියෙන ඉතාම සරල උදාහරණයක්. නමුත් මෙතැනින් එහාට හිතා ගන්න බැරි මට්ටමේ පරස්පර විරෝදී තැන් මේ විශය තුල තියෙනවා.


උදාහරණයක් විදිහට මූල්‍ය සාක්ෂරතාවය කියන කොටස බැලුවොත්, සාමාන්‍ය මිනිසුන් ඉගෙන ගන්න දෙය වෙන්නේ,


මූල්‍යමය සාර්ථකත්වය ලබා ගන්න අවදානම් අඩුම ක්‍රමය වෙන්නේ, ස්තීර රැකියාවක් ලබා ගැනීම කියලා. ඒ වගේම ඉතිරි කිරීම, වියදම් අඩු කිරීම, වියදම් කළමණාකරනය, තමන්ටම කියලා ගෙයක් දොරක් හදා ගන්න එක, තමන්ටම කියලා වාහනයක් ගන්න එක, ඒ දේවල් වෙනුවෙන් ණය නොවෙන එක, ඉතාම හොද දේවල් විදිහට,


නමුත් ඉහල මට්ටමේදී ඔබට ඉගෙන ගන්න වෙන්නේ, මූල්‍යමය සාර්ථකත්වය වෙනුවෙන් අවදානම් වැඩිම මාර්ගය වෙන්නේ රැකියාව කියලා, ඒ වගේම ණය වීම හොද දෙයක් කියලා, ඉතිරි කිරීම, වියදම් කළමණාකරණයට මූලිඛ තැනක් දීම වගේ දේවල් නොකල යුතු දේවල් කියලා. ඒ වගේම කිසිම දවසක මුදල් වියදම් කරලා තමන්ටම කියලා ගෙවල් දොරවල්, වාහන වගේ දේවල් අත්පත් කර ගැනීම නොකල යුතුයි කියලා.


සාමාන්‍ය පුද්ගලයෙක්ට මේ දේවල් කිව්වොත් සමහර විට, මේ දේවල් කලොත් සාර්ථක වෙනවා කෙසේ වෙතත් යන එන මං නැති වෙයි කියලා හිතෙන්න පුලුවන්, නමුත් එහෙම නෑ. ඒ සියලු දේ ගොඩනැගෙන්නේ තාර්කික පදනමක් ඇතුව. හැබැයි ඒ තාරිකික පදනම් සාමාන්‍ය සමාජයට හෙලි වෙන්නේ ඉතාම අඩුවෙන්. ඒ නිසා සාමාන්‍ය මිනිසුන්ට මේ කතා ඇතුලේ තියෙන තේරුම තේරුම් ගන්න අමරුයි.


ඔන්න ඔහොම තමයි සාර්ථකත්වයේ සැගවුන පාඩම් ගොඩනැගෙන්නේ. මේ කතාව ටිකක් ඔලුවේ තියාගෙන සාර්ථකත්වය හොයාගෙන යන්න. එතකොට කවදා හරි දවසක, මේ සැගවුන පාඩම් ඔබටත් ඇත්තට ඉගෙන ගන්න අවස්ථාවක් අනිවාර්යයෙන්ම ලැබෙයි.


ඒ වගේම, සාමාන්‍ය ධනාත්මක චින්තනයෙන් එහාට ගිය මේ වගේ විශේෂ පාඩම් ගැන අවදානයක් තියෙන අය වෙනුවෙන් අප විසින් සකස් කල විශේෂ ප්‍රායෝගික උපදෙස් පොත් ඔබට පහත සබැදීන් හරහා eBook ලෙස Download කරගෙන අධ්‍යනය කරන්නත් පුලුවන්.


එය හරහා ඔබට සාමාන්‍ය ධනාත්මක චින්තනය හෝ අභිප්‍රේරණය වෙනුවට එතැනින් එහාට ගිය ප්‍රායෝගික සාර්ථකත්වයේ මූළිඛ පාඩම් ටික ආවරණය කරගන්න පුළුවන්.


ඔබේ මුදල්, ආදායම්, වියදම්, වඩාත් නිවැරැදිව කළමණාකරණය කරගෙන, මූල්‍යමය ස්ථාවර බව හා නිදහස් බව ගොඩනගා ගැනීමේ ප්‍රායෝගික උපක්‍රම හා සැලසුම් පිලිබද පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.

මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව, ඉතාම ඉහල මට්ටමක් දක්වා රැගෙන ඒම වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන, පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.

ඔබේ සැලසුම් සහගත බව ප්‍රබල මට්ටමකින් වැඩි කර ගනිමින්, ඔබේ වැඩ කටයුතු වල කාර්යක්ෂමතාවය හා සාර්ථකත්වය ගොඩනගන ආකාරය පිලිබද සකස් කල විශේෂ කෘතියකි.

අහිතකර මූල්‍ය තත්වයන් හා මූල්‍යමය ගැටලු සාර්ථක ලෙස ජය ගෙන, යහපත් මූල්‍ය තත්වයක් ඇති කරගන්නේ කෙසේද යන්න පිලිබද සකස් කල ප්‍රායෝගික උපදෙස් පොතකි.

සාමාන්‍ය ආකර්ෂණ නීති සංකල්ප වලින් එහාට ගොස්, අවිංඥාණික මනස තුල වන ශක්තීන් ප්‍රායෝගිකව අවධි කරන ආකාරය පිලිබද උපදෙස් හා පියවර සහිත අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.


අන්තර්ජාලය හරහා Download කරගැනීමට අපහසුනම්, 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන්, eMail එකක් හරහා මෙම eBook එක ලබා ගැනීමේ හැකියාව පවතී.









 
 

Kommentare

Mit 0 von 5 Sternen bewertet.
Noch keine Ratings

Rating hinzufügen
bottom of page