ජීවිතයේ යම් සාර්ථකත්වයක් ලබන්න නම්, හරි අරමුණක් ඇතිව, ඒ අරමුණ වෙනස් කරන්නේ නැතුව, අත් හරින්නේ නැතුව ඉදිරියට යාම වැදගත් බව අපි හැමෝම කිසිම විවාදයකින් තොරව පිලිගන්න දෙයක්.
නමුත් අපි මේ කතාව කොච්චර පිලිගත්තත්, මේ වැඩේ අපි ප්‍රායෝගිකව කරන්න ගියාව තමයි, අපිට තේරෙන්නේ මේ වැඩේ කොච්චර අමාරුයිද කියලා.
ඔබ නිකමට ඔබ ගැනම හිතලා බලන්න...
ඔබ කී සැරයක්නම්, ඔබ ඇතිකර ගන්න අරමුණු අතරමග අතහැර දමලා තියෙනවද?
මම කොහොම හරි සාර්ථක කරගන්නවාක් කියලා හිතපු, දැඩි උවමනාවකින්, උනන්දුවකින් හබාගෙන යන්න පටන් ගත්ත අරමුණු කීයක් නම් ඔබට කාලයත් සමග අමතක වෙලා ගිහින් තියෙනවාද?
ඔබ කොච්චර අරමුණු ගත වෙන්න හැදුවත්, ඔබ දන්නේම නැතුව ඒ අරමුණින් පිට පැනලා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත අවස්ථා කීයක් නම් ඔබේ ජීවිතයේ තියෙනවාද?
වැඩිය අවශ්‍ය නෑ. ඔබ මේ අවුරුද්ද පටන් ගන්නකොට ඇතිකර ගත්ත අරමුණු වලට මේ වෙනකොට මොනවද වෙලා තියෙන්නේ කියලා හිතලා බලන්න...එතකොට ඔබට තේරෙයි, ඇත්තටම මේ වැඩේ කොච්චර අමාරුද කියලා.
එහෙමනම් ඇයි ඇත්තටම අපිට අරමුණු ගත වෙන්න මේ තරම්ම අමාරු?
ඒකට හේතුව තමයි, අපි බොහෝ දෙනෙක්, අරමුණු ගත වෙන්න ඕනේ කියලා ඉගෙනගෙන තිබුනට, අරමුණු ගත වීම සාර්ථකත්වයට අවශ්‍ය බව ඉගෙනගෙන තිබුනට, ඇත්තටම අරමුණුගත වෙන්නේ කොහොමද කියන දේ ඉගෙන ගෙන නොතිබීම.
මම මගේ ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ කරන මුල් අවධියේදී, මේ තත්වය ඇතිකර ගැනීම මටත් අතිශය අමාරු වුන දෙයක්. ඒ නිසා, මේ දේ කරන හැටි ඉගෙන ගන්න, මම පෞද්ගලිකව ලංකාවේ වගේම, ජාත්‍යන්තරවත් උපදේශකවරු රාශියක් හමුවෙලා උපදෙස් අරං තියෙනවා.
නමුත් ඒ හැමෝගෙන්ම වගේ මට ලැබුන උපදෙස වුනේ, "නැවත නැවත අරමුණු ගත වීම වෙනුවෙන් උත්සාහ කරන්න " කියන එක. නමුත් මට ඒ දේ හරහා අත්විදින්න ලැබුන දේ වෙන්නේ, නැවත නැවත අසාර්ථක වීමම තමයි.
මට කිසිම වෙලාවක සති කීපයකට වඩා මගේ අරමුණුගත පවත්වාගෙන යන්න ලැබුනේ නෑ.
මම දන්නවා, මේ ලිපිය කියවන බොහෝ දෙනෙකුත් මේ වෙනකොට මේ උපදෙස ලබා ඇති බව, ඒ වගේම නැවත නැවත මම වගේම අසාර්ථක වෙන බව.
අන්න ඒ නිසා මේ ලිපියේ මෙතැනින් එහාට කොටස හරි අවබෝධයකින් යුතුව කියවන්න... මොකද මම කියන්න යන්නේ මේ ගැටලුව, මම කොහොමද විසදගත්තේ කියන එක ගැන.
ව්‍යවසායකයෙක් ලෙස ඉදිරියට යාමේදී, ජීවිතයට යම් නිදහසක් ලැබීමේදී, ජීවිතය, මනස ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න මට ලැබුන අවස්ථාවත් එක්ක. මට තේරුම් ගිය දෙයක් තමයි. සාර්ථකත්වය කියන විශයට අදාලව අපේ මනස ක්‍රියාත්මක වෙන පැහැදිලි මට්ටම් දෙකක් තියෙනවා කියන එක.
මින් එක මට්ටමක් තමයි, Dreaming Stage එක, දෙවැනි මට්ටම තමා Achieving Stage එක.
සාමාන්‍යයෙන් Dreaming Stage එකේ මනසක් තියෙන පුද්ගලයෙක්ට කරන්න පුළුවන් ලොකුම දේ තමයි, සාර්ථක වීම ගැන හීන දකින එක. හැබැයි එයාගේ මනස ඒ දේවල් ප්‍රායෝගිකව ලගා කරගන්න හැකි මට්ටමට දියුණු නෑ.
මේ නිසා බොහෝ වෙලාවට Dreaming Stage එකේ මනසක් තියෙන අය, විවිද දේ කරන්න උත්සාහ කලාට, ඒ දේවල් හරියන්නේ නෑ. මොකද යමක් ලගා කරගන්න මට්ටමෙන් හිතන්න, ක්‍රියාත්මක වෙන්න තරම් ඒ මනස ශක්තිමත් නෑ.
Achieving Stage එකේ මනසක් කියන්නේ, Dreaming Stage එකට වඩා බොහෝ සෙයින් වෙනස් වුන මනසක්. මේ මනස ක්‍රියාත්මක වෙන්නේ Dreaming Stage ට සාපේක්ෂව ගොඩක් වෙනස් ආකාරයකින්.
ඒ වෙනස් කම් නිසා, මේ Achieving Stage එකේ මනසකට පුලුවන් අපිට ප්‍රායෝගික ප්‍රතිඵල කරා මෙහෙයවන්න.
හරියටම බැලුවොත්, අපි අපේ ජීවිතයේ යම් යම් දේවල් ගැන හීන දැක දැක හිටියට ඒ දේවල් ලගා කරගන්න අපහසු වීමත්, අවශ්‍ය දේ ලගා කරගන්න හැකි වීමත් අතර වෙනස ඇති වෙන්නේ මෙන්න මේ Achieving Stage එකට මනස පත් වීමත් සමග.
ඒක හරියට, ධ්‍යාන ලැබීමේදී මනස විවිධ දියුණු මට්ටම් වලට පිවිසීම වගේ කතාවක්...
දැන් තමයි වැදගත්ම කොටස...
මේ Achieving Stage එකට මනස පත් වීම කියන්නේ ඉබේ සිදුවන දෙයක්. ඒක අර උත්සාහ කරලා අරමුණු ගත බව හදා ගන්න යනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙමේ.
අපි දන්නවා අපිට කවදාවත්, බීජයක් , පැලයක් කරන්න බෑ. අපිට පුලුවන් ඒ බීජය පැලයක් වෙන්න අවශ්‍ය කරන පසුබිම (පරිසරය) සකස් කරන එක විතරයි. ඒ වැඩේ අපි කලිත්, බීජය පැලයක් බවට පත් වීම ඉබේ සිදුවෙනවා.
අන්න ඒ වගේ තමයි මේකත්. ඔබට Achieving Stage එකේ මනසක් හදා ගන්න ඕනේනම් ඔබ කරන්න ඕනේ, එවැනි මනසක් ගොඩනැගෙන්න අවශ්‍ය මානසික පරිසරය සකස් කරන එක විතරයි. එතැනින් එහාට Achieving Stage එකේ මනසක් ලෙස ඔබේ මනස ඉබේම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.
උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න.
Dreaming Stage එකේ මනසක තියෙන එක ප්‍රධාන ලක්ෂනයක් තමයි, හීන දැක්කට, ඒ හීන ලගා කරගන්න ක්‍රියාත්මක නොවීම... ඒ මට්ටමෙන් මනස ක්‍රියාත්මක වෙන්න බලපාන එක ප්‍රධාන හේතුවක් තමයි Dreaming Stage එකේ මනසක සාර්ථකත්වය ගැන තියෙන අරමුණු වල ස්වභාවය.
බොහෝ වෙලාවට එවැනි මනසක තියෙන්නේ, මට පොහොසතෙක් වෙන්න ඕනේ. මට දියුනු වෙන්න ඕනේ, මට ගෙයක් හදා ගන්න ඕනේ, මට වාහනයක් ගන්න ඕනේ, මට සතුටින් ජීවත් වෙන්න ඕනේ, මට හොද පවුල් ජීවිතයක් ගත කරන්න ඕනේ වගේ අදහස්.
මේ වගේ අදහස් තියෙනකොට, වෙන දේ තමයි, (ඔබ ධනාත්මක නම්) මම මේක කොහොම හරි කරනවා, මොනවා හරි කරලා කරනවා, කවදා හරි මම මගේ අරමුනු වලට ලගා වෙනවා වගේ මට්ටමකින් සිතුවිලි ජනිත වෙන්න පටන් ගන්න එක.
මේ සිතුවිලි අපිව දිරි ගැන්වීම් කරමින් වෙනම මානසික මට්ටමකට ගෙනියනවා. ඒක අපිට මානසික වශයෙන් ධනාත්මක හැගීමක් ගෙන දෙනවා. නමුත් මේ මට්ටමේදී ඔබට ඔබේ අරමුණු වෙත යන්නේ කොහොමද කියන දේ තාර්කිකව හිතන්න පුලුවන් මට්ටමකින් මනස ක්‍රියාත්මක වෙන්නේ නෑ.
මෙන්න මේ නිසා තමයි, හීන දැක්කට, ඒ හීන වෙත යන්න තරම් දෙයක් ඔබෙන් නොවෙන්නේ.
හැබැයි අපි , මට පොහොසතෙක් වෙන්න ඕනේ කියන අදහස, මට දින 30ක් ඇතුලත රු මිලියනයක් උපයන්න ඕනේ වගේ අදහසකට වෙනස් කලොත්, මේ ඔක්කෝම ක්ෂණිකයෙන් වෙනස් වෙනවා.
මේ අදහසේදී ඔබට මම කොහොම හරි මොනවා හරි කරලා කවදා හරි සාර්ථක වෙනවා වගේ දේවල් හිතෙන්නේ නෑ. මොකද ඔබට රු මිලියනය කියලා නිශ්චිත අගයක් තියෙනවා, ඒ අගය දින 30 ඇතුලත හොයන්න ඕනේ කියලා අභියෝගයක් තියෙනවා.
මේ අදහස් එක්ක, ඔබේ මනස තුල පොඩි අභියෝගාත්මක පීඩනයක් ඇති වෙනවා, ඔබ මේ වැඩේ කරන්නේ කොහොමද කියන දේ හිතන්න පටන් ගන්නවා. මනස ප්‍රායෝගික මට්ටමෙන්, ඔබට කරන්න පුලුවන් දේවල් ගැන, ඒ දේවල් හරහා ගොඩනැගෙන ප්‍රතිපල ගැන සංසන්දනාත්මකව, තාර්කිකව හිතන්න පටන් ගන්නවා.
ඒ කියන්නේ, ඔබ තමන්ගේ අරමුණ වෙත ලගා වෙන්න සැබෑ ජීවිතයේදී අදාල කාලය තුල කල යුතු දේවල් ඔබේ මනසට ග්‍රහණය වෙන්න පටන් ගන්නවා.
එය හීන දකින මට්ටමෙන් ඉවත් වෙලා, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න අභිප්‍රේරණය කිරීමක් බවට පත් වෙනවා. මොකද තාර්කිකව හිතන මනසකට, කලොත් වෙනදේ වගේම හරියට නොකලොත් වෙන දේත් තේරෙනවා.
ඒ නිසා ඒ මට්ටමේදී ඔබ ඉබේම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඉබේම ඔබේ මනස Achieving Stage එකට එනවා.
ඔන්න ඔය විදිහේ ක්‍රම වලින් තමයි අපිට Achieving Stage එකේ මනසක් නිර්මාණය කරගන්න පූලුවන් වෙන්නේ. අපිට කරන්න පුළුවන් පරිසරය සකස් කරන එක විතරයි, හැබැයි ඒක හරියට කලොත් හැම දේම වෙනස් වෙනවා.
ඔබට මේ ගැන වැඩි දුර ඉගෙන ගන්න ඕනේනම්, සම්පූර්ණයෙන්ම මේ දේ කරන්න අවශ්‍ය කරන මූලිඛ ක්‍රම සියල්ලම වගේ මම "ජීවිතය දිනන ප්‍රායෝගික මග" කියන මගේ කෘතිය තුල සටහන් කරලා තියෙනවා. ඔබට පුළුවන් එහි තියෙන ක්‍රම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා, ඔබේ මනස වගේම ජීවිතයත් ප්‍රායෝගිකව වෙනස් කර ගන්න.
ඔබට පුලුවන් එය PDF eBook එකක් ලෙස පහතින් Download කර ගන්න. මෙහි තියෙන අභ්‍යාසය ප්‍රායෝගිකව කරන්න අවශ්‍ය කරන වැඩ පත්‍රිකා සියල්ලත්, ඔබ Download කරන ගොනුව තුල තිබෙනවා.
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
コメント