top of page

👑 අසිරිමත් මනස 02 - මිනිත්තු පහේ (5) විශ්මිත බලය

Updated: Jan 16, 2023



කලින් ලිපියේදී මම ඔබට සදහන් කලා, අපේ මනස තුල වන, අපි භාවිතා නොකරන ශක්තීන් භාවිතා කල හැකි තැනට පත් වෙන්න පුළුවන් වුනොත්, ඒ හරහා තමන්ගේ ජීවිතේ සිදුවන වෙනස් කම් හිතා ගන්නවත් බෑ කියලා.


මෙම කරුණ මේ මට්ටමේදී, යම් තරමකින් හෝ තහවුරු කරගන්න, වඩාත් ගැලපෙන උදාහරණයක් ලෙස, ඇන්ඩෘ කානිගී පිලිබද ඇමරිකානු රාජය විසින් සිදුකල රහස් පරීක්ෂණයක තොරතුරු දක්වන්න පුලුවන්.


ඇන්ඩෘ කානිගී කියන්නේ, ලෝක ඉතිහාසයේ බිහි වූ 4 වන විශාලතම ධනවතා ලෙස හැදින්වෙන පුද්ගලයා.


අදට ගැලපෙන ආකාරයෙන් ඔහු සතු වූ වත්කම් වල වටිනාකම බැලුවොත් එය ඇමරිකානු ඩොලර් බිලියන 310ක් පමණ වෙනවා. (අද සිටින ලොව ධනවත්ම පුද්ගලයා වන Jeff Bezos සතු වත්කම් වල ප්‍රමාණය වෙන්නෙත් ඇ.ඩොලර් බිලියන 113යි.)


ඇන්ඩෘ කානිගී කියන්නේ ඉතාම දුප්පත් පවුලක ඉපදුන කෙනෙක්, ඔහුගේ පවුල කොතරම් දුප්පත්ද කිව්වොත් ඇන්ඩෘට ඒ කාලයේ අදින්න තිබුනේ එකම එක කමිසයක් පමණයි. ඔහුගේ නිවසේ තිබුනේ එකම එක කාමරයයි, පවුලේ හැමෝම කෑවේ බිව්වේ, නිදාගත්තේ මේ එකම එක කාමරයේ. ඔහුගේ අම්මා රැකියාව විදිහට කලේ රෙදි සෝදන එක. තත්තා කලේ රෙදි වියපු එක. සමහර දවසට ඔවුන්ට කන්න බොන්නවත් සල්ලි තිබුනේ නෑ. ඒ නිසා ඇන්ඩෘ ඉගෙන ගත්තේ නෑ. ඔහු ඉගෙන ගත්තේ 4 වසරට විතරයි.


නමුත් ඔහු තරුණ වයසට පත් වෙද්දී ඉතාම කෙටි කාලයක් තුල ව්‍යාපාරිකයෙක් ලෙස අති සාර්ථක මට්ටමට පත් වුනා. ඒ නිසාම ඔහු ඇමරිකාවේ පමණක් නෙමේ, මුලු ලෝකයේම දැඩ් අවදානයට ලක් වුන චරිතයක් බවට පත් වුනා.


මෙන්න මේ තත්වයත් එක්ක තමයි ඇමරිකානු රජය විසින්, ඔහු පිලිබද රහස් පරීක්ෂණයක් ආරම්භ කරන්නේ. මොකද මේ වගේ පුද්ගලයෙක්, මෙතරම් විශාල ධනවතෙක් වුනේ කොහොමද කියන දේ ගැන, ඇමරිකානු රජයට විශාල ගැටලුවක් පැවැතුනා.


ඒ නිසාම, ඔහු ගැන හොයන්න විශේෂ රහස් පරීක්ෂණ කන්ඩායමක් පත් කලා. ඔවුන්ගේ රාජකාරිය වුනේ, ඇන්ඩෘ කානිගී මුදල් ඉපයීමේදී කිසියම් නීති විරෝදී යමක් කරනවාද යන්න සොයා බලා රජයට වාර්ථා කිරීම.


කොහොම හරි මේ පරීක්ෂණ කන්ඩායම, කානිගීගේ ව්‍යාපාර ඇතුලට සූක්ෂමව රිංගලා, සියලු දත්ත වසර ගනනක් තිස්සේ පරික්ෂා කලත්, ඔවුන්ට අරුම පුදුම විදිහට, ඉතාම පිලිවෙලට ක්‍රියාත්මක වෙන, ඒ වගේම විශාල ලාභ ලබන ව්‍යාපාරයක් මිස වෙනත් කිසිම ගැරලුවක් ඔවුන්ට සොයා ගන්න හැකි වුනේ නෑ.


නමුත් මේ තරම් හොදින් ක්‍රියාත්මක වෙන ව්‍යාපාරයක් පැවැතීම යම් තරමක අසාමාන්‍ය තත්වයක් බව ඔවුන්ට හැගුණ නිසා, අවසානයේ, ඇන්ඩෘ කානිගීව ප්‍රශ්න කරන්නට ඔවුන් තීරණය කලා.


ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් වලට මුහුණ දුන්න ඇන්ඩෘ එතැනදී සදහන් කලේ ඔවුන් අහන්නට බලාපොරොත්තු නොවුන ආකාරයේ දෙයක්.


ඒ තමයි, තමන් සතුව, තමන් කරන දේ කෙරෙහි පූර්ණ අවදානයක් ඇතිව විනාඩි 5ක් සිටින්නට තරම් මානසික පාලනයක් ඇති බවත්, ඒ මානසික පාලනය මේ සියල්ල පිටුපස වන එකම රහස බවත් ඔහු සදහන් කලා.


මේ කතාව ටිකක් අමුතු කතාවක් නිසාත්, මේ පරීක්ෂණය රජයෙන් සිදු කල නිසාත් මේ කාරණය මෙතැනින් නතර වුනේ නෑ. ඒ නිසා ඔවුන් එය ඇත්තටම එසේද යන්න පරික්ෂා කලා. එතැනදී ඔවුන්ට තේරුම් ගිය දේ තමයි, අපි බොහෝ දෙනෙක්ට, විනාඩි 5ක් වත් හිත එක අරමුණක තියා ගන්න බැරි බව.


ඒ වගේම පසු කාලීනව බොහෝ මනෝවිද්‍යාත්මක පරීක්ෂණ හරහා ඔප්පු වුන කරුණක් තමයි,යම් කෙනෙක්ට මේ මනසේ පාලනය යම් මට්ටමකින් තමන් සතු කර ගත හැකිනම්, එහෙම නැත්නම් අඩුම තරමේ මනස එක අරමුණක තියා ගැනීම කියන අතිශය සරල පාලනයවත් තමන් සතු කර ගත හැකිනම්, එය මනස තුල වන බොහෝමයක් ශක්තීන් අවධි වීමට හේතුවෙනවා කියන කාරණය.


මේ කරුණ පදනම් කරගෙන මා විසින් කල පෞද්ගලික පරීක්ෂණයකදී පවා මට පෞද්ගලිකව අත්විදින්නට හැකි වූ කරුන වෙන්නේ, මනස එක අරමුණක රදවා ගැනීම කියන සරල පාලනය පවා, සති ගනනක වැඩ පැය කීපයක් තුල නිම කිරීමට හැකි ආකාරයේ හැකියා මට්ටමක් මා තුල නිර්මානය කල බව.


මේ නිසා, මනස තුල ඇතිකරගන්නා පුංචි වෙනසකට, සැබෑ ජීවිතය තුල අති විශාල වෙනසක් ඇති කල හැකි බව මා අත්දැකීමෙන් දන්නා දෙයක්. ඒ අත්දැකීම ලැබීම දක්වා මා ගිය මාර්ගය හා මා ඉගෙන ගත් දේවල් මේ ලිපි පෙල හරහා ඉදිරියට මා පියවරෙන් පියවර ඔබට රැගෙන එනවා.


ඒ නිසා පිලිවෙලින් මේ ලිපි පෙලේ ඉදිරියටම ගමන් කරන්න.


තුන්වැනි ලිපිය පහතින් කියවන්න



ඔබ තවමත් Octopus Club සාමාජිකත්වය ලබා නැත්නම්, මෙම ලිපි මාලාවේ ඉදිරි ලිපි කියවීමට ඔබගේ Octopus Club Silver , Gold හෝ Platinum සාමාජිකත්වය සක්‍රීය කර ගන්න.


සමාජිකත්වය ලබා ගන්නා ආකාරය පිලිබද වැඩි විස්ථර සදහා පහත වීඩියෝව නරබන්න.


105 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page