👑 අසිරිමත් මනස 01 - මනසේ අසිරිය
- Chathuska Amarasekara
- Apr 29, 2021
- 2 min read
Updated: Jan 16, 2023

මිනිස් මනස තරම් මේ ලෝකයේ තවත් විශ්මිත දෙයක් නැති තරම්, හැබැයි මෙතරම් විශ්මිත වූ, අපූරු වූ මානසික ශක්තීන්ගෙන් හෙබි මිනිසුන්ගෙන් 1%ක් වත්, සැබෑවටම තමන් සතු මානසික ශක්තිය සැබෑවටම කොතරම් විශ්මිත හා අපූරු වූ දෙයක්ද යන්න හදුනාගෙන තියෙනවාද යන්න නම් ගැටලුවක්.
විශේෂයෙන්ම මේ ලිපි පෙල මම ලියන්න කල්පනා කලෙත් අන්න ඒ කරුණ පදනම් කරගෙන.
මොකද මේ වෙනකොට මේ ලෝකයේ ජීවත් වෙන බහුතරයක් මිනිසුන් තමන්ගේ මානසික ශක්තීන් භාවිතයට ගන්නේ ඉතාම සුළු ප්‍රමානයකින්. බටහිර මනෝවිද්‍යාත්මක සංකල්ප එක්ක බැලුවොත් එය 10%කටත් වඩා අඩු ප්‍රමානයක්.
ඒ වගේම පෙරදිග මනෝවිද්‍යාත්මක සංකල්ප එක්ක බැලුවොත් එය 1%-2%ක් වගේ ඉතාම අඩු අගයක්.
ඒ කියන්නේ, අනිත් අතට ඔබ ඔය ජීවිතේ කරන ගොඩක් දේවල් කරන්නේ, ඔබේ මනසෙන් 1%-2%ක් භාවිතා කරලා....
එහෙමනම් නිකමට හිතලා බලන්න, ඔබට කවදා හරි ඔබේ මනස තුල වන සම්පූර්ණ ශක්තීන් ප්‍රමාණය භාවිතා කරන්න පුළුවන් වුනා නම්, ඔබේ ජීවිතය කොතරම් වෙනස් එකක් වෙයිද කියලා.
උදාහරණයක් විදිහට ඔබ හිතන්න, ඔබට ඔබේ ශරීරයේ මෙහෙයවන්න පුළුවන් එක ඇගිල්ලක් විතරයි කියලා. එකම එක ඇගිල්ලක් එහා මෙහා කරනවා හැරෙන්නට ඔබට වෙන කිසිම දෙයක් කරන්න බැරිනම්, ඔබේ ජීවිතය මොන වගේ එකක් වෙයිද?
අන්න ඒ මට්ටම වගේ තමයි, මනසෙන් 1%-2%ක් භාවිතා කරලා ඔබ මේ ගත කරන ජීවිතයත්....
හිතන්න මනසේ 1%-2%ක් භාවිතා කරලා, මේ තරම් දියුණු ජීවිතයක් ගෙවන්න අපිට පුළුවන් නම්. මිනිස් වර්ගයා මේ ලෝකයේ ජීවත් වෙන පාලන බලය සතු සත්වයා කරන්න මේ 1%-2%ක ප්‍රමාණයට පුළුවන් වුනානම්, 100%ම ක්‍රියාත්මක වුනොත් මොනවා වෙයිද?
සරලවම ඒ ගැන අදහසක් ඔබට හිතා ගන්නවත් බෑ කියන එක තමයි සත්‍ය වෙන්නේ! අඩුම තරමේ ඔබට ඒ ගැන දල අදහසක් වත් ගන්න අවශ්‍යනම්, මම ඔබට කියන්නේ, ඔය 1%-2% මට්ටම, තවත් 1%-2%කින් වත් වැඩි කර ගන්න ඕනේ කියලා.
මොකද එතකොට ඔබට යන්තම් හෝ අදහසක් ගන්න පුලුවන්, මනසේ වන පුංචි වෙනසක්, ඔබේ ජීවිතයේ කොතරම් ලොකු වෙනසක් ඇති කරන්න සමත් වෙනවද කියලා.
මේ ලිපි පෙලේ මූලිඛ අරමුණ තමයි, අන්න ඒ මට්ටමට ඔබව ප්‍රායෝගිකව මෙහෙය වන එක. ඒ නිසා, ඉදිරි ලිපි වලින් ඒ අත්දැකීම ලබන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්න අවශ්‍ය දේවල් ඉගෙන ගන්නවා වගේම, යම් යම් ප්‍රායෝගික අභ්‍යාස හරහා ක්‍රමාණුකූලව ඔබේ මනසේ පාලනය ඔබ සතු කර ගැනීමත් පුහුණු වෙන්න පුළුවන්.
ඒ නිසා, මේ ලිපි පෙල පිලිවෙලින් ආවරණය කරගෙන යන්න කියන ඉල්ලීම මම ඔබෙන් මේ පළමු ලිපියේදීම කරනවා. මොකද මේක මනස ගැන ඔබට කියලා දෙන ලිපි පෙලකට වඩා, මනස තුල වන ශක්තිය ප්‍රායෝගිකව අත්විදින්නට ඔබව මෙහෙයවන ලිපි පෙලක් නිසා, තැනින් තැන අපිලිවෙලට අධ්‍යයනය කරලා ඔබට මේ වැඩේ කරන්න අමාරුයි.
ඒ නිසා අංක පිලිවෙලට, ඉදිරියට කියවාගෙන යන්න, ඒ වගේම, මේ ලිපි මාලාවේ අලුත් ලිපි සෑම බදාදා දවසකම රාත්‍රී 8ට අපි නිකුත් කරනවා. ඒ නිසා ඔබට කිසිම ගැටලුවකින් තොරව සෑම සතියකම මේ පාඩම් මාලාවේ අලුත් ලිපි ආවරණය කරගන්න පුළුවන්.
දෙවැනි ලිපිය පහතින් කියවන්න
Comments