
අපි හැම කෙනෙක්ම වෙනස් වෙන්න කැමතියි! අපි කැමති ලෝකය ගොඩනගා ගන්න, අපි කැමති විදිහට ජීවත් වෙන්න කැමතියි. නමුත් ප්‍රායෝගික ජීවිතේදී වෙනස් දේවල් කරන්න, ඇත්තට වෙනස් වෙන්න පුලුවන් වෙන්නේ කීයෙන් කී දෙනාටද? අපේ රටේ ඉන්න රැකියා කරන බොහෝ දෙනෙක් කැමතියි , තමන්ගේම කියලා මොනවා හරි පටන් ගන්න. එහෙමත් නැත්නම් තමන් කැමති විදිහේ රැකියාවක් තෝරගන්න. නමුත් ඇත්තටම බොහෝ දෙනෙක්ට එහෙම සිහිනයක් තිබුනට වෙනස් වෙන්න අමාරුයි.
ඇයි මෙහෙම වෙලා තියෙන්නේ අපි කැමති ලෝකය වෙත යන්න. අපි කැමති ජීවිතය ගොඩනගා ගන්න පියවරක් තබන්න මෙතරම්ම අමාරු ඇයි? අපිව පසුපසට ඇද තබන්නේ මොනවද?
ජීවිතේ අපිට කැමති ලෝකය ගොඩනගා ගන්න, අපේ ජීවිතේ වෙනස් කරගන්න අපිට ඉඩ දෙන්නේ නැති ප්‍රබලම සතුරන් දෙදෙනා ඉන්නේ අපි තුලමයි. ඒ තමයි අපි අසාර්ථක වුනොත් මොනවා වෙයිද කියනේ දේ පිලිබදව අපිට තියෙන බිය, අනිත් දේ තමයි. අපිට අපි කරන්න යන දේ සාර්ථක කරගන්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියනදේ ගැන තියෙන අවිශ්වාසය. මේ දෙන්නා අපිලග ඉන්නකම් අපිට අපේ සිහින හබාගෙන යාම ඉතාම අමාරුයි. හැම වෙලාවකම මේ දෙන්නා අපි මොනවා කරන්න ගියත් අපිව බය කරලා අදෛර්යමත් කරනවා.
මී ලගට වැදගත් වෙන කාරනාව තමයි, කොහොමද එහෙනම් මේ දෙන්නව මග ඇරලා තමන්ට ඕනේ ඉලක්කය කරා යන්නේ කියන කාරනාව. අසාර්ථක වුනොත් මොනවා වෙයිද කියන බිය නැතිකරගන්න තියෙන හොදම විදිහ තමයි ඒ ගැන හිතනවා වෙනුවට, අපි සාර්ථක වුනොත් මොනවා වෙයිද කියන දේ හිතන එක. මොකද අපි හැමෝම අසාර්ථක වෙයි කියලා අත හරින සෑම අවදානමක් එක්කම අපිට සාර්තක වෙන්න තියෙන අවස්ථාවකුත් නැති වෙනවා. ඔයාගේ ඇතුලේ තියෙන බිය ඔයාට අසාර්ථක වුනොත් වෙන දේ පෙන්නන සෑම අවස්ථාවකම ඔයාට පුලුවන්නම් ඒ දේ පොඩ්ඩක් පැත්තකින් තියලා , මේ දේ සාර්ථක වුනොත් මොනවා වෙයිද කියලා හිතන්න. අනිවාර්යයෙන්ම ඔයාට කොහොම හරි ජයගන්න ඕනේ කියන සිතුවිල්ල එන්න පටන් ගනීවි.
අනිත් කාරනාව තමයි තමන් සාර්ථක වෙයිද අසාර්තක වෙයිද කියලා හිතේ තියෙන අවිශ්වාසයට මොකද කරන්නේ කියන දේ. මේ දෙයින් මිදෙන්න තියෙන හොදම ක්‍රමය තමයි, හැම වෙලාවකම අපි හිතනවාට වඩා අපි ශක්තිමත් කියන දේ තමන්ගේ සිතට ඇතුලත් කරගන්න එක. අපි බොහෝ දෙනෙක් ඇත්තටම ඉන්නේ අපි ගැන අවතක්සේරුවෙන්. මේ හේතුව නිසා අපිට ලගා කරගන්න තියෙන බොහෝ සාර්ථක දේවල් අපි තුලින් ගිලිහී යනවා. ලෝකයේ ඉතා ඉහලම තත්වයන්ට පැමිනිච්ච බොහෝ දෙනෙක්ගේ ජීවිත දෙස බැලුවොත් ඔබට ඇත්තටම පෙනේවි ඒ ගොඩක් දෙනා තමන්ගේ ගමන පටන් ගත්තේ අපි බොහෝ දෙනෙකුට වඩා පහල තැනකින් බව. අපි බොහෝ දෙනෙකුට වඩා බොහෝමයක් අඩුපාඩු තියාගෙන බව. ඔවුන්ටත් මේ ලෝකේ සාර්ථකම මිනිස්සුන්ගේ අතරට යන්න පුලුවන් වුනානම් ඇත්තටම අපිට කොයිතරම් නම් ඉහල තැනකට යන්න පුලුවන්ද?
ජීවිතේ ජයගන්න, වෙනස් කරන්න අපි කැමති ඕනෑම ආකාරයක සාර්ථකත්වයක් ලගා කරගන්න අපි හැමෝටම පුලුවන්. විශ්වාසයෙන් යුතුව ඔබේ ගමන යන්න!
ඔබේ සිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් වෙනුවෙන් ඔබේ මනසේ අරමුණුගත බව උපරිම මට්ටමකට ගෙන එන හැටි, නිවරැදිව සැලැස්මක් සකසා ගන්න හැටි, ප්‍රායෝගිකව ධනාත්මක ආකල්ප ඇතිකරගන්න හැටි වගේම ඔබේ සාර්ථකත්වයට බලපාන බාහිර සාදක සාර්ථකව වෙනස් කරගන්න ඔබ ප්‍රායෝගිකව පියවර වශයෙන් ඉගෙන ගන්න, පහත සබැදිය හරහා " ජීවිතය දිනන ප්‍රායෝගික මග " PDF eBook එක ඔබත් Download කරගන්න.
Comments