top of page
Writer's pictureChathuska Amarasekara

Achiever Note : සියල්ල තීරණය වන්නේ ඔබගේ තීරන මතයි


ඔබ ඔබගේ ජීවිතය තුල ගමන් කරන්නේ කොහාටද යන්න තීරණය කරන්නේ ඔබගේ තීරණයි. ඔබ කරන්නේ කුමක්ද, ඔබ ගමන් කරන්නේ කුමණ ඉලක්කයක් වෙතද, ඔබගේ අනාගතය කුමන ආකාරයෙන් විය යුතුද යන සියල්ල තීරණය වන්නේ ඔබගේ තීරන මතයි


අපගේ කුඩා කාලයේදී අපගේ ජීවිතය, අපගේ  දෙමාපියන්, ගුරුවරුන් හා වෙනත් විවිද පාර්ශව අප වෙනුවෙන් ගත් තීරණ මත තීරණය විය. නමුත් කෙමින්  කෙමින්  අප වැඩිහිටියන් වන විට අප වෙනුවෙන් අප තීරණ ගැනීමට හුරු විය. ඔබ මේ මොහොතේ ගත කරන්නේ කුමණ ආකාරයක ජීවිතයක්ද, එයට මූලිඛ වශයෙන් බලපා ඇත්තේ මීට පෙර ඔබ, ඔබ වෙනුවෙන් හෝ ඔබ වෙනුවෙන් වෙනත් අයෙකු විසින් ගනු ලැබූ විවිද ආකාරයේ හේතූන්ය.


එමෙන්ම ඔබට ඔබගේ අනාගතය වෙනස් කිරීමට අවශ්‍යනම් ඔබ කල යුතු එකම කාරණය වන්නේද ඔබ ඔබගේ වාර්ථමාණයේ ගනු ලබන තීරණ වෙනස්  කිරීමයි. වර්ථමානය යනු ඔබගේ අනාගතය ඔබට අවශ්‍ය ආකාරයට සකස් කර ගැනීම වෙනුවෙන් ඔබට ලැබී ඇති කාලයයි.


මේ මොහොත  ඔබගේ අනාගතය ඔබට අවශ්‍ය පරිදි සකස් කිරීමට අදාලව වැදගත්ම තීරණ ගැනීමට සුදුසුම කාලයයි. ඔබ මේ මොහොතේ ඔබගේ ජීවිතය වෙනුවෙන් නිවරැදි තීරණය ගතහොත් එය ඊලග තත්පරයේ සිට වෙනස් වීමට පටන් ගැනීම ලෝකයේ කිසිදු බලවේගයකට වෙනස් කල නොහැක.


තීරණයක් යනු සිහිනයක් නොවේ, එය හුදෙක් සිතුවිල්ලක් නොවේ, තීරණයක් සෑම විටම අවසන් වන්නේ ක්‍රියාත්මක වීමකිනි. ඔබ ඔබගේ තීරණය ක්‍රියාවට නොගන්වයි නම් එය හුදෙක් තීරනයක් නොවේ සිහිනයකි. සිහිනයක් ඔබගේ ජීවිතය වෙනස් කරන්නේ නැත. නමුත් තීරණය කිරීමක් යන්න සෑම විටම ඔබගේ ජීවිතය වෙනස් කරයි.


ඔබට පොහොසතෙකු වන්නට අවශ්‍යද? ඔබට හොද පවුල් ජීවිතයක් අවශ්‍යද? ඔබට සාර්ථක ව්‍යාපාරිකයකු වෙන්න අවශ්‍යද? ඔබට ලෝකය වටේ සංචාරය කරන්න අවශ්‍යද? එසේනම් ඒ පිලිබදව සිහින දකිමින් සිටින්නේ නැතිව, එය ලගා කර ගැනීමට තීරණය කරන්න.  අවම වශයෙන් ඒ වෙනුවෙන් සැලැස්මක් සකස් කිරීමටවත් ඔබට සිතෙන්නේ ඔබ එය තීරණය කලහොත් පමණි.


"අප සෑම කෙනෙකුටම තීරණ ගැනීමේ හැකියාවක් ඇත. මම පොහොසතෙකු වීමට තීරණය කලෙමි. එම නිසා අද මම පොහොසතෙකු වී ඇත." - රොබර්ට් කියොසාකි (මිලියනපති ව්‍යාපාරික, මූළ්‍ය උපදේශක )


-

ජීවිතේ ගැන අලුතින් සිතන්න පුරුදු කරන මෙවැනි සටහනක් දිනපතා ලබා ගන්න. ඔබගේ Dialog | Airtel හෝ Hutch දුරකථනයෙන් REG හිස්තැනක් ACHIEVER ලෙස සටහන් කර 77000SMS කරන්න.


දිනකට අයවීම: රු 2.50ක් හා රජයේ බදු ගාස්තු පමණි.

39 views

コメント

5つ星のうち0と評価されています。
まだ評価がありません

評価を追加
bottom of page