අපි ජීවත් වන විශ්වය තුල අප හදුනා ගත් මෙන්ම හදුනා නොගත් විවිද වූ ශක්තීන් තිබෙනවා. ඒ සියලු ශක්තීන් අතරින් අප තුල තිබෙන මානසික ශක්තියට සුවිශේෂී ස්ථානයක් හිමිවෙනවා. යම් පුද්ගලයකුට මෙම විශ්වයතුල ක්‍රියාත්මක වන මෙම ශක්තීන් හරි අකාරව ක්‍රියාත්මක වන ආකාරය හදුනා ගත හැකිනම්, පහසුවෙන් එම පුද්ගලයාට තමන්ගේ ජීවිතයේ , අනාගතයේ සුවිශේෂී වෙනසක් ඇතිකරගැනීමට හැකියාවක් පවතින බව අපගේ මතයයි.
ඇතැම්විට ඔබ මීට පෙර ආකර්ශණ නීතිය හෝ ආකර්ෂණ ශක්තිය ගැන අසා නැත්නම්, මෙය කියවන විට ඔබට අපි කියන්නේ තවත් ගුප්ත ක්‍රමයක් හෝ ඒහා සමාන දෙයක් ගැනදැයි ඔබට සිතෙන්නට පුලුවන්. ඔබට එසේ සිතෙනවානම් එයට දිය හැකි එකම පිලිතුර වන්නේ “ නෑ “ යන්නයි!
ආකර්ශණයේ නීතිය යනු ලෝකය පුරා අද වන විට ඉතාමත් සුලභව සාකච්චාවට බදුන් වන කාරනයක්. මිනිසෙකුට තමන් කැමති, තමන් බලාපොරොත්තුවන ජීවිතය ලග කර ගැනීමට පහසු ක්‍රමයක් තිබෙනවාද යන්න ගැන කවුරුන් හෝ සොයා බැලුවොත් ඔහුට හෝ ඇයට හමුවන මාතෘකාවන් අතුරින් එක් ප්‍රබල මාතෘකාවක් ලෙස ආකර්ශණයේ නීතිය හදුන්වන්න පුළුවන්!
ආකර්ශණයේ නීතිය යනු කුමක්ද?
ආකර්ශණයේ නීතිය යන්න සරලවම පැහැදිලි කලොත් එය තමාගේ මානසික ශක්තිය උපයෝගී කරගෙන තමන් වෙතට තමන් බලාපොරොත්තුවන සාර්ථක ජීවිතය ලගා කර ගැනීමේ එක්තරා විශ්මිත ක්‍රමයක්.
ඔබට මුදල් අවශ්‍යද?
ඔබට යහපත් සෞඛ්‍යයක් අවශ්‍යද?
ඔබට හොද පවුල් ජීවිතයක් අවශ්‍යද?
ඔබට රැකියාවෙන් උසස් වීමක් අවශ්‍යද?
මේ ඕනෑම දෙයක් පහසුවෙන් තමාගේ මානසික ශක්තිය භාවිතා කරමින් තමන් වෙතට ලගා කරගත හැකියයි ඔබට කවුරුන් හෝ කීවොත් එය ඔබට විශ්වාස කල හැකිද?
ඇතැම්විට මෙය ඔබට මුලින්ම විශ්වාස කරන්න අපහසු වේවි!!!
නමුත් ආකර්ශණයේ නීතිය පිලිබදව මෑතකාලීනව වැඩිපුරම කතා බහ වෙන්නට පටන් ගත්තේ ලෝකයේ ඉතාමත් සාර්ථක ප්‍රසිද්ද චරිත කීපයක්ම මෙම ආකර්ශණ නීතිය තමන් භාවිතා කල බවත් එයින් තම ජීවිතයේ වෙනසක් ඇතිවූ බවත් ප්‍රසිද්දියේ ප්‍රකාශ කිරීමත් සමගින්...
ජීවිතයේ සෑම අංශයකින්ම ඉතාමත් සාර්ථකත්වයකට පත් කාන්තාවක් වන Oprah Winfrey වරක් CNN පුවත් සේවයේ Larry King සමග පැවැත්ත්වූ සාකච්චාවකදි ආකර්ශනයේ නීතිය සම්බන්දයෙන් තම ජීවන අත්දැකීම් ප්‍රකාෂයට පත් කලා,
මීට අමතරව Will Smith, Jim Carrey , Arnold Schwarzenegger වැනි අති සාර්ථක පුද්ගලයන් බොහෝ දෙනෙකු විවිද අවස්ථාවල තමන් මෙය භාවිතා කල ආකාරය හා ඒ හරහා තම ජීවිතය වෙනස් වූ ආකාරය පිලිබදව ප්‍රසිද්දියේ කල ප්‍රකාශ ඕනෑ තරම් ඔබට සාක්ෂි ලෙස සොයා ගන්න පුලුවන්.
මීලගට Rhonda Byrne වැනි කතුවරයන් ගේ කෘති හරහා වැඩි වශයෙන් ලෝකයේ මේ පිලිබදව කතා වීමට පටන් ගත් නිසාවෙන්, ලෝකයේ මෙම ක්‍රමය භාවිතා කල ව්‍යාපාරිකයන්, ප්‍රසිද්ද පුද්ගලයන්, කලා කරුවන් වැනි බොහෝ දෙනෙක් මේ පිලිබදව තම අත්දැකීම් ප්‍රකාෂ කරන්නටත් මෙම සිද්දාන්ත රහසක් නොවී ලෝකයට විවර වන්නටත් පටන් ගත්තා. එමෙන්ම මේ කතා බහත් සමග මෙම ආකර්ෂණ නීතිය අතීතයේ සිට විවිද ශිෂ්ඨාචාරයන් තුල විවිද ක්‍රම හරහා ප්‍රබලව භාවිතා කල බවත් , ඔවුන් තම දියුනුව උදෙසා මෙම ක්‍රමය භාවිතා කල යුතු ආකාරය දැන සිටි බවත් , විවිද පුරාවිද්‍යා සාක්ෂි මගින් පවා ඔප්පු වීමට පටන් ගනු ලැබුනා.
අද වන විට සාර්ථකත්වය පිලිබදව උපදෙස් දෙන බොහෝ දෙනෙකු පවා මෙම ක්‍රමය අති සාර්ථකව තම සේවාදායකයන්ගේ ජීවිතයේ වෙනසක් ඇති කරගැනීම වෙනුවෙන් අනුගමනය කිරීමට උපදෙස් දෙන ක්‍රමයක් බවට පත් වී අවසන්.
සැබවින්ම තමන් බලාපොරොත්තුවන ජීවිතය තමන් වෙතට තම මානසික ශක්තිය භාවිතා කර ආකර්ශණය කරගත හැකි ක්‍රමයක් තිබෙනවාද ? එසේනම් එය කල හැක්කේ කෙසේද? ලෝකයේ සාර්ථක වූ චරිත එය භාවිතා කලේ කෙසේද? ආදී බොහෝ දේ දැනගන්න. ඔබේ ජීවිතයේ වෙනසක් ප්‍රායෝගිකව අත්විදින්න.
අපගේ Law of Attraction Tips ලිපි සේවාව සමග සම්බන්ද වන්න, ඔබගේ Dialog | Airtel හෝ Hutch දුරකතනයෙන්, REG හිස්තැනක් LOAT ලෙස සදහන් කර 77000ට SMS කරන්න.
දිනකට අයවීම රු 2.50ක් හා රජයේ බදු ගාස්තු පමණි.ඔබ බලාපොරොත්තුවන ඕනෑම අරමුනක් වෙනුවෙන් යටි සිත බලගන්වන හැටි හා එහි ශක්තිය ප්‍රායෝගික ජීවිතය තුල භාවිතා කරන හැටි සරලව ඉගෙන ගන්න, පහත සබැදිය හරහා " අසිරිමත් යටිසිත " ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා කට්ටලය PDF eBook එකක් ආකාරයෙන් ඔබත් Download කරගන්න.
תגובות