ඔබ කැමතිද ඔබේ සාමාන්‍ය Productivity Level එක පැය කීපයක් තුල සම්පූර්ණයෙන්ම වෙනස් කර ගන්න?
ඔබ කැමතිද, ලෝකයේ ඉහල සාර්ථකත්වයන් ලගා කරගත්ත මිනිසුන් ගැන ඉගෙන ගන්නකොට අපි අහනවා වගේ, පැය 18-20 තමන්ගේ අරමුණු වෙනුවෙන් වැඩකරන්න පුලුවන් මිනිසෙක් බවට ඔබව පරිවර්ථනය කරගන්න?
ඔබ කැමැතිද තමන්ගේ වැඩකටයුතු වලදී ඉතාම ඉහල මානසික ඒකාග්රතාවයක් පවත්වාගෙන යා හැකි මිනිසෙක් බවට ක්ෂණිකව පරිවර්ථනය වෙන්න.
ඔබ කැමැතිද, ඔබ සාමාන්‍යයෙන් වැඩකරන වේගය වගේ දෙගුණයක, තුංගුණයක වේගයකින් වැඩ්කරන මිනිසෙක් බවට වෙන්න?
ඔබ කැමැතිද ඉතාම ඉහල මට්ටමේ මානසික ක්රියාකාරීතවයක් ඇති, වේගයෙන් තීරණ ගත හැකි, ඒ වගේම ඉතාම නිරවුල් මනසක් ඇති පුද්ගලයෙක් බවට පරිවර්ථනය වෙන්න.
ඔබ කැමැතිද ඔබේ වැඩවල තියෙන පිලිවෙල, සැලසුම් සහගත බව වැනි දේවල් වල මට්ටම දෙගුණ තෙගුණ කර ගන්න.
එහෙනම් මේ සටහන ඍජුවම ඔබ වෙනුවෙන්
Productivity Hacking කියන්නේ ලෝකයේ ප්‍රායෝගික සාර්ථකත්වය ගැන කතා කරනකොට තියෙන ඉහල මට්ටමේ විශයක්. මේ විශය සාමාන්‍ය Productivity Hacking වල ඉදලා, Bio-Hacking වල අතිශය ප්‍රබල මට්ටම් දක්වාම විහිදිලා යනවා.
ඔබ Limitless චිත්‍රපටය චිත්‍රපටය එහෙම බලලා තියෙනවානම් ඔබට මතක ඇති එහි ප්‍රධාන චරිතය වන Eddie Morra ලබා ගන්නා ලද ඖෂධයක් හරහා ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසෙක් බවට පත්වෙලා, ඉතාම ප්‍රබල සාර්ථකත්වයන් ලගා කරගන්නා ආකාරය.
ඔහු මාස ගානක් ලියා ගන්න බැරුව හිටපු පොතක් ඔහු පැය කීපයක් ඇතුලත ලියලා ඉවර කරන්න පුලුවන් තැනට පත් වුන හැටි, ඒ වගේම ඔහුගේ මතකය, මනස තුල තියෙන පැහැදිලි බව වගේ දේවල් ක්ෂණිකව වෙනස් වෙන හැටි, අපිලිවෙල වගේ දේවල් සම්පූර්ණයෙන්ම ඔහු තුලින් ඉවත් වෙලා ඔහු වෙනස්ම මිනිසෙක් බවට ඔහුව පරිවර්ථනය වෙන හැටි.
මේක චිත්‍රපටයක කතාවක් වුනාට, මෙන්න මේ වගේ ක්ෂණික වෙනස්කම් ඇතිකරන Productivity Hacking Methods කියන දේනම් හිතලුවක් නෙමේ. මේක අදවන විට මේ චිත්‍රපටයේ තියෙන ඖෂධ හෝ ආහාරමය අතිරේක වැනි මට්ටම් දක්වාම දියුණු වෙලා ඉවරයි.
නමුත් මේ දේවල් සාමාන්‍ය මිනිසුන්ට භාවිතා කරන්න තියා හිතන්නවත් බැරි ඉහල මිල සීමාවන් යටතේ තියෙන නිසා බොහෝ වෙලාවට මේ දේවල් සාමාන්‍ය මිනිසුන් අතරට නම් එන්නේ නැති තරම්.
උදාහරණයක් විදිහට බැලුවොත්, මේ ආකාරයෙන් ඔබේ මානසික හා ශාරීරික ක්‍රියාකාරීත්වය ඉතාම ඉහල මට්ටමකට ගෙනෙන, ක්ෂණිකව ඔබව වෙනස් මිනිසෙක් බවට පත්කරන්න පුලුවන් ඇතැම් උපක්‍රම භාවිතා කරන්න, සාමාන්‍ය මිනිසෙක් මාස ගනනක් පුරා උපයන ආදායමත් මදි වෙන මට්ටමේ මිල මට්ටම් වල තමයි මේ උපක්‍රමය හා දැනුම තියෙන්නේ.
නමුත් එහෙම වුනාට, ටිකක් සූක්ෂමව අධ්‍යනය කලොත්, සාමාන්‍ය මිනිසෙක්ට වුනත්, මේ වගේ ක්ෂණික වෙනසක් ඇතිකරගන්න පුලුවන් ක්‍රම මේ ලෝකයේ නැත්වම නෙමේ.
උදාහරණයක් විදිහට මෙන්න මේ Methods ටික බලන්න.
අපි හිතමු, ඔබ විසදගන්න බැරි ප්‍රශ්ණයක හිර වෙලා, මොනවාද කරන්න ඕනේ කියලා හිතා ගන්න බැරුව ඉන්නවා කියලා. මෙන්න මේ වගේ වෙලාවක, ඔබේ නාන කාමරයට ගිහින්, විනාඩි 10ක් විතර Shower එකට ඔලුව අල්ලගෙන හොදට ස්නානය කරන්න.
ටික වෙලාවක් යනකොට ඔබට අත්විදින්න ලැබෙයි, ඔබේ ගැටලුවට කරන්න පුලුවන් දේවල් ගැන, විවිද අලුත්, අපූරු අදහස් ඔබේ ඔලුවට ගලාගෙන විදිහ.
සාමාන්‍යයෙන් අපිට අලුත් අදහස් ඇති වීම, නිර්මානශීලී බව ඇතිවීම වගේ දේවල් තීරණය වෙන්නේ, අපේ ශරීරය තුල Dopamine කියන රසායනය නිර්මාණය වීම එක්ක.
Dopamine Level එක අඩු වෙනකොට, අපිට අලුතින් හිතන්න පුලුවන් හැකියාව, නිර්මාණශීලී වෙන්න තියෙන හැකියාව, වෙනස් විදිහට හිතලා අලුත් තීරණ ගන්න පුලුවන් හැකියාව වගේ දේවල් අඩු වෙනවා.
නමුත් ඔබ ස්නානය කරනකොට ඔබේ Dopamine Level එක ස්වභාවිකවම ඉහල මට්ටමකට එනවා.
මේකත් එක්ක ඔබේ මොලය සහ මනස, කලින් තිබුන මට්ටමට වඩා ඉහල මට්ටමකින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා, එයත් එක්ක ගැටලුව විසදන්න පුලුවන් නිර්මානශීලීම විසදුම් ටික ඔබේ මනස එනවා.
තවත් උදාහරණයක් බැලුවොත් අපි හිතමු ඔබට තියෙන වැඩ ප්‍රමාණයත් එක්ක තියෙන කාලය මදි වගේ දැනෙනවා කියලා. අන්න ඒ වගේ වෙලාවකදී ඔබට භාවිතා කරන්න කරන්න පුලුවන් Productivity Hacking Method එකක් තමයි, කාලය ගත වෙන ආකාරය ගැන අවදානය යොමු කරගෙන වැඩ කරන එක.
සාමාන්‍යයෙන් අපි කාලය ගැන අවදානයෙන් ඉන්න වෙලාවට , අපේ වැඩ වල තියෙන කාර්යක්ෂමතාවය ඉතාම ඉහල මට්ටමකට එනවා. එයත් එක්ක අපිට, කාලය ඉතාම හෙමින් ගතවෙන බව දැනෙන මට්ටමක් දක්වාම පැමිනෙනවා.
නිකමට වගේ මේ අභ්‍යාසය කරලා බලන්න, ඔබ විනාඩි 10ක Countdown Timer එකක් තියලා මොනවා හරි කරන්න පටන් ගන්න, ඔබට දැනෙයි එහෙ බලලා මෙහෙ බලද්දි විනාඩි 10 ගිහින් වගේ හැගීමක්.
ඊට පස්සේ විනාඩි 10ක Countdown Timer දිහා වැඩ නොකර 0 වෙනතෙක් බලාගෙන ඉන්න, ඔබට දැනෙයි කලින් එහෙ බලලා මෙහෙ බලද්දි ගෙවිලා ගිය විනාඩි 10 ගත වෙන්න ඔබට ගොඩක් වැඩ කරන්න පුලුවන් තරම් ලොකු කාලයක් ගත වෙනවා වගේ හැගීමක්.
ඊට පස්සේ විනාඩි 10ක Countdown Timer එක දිහා බලාගෙන ඔබට කරන්න තියෙන වැඩ ටිකක් කරන්න උත්සාහ කරන්න.
ඔබට ප්‍රායෝගිකව පෙනෙයි, ඔබ සාමාන්‍යයෙන් විනාඩි 10ක් තුල කරන වැඩ වලට වඩා විශාල වැඩ ප්‍රමාණයක් කරන්න පුලුවන් හැකියාවක් ඔබ තුල ක්ෂණිකවම නිර්මානය වී ඇති බව.
මෙන්න මේ වගේ මිනිසුන් තුල ක්ෂණික වේගවත් වෙනස්කම් ඇතිකරන්න පුලුවන් උපක්‍රම රාශියක් මේ ලෝකයේ තියෙනවා.
මේ දේවල් ගැන, පසුගිය අවුරුදු කීපයක් පුරාවට මම කල අධ්‍යයනයන් සහ අත් හදා බැලීම් ඇසුරින් සකස් කල මෙන්න මේ වගේ ක්ෂණික වෙනස් කම් ඇතිකරන්න පුලුවන් උපකරම 7කට අදාල Productivity Hacking පාඩම් 7ක් ගැන තමයි මම හෙට පැවැත්වෙන 7Key Method වැඩසටහනේදී ඔබට කියලා දෙන්නේ.
විශේෂයෙන්ම මේ පාඩම් 7 ඔයා ඉගෙන ගෙන මේ උපක්‍රම භාවිතා කරන්න ගත්තාට පස්සේ, ඔයාගේ Productivity එකට අදාවල මෙන්න මේ පහත තියෙන වෙනස් කම් ඔයාට ඉතාම කෙටි කාලයක් තුල අත්විදින්න පුලුවන්.
01. ඔබට නින්ද අවශ්‍ය ප්‍රමානය අඩුවෙලා, වැඩි වේලාවක් ඔබේ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ඇති හැකියාව ඇති වීම, සහ උදෑසනම කිසිම ගැටලුවකින් තොරව අවදි වෙන්නට ඇති හැකියාව ඇති වීම
02. සාමාන්‍ය දවසකට සාපේක්ෂව, අපහසුවක් නොමැති, ප්‍රබෝධමත්, සුබවාදී ධනාත්මක හැගීම් ඇති අවදි වීමක් සමගින් දවස අරබන්න හැකි වීම.
03. ඔබ වැඩ කරන වේගය, සාමාන්‍ය මට්ටමට වඩා දෙගුණයක, තුන්ගුණයක වැනි මට්ටමක් දක්වා දියුණු වීම, එයත් කෙටි කාලයක් තුල විශාල වැඩ ප්‍රමාණයක් සාර්ථකව නිම කල හැකි පුද්ගලයෙක් වීමේ හැකියාව ඇති වීම
04. ඔබේ මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව ප්‍රබල මට්ටමකින් වැඩි වීම, මෙයත් සමග හිත එක තැනක තියාගෙන, තමන් කරන වැඩේ වෙනුවෙන් හිත පිහිටුවාගෙන වැඩ කරන්න හැකි වීම.
05. මානසික නිරවුල් බව, නිර්මාණශීලී බව, පිලිවෙල සහ මනස ක්‍රියාත්මක වෙන වේගය ප්‍රබල මට්ටමකින් වැඩි වීම.
06. දවස පුරාම, උපරිම උද්යෝගිමත් බවකින්, ජවයකින් ක්‍රියාත්මක වීමේ හැකියාව වර්ධනය වීම.
07. ඔබේ මතකය වැඩි වීම, වැඩ අතපසු වීම, මගහැරීම් සිදුවීම, අත් වැරැදීම් සිදුවීමේ ප්‍රමාණය ප්‍රබල මට්ටමකින් අඩු වීම.
08. කම්මැලි කම, අලස බව, වැඩ කල් දැමීමේ චර්යා රටාවන් ඔබෙන් ඉවත් වීම.
09. මානසික වශයෙන්, ශාරීරික වශයෙන් සහ හැගීම්මය වශයෙන් උපරිම සමබර ධනාත්මක බවක් පවත්වාගෙන යාමට හැකි වීම
10. රාජකාරී ජීවිතය, පවුල් ජීවිතය සහ අනෙකුත් ජීවිතයේ සියලු අංශයන්ට අදාල රාජකාරී සියල්ල, නිසි ආකාරයෙන් කළමණාකරණය කර ගනිමින් ක්‍රියාත්මක වීමට හැකි පුද්ගලයෙක් බවට පත් වීම
මෙන්න මේ තත්වයන් ඔබ තුලත් ඇතිකර ගන්න අවශ්‍ය නම්, ඒ වෙනස ඉතාම කෙටි කාලයක් තුල Productivity Hacking Methods හරහා ඇතිකර ගන්න කැමැතිනම්, අනිවාරයෙන්ම ඔබත් 7Key Method Webinar වැඩසටහන සමග සම්බන්ද වෙන්න.
ඔක්තෝම්බර් 31, 7Key Method වැඩසටහනට සම්බන්ද වෙන්න නොහැකි වුන අයට, මෙම සතිය තුල (නොවැම්බර් 7වන දා රාත්‍රී 12.00 දක්වා) මෙම වැඩසටහන අපගේ වෙබ් අඩවිය හරහා නරබන්න පුලුවන් හැකියාව තිබෙනවා.
ආයෝජණය රු: 2000
ඔබගේ ගෙවීම තහවුරු කර, Access ලබා ගන්න.
මෙම Webinar වැඩසටහන නැරැබීමට Access ලබා ගැනීමට, 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
පණ්විඩය යොමු කිරීමේදී "7Key Method" වැඩසටහන වෙනුවෙන් Access ලබාගැනීමට අවශ්‍ය බව පැහැදිලිව සදහන් කරන්න. ඉහත පණිවිඩය යොමු කිරීමේදී ඔබ මේ වෙනුවෙන් ගෙවීම් කල යුතු ආකාරයන් පිලිබද තොරතුරු, Whatsapp හරහා ඔබට ලැබෙනු ඇත.
ඔබේ පණිවිඩය යොමු කිරීමට පහත Whatsapp Now මත Click කරන්න
Comments