අපි හැමෝම අලුත් අවුරුද්දක් පටන් ගන්නකොට, ඒ අලුත් අවුරුද්ද වෙනුවෙන් විවිද අරමුණු ඇති කර ගන්නවා.
හැබැයි බහුතරයක් දෙනා මෙහෙම විවිද අරමුණු එක්ක අලුත් අවුරුද්ද පටන් ගත්තාට, බොහෝ වෙලාවට අවුරුද්ද ඉවර කරන්නේ, " එහෙ බලලා මෙහෙ බලද්දි අවුරුද්ද ඉවරයි, හිතපු කිසිම දෙයක් කර ගන්න බැරි වුනා ' කියන තැනින්.
ඒ නිසා, අද මම ඔබට කියලා දෙන්න යන්නේ, මේ අවුරුද්දේදී, ඔබ ඇති කරගත්ත අරමුණු ඇත්තටම ඔබ ජය ගනියිද, නැද්ද යන්න මනින්න පුළුවන්, මනෝවිද්‍යාත්මක ක්‍රමයක් ගැන.
මේකට අපි කියන්නේ 1st 3 Week Method කියලා.
මෙතැනදී සිද්ද වෙන්නේ, ඔබ ඔබේ නව වසරේ අරමුණු වලට අදාලව පළවෙනි දවස් 21 වැඩ කරන්නේ කොහොමද කියලා බලන එක.
ඕනෑම මනුස්සයෙක් තමන්ගේ අරමුණක් වෙනුවෙන් පළවෙනි දවස් 21 වැඩ කරන්නේ කොහොමද කියන දේ බලලා අපිට 90%කට වැඩි නිරවද්‍යතාවයක් ඇතිව, ඒ මනුස්සයා ඔය අරමුණු ජයගන්නවාද නැද්ද කියලා හරියටම හදුනා ගන්න පුළුවන්.
ඒ විදිහටම ඔබටත් පුලුවන්, මේ ක්‍රමයෙන් ඔබ ගැන ස්වයං අධ්‍යයනයක් කරලා බලන්න.
මෙතැනදී, ඔබ කරන්න ඕනේ දේ තමයි, වසරේ පලවෙනි දවස් 21 තුල ඔබ,
Energy
Plan සහ
Results
කියන දේවල් 3 පවත්වාගෙන ගිය ආකාරය, පහත ආකාරයෙන් තියෙනවාද කියන එක අධ්‍යයනය කරන එක. ඒ වගේම මෙතැනදී මේ අධ්‍යයනයන්ට ඔබ අවස්ථා දෙකක් භාවිතා කල යුතුයි, පලවෙනි අවස්ථාව තමයි 7 වෙනි දවස, දෙවැනි අවස්ථාව තමයි 21 වෙනි දවස.
Energy (ශක්තිය හා උද්යෝගය)
Energy කියන්නේ ඔබේ අරමුණ ජය ගැනීම වෙනුවෙන් තියෙන, ශක්තිමත්, උද්යෝගිමත් හැගීම කොතරම් දුරට තිබෙනවාද කියන එක. මෙතැනදී ඔබ බැලිය යුතු දේ තමයි,
පළවෙනි සතියේදී, (දවස් 7 තුලදී) තමන්ගේ අරමුණ ජය ගැනීම වෙනුවෙන් නොවෙනස් වූ ඉතාම ඉහල උද්යෝගයක් හා ශක්තිමත් හැගීමක් පවත්වාගෙන යන්න පුලුවන්ද කියන කාරනය.
සරලව කිව්වොත්, ජනවාරි 01 හරි කලින් අවුරුද්දේ දෙසැම්බර් 31 ඔබට මේ අවුරුද්ද ජය ගැනීම වෙනුවෙන් තිබුන අවශ්‍යතාවය හා ජවය, ඒ ආකාරයෙන්ම තිබෙනවාද කියන එක තමයි මෙතැනදී බලන්නේ.
ඒ වගේම දෙවැනි සතියේ සිට එය යම් ප්‍රමාණයකින් අඩු වුනාට කමක් නෑ, හැබැයි දවස් 21 අවසන් වෙනකොට එය සාමාන්‍ය කෙනෙක්ට වඩා කැපී පෙනෙන මට්ටමකින් තියෙන්න ඕනේ.
2. Plan (සැලසුම් සහගත වීම)
Plan කියන්නේ, ඔබ කොතරම් සැලසුම් සහගතව වැඩ කරනවාද කියන එක. මෙතැනදී ඔබ බැලිය යුතු දේ තමයි,
පලවෙනි සතියේදී, ඔබට ඔබේ අරමුණ වෙත ලගා වීම වෙනුවෙ කල යුතු දේ මොකක්ද, එය කල යුතු ආකාරය කුමක්ද සහ එය කල යුතු වෙලාව කුමක්ද, ඒ අනුව තමන් ප්‍රතිඵල නිර්මාණය කර ගන්නේ කොහොමද යන්න, තාර්කිකව පැහැදිලි කරන්න පුළුවන්ද කියන.
සරලවම කිව්වොත් එහි අදහස තමයි, තමන්ට හරි හමන් සැලැස්මක් තියෙනවාද කියලා තමන්ම පරික්ෂා කරලා බලන එක. මේ තත්වය අනිවාර්යයෙන්ම ඔබට පලමු දවස් 7 අවසන් වෙනකොට තියෙන්නම ඕනේ.
දෙවැනුවට ඔබ බලන්න ඕනේ දේ තමයි, දවස් 21 අවසන් වෙන විට, තමන්ට තමන් සැලසුම් කල විදිහටම වැඩ කරගෙන යන්න පුළුවන්ද කියන එක. එහෙම නැත්නම් ඒ දවස් 21 තුල සැලසුමෙන් පිට යන්නේ නැතුව දිගටම සැලැස්මත් එක්ක ඉදිරියට ගිහින් තියෙනවාද කියන එක.
3. Results (ප්‍රතිඵල)
Results කියන්නේ ප්‍රතිඵල ලබා ගැනීම කියන එක. මෙතැනදී ඔබ බලන්න ඕනේ දේ තමයි,
පලවෙනි සතියේදී, පලවෙනි දවසට වඩා තමන්ගේ ජීවිතයේ ඇතිවුන පුංචි වෙනසක් හරි තමන්ට පෙන්නන්න පුලුවන් තැනක තමන් ඉන්නවාද කියලා ලබන එක.
ඒ වගේම 21 වෙනි දවසේදී දවස් 21ට කලින් හිටපු තමන් හා දැන් ඉන්න තමන් අතරේ බැලූ බැල්මට පෙනෙන වෙනසක් තිබෙනවාද යන්න බලන එක.
මෙන්න මේ දේවල් අධ්‍යයනය කරනකොට,
පලවෙනි සතියේදී තියෙන්න ඕනේ මට්ටම් ඔබ තුල නැත්නම් ඔබ තේරුම් ගන්න ඕනේ දේ තමයි, ප්‍රායෝගිකව යම් කිසි සාර්ථකත්වයක් ලගා කරගන්න පුලුවන් මට්ටමක ඇත්තටම ඔබ නෑ කියන එක. ඔබට නියත වශයෙන්ම ගොඩක් මහන්සි වෙලා ඔබේ හැකියාවන් දියුණු කරගන්න වෙනවා ඔබට අවශ්‍ය තැනට යන්න නම්.
ඒ වගේම පලවෙනි සතියේදී තියෙන්න ඕනේ දේවල් ඔබ ලග තියෙනවා නම් 50% ඔබ ඔබේ අරමුණු ජය ගනීවි කියලා විශ්වාසය තියන්න පුළුවන්.
හැබැයි, දවස් 7දී තිබිය යුතු දේවල් තිබුනත්, දවස් 21 වන විට තියෙන්න ඕනේ දේවල් නැත්නම්, එහි අදහස තමයි, ඔබට සාර්ථක වෙන්න අවශ්‍ය මූලික පදනම තිබුනත්, වැඩේ ප්‍රායෝගිකව කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ඔබ ලග නෑ කියන එක.
ඒ නිසා ඒ මට්ටමේ ඔබ ඉන්නවා නම්, නියත වශයෙන්ම ඔබ තමන්ට හරි මග පෙන්වීමක් කරන්න පුළුවන්, තමන්ව තමන් ගමන් කල යුතු මාරගයේ ඉදිරියට අරගෙන යන්න පුලුවන් කෙනෙක් එක්ක ඒ ගමන යන්න පටන් ගන්න ඕනේ.
ඒ අතරේ, ඒ තමන්ව දියුණු කර ගැනීම වෙනුවෙන් කල යුතු දේවල් කරන්න පටන් ගන්නත් ඕනේ.
හැබැයි මේ අවස්ථා දෙකේදිම ඔබ අවශ්‍ය තත්වයන්ට ඇවිත් තියෙනවා නම්, ඔබ ගැන ඔබට බය වෙන්න දෙයක් නෑ. ඔබ දැනටමත් 90% ඔබේ අරමුණු ජයගන්න පුළුවන් තැනක ඉන්නවා.
මේ ක්‍රමය මට කියලා දුන්නේ, මේ වන විට මිලියන ගනනක ව්‍යාපාර මෙහෙයවන විදේශීය ව්‍යාපාරිකයෙක්, ඔහු මේ දේ භාවිතා කලේ, තමන් එක්ක හවුල් කරුවන් වෙන්න උත්සාහ කරන අය හා තමන් යටතේ වැඩකරන සේවකයින් ඇත්තටම අරමුණු ජය ගන්න පුළුවන් මට්ටමේ ඉන්න අයද කියලා පරික්ෂා කිරීම වෙනුවෙන්.
ඒ වගේම ඒ වෙනුවෙන්, මේ ක්‍රමය මමත් පසුගිය වසර 10කට අදික කාලයක් තිස්සේ ඉතාම සාර්ථකව භාවිතා කරනවා.
ඉතින් ඔබත් මේ විදිහට ඔබව ස්වයං අධ්‍යයනයකට ලක් කරලා බලන්න...
එතැනදී අඩුපාසුවක් දැනෙනවා නම්, ඒ අඩුපාඩු මගහරවා ගන්න අවශ්‍ය මූලිඛ පියවර ගැන මම මගේ "ජීවිතය දිනන ප්‍රායෝගික මග" පොතේ පියවර සහිතව සදහන් කර තිබෙනවා. කියවපු නැති අයට එයත් පහතින් eBook එකක් විදිහට Download කරගෙන කියවන්න පුළුවන්.
Online ගෙවීම් කරන්න බැරි අයට, බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන් හෝ Ez Cash හරහා ගෙවීම් සිදු කිරීමෙන්, මෙය email එකට ලබා ගන්න පුලුවන්. ඒ සදහා 0764393624 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න
Comentários