අනවශ්‍ය වියදම් අඩුකර ගැනීම කියන්නේ, කොච්චර උත්සාහ කලත් කරගන්න අමාරු, ඒත් බොහෝ දෙනෙක් කරන්නට උත්සාහ කරන දෙයක්. නමුත් මොහෝ දෙනෙකුගේ ජීවිත තුල තියෙන සත්‍ය තමයි, කොච්චර උත්සාහ කලත්, තමන් හිතන තරම් සාර්ථකව මේ වැඩේ කරගන්න නොහැකි වීම.
මොකද කොච්චර උත්සාහ කලත්, කොහොම හරි, අපි දන්නේම නැතුව වියදම් වීම සිදුවෙනවා.
ඒ නිසා මේ ලිපියෙන් අපි ඔබට කියලා දෙන්නේ, අන්න ඒ අනවශ්‍ය වියදම් අඩු කර ගැනීම සාර්ථකව කරන්නේ කොහොමද කියන දේ ගැන. ඒ වෙනුවෙන් පහත අපි දක්වා තිබෙන, සරල උපක්‍රම ටික ඔබත් ඔබේ ප්‍රායෝගික ජීවිතයේදී අත් හදා බලන්න. දින කීපයක් යන විට වෙනදට වඩා බොහෝ ප්‍රමාණයකින් ඔබේ අනවශ්‍ය වියදම් මට්ටම අඩු වී ඇති බව ඔබටම අත්විදින්නට හැකි වේවි.
1 අනවශ්‍ය වියදම් ලයිස්තුවක් සකස් කර ගන්න
බොහෝ දෙනෙක්ට අනවශ්‍ය වියදම් සිදුවෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි, තමන් මේ කරන්නේ අනවශ්‍ය වියදමක් බව වියදම කරන වෙලාවෙදී මතක් නොවීම. ඒ නිසා තමන්ගේ අතින් සාමාන්‍යයෙන් වෙන අනවශ්‍ය වියදම් මොනවද කියන දේ ලයිස්තු ගත කරන්න. ඒ ලයිස්තුව හොදට පෙනෙන තැනක තබන්න. නිතර නිතර කියවන්න.
එතලොට ඔබ දන්නේම නැතිව, අදාල වියදම් , ඔබ නොකල යුතු අනවශ්‍ය වියදම් ලෙස ඔබේ මනසේ තදින් තැම්පත් වෙනවා. වියදමක් කරන වෙලාවට, ඒ දේ මතකයට ඇවිත්, ඒ වියදම ඔබෙන් සිදුවීම වැලැක්වීමක් ඔබේ මනස විසින්ම සිදු කරන්න පටන් ගන්නවා.
2. අනවශ්‍ය වියදම් ටික ඉතිරි වුනොත් කරන්න පුලුවන් ලොකුම දේවල් වල ලයිස්තුවක් සකස් කරන්න
ඔබ ඔබේ අනවශ්‍ය වියදම් හරහා ඉතිරි කර ගන්නා, මුදලින් ඔබට කරන්න පුලුවන් දේවල් වල ලයිස්තුවක් සකස් කරන්න. ඒ ලයිස්තුව , ඔබේ අනවශ්‍ය වියදම් ලයිස්තුව ලගින්ම අලවා ගන්න. නිතර නිතර කියවන්න.
මේ දේ හරහා අනවශ්‍ය වියදම් වලක්වා ගන්න, හොද හේතුවක් ඔබේ මනස තුල නිර්මානය වෙනවා. අනවශ්‍ය වියදමක් කරන්න යනකොට ඒ දේ හරහා තමන්ට තව කොච්චර වැදගත් දේවල් කරන්න පුලුවන්ද කියන දේ හිතෙන්න පටන් ගන්නවා. එය, ඔබ අතින් සිදුවන අනවශ්‍ය වියදම් සිදු වීම් වැලැක්වීමට ප්‍රබල විදිහට උදව් වෙනවා.
3. සැලසුම් සහගතව වියදම් කරන්න
හැමදාම අදාල දවසට තමන්ට අවශ්‍ය මුදල් ප්‍රමානය කොච්චරක්ද, ඒ මොන මොන දේවල් වෙනුවෙන්ද කියන දේ දවස පටන් ගන්න කලින් සටහන් කරන්න. අවශ්‍ය ප්‍රමාණයට පමනක් මුදල් තබා ගන්න.
4. ක්‍රෙඩිට් ලිමිට් සීමා කරන්න
ඔබ ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරනවා නම් සෑම විටම අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් ගැලපෙන සීමිත , ඔබට දැරිය හැකි ණය සීමාවක් සහිත කාඩ් පතක් ලබා ගෙන භාවිතා කිරීම අරබන්න. එය නිතර ඔබ ලග තබා ගන්නා කාඩ් පත් අතර තබා ගන්න. එයින් ඔබේ එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් පියවන්න. (ණය පහසුකම සීමිත නිසා, ඔබට සැලකිල්ලෙන් වියදම් කිරීමට එය අභිප්‍රේරණයක් ලබා දෙනවා)
ඔබට ඔබේ සාමාන්‍ය ණය ගෙවීම් හැකියාව ඉක්මවා ගිය ණය පත් තිබෙනවා නම්, ඒවා පසුම්බියෙන් ඉවත් කර අත්‍යවශ්‍ය වෙලාවක පමණක් භාවිතය වෙනුවෙන් වෙනමම තබා ගන්න.
5. ඉතිරි කිරීම වෙනුවෙන් වියදම් අඩු කරන්න එපා
බොහෝ දෙනෙක් අනවශ්‍ය වියදම් අඩු කරන්නේ කීයක් හරි ඉතිරි කර ගන්න අදහසින්, නමුත් ඒ බොහෝමයක් ඉතිරි කිරීමේ අදහස් තුල යම් අඩුවක් තියෙනවා. ඒ තමයි, ඒ ඉතිරි කිරීම කරන්නේ ඇයි කියන දේ ගැන හරි අදහසක් නැතුව තමයි , බොහෝ දෙනෙක් ඉතිරි කරන්නේ.
ඒ නිසා සමහර වෙලාවට, ඉතිරි කිරීමේ අදහස යටපත් කරගෙන වියදම් කරන්න තියෙන වුවමනාව උඩට එන අවස්ථාවන් වලට බොහෝ දෙනෙක්ට නිතර මුහුණ දෙන්න වෙනවා.
අන්න ඒ නිසා, කිසිම වෙලාවක ඉතිරි කිරීම් වෙනුවෙන් වියදම් අඩු කරන්න එපා, යම් කිසි දෙයක් කිරීම වෙනුවෙන් වියදම් අඩු කරන්න, ඒ දේ කිරීම වෙනුවෙන් වියදම් අඩු කරලා ඉතිරි කරන්න.
උදාහරණයක් විදිහට, ඔබ කැමැති තැනකට සංචාරය කිරීමේ අදහසින්, අනවශ්‍ය වියදම් අඩු කරලා ඉතිරි කරන්න. එය නිකන්ම ඉතිරි කිරීමේ අදහසින් වියදම් අඩු කරන්න හදනවාට වඩා ප්‍රායෝගිකව සාර්ථකයි.
6.වියදම් අඩු කර ගැනීම අභියෝගයක් කර ගන්න
සමහර වෙලාවට ඔබ , දුම්බීම වගේ දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නවානම්, කොතරම් උත්සාහ කලත් වියදම් අඩු කර ගන්න එක අමාරු වෙන්න පුලුවන්, එතැනදී, වියදම් අඩු කිරීම අභියෝගයක් කරගෙන කලින් දවසට වඩා සාර්ථක වෙන්න උත්සාහ කරන්න
උදාහරණයක් විදිහට ඔබ අද දවසේ දුම්බීම වෙනුවෙන් රු 500ක් වියදම් කලානම්, හෙට දවසේදී රුපියලක් හරි අඩුවෙන් වියදම් කරන්න උත්සාහ කරන්න, එය අභියෝගයක් කර ගන්න. ඒ ආකාරයෙන් පියවරෙන් පියවර වියදම් අඩු කරන්න.
7. අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් වෙන්කරලා , ඉතිරි මුදල් ඉතුරුම් වෙනුවෙන් ඉවත් කරන්න
ඔබට වැටුප් ලෙස හෝ වෙනත් ආකාරයකින් යම් මුදලක් ලැබුනම, එයින් ඔබට අත්‍යවශ්‍ය වෙන වියදම් වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණය වෙන්කරගෙන, ඉතිරි සියල්ල, ඉතිරි කිරීම වෙනුවෙන් යොදන්න. ඒ මුදල් ඔබට ලේසියෙන් භාවිතයට ගන්න අමාරු තැනක තියන්න.
ඒ වෙනුවෙන් ඔබට බොහෝ විට ස්ථාවර තැම්පතුවක ඉතිරි කිරීමක් හෝ ඔබේ බිරිදගේ , සැමියාගේ හෝ දරුවෙක්ගේ නමට වන ගිණුමක ඉතිරි කිරීමක් වැනි දෙයක් ඔබට කරන්න පුලුවන්.
මූල්‍ය සාර්ථකත්වය ගොඩනැගීමේ ප්‍රායෝගික උපක්‍රම හා සැලසුම් ගැන ප්‍රායෝගික මට්ටමකින් ඉගෙන ගන්න, පහතින් මේ වෙනුවෙන්ම අප නිකුත් කර ඇති, පොහොසත් බවේ රන් දොරටු හා මූල්‍ය අර්බුද ජය ගැනීමේ කලාව යන කෘතීන් දෙක Download කරගෙන කියවන්න.
මූල්‍යමය අපහසුතා, ණය ගැටලු වැනි ගැටලුකාරී අවස්ථා ඇති විට එයින් මිදීම වෙනුවෙන්, ක්‍රියාත්මක කල යුතු මූල්‍ය සැලසුම් සහිත ප්‍රායෝගික උපදෙස් පොත.
මූල්‍යමය ස්ථාවර බව ඇතිකර ගැනීම වෙනුවෙන් ප්‍රායෝගික මූල්‍ය සැලසුම් සහිත උපදෙස් සහිත ප්‍රායෝගික උපදෙස් පොතකි.
Download කරගැනීමට අපහසු අය මෙය email එකක් ලෙස ලබා ගැනීමට ඔබට ලබා ගැනීමට අවශ්‍ය පොතේ නම සදහන් කල පණිවිඩයක් 0764393624 අංකයට Whatsapp හරහා යොමු කරන්න.
Thank you 🙏
Thank you sir 😍