ඇපල් සමාගම කියන්නේ මේ වන විට ලෝකයේ තියෙන විශාලතම ආයතන වලින් එකක්, කොටින්ම කිව්වොත්, ඇපල් සමාගමේ ආර්ථිකය, සමස්ථ ශ්‍ර්‍රි ලංකාවේ ආර්තිකයටත් වඩා ගොඩක් විශාලයි. සාමාන්‍යයෙන් ඔවුන්ගේ දවසක ආදායම විතරක් අද වන විට ඩොලර් මිලියන 157 පමණ වෙනවා.
අද මේ ලිපියෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ, මේ සුවිශාල සමාගමේ නිර්මාතෘ වරයා වුන, ස්ටීව් ජොබ්ස් ගේ ජීවිතයෙන් අපිට ඉගෙන ගත හැකි සාර්ථකත්වයේ පාඩම් 07ක් ගැන.
කැමති දේ හබා යන්න
ස්ටීව් ජොබ්ස් සදහන් කරන විදිහට, විශිෂ්ඨ වැඩක් කරන්න තියෙන හොදම විදිහ තමයි, තමන් කරන දෙය ආශාවෙන් කරන එක. මේ නිසා ස්ටීව් හැම වෙලාවකදීම, තමන් කරන්නට ආශා කරන දේවල් වලට ප්‍රමුඛත්වය දීලා වැඩ කලා.
ඒ ආශාව, කොතරම් බාධක ආවත්, නොනැවතී ඉදිරියට යන්න ඔහුව දිරිමත් කල බව, ඔහුගේ ජීවිතයේ බොහෝ සිදුවීම් තුල අපිට හදුනා ගන්න පුලුවන්.
2. පාරිබෝගිකයා සතුටු කිරීම
ඔහු සෑම විටම, අනෙක් මිනිසුන් සතුටු කිරීම තමන්ගේ දියුණුවට හේතු වෙන බව තදින් විශ්වාස කලා. ඒ නිසා, ඇපල් සමාගමේ හැම නිර්මාණයක්ම, මිනිසුන්ට අවශ්‍ය දෙයක් කරනවා වෙනුවට, මිනිසුන් දැඩිව ආශා කරන දෙයක් කරන්න ඔහු උත්සාහ කලා.
අදටත්, ඇපල් නිශ්පාදන, බොහෝ දෙනෙක් මිලදී ගන්නේ, එහි තියෙන අවශ්‍යතාවයට වඩා, ඇපල් නිශ්පාදන වලට තියෙන ආශාවට බව අමුතුවෙන් සදහන් කරන්න ඕනේ නෑනේ!
3. පරාජයන් බාර ගැනීම
ස්ටීව් හැම වෙලාවකදීම, අසාර්ථක වීම් සාර්ථකත්වයේ කොටසක් ලෙස බාර ගත්ත කෙනෙක්. ඒ නිසා, ඔහු අසාර්ථකත්වයන් තුල අසාර්ථක වෙනවා වෙනුවට, ඒවා යගන්න පුලුවන් විදි සොයමින් ඉදිරියට ගියා.
සෑම විටම පරාජයන් තුල, දුක් වෙනවා වෙනුවට, තමන් අසාර්ථක වන්නේ ඇයි යන්න හදුනා ගනිමින් එම තත්වයන් වෙනස් කරන්නට කල යුතු දේ කලා. මෙය ඔහුව ඉතා ඉහල සාර්ථකත්වයකට රැගෙන ගියා.
4. සරල වීම
ස්ටීව් සෑම විටම සරල වීම දියුණුවට වාසියක් ලෙස සැලකුවා, එය ඔහු අදින පලදින ආකාරය තුල පවා පවත්වාගෙන ගියා. සංකීර්ණ බව තුල ඇතිවෙන අනවශ්‍ය වෙහෙස ඔහු සෑම විටම සරල වීම තුල සාර්ථකත්වයට ආයෝජණය කිරීමක් සිදු කලා.
අනවශ්‍ය සංකීර්ණ බව තුල වෙහෙසට පත් වීම, නිශ්ඵල දෙයක් බව ඔහු දැඩිව විශ්වාස කලා.
5. නිරන්තරයෙන් අලුත් වීම
අලුත් වීම, සෑම විටම සතුට ගෙන දෙන දෙයක් බව ස්ටීව්ගේ අදහස වුනා. මේ නිසා, සෑම විටම අලුත් වෙමින්, අලුත් දේ නිර්මානය කරමින්, පාරිබෝගිකයන් පුදුම කිරීම හා සතුටු කිරීම තුල ඔහු සාර්ථකත්වය ගොඩනැගීම සිදු කලා.
ඇපල් ආයතනයේ දියුණුවට මේ අලුත් බව බොහෝ සෙයින්ම බලපෑ කරුණක්.
6. තමන්ව විශ්වාස කිරීම
ස්ටීව් ගේ අදහස්, මුල් කාලයේදී බොහෝ දෙනෙක් පිලිගත්ත අදහස් නෙමේ, මේ නිසා, වරෙක ඔහුට තමන්ම හදපු ඇපල් සමාගමෙන් ඉවත් වෙන්න පවා සිදු වුනා.
නමුත්, ස්ටීව් කවුරු පිලිගත්තේ නැති වුනත්, තමන්ට හරි කියලා හිතෙන අදහස් වෙනුවෙන් දිගටම පෙනී සිටියා. මේ නිසා තමයි ඇත්තටම ඇපල් සාර්ථක සමාගම් අතර තියෙන තවත් එක සමාගමක් නොවී, අති සාර්ථක සමාගමක් ලෙස ඉදිරියට ආවේ.
7. සාර්ථක වීමේ කුසගින්නෙන් සිටීම
ස්ටීව්, සෑම විටම තමන්ගේ ඉලක්ක ඉහල දමමින්, සාර්ථකත්වයේ කුසගින්න තමන් තුල නිර්මාණය කර ගනිමින් ජීවත් වුන කෙනෙක්. මේ නිසා ඔහුට සෑම දවසකම, දිනන්නට බලාපොරොත්තුවක් තිබුනා.
ඒ වගේම ඔහු හැම දවසක්ම, තමන්ගේ අවසන් දවස ලෙස සිතමින්, කටයුතු කල චරිතයක්. මේ නිසා, ඔහු කිසිම දවසක තමන්ගේ දියුණුවට අදාල කිසිවක් අනාගතයට කල් තැබුවේ නෑ. ඒ වගේම සීමිත කාලය පිලිබද හැගීම, ඔහු තමන්ගේ සාර්ථකත්වය කෙරෙහි වන කුසගින්න වැඩිකර ගැනීමේ ආයුධයක් ලෙස සෑම විටම භාවිතා කලා.
තව දුරටත් ඔබේ ජීවිතය, අරමුණු සහිත, සැලසුම්සහගත එකක් කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කල යුතු අභ්‍යාස, උපක්‍රම පිලිබද වගේම, ධනාත්මක මානසිකත්වයක් ඇතිකර ගැනීම, කාල කළමණාකරණය වැනි බොහෝ දේ ඉගෙන ගන්න, පහතින් ජීවිතය දිනන ප්‍රායෝගික මග කෘතිය Download කරගෙන කියවන්න.
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් පහත සහදන් මෙම කෘතියට අදාල Product Code එක, සදහන් කල පණිවිඩයක් +94764393624 අංකයට Whatsapp හරහා පණිවිඩයක් යොමු කරන්න.
Product Code : JDPM2023
コメント