top of page
Writer's pictureChathuska Amarasekara

අද දවස "සාර්ථක දවසක්" කරගන්න, පියවර 04ක අභ්‍යාස සැලැස්මක්.

Updated: Sep 14, 2023



ජීවිතය සාර්ථක කරගැනීම, එහෙමත් නැත්නම් වෙනස් කර ගැනීම ගැන දහසක් බලාපොරොත්තු තියාගෙන, දවස ආරම්භ කරලා, එකම තැන පල් වෙන මිනිහෙක් විදිහට නින්දට ගිය දවස් ඔබේ ජීවිතයේ කොතරම් තියෙනවාද?


ඔබ කැමතිද, ඒ තත්වය වෙනස් කරගෙන, හැම දවසකම, උදෑසන අවදි වෙනකොට හිටියාට වඩා පුංචි පියවරක් හරි ඉදිරියට තැබූ සාර්ථක මිනිහෙක් විදිහට නින්දට යන්න පුළුවන් තත්වයන් තමන්ගේ ජීවිතය තුල ඇති කර ගන්න? එහෙම නම් මේ ලිපිය ඔබ කියවිය යුතුමයි.


මගේ ජීවිතයේ ඔබ වගේම, දහසක් බලාපොරොත්තු තියාගෙන, අවදි වෙලා, කිසිම දෙයක් කරගන්න බැරිවුන, එකම තැන පල් වුන, උදේ නැගිටිනකොට තිබුන ප්‍රශ්ණ එක්ක ඒ විදිහටම රෑ නින්දට යන මිනිසෙක් ලෙස ගත කරපු වසර ගනනාවක් තිබුනා.


ඒ තත්වය වෙනස් කර ගන්න, මම නොකරපු දෙයක් නැති තරම්, හැබැයි අද මම ඔබට කියලා දෙන පියවර පහක සැලැස්ම මම මගේ ජීවිතය තුල Apply කරන්න පටන් ගන්න තෙක්ම, මම උත්සාහ කල කිසිම දෙයක් හරහා, මේ තත්වය වෙනස් කරගන්න ලැබුනේ නෑ. හැබැයි මේ දේ මම මගේ ජීවිතයට Apply කරපු දවසේ සිට මේ මොහොත වෙන තුරු, මම මගේ ජීවිතය තුල උදෑසන අවදි වෙනකොර හිටියාට වඩා පුංචි පියවරක් හරි ඉදිරියට ගිය මිනිසෙක් ලෙස නින්දට නොගිය කිසිම දවසක් නැති තරම්.


ඒ නිසා මම කැමතියි, ඔබත් ඒ වෙනස අද දවසේදී ඔබේ ජීවිතය තුල ඇති කර ගන්නවා නම්,


4 Step Plan


ඔබේ දවස සාර්ථක දවසක් කර ගැනීම වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක කල යුතු පියවර 5හේ අභ්‍යාස සැලැස්ම මෙහෙමයි.


  1. Daily Fixing Target හදුනා ගන්න.

Daily Fixing Target හදුනා ගන්න කියන එකේ අදහස වෙන්නේ, උදේ හිටියාට වඩා සාර්ථක මිනිහෙක් ලෙස නින්දට යන්න නම්, තමන්ගේ අද දවස තුල වෙනස් විය යුතු දේවල් මොනවාද කියන දේ හදුනා ගන්න එක.


උදාහරණයක් විදිහට, මම මේ ක්‍රමය පටන් ගන්නකොට, පලවෙනි මාසය පුරාම මම මගේ Daily Fixing Target එක ලෙස තියා ගත්තේ, හැම දවසකම මම දෛණිකව උපයන මුදලට වඩා රු 1000ක් උපයන්න පුළුවන් මිනිසෙක් ලෙස රෑ නින්දට යන එක. (පලවෙනි මාසය ඉවර වෙනකොට මම ඇත්තටම රු 30000ක අමතර ආදායමක් මාසිකව උපයන කෙනෙක් වුනා)


2. Fixing Steps හදුනා ගන්න.


Fixing Steps හදුනා ගන්න, කියන එකේ අදහස වෙන්නේ, තමන්ගේ Target එකට යන්න නම් තමන් අද දවස තුල ප්‍රායෝගිකව කරන්න ඕනේ මොනවාද කියන එක, පියවරෙන් පියවර ලියන එක.


ඒක හරියට, අපි කෑම එකක් හදන්න පාවිච්චි කරන කෑම වට්ටෝරු පොතක තියෙන උපදෙස් වගේ, පැහැදිලි, ප්‍රායෝගික, පිලිවෙලට සකස් කල පියවර වෙන්න ඕනේ.


මේ පියවර, තමන්ට සාර්ථක වෙන්න පුලුවන් කියන දේ ගැන, ඔබ තුල ලොකු ආත්ම විශ්වාසයක් ඇතිකරනවා, මොකද මේ පියවරත් එක්ක, ඔබට දැනෙනවා තමන් මේ දේවල් කලොත්, ඇත්තටම තමන්ට තමන්ගේ Daily Fixing Target එක දිනන්න පුලුවන් කියන එක.


3. Time Slots පුරවන්න


Time Slots පුරවන්න, කියන එකේ අදහස වෙන්නේ, තමන්ගේ Fixing Step ටික දවසේ මොන මොන වෙලාව වලදී ද කරන්නේ කියන එක. මෙතැනදී ඔබ, ඒ එකිනෙක වැඩේ කරන්නේ මොන වෙලාවෙදිද, පටන් ගන්නේ කීයටද, ඉවර කරන්නේ කීයටද කියන එක පැහැදිලිව සැලසුම් කර ගන්න ඕනේ.


4. Do & Tick


Do & Tick කියන එකේ අදහස වෙන්නේ, ඔබේ Fixing Steps ටික සැලසුම් කරපු වෙලාවට කරලා, ඒක කලා කියල සටහන් කර ගන්න එක.


මේ පියවර ඔබට, තමන් පියවරෙන් , පියවර ඉදිරියට යනවා කියන හැගීම ඔබ තුල ඇති කරනවා. මේ පියවරත් එක්ක, ඔබ පියවර කීපයක් නිම කරනකොට, ඉතිරි පියවර ටිකත් ඒ වගේම නිම කර ගන්න ඕනේ කියන Motivation එක ඉබේම ඔබ තුල නිර්මාණය වෙනවා.


හැම දවසකම, මේ විදිහට පුංචි පියවරක් ඉස්සරහට තියන්න ඔබ Try කලොත්, මාසයක් ඉවර වෙනකොට, ඔබේ ජීවිතය තුල නියත වශයෙන්ම ලොකු වෙනසක් ඇති වෙනවා.


මම ඔබත් එක්ක මේ දේ Share කර ගත්තේ, එක තැන පල් වීමේ වේදනාව මම දන්න නිසා. මේ වගේම ලිපි ටිකකින් ඉදිරිරියේදී අපි ආයෙත් හමු වෙමු.

 

තව දුරටත්, ජීවිතය සැලසුම් කිරීම, ඉලක්ක හබා යාම, අභියෝග වලට මුහුණ දීම වැනි දේට අදාල ප්‍රායෝගික උපක්‍රම සමගින් ජීවිතයේ ප්‍රබල වෙනසක් ඇති කර ගන්න පහත "ජීවිතය දිනන ප්‍රායෝගික මග" උපදෙස් පොත හා වැඩ පත්‍රිකා Download කරගෙන එහි ඇති අභ්‍යාස වල නිරත වෙන්න.

Online ගෙවීම් කරන්න බැරි අයට, බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන් හෝ Ez Cash හරහා ගෙවීම් සිදු කිරීමෙන්, මෙය email එකට ලබා ගන්න පුලුවන්. ඒ සදහා 0764393624 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න


ජීවිතයේ සාර්ථකත්වයට අදාල විවිද මාතෘකා ගැන පාඩම් ඇතුලත් Premium Blogs කියවීමට හා Podcast සහ Masterclass සදහා Access කිරිමට මෙතැන Click කරන්න. නැත්නම් වෙබ් අඩවියේ මෙනුවේ ඇති Premium කොටස වෙත පිවිසෙන්න.


1,328 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page