top of page
Writer's pictureChathuska Amarasekara

වැරැදීම් ජීවිතය පසුපසට අදින දෙයක් නෙමේ

Updated: Dec 1, 2022



බොහෝ දෙනෙකු සිතන්නේ වැරදීම් යනු ඔබගේ ජීවිතය පසුපසට ඇද තබන දෙයක් කියාය, කුඩා කල සිටම දරුවන්ට ගුරුවරුන් හා වැඩිහිටියන් විසින් කියා දෙන්නේ වැරදිම් සිදු නොකරන ලෙසටය. නමුත් සැබවින්ම වැරදීම් යනු අපගේ ජීවිතය, සාර්ථකත්වය පසුපසට ගෙන යන දෙයක්ද?


මා ඔබට ලෝකයේ ඉතාමත් සාර්ථක මිනිසුන් වැරදීම් පිලිබදව දැක්වූ අදහස් කීපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.


"වැරදීම් යනු අලුත් දෙයක් ඉගෙන ගැනීමට ඇති අවස්ථාවකි" - රොබර්ට් කියොසාකි


" වැරදි නොකරන මිනිසා කිසි දිනෙක අළුත් යමක් අත්හදා බලන්නෙකු නොවේ" - ඇල්බට් අයින්ස්ටයින්


"අප ඉගෙන ගන්නේ වැරදීම් තුලින් මිස සාර්ථකත්වයෙන් නොවේ" - බර්ට් ස්ටෝකර්


" බුද්දිමත් මිනිසුන් ඉගෙන ගන්නේ වැරදීම් තුලිනි" - බ්‍රැන්ඩන් මෝල්


සැබවින්ම වැරදීම් යනු සාර්ථකත්වයේ එක්තරා කොටසකි. ඔබ සාර්ථකත්වය හබා යනවානම් ඔබ ඔබගේ ජීවිතය තුල වැරදි සිදුවීමට ඉඩ දිය යුතුය. ඔබ අලුත් දෑ අත්හදා බැලිය යුතුය. එය ඔබව සැම විටම ශක්තිමත් කරයි.


සෑම විටම ඔබ සිදු කරන ලද වැරදි තුලින් ඔබට ඉගෙන ගැනීමට ඇති පාඩම කුමක්ද යන්න පිලිබදව අවදානයෙන් සිටින්න. කිසිවිටකවත් වැරදි සිදුවේයැයි කියා ඔබගේ සාර්ථකත්වය වෙත යාමෙන් වැලකී නොසිටින්න.


තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුල නිපදවීමේදී දහස් වතාවකට වඩා වැරදීම් සිදු කල අතර අවසානයේ ඔහු කීවේ තමා විදුලි බුබුලක් ක්‍රියා නොකිරීමට හේතු දහසකට වඩා ඉගෙන ගත්තා මිස , තමාට වරදක් සිදු නොවුන බවය.


වැරදීම් යනු ජීවිතයට අවශ්‍ය දෙයකි. එය දෙස ධනාත්මකව බලන්න. එවිට එම වැරදීම් ඔබව වඩා ඉහල සාර්ථකත්වයකට ගෙනයන බව ඔබට වැටහේවි.

 

ජීවිතයේ සාර්ථකත්වය ගොඩනැගීමේ කලාව ගැන වැඩි දුරටත් කියවීමට "ජීවිතය දිනන ප්‍රායෝගික මග" කෘතිය පහතින් Download කර ගන්න.


වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න

50 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page