ෆෝඩ් මෝටර් රථ සමාගමේ නිර්මාතෘ වුන හෙන්රි ෆෝඩ් කියන්නේ සාර්ථකත්වය ගැන කතා කරනකොට අමතක නොකරම බැරි චරිතයක්. ඒ නිසාම අද ලිපියෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ, මේ ලෝකප්‍රකට ව්‍යාපාරිකයාගේ ජීවිතයෙන් අපට ඉගෙන ගත හැකි සාර්ථකත්වයේ පාඩම් 07ක් ගැන.
01. ස්ථීරභාවය: ෆෝඩ් ඔහුගේ ජීවිත කාලය පුරාම බොහෝ පසුබෑම් සහ අසාර්ථකත්වයන්ට මුහුණ දුන් කෙනෙක්, නමුත් ඔහු කිසි විටෙකත් ඔහු තුල වූ අරමුණු වෙනස් කලේ හෝ අත් නොහැරියේ නැහැ. "විශ්වාසනීය සහ දැරිය හැකි මෝටර් රථයක්" නිර්මාණය කිරීමට ඔහුගේ තුල වූ අරමුණ සාර්ථක වෙන තෙක්ම ඔහු එම අරමුණ තුලම රැදී සිටිමින් ක්‍රියාත්මක වුනා.
ඔහු ව්‍යාපාර තුල අරමුණු වෙත ලගා වීමේදී, නෑ, බෑ යන්න අහන්නේ නැතුව, කෙසේ හෝ කල යුතු බවට බලකරන චරිතයක් ලෙස ඉතාම ප්‍රසිද්ධයි. මෙම ී අසාර්ථකත්වයට හේතු බාර ගැනිමෙන් තොරව, විය යුතු දේ විය යුතුමයි යන ස්ථීර හැගීමෙන් යුතුව කටයුතු කිරීම ඔහුගේ සාර්ථකත්වය ඉතාම ඉහල තැනක රැඳවීමට හේතු වූ ප්‍රබල සාධකයක්.
02. නවෝත්පාදනය: ෆෝඩ් යනු සෑම විටම අලුත් වීමට උත්සාහ කල චරිතයක්, ඔහු කිසිම විටක පරණ අදහස්, විශ්වාස එක්ක රැදී සිටින්නට කැමැති වූ කෙනෙක් නෙමෙයි, මේ නිසා ඔහුට තමන්ගේ නමට නව නිර්මාණ වෙනුවෙන් වන පේටන් බලපත්‍ර 100කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට පවා හැකි වුනා. ඒ වගේම ව්‍යාපාර තුලත්, ඔහු ගොඩනැගූ ඒ අලුත් වීමේ ලක්ෂණය, වැඩි පාරිබෝගික ආකර්ෂණයක් ලැබීමට හේතු වුනා.
03. පාරිභෝගිකයා කෙරෙහි අවධානය යොමු කරන්න: ්ෆෝර් සෑම විටම තමන්ගේ පාරිබෝගිකයාගේ පැත්තෙන් සිතා කටයුතු කිරීමට දක්ෂයෙක් වුනා. ඒ නිසා ඔහුට බොහොම පහසුවෙන් පාරිබෝගිකයින් ඉල්ලන විදිහේ භාන්ඩ හා සේවා වෙලදපොලට නිකුත් කරන්න හැකි වුනා.
ඒ වගේම මේ විදිහට, වෙනත් දෘෂ්ඨි කෝනයකින් බලා කටයුතු කරන්නට ඇති හැකියාව, සාමාන්‍ය ජීවිතය තුලත් මිනිසුන් දිනා ගනිමින් සෑම අංශයක් තුලම සාර්ථක වීමට ඔහුට බොහෝ සෙයින් වැදගත් වුනා.
04 නායකත්වය: ෆෝඩ් සෑම විටම නායකයකු ලෙස කටයුතු කල චරිතයක්. ඔහු සෑම විටම අවදානම් බාර ගනිමින්, වගකීම් බාර ගනිමින් ඉදිරියෙන් කටයුතු කලා. එම නායකත්ව ලක්ෂණය ඔහුට සියලු අංශයන් තුල හොඳ පාලනයක් ඇති කර ගැනීමට බොහෝ සෙයින් උපකාරී වුනා.
05. නොපසුබස්නා උත්සාහය: ෆෝඩ් අභියෝග සහ පසුබෑම්වලට මුහුණ දුන් කිසිම අවස්ථාවක තමන්ගේ අරමුණු අත් නොහල චරිතයක්. ඔහු සෑම විටම, අභියෝග යන්න ජයගැනීමට ඇති දෙයක් පමණක් බව විශ්වාස කරමින් කටයුතු කලා.
ඒ නිසාම ඔහු බාධක ඇති වෙන සෑම විටම, ඒවා අත් හැරීම වෙනුවට, විවිධ ආකාරයෙන් උත්සාහ කර ජය ගැනීම තමන්ගේ එකම විකල්පය බවට පත් කරගෙන කටයුතු කලා.
06. අසාර්ථක වීමෙන් ඉගෙනීම: ෆෝඩ් අසාර්ථකත්වය සෘණාත්මක දෙයක් ලෙස සැලකුවේ නැහැ. ඒ වෙනුවට ඔහු එය දුටුවේ ඉගෙනීමට සහ වැඩිදියුණු කිරීමට අවස්ථාවක් ලෙසයි. ඒ නිසා, ඔහු සෑම විටම අසාර්ථකත්වය තුල ඉගෙන ගැනීමට ඇති දේ ඉගෙන ගෙන, ඉදිරියට යාම වෙනුවෙන් එය භාවිතා කල යුතු බව දැඩිව විශ්වාස කලා.
07. සරල වීම: ෆෝඩ් සෑම විටම, සරල වීම දියුණුවේ රහසක් ලෙස සැලකුවා. ඔහු ව්‍යාපාර තුලත් සංකීර්ණ ක්‍රියාවලීන් වෙනුවට සරල හැමෝටම තේරෙන ආකාරයේ ක්‍රියාවලීන් නිර්මානය කරන්නට උත්සාහ කලා.
සෑම විටම යමක් සංකීර්ණ වීම නිසා තේරුම් ගැනීමට ගත වන කාලය ඔහු කාලය අපතේ යැවීමක් ලෙස සැලකූවා. මේ නිසා එම කාලය අපතේ යාම වලක්වා ගැනීම වෙනුවෙන් ඔහු සෑම විටම කියන කරන සියල්ල සරල ආකාරයකින් පවත්වාගෙන යාමට උත්සාහ කලා.
ඔබත්, අරමුණු තුල වන ස්තීර බව, සෑම විටම අලුත් වීමට උත්සාහ කිරීම, වෙනත් අයගේ කෝනයන්ගෙන් විවිද දේ බලන්නට හුරු වීම, නායකයකු වීම, බාදක හමුවේ ජය ගැනීම එකම විකල්පය කරගෙන කටයුතු කිරීම, අසාර්ථකත්වයන්ගෙන් ඉගෙන ගෙන නැවත නැගී සිටීම මෙන්ම සෑම දෙයක්ම සරල ආකාරයකින් කිරීම ඔබේ ජීවිතයට එකතු කර ගන්න උත්සාහ කරන්න.
එය නියත වශයෙන්ම ඔබේ ජීවිතය බොහෝ වෙනස් කරාවි.
තව දුරටත් ඔබේ ජීවිතය, අරමුණු සහිත, සැලසුම්සහගත එකක් කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කල යුතු අභ්‍යාස, උපක්‍රම පිලිබද වගේම, ධනාත්මක මානසිකත්වයක් ඇතිකර ගැනීම, කාල කළමණාකරණය වැනි බොහෝ දේ ඉගෙන ගන්න, පහතින් ජීවිතය දිනන ප්‍රායෝගික මග කෘතිය Download කරගෙන කියවන්න.
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් පහත සහදන් මෙම කෘතියට අදාල Product Code එක, සදහන් කල පණිවිඩයක් +94764393624 අංකයට Whatsapp හරහා පණිවිඩයක් යොමු කරන්න.
Product Code : JDPM2023
Comments