top of page

NEWS : ඉතිහාස ගත ලෙස ලෝකයේ ප්‍රබල ආයතන දහස් ගනනින් සේවකයින් ඉවත් කරයි.



මේ වසර කීපය, ලෝකයේ රැකියාව මත ජීවත් වෙන අයට නම් එතරම් සුබ කාලයක් නෙමේ, මේ වන විට ලෝකයේ බොහෝ ආයතන, තමන්ගේ සේවක ප්‍රමාණය විශාල ලෙස අඩු කරමින් සිටිනවා.


උදාහරණ ලෙස,


  1. Microsoft ආයතනය, ඔවුන්ගේ සේවක පිරිසෙන් 10000ක් ඉවත් කරන බව ජනවාරි මාසයේදී නිවේදනය කලා.

  2. Alphabet (Google මව් සමාගම) : ගූගල් ආයතනයේ මවු සමාගම වෙන Alphabet සමාගම ඔවුන්ගේ සේවක පිරිසෙන් 12000ක් ඉවත් කරන බව ජනවාරි මාසයේදී නිවේදනය කලා.

  3. Amazon සමාගම : Amazon සමාගම, තමන්ගේ සේවකයින්ගෙන් 18000ක් දැනටමත් ඉවත් කර අවසන්, නමුත් ඔවුන් එය තවත් 9000කින් වැඩි කරන බව නිවේදනය කර තිබෙනවා.

  4. SAP සමාගම : ලෝකයේ ප්‍රබල මෘදුකාංග සමාගමක් වන SAP සමාගම සේවකයින් 3000ක් ඉවත් කරන බව ජනවාරියේ නිවේදනය කලා

  5. Sea Group : Free Fire වැනි ක්‍රීඩා නිර්මානය කල Sea Group සමාගම පසුගිය වසරේදී සේවකයින් 7000ක් පමණ ඉවත් කලා

  6. Dell : Dell සමාගම ඔවුන්ගේ සේවකයින්ගෙන් 6650ක් ඉවත් කරන බව පෙබරවාරි මාසයේදී දැනුම් දුන්නා.

  7. Apple : Apple සමාගම තවමත් තම පටි තද කර ගනිමින්, සේවකයින්ට රැකියා අහිමි නොකර සිටින නමුත්, කොන්ත්‍රාත් පදනම මත සිටි සේවකයින් ඔවුන් ඉවත් කර තිබෙනවා. ඒ වගේම ඔවුන් ඇතැම් සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දීම ප්‍රමාද කර ඇති අතර, මාර්තු මාසයේ අලුත් සේවකයින් බදවා ගැනීම ප්‍රබල ලෙස අඩු කර තිබෙනවා.

මීට අමතරව ලෝකයේ බොහෝ ආයතන මේ වන විට ඉදිරි ආර්ථික වෙනස් කම් වෙනුවෙන් සූදානම් වන අතර, ලොව පුරා රැකියා වෙලද පොල තිබෙන්නේ ඉතාම තීරණාත්මක තැනක.


විශේෂයෙන්ම මේ වන විට AI තාක්ෂණය ලෝකයේ රැකියා වෙලද පොල ආක්‍රමණය කිරීම ආරම්භ කර ඇති නිසා, ඉදිරියේදී රැකියා වෙලද පොලේ බොහෝ අවස්ථා මිනිසුන්ට අහිමි වීම සිදුවනු ඇති බව බොහෝ දෙනෙකුගේ මතය වෙනවා.

 

පුද්ගල මූල්‍ය අර්බුද හා ණය ගැටලු ජය ගන්නේ කොහොමද? ඒ වෙනුවෙන්, සකස් කල විශේෂ සැලසුම් හා උපක්‍රම සහිත ප්‍රායෝගික උපදෙස් පොත (eBook) පහතින් Download කර ගන්න,

වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අය email එකක් ලෙස මෙම පිටපත ගෙන්වා ගැනීමට +94764393624 අංකයට Whatsapp හරහා පණිවිඩයක් යොමු කරන්න.

42 views

댓글

별점 5점 중 0점을 주었습니다.
등록된 평점 없음

평점 추가
bottom of page