ජීවිතයේ සතුට, සාර්ථකත්වය සහ තෘප්තිය ළඟා කර ගැනීම සඳහා ධනාත්මක මානසිකත්වයක් වර්ධනය කිරීම කියන්නේ බොහොම වැදගත් කාරණයක්.. මේ සටහනෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ, එම ධනාත්මක මානසික තත්වය ඔබ තුල ගොඩනගා ගන්න ඔබට කල හැකි පියවර 05ක් ගැන. කෘතඥතාව පුරුදු කරන්න
කෘතඥතාව යනු, ජීවිතයේ සිදුවූ යහපත් දේ පිලිබද අවදානය යොමු කර, එවැනි දේ සිදුවීම කොතරම් වාසනාවක්ද යන්න කල්පනා කිරීමයි. එසේත් නැත්නම්, එවැනි සිදුවීම් තමන්ගේ ජීවිතයට රැගෙන ආ කුමන හෝ බලවේගයකට ස්තුතිවන්ත වීමයි. එවැනි යහපත් දේ ඉදිරියටත් බලාපොරොත්තු වීමයි. කෘතඥතාව පුහුණු කිරීම සඳහා, සෑම දිනකම තමන් කෘතඥ විය යුතු ජීවිතයේ කරුණු තුනක් ලිවීමෙන් දවස ආරම්භ කිරීම අභ්‍යාසයක් ලෙස ඔබට කල හැකියි. මෙම සරල පිළිවෙත ඔබ ප්‍රායෝගිකව සිදු කලොත්, එය ඔබේ අවධානය ඍණාත්මක සිට ධනාත්මක වෙත මාරු කිරීමට ප්‍රබල ලෙස උපකාරී වන බව ඔබටම අත්විදින්නට ලැබේවි.
ඍණාත්මක සිතුවිලි වලට අභියෝග කරන්න
ඍණාත්මක සිතුවිලි වලට අභියෝග කිරීම යනු, ඍණාත්මක අදහස් ඒ ලෙසම බාර නොගෙන, ඒවා ගැන තාර්කිකව ප්‍රශ්ණ කිරීමයි. මෙහි සරලම අදහස වන්නේ, "මට බෑ" යනුවෙන් සිතනවා වෙනුවට "මට පුලූවන් වෙන්න මොනවාද කරන්න ඕනේ?" යනුවෙන් සිතීමයි.
එය ඍණාත්මක අදහස් වල ඔබ රැදී සිටිමින් ජීවත් වීම අවම කර, ඍණාත්මක දේ තුල යමක් ඉගෙන ගනිමින් ඉදිරියට යාමට හැකි තත්වයන් නිර්මානය කරයි. ධනාත්මක පුද්ගලයන් නිතර ඇසුරු කරන්න
සෑම විටම ඔබ නිතර ඇසුරු කරන පුද්ගලයින්ගේ අදහස් හා සාකච්චාවන් ඔබේ මානසිකත්වයට ඍජු බලපෑම් ඇති කරයි. ඍණාත්මක පුද්ගලයින් නිතර ඇසුරු කිරීම, ඔබව ඍණාත්මක කරන අතර, ධනාත්මක පුද්ගලයින් නිතර ඇසුරු කිරීම, ඔබේ මනස ධනාත්මක සුබවාදී අදහස් වලින් සමන්විත වීමට අවශ්‍ය පරිසරය ප්‍රබල ලෙස නිර්මාණය කරයි. එමෙන්ම එය ඔබට දියුණුව වෙනුවෙන් නව මාවත් සොයා ගැනීමට ඇති හැකියාව වර්ධනය කරයි.
මේ වෙනුවෙන්, අවම ඔබ වැඩියෙන්ම ඇසුරු කරන පුද්ගලයින් පස් දෙනා, සුබවාදී , ධනාත්මක සිතුවිලි සහිත පුද්ගලයින් කර ගැනීමට ඉලක්ක කර ගන්න. ගැටළු නොව විසඳුම් කෙරෙහි අවධානය යොමු කරන්න
සෑම විටම ගැටලුවක් ඇති වූ විය, එය ගැන සිතනවා වෙනුවට, එයට ඇති විසඳුම් ගැන සිතීමට කාලය යොදවන්න. එය ඔබ, ගැටලු හමුවේ ඍණාත්මක වීමට ඇති ඉඩකඩ අවම කරන අතර, ගැටලු වලින් මිදී ඉක්මනින් සාර්ථකත්වය නැවත අත්විදීමට ඇති හැකියාවද නිර්මාණය කරයි.
ස්වයං රැකවරණය පුරුදු කරන්න
ධනාත්මක මානසිකත්වයක් පවත්වා ගැනීම සඳහා ස්වයං රැකවරණය අත්‍යවශ්‍ය වේ. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමෙන්, නිතිපතා ව්‍යායාම කිරීමෙන්, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමෙන් සහ ඔබට ප්‍රීතිය ගෙන දෙන ක්‍රියාකාරකම්වල යෙදීමෙන් ඔබේ ශාරීරික, මානසික සහ චිත්තවේගීය යහපැවැත්ම ගැන සැලකිලිමත් වන්න. ඔබ ඔබ ගැන සැලකිලිමත් වන විට, ඔබට ආතතිය සමඟ සාර්ථකව කටයුතු කළ හැකි අතර ජීවිතය පිළිබඳ ධනාත්මක දෘෂ්ටියක් පවත්වා ගෙන කටයුතු කිරීමට ඇති හැකියාව වර්ධනය කරගත හැකි වෙයි.
තව දුරටත්, ධනාත්මක වීම, ඉලක්කගත වීම, සැලසුම් සහගත වීම, අභියෝග හමුවේ සාර්ථකව ඉදිරියට යාම ඇතුලු බොහෝ හැකියාවන් ඔබ තුල නිර්මාණය කර ගන්නා ආකාරය ගැන ඉගෙන ගන්න, පහතින් ජීවිතය දිනන ප්‍රායෝගික මග කෘතිය Download කරගෙන කියවන්න.
Online Download කර ගැනීමට අපහසු නම්, E-Mail එකක් ලෙස ගෙන්වා ගැනීමට, පහත සදහන් මෙම පොතේ Product Code එක, සදහන් කල පණිවිඩයක්, 0764393624 අංකයට Whatsapp හරහා යොමු කරන්න
Product Code : JDM232
Comments