මගේ ජීවිතයේ බොහෝ කාලයක් යන තෙක්, මම හදාගන්න උත්සාහ කල, ඒත් කොච්චර උත්සාහ කලත්, නිසි ආකාරයෙන් ගොඩනගා ගන්න නොහැකිවුන හැකියාවක් තමයි, "මානසික ඒකාග්‍රථාවයක් ඇතුව, එක අරමුණක හිත රදවාගෙන වැඩ කිරීම" කියන්නේ.
මේ තත්වය ගොඩනගා ගන්න මට නොහැකි වුන නිසා, බොහෝ වෙලාවට මම ජීවිතේ අත්විදපු තත්වයක් තමයි, කොච්චර උවමනාවෙන් යුතුව විවිධ දේ කරන්න පටන් ගත්තත්, ඒ කිසිම දෙයක් හරි ආකාරයෙන්, කරගෙන ගිහින් ඉවර කරන්න නොහැකි වන ස්වභාවය.
බොහෝ වෙලාවට මම විවිධ දේ සැලසුම් කරනවා, ඒ වගේම ඒ දේවල් කරන්න පටන් ගන්නවා, නමුත් දවසක් දෙකක් යනකොට, එක්කෝ මගේ අරමුණුගත බව වෙනස් වෙලා මම වෙන වෙන දේවල් කරන්න පටන් ගන්නවා, නැත්නම්, දන්නේම නැතුව මගේ සැලසුම් අමතක වෙලා, මම මගේ සැලසුම් වලින් පිට පනිනවා.
ඒ නිසා මගේ ජීවිතේ බොහෝ කාලයක් මම අත්විදපු Reality එක තමයි, මොනවා හරි දෙයක් කරලා ඉදිරියට යන්න ලොකු වුවමනාවක් තිබුනත්, ඒ දේ මට කරන්න පුලුවන් බව දැනගෙන හිටියත්, ඒ වෙනුවෙන් කොතරම් හොද සැලසුම් මං ලග තිබුනත්, කල යුතු දේ මගෙන් නොවීම නිසා, එකම තැන පල් වෙන්න සිදු වීම.
ඒ නිසා, මම යම් යම් තැන් වල සාර්ථක වුනත්, බොහෝ වෙලාවට සාර්ථක වුනේ ඉතාම හෙමින්. මගේ ජීවිතේ වැඩියෙන්ම තිබුනේ, බාගෙන ඉවර කරපු සැලසුම්.
මෙන්න මේ නිසා තමයි මම එක මොහොතකදී, සියලු දේ අත හැරලා, අනාගතය ගැන දැකපු සියලු හීන බලාපොරොත්තු තාවකාලිකව පැත්තකට දාලා, මම කොහොමද මගේ මනස අරමුණක තියාගෙන වැඩ කරන්නේ කියන දේ හොයන්න පටන් ගත්තේ.
ආසන්න වශයෙන් බැලුවොත් මේ කාලය සම්පූර්ණයෙන්ම මාස 6කට වැඩියි. මේ කාලය පුරාවටම මම කලේ, "මානසික ඒකාග්‍රථාවයක් ඇතුව, එක අරමුණක හිත රදවාගෙන වැඩ කිරීම" කියන එකම එක මාතෘකාව ගැන හොයපු එක. මම මේ ලෝකයේ ඉන්න බොහෝ ගුරුවරුන්ගේ ඉගැන්වීම් අධ්‍යයනය කලා. බොහෝමයක් පුහුණු කිරීම් ප්‍රායෝගිකව අත් හදා බැලුවා.
මෙන්න මේ මොහොතෙදි තමයි මට තේරුනේ, මම ඒ ගැන නොදන්න දේවල් කොච්චරද කියලා.
ආසන්න වශයෙන් බැලුවොත් අරමුණක් ඇතුව, මානසික ඒකාග්‍රතාවයක් ඇතුව වැඩකරන්න බැරි වීම මට පාසල් කාලයේ සිට ව්‍යවසායකයෙක් ලෙස මම ගත කරපු පළමු අවුරුදු කීපය දක්වාම තිබුන දෙයක්, නමුත් හරියට මනස පුහුණු කරන්න පටන් ගැනීමෙන් පසුව, සියල්ල වෙනස් වෙන්න ගිය කාලය බැලුවොත් ආසන්න වශයෙන් මාස දෙකකටත් වඩා අඩුයි.
ඔබ දන්නවාද, මේ පුහුණු කිරීම්, සාමාන්‍යයෙන් මම සති කීපයක් වෙහෙසිලත් ඉවර කරගන්න බැරි වුන වැඩ එක් දිනක් තුල නිම කරන්නට හැකි තරම් කාර්යක්ෂමතාවයක් මා තුල නිර්මාණය කල බව?
ඔබ දන්නවාද සාමාන්‍යයෙන් අපි පැය 8ක් තුල නිම කරන වැඩ ප්‍රමාණය කියන්නේ, සාමාන්‍යයෙන් අපිට ඇත්තටම මිනිත්තු 93ක් වැනි කාලයක් තුල නිම කරන්න පුලුවන් ප්‍රමාණයක් බව? මේක පරීක්ෂණාත්මකව වසර ගනනක් පුරාවට නැවත නැවත ඔප්පු වුන කාරනයක්.
නමුත් අපිට ප්‍රමාණවත් මට්ටමකින් අපේ අරමුණු කෙරෙහි හිත පිහිටුවාගන්න බැරි නිසා, මනස තුල පැහැදිලි බවක්, පිලිවෙලක් නැති නිසා, හැම වෙලාවකම අපි ක්‍රියාත්මක වෙන්නේ 20% ත් වඩා අඩු හැකියා මට්ටමක් දක්වා විතරයි.
ජීවිතේ බොහෝ දෙනෙක් අසාර්ථක වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ දේ.
මනස අරමුණු ගත කිරීම ගැන හොයන කාලයේ, මට හමු වූ එක්තරා විශේෂීය ව්‍යාපාරිකයෙක් දවසක් මට ඔහුගේ දින සැලසුම පෙන්වූවා, ඔහු පිටු තුනක් පුරාවට ඔහුට එදා දවසේ කරන්න තිබූ වැඩ එහි සදහන් කර තිබුනා.
මම ඒ දේ දැක්ක ගමන් ඔහුගෙන් අහපු පළමු දේ තමයි, මෙච්චර වැඩ තොගයක් ඔබ කොහොමද දවසින් කරන්නේ කියලා
ඔහු මට ඒ වෙනුවෙන් දුන්නේ හරි අපූරු පිලිතුරක්, ඔහු කිව්වේ "Go beyond 20% limit" - " 20% සීමාව පනින්න" කියලා. වෙනත් විදිහකින් කිව්වොත්, ඔහු ඒ මට කිව්වේ, මනස දුර්වල නිසා මම රැදිලා ඉන්න 20% ඵලදායීතා සීමාවෙන් පනින්න කියන එක.
ඊට පස්සේ ඔහු මට වැඩිදුරටත් කියපු දේ තමයි,
"ඔබ ගිහින් මගේ බිරිදගෙන් අහන්න, මගේ අතින් වෙන්න ඕනේ දේවල් මග හැරෙනවාද කියලා,
ඔබ මගේ දරුවන්ගෙන් ගිහින් අහන්න මම එයාලත් එක්ක සෙල්ලම් කරන්න එනවාද කියලා, එතකොට ඔබට තේරෙයි, මේ වැඩ කන්දරාව මම කරන්නේ, අනිත් හැම දෙයක්මත් කරන ගමන් කියලා...
ඒ නිසා 20% සීමාවෙන් පණින්න, එතකොට මෙච්චර කල් වෙනස් කරගන්න බැරිවුන හැමදෙයක්ම වෙනස් වෙන්න පටන් ගනියි."
මේ සිදුවීම තමයි, මට මනස අරමුණුගත කර ගැනීම ගැන සෙවීම වෙනුවෙන් ලැබුනු ලොකුම Motivation එක.
පසුකාලීනව මම ඒ සීමාව පණිනකොට මට තේරුණ දේ තමයි, ඇත්තටම මනස තුල මනා අරමුණුගත බවක්, පාලනයක්, පැහැදිලි බවක් තිබෙනවානම්, අපි හිතනවාට වඩා බොහෝ දේවල් කරන්න තරම් දිගු කාලයක් එක දවසක් තුල තිබෙනවා කියන එක.
වෛදික (Vedic) දැනුම් පද්දතීන් තුල කාලය හදුන්වන්නේ පුද්ගලයාට සාපේක්ෂ අත්දැකීමක් විදිහට, විසිරුණු, අවුල් වුනු, මනා පාලනයකින් තොර මනසක් සහිත මිනිසුන්ට දවසක් නෙමේ, අවුරුද්දත් එහෙ බලලා මෙහෙ බලද්දි ඉවර වෙනවා.
ඔබ නිකමට ඔබ ගැනම හිතලා බලන්න, හරියටම තව මාස තුනකට ආසන්න කාලයකින් මේ 2021 අවුරුද්ද ඉවරයි, ඔබට දැනුනද මේ අවුරුද්ද ගෙවුන විදිහ, නැත්නම් එහෙ බලලා මෙහෙ බලද්දී ඉවර වුනා වගේ හැගීමක්ද තියෙන්නේ.
මේ ගැන හිතනකොට ඔබටම තේරුම් ගන්න පුලුවන් වෙයි ඔබේ මට්ටම.
හැබැයි ඔබට එහෙම වුනාට, ඉතාම හොදින් අරමුණුගත වුන මනසක් තියෙන, තමන්ගේ සැලසුම් ගැන ඉතාම පැහැදිලි අදහස් තියෙන, තමන්ගේ හීන වලට යන්න නම් තමන් නිශ්චිත වශයෙන්ම කරන්න ඕනේ මොනවද කියන දේ දැනගෙන අවදි වෙන, රාත්‍රී නින්දට යනකොට, තමන් තමන්ගේ සාර්ථකත්වය කරා යන ගමනේ හරියටම ඉන්නේ කොතනද කියලා හරියටම දන්න, තමන් එදා දවසේ කොතරම් ඉදිරියට ගියාද කියලා පැහැදිලි අවබෝධයක් ඇතුව තමන්ගේ දවස ඉවර කරන මිනිසෙක්ට මේ අත්දැකීම ගොඩක් වෙනස්.
ස්වාමි විවේකානන්ද ගැන ඔබ අහලා තියෙනවාද?
ආධ්‍යාත්මික සංවර්ධනය ගැන හොයන කෙනෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම ඔහුගේ නම ඇහිලා ඇති. මොකද ආධ්‍යාත්මික දියුණුව ගැන කතා කරනකොට ඔහුගේ අතිශය ප්‍රායෝගික ඉගැන්වීම් අදටත් ලෝකයේ ඉතාම ප්‍රචලිතයි.
ඔබ දන්නවාද ඔහුට, සාමාන්‍යයෙන් මිනිසෙක්ට සති ගනනක් තිස්සේ වුනත් කියවන්න පුලුවන් තරමේ පොත් ඔහු එක දවසෙන් කියවන්න හැකියාවක් තිබුන බව?
මේ හැකියාව ගැන ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමේදී, ඔහු පවා ලබා දී තිබූ පිලිතුර වී තිබුනේ, මනස තුල මනා පාලනයක්, පිලිවෙලක්, අරමුණුගත වීමේ හැකියාවක් තියෙනවානම් එය ඕනෑම කෙනෙකුට කල හැකියි කියලා.
ඇන්ඩෘ කානිගී කියන්නේ, මේ ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙක්. එක අවස්ථාවක , ඇමරිකානු රජය ඔහු ගැන රහස් පරීක්ෂණයක් ආරම්භ කලා.. ඒකට හේතුව වුනේ, ඇන්ඩෘ කානිගී දියුණු වෙන වේගය ඉතාම සැක සහිත වීම.
නමුත් සෑහෙන කාලයක් ඔහු ගැන ඉතාම සූක්ෂමව හොයලත් කාටවත් ඔහුගේ කිසිම ගැටලුවක් නම් හොයා ගන්න ලැබුනේ නෑ.
අන්තිමට මේ පරීක්ෂණය කරපු රහස් පරීක්ෂණ කන්ඩායම, ඔහුගෙන් කෙලින්ම ප්‍රශ්ණ කරන්න පටන් ගත්තා, ඔහුගේ කටින් මොනවා හරි අල්ල ගන්න හිතාගෙන...
නමුත් ඔබ දන්නවාද ඔහු කියපු දේ?
ඔහු එතැනදී ඔහුගේ වේගවත් දියුණුවේ රහස විදිහට කියන්නේ, විනාඩි 5ක් එකම අරමුනක පූර්ණ වශයෙන් හිත රදවාගෙන ඉන්න පුලුවන් හැකියාව.
ඒ නිසා මම ඔබට යෝජනා කරනවා, තාමත් ඔබට හිතන තරම් සාර්ථක වෙන්න බැරි වුනානම්, මහන්සි වුනාට ඉදිරියට යන්නේ හරිම හෙමින් නම්, ජීවිතේ පුරාම තියෙන්නේ පටන් අරගෙන බාගෙට නතර වුන දේවල් නම්.
මනස තුල පැහැදිලි බවක්, පිලිවෙලක් නැත්නම්...
කරන වැඩ තාවකාලිකව නතර කරලා, මුලින්ම මනස හදා ගන්න කියලා.
මොකද ඔබ මනස හරියට හදාගෙන, හරි අරමුණුගත බවක් ඇතුව, පිලිවෙලක් ඇතුව, තමන් කරන දේවල් සහ තමන්ට ලැබෙන ප්‍රතිඵල ගැන මනා අවබෝධයක් ඇතුව වැඩ කරන මාස 6ක් ඇති, එහෙම නැතුව වැඩ කරන අවුරුදු ගානක ප්‍රතිඵල ලගා කර ගන්න.
ඒ නිසා ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න..
හිරු එලිය විසිරිලා තියෙන වෙලාවක කොච්චර බලවත් වුනත් ඇති කරන්නේ රස්නයක් විතරයි, හැබැයි, එතරම් රස්නේ නැති, උදෑසන හිරු කිරනක් වුනත් අපි කාචයකින් එක තැනටකට එකතු කලොත්, එතැන ඇති වෙන්නේ ගින්නක්.
අන්න ඒ වගේම තමයි, විසිරුණු, අපිලිවෙල සහිත මනසක් ඇතුව ඔබ කොතරම් මහන්සි වුනත්, ඔබට ලබා ගන්න පුලුවන් ඉතාම සුලු සාර්ථකත්වයක් විතරයි, හැබැයි යම් මොහොතක ඔබේ මනස ප්‍රබල මට්ටමකින් අරමුණුගත වුනොත්, මනා පැහැදිලි බවක්, පිලිවෙලක් ඇතුව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත්, ඒ මොහොතේ පටන් ඔබේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නේ ඔබට හිතාගන්නත් බැරි වේගයකින්.
මානසික එකාග්‍රතාවය, අරමුණු ගත ගොඩනගා ගැනීමේ ප්‍රායෝගික උපක්‍රම පිලිබද පියවර සතිත උපදෙස් හා අභ්‍යාස සහිතව සකස් වුන, "මානසික ඒකාග්‍රතාවය ගොඩනැගීමේ මග" ප්‍රායෝගික උපදෙස් පොත පහත සබැදිය හරහා Download කර ගන්න.
Online ගෙවීම් කරන්න බැරි අයට, බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන් හෝ Ez Cash හරහා ගෙවීම් සිදු කිරීමෙන්, මෙය email එකට ලබා ගන්න පුලුවන්. ඒ සදහා 0764393624 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න
Comentarios