ඔබට ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යාමට අවශ්‍ය නම්, ඒ වෙනුවෙන් ඇති පහසුම ක්‍රමය වන්නේ, දැනටමත් සාර්ථක වී සිටින මිනිසුන් අධ්‍යයනය කර, ඔවුන්ගේ ක්‍රියාකාරකම් අපේ ජීවිත තුල අනුකරනය කිරීමයි.
මෙම බ්ලොග් සටහනෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ, ඒ ආකාරයෙන් ඔබේ ජීවිතය තුල විශාල වෙනසක් ඇති කර ගැනීමට භාවිතා කල හැකි ලෝකයේ අති සාර්ථක මිනිසුන් සතු පුරුදු 7ක් පිලිබදවයි.
මේ පුරුදු 07 ඔබේ ජීවිතය තුල ඔබට ඇතිකර ගත හැකිනම්, එය නියත වශයෙන්ම ඔබේ ජීවිතයේ විශාල වේගවත් වෙනසකට නියත වශයෙන්ම හේතු වනු ඇත.
01 වගකීම් සහගත වීමේ පුරුද්ද.
කිසිම අවස්ථාවක, තමන්ගේ අසාර්ථකත්වය වෙනත් බාහිර සාධකයක් නිසා ඇති වූවක් නොවන බව සිටීම සහ සෑම විටම තම අසාර්ථකත්වයන් තමන්ගේ වගකීමක් ලෙස බාරගෙන ක්‍රියාත්මක වීම මෙයින් අදහස් වෙයි.
02. ඉලක්ක සහිතව ක්‍රියාත්මක වීමේ පුරුද්ද
ඉතා සාර්ථක පුද්ගලයන් පැහැදිලි, නිශ්චිත ඉලක්ක තබා ගනී. ඔවුන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය දේ දන්නා අතර සෑම දිනකම ඒ සඳහා ක්‍රියා කරයි. සෑම දිනකම තමන්ගේ ඉලක්ක මොනවාද යන්න දැනගෙන අවදි වීමත්, තමන්ගේ ඉලක්ක වෙත කොතරම් ලගා වූවාද යන්න දැනගෙන දවස අවසානයේ නින්දට යාමත් ඔබ විසින් පුරුද්දක් ලෙස පවත්වාගෙන යා යුතු වෙයි.
03. ප්‍රමුඛත්වය මත ක්‍රියාත්මක වීමේ පුරුද්ද.
ඉහළ සාර්ථකත්වයක් ඇති පුද්ගලයින් සෑම විටම වඩාත් වැදගත් දේ කෙරෙහි පමණක් අවධානය යොමු කරයි. ඔවුන් කුඩා ඵලදායී නොවන දේ වෙනුවෙන් මනස වෙහෙසවීමක් නොකරයි. එවැනි සුළු කාර්යයන්, වෙනත් පාර්ශවයන්ට පවරා සිදු කර ගනී.
මෙම පුරුද්ද, සෑම විටම අනවශ්‍ය පීඩනයක් මනසට එකතු වීම වලක්වන අතර, තම දියුණුව වේගවත් කර ගැනීම වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙයි.
04. අඛණ්ඩව ඉගෙන ගැනීමේ පුරුද්ද.
ඉතා සාර්ථක පුද්ගලයින් ඉගෙනීම නතර නොකරයි. ඔවුන් සෑම විටම නව දැනුම, කුසලතා සහ අත්දැකීම් සොයමින් සිටින්නේ තමන්ව දියුණු කර ගනී. ලෝකයේ සාර්ථක මිනිසුන් සාමාන්‍යයෙන් සතියකට එක පොතක් වත් කියවයි. හැකි සෑම විටම, උපදේශණ සහය තුලින් නූතන දැනුමෙන් යාවත්කාලීන වෙයි.
එය වඩාත් ගැලපෙන තීරණ සමගින් ජීවිතය නිවැරැදිව සාර්ථකත්වය කරා මෙහෙයවීමට ප්‍රබල දායකත්වයක් ලබා දෙයි.
05. ස්වයං විනයක් පවත්වාගෙන යාමේ පුරුද්ද.
සාර්ථක මිනිසුන්, දියුණුව වෙනුවෙන් තමන් ඇතිකර ගත යුතු විනය පිලිබද නිරන්තරයෙන් සැලකිලිමත් වෙයි. තමන් කරන සෑම දෙයක්ම දියුණුවට බලපාන ආකාරය ගැන දැනුවත් බවක් ඇතිව ක්‍රියාත්මක වෙයි.
තමන්ටම කල හා නොකල යුතු දේ ගැන නීති රීති පනවාගෙන, ඒ අනුව ක්‍රියාත්මක වෙයි.
06. නිවැරදි සන්නිවේදනයේ පුරුද්ද.
සාර්ථක මිනිසුන් සෑම විටම තමන් සන්නිවේදනය කරන දේ හරියට සන්නිවේදනය වෙනවාද යන්න ගැන අවදානය යොමු කරයි. සෑම විටම තමන් කරන කියන දේ අනිත් මිනිසුන්ට වැටහෙන ආකාරය ගැන නැත සිතා බැලීම පුරුද්දක් ලෙස සිදු කරයි.
එය වැරැදි වටහා ගැනීම් නිසා සාර්ථකත්වයට ඇතිවන බාදාවන් අවම කර ගැනීමට ප්‍රබල ලෙස හේතු වෙයි.
07. තමාට සැලකීමේ පුරුද්ද
සාර්ථක මිනිසුන්, සෑම විටම තමන්ට ආදරය කිරීම, සැලකීම පුරුද්දක් කර ගනී. තමන්ව සතුටින්, නිරෝගීව තැබීමට අවශ්‍ය දේවල් සිදු කරයි. තමන්ට වැඩියෙන්ම ආදරය කරන කෙනා තමන් බවට පත් වෙයි.
එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට යාමට අවශ්‍ය, මානසික හා ශාරීරික හැකියාවන් නිසි ලෙස පවත්වාගෙන යාමට උදව් වෙයි.
සාර්ථක මිනිසුන්ගේ පුරුද මෙන්ම, ඉලක්ක පිහිටුවීම, සැලසුම් සකස් කිරීම, කාල කලමණාකරණය, අභියෝග වලට සාර්ථකව මුහුණ දීම වැනි බොහෝ දේ පිලිබද ප්‍රායෝගිකව ඉගෙන ගන්න, පහතින් "ජීවිතය දිනන ප්‍රායෝගික මග" කෘතිය Download කරගෙන කියවන්න.
Online Download කර ගැනීමට අපහසු නම්, E-Mail එකක් ලෙස ගෙන්වා ගැනීමට, පහත සදහන් මෙම පොතේ Product Code එක, සදහන් කල පණිවිඩයක්, 0764393624 අංකයට Whatsapp හරහා යොමු කරන්න
Product Code : JDM232
Comments