කාලය ගත වෙන වේගය අඩු කරලා, කෙටි කාලයක් තුල විශාල වැඩ ප්‍රමාණයක් කරන්න පුලුවන් මිනිසෙක් වෙන්න කැමැතිද?
මම දන්නවා මේ කතාව කියපු ගමන් ඔබේ මනසට එන සිතුවිල්ල මොකක්ද කියලා... "කාලය ගත වෙන වේගය කොහොමද අඩු කරන්නේ? " ඒක නේද ඔබ හිතුවේ?
සමහර විට ඔබට හිතෙනවා ඇති ඒක කවදාවත් කරන්න බැරි දෙයක් කියලා...
එහෙම හිතෙනවානම්, මේ ලිපියෙන් මම ඔබට කියලා දෙනවා, කාලය ගත වෙන වේගය අඩු කරලා, ඉතාම සෙමින් ගත වෙන කාලයේ අත් දැකීම ලබන්න පුලුවන් ප්‍රායෝගික අභ්‍යාසයක් ගැන.
ඒ නිසා ලිපිය උවමනාවෙන් යුතුව අවසානය දක්වාම කියවන්න...
ඔබ අපි කලින් සතියේ නිකුත් කරපු, අරමුණුගත බවේ අත්දැකීම් ගැන ලිපිය කියෙව්වා නම්, ඔබට මතක ඇති මම එතැනදී සදහන් කලා, පිටු තුනක වගේ විශාල දින සැලැස්මක් තියෙන, ඒ සැලැස්මේ තියෙන වැඩ ඔක්කෝමත් කරලා, තව පවුල, දරුවන් වගේ අමතර දේවල් වෙනුවෙනුත් කාලය තියෙන පුද්ගලයෙක් ගැන.
ඒ වගේම ඔබට මතක ඇති මම ඔබට එතැනදී සදහන් කලා, සාමාන්‍ය මිනිසෙක්ට මාස ගානක් යන පොතක් එක දවසෙන් කියවලා ඉවර කරන, ස්වාමි විවේකානන්ද ගැන.
තව මම ඒ ලිපියේ සදහන් කලා, ඇන්ඩෘ කානිගීගේ සැක හිතෙන තරමේ වේගවත් දියුණුවේ රහස ගැන.
ඒ වගේම මම ඔබට සදහන් කලා මගේ පෞද්ගලික අත්දැකීමක් විදිහට, අරමුණුගත වීම වෙනුවෙන් මනස පුහුණු කලාට පසු, සාමානයෙන් මට නිම කිරීමට සති තුනක් පමණ ගත වූ වැඩ, එක දවසකින් මට නිම කිරීමට හැකි වන තරමේ ඵලදායීතාවයක් මා තුල ගොඩනැගුන බව.
මේ හැම තැනකම මම සදහන් කලේ ඉතාම කෙටි කාලයක් තුල ඉතා විශාල වැඩ ප්‍රමාණයක් නිම කරමින්, වේගයෙන් සාර්ථකත්වය කරා ලගා වීමේ ස්වභාවයක් ගැන නේ...
අද මම ඔබට කියන්න යන්නේ, ඒ ලිපියේ මම ඔබට සදහන් නොකල පුංචි රහසක් ගැන...
ඒ තමයි, මේ වේගවත් දියුණුව, කෙටි කාලයක් තුල විශාල වැඩ ප්‍රමාණයක් කිරීම වගේ දේවල් කරන්න පුලුවන් වෙන්නේ, ඇත්තටම ඵලදායීතාවය වැඩි වීමක් නිසා නෙමෙයි, මනස අරමුණු ගත කලාම කාලය ගත වෙන වේගය අඩු කරන්න අපිට පුලුවන් වීම නිසා කියන එක.
ඒක ටිකක් අමුතු කතාවක් බව මම දන්නවා... ඒ නිසා තමයි මට අවශ්‍ය මේක ගැන කියනවා වෙනුවට ඔබට මේක අත්දැකීමක් කරන්න.
ඒ නිසා, මම ඔබට දැන් කියලා දෙන්න යන්නේ ඔබට කාලය ගත වෙන වේගය අඩු කරලා, ඒ අත්දැකීම ප්‍රායෝගිකව අත්විදින්න පුලුවන් අභ්‍යාසයක් ගැන.
මොකද කියන්නේ කරලා බලමුද?
මේ අභ්‍යාසය අමාරු එකක් නෙමේ, මේකට ඕනේ ඔබට ඔරලෝසුවක් විතරයි. Stopwatch එකක් වගේනම් වඩාත් හොදයි, ඔබේ ජංගම දුරකතනයේත් Stopwatch එකක් ඇති, ඔබට මේ අභ්‍යාසයට ඒක භාවිතා කරන්නත් පුලුවන්.
කරන්න තියෙන්නේ මෙච්චරයි,
Stopwatch එක On කරලා, මිනිත්තු 10 කියන සීමාව එන තෙක් කාලය ගත වෙන ආකාරය දිහා මනස එකග කරගෙන බලාගෙන ඉන්න.
ඔබට දැනෙයි ජීවිතේ ඔබ ගත කරපු දීර්ගතම මිනිත්තු 10 එය බව. ඔබට දැනෙයි, විශාල වැඩ ප්‍රමාණයක් කරන්න පුලුවන්, ලොකු වෙලාවක් ගත කලා වගේ හැගීමක්.
ඔබට දැනෙයි මිනිත්තු 10ක් ගත වෙන්න, සෑහෙන ලොකු වෙලාවක් ගත වුනා වගේ හැගීමක්.
දැන්, ටික වෙලාවක් ඉදලා, ඔබේ දුරකතනයේ Timer එක ගන්න, අරගෙන මිනිත්තු 10ක් කියන කාල සීමාව ලකුණු කරලා, මිනිත්තු 10 ඉවර වුනාම, සීනුවක් නාද වෙන ආකාරයෙන් සකස් කර ගන්න.
දැන් මේක On කරලා, ඔබ සාමාන්‍යයෙන් වැඩ කරන විදිහට ඔබේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න,
ඔබට දැනෙයි, එහෙ බලලා මෙහෙ බලද්දි විනාඩි 10 ඉවර වූ බව.
මෙන්න මේ නිසා තමයි, කාලය කියන දේ එකිනෙක මිනිසුන්ට සාපේක්ෂ අත්දැකීමක් කියලා කියන්නේ, එය මිම්මක් විදිහට පොදු සාධකයක් වුනාට, අතැදැකීමක් විදිහට පෞද්ගලික දෙයක්.
එය ඍජුවම ඔබේ මානසික තත්වයත් එක්ක වෙනස් වෙනවා.. හොද පැහැදිලි, අරමුණුගත, නිරවුල් මනසක් තියෙන මිනිසුන්ට කාලය ගත වෙන ආකාරයෙන් නෙමෙයි, සාමාන්‍ය මිනිසුන්ට කාලය ගත වෙන්නේ.
සාමාන්‍ය මිනිසුන්ට විදුලි වේගයෙන් ගත වෙන කාලය, අරමුණුගත, පැහැදිලි, නිරවුල් මනසක් තියෙන මිනිසුන්ට ගත වෙන්නේ ඉතාම සෙමින්. ඒ නිසා ඔවුන්ට පුලුවන් සාමාන්‍ය මිනිසුන්ට වඩා විශාල වැඩ ප්‍රමාණයක් ඉතාම කෙටි කාලයක් තුල කරන්න.
ඒ නිසා ඒ වගේ මිනිසුන් දෙස සාමාන්‍ය මිනිසෙක්ගේ කෝනයෙන් බැලුවොත් ඔබට පෙනෙන්නේ බලාගෙන ඉන්නැද්දි ඉදිරියට යන, වේගයෙන් දියුණු වෙන මිනිසුන් විදිහට..
මානසික එකාග්‍රතාවය, අරමුණු ගත ගොඩනගා ගැනීමේ ප්‍රායෝගික උපක්‍රම පිලිබද පියවර සතිත උපදෙස් හා අභ්‍යාස සහිතව සකස් වුන, "මානසික ඒකාග්‍රතාවය ගොඩනැගීමේ මග" ප්‍රායෝගික උපදෙස් පොත පහත සබැදිය හරහා Download කර ගන්න.
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
Comentarios