top of page

හරි පාර වගේ පෙන්නලා ඔබව අසාර්ථකත්වයට දෙසට මෙහෙයවන Success Illusions ගැන දැනගන්න!

Updated: Jul 16



සාර්ථකත්වය කියන විෂය, මේ ලෝකයේ මිනිසුන්ව සාර්ථක කරනවාට වඩා "අසාර්ථක" කිරීම වෙනුවෙන් සකස් වුන විෂයක් කියලා මම ඔබට කීවොත් ඔබට එය පිලිගන්න පුළුවන්ද?


එහෙම නැත්නම්, ඔබ ඔය සාර්ථක වීම වෙනුවෙන් කියා ඉගෙන ගන්න බොහෝමයක් දේවල් ඔබව සාර්ථක කරනවා වෙනුවට, ඔබට නොදැනීම ඔබට ලගා කරගන්න පුළුවන් සාර්ථකත්වය පවා සීමා කරන බව මම ඔබට කීවොත්, ඔබට එය පිළිගන්න පුළුවන්ද?


බොහෝ විට මේ කතාව ඔබට ටිකක් විශ්වාස කරන්න අමාරු කතාවක් වෙයි, නමුත් ඒක තමයි ඇත්ත. ඒ නිසා අද ලිපිය, ඔබට ඔබේ සාර්ථකත්වයට උදව් වෙන පාඩම් ලෙස පෙනෙන ඒත් ඇත්තටම ඔබේ සාර්ථකත්වය සීමා කරන Success Illations ගැන.


Success Illusions කියන්නේ බැලූ බැල්මටම තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න උදව් වෙන, තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න උදව් වෙන, එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න උදව් වෙන සංකල්ප ලෙස පෙනුනත් සැබෑවටම ඔබේ සාර්ථකත්වය යම් ප්‍රමාණයකින් සීමා කිරීම වෙනුවෙන් සකස් කරන ලද සංකල්ප වලට.


මේ කතාව වඩාත් සරලව තේරුම් ගැනීම වෙනුවෙන් පහත රූපය දෙස බලන්න,


ඔබට මේ රූපය දෙස බැලුවාම මොනවද පෙනෙන්නේ?


මේ රූපයේ තියෙන මේස දෙකෙන් වඩාත් දිගින් වැඩි මේසය කුමක්ද? ඒවගේම මේ මේස දෙකෙන් වඩාත් පලලින් වැඩි මේසය කුමක්ද?


බැලූ බැල්මට ඔබට පෙනෙනවා, කොල පාට මේසය දිගින් වැඩි බවත්, රතු පාට මේසය පළලින් වැඩි බවත්,

නමුත් ඔබ මේ දෙක මැනලා බැලුවොත් ඔබට පෙනෙයි මේ දෙකේම දිග පලල සමාන බව.


මෙන්න මේ වගේම දෙයක් තමයි Success Illusions කියන්නේ. සාර්ථකත්වය කියන විශය ඇතුලේ මෙන්න මේ වගේ සාර්ථකත්වය වෙනුවෙන් උදව් වෙන බව බැලූ බැල්මට පෙනෙන ඒ වගේම සමහර වෙලාවට තාර්කිකව පවා එය ඔප්පු කරන්න පුළුවන්, ඒත් ප්‍රායෝගිකව එහෙම නොවෙන ගොඩක් සංකල්ප තියෙනවා.

මේ මේස දෙක එක සමාන බව මැනලා බලනකන් තේරෙන්නේ නෑ වගේම, මේ Success Illusions වලට අදාල සංකල්ප, ප්‍රායෝගිකව භාවිතා කරලා බොහෝ කාලයක් යනකන් අපිට අපි මේ ක්‍රියාත්මක වෙන්නේ වැරදි සංකල්පයක් ඔලුවේ තියාගෙන බව අපිට තේරෙන්නේ නෑ.


මේ නිසා ඔබ ප්‍රායෝගිකව සාර්ථක වෙන්න හිතන කෙනෙක් නම්, මේ Success Illusions ගැන හොද අවබෝධයක් තියෙන එක ඉතාම වැදගත්. එහෙම නැති වුනොත් සාර්ථකත්වය ගැන ඉගෙන ගන්න ගිහින් ඔබට දන්නෙම නැතුව, තමන්ට ලගා කරගන්න පුලුවන් අසාර්ථකත්වයත් නැති වෙන මට්ටමට පත් වෙන්න පුළුවන්.


සාමාන්‍යයෙන්, ඔබ ඔය Motivation කියලා සාමාන්‍යයෙන් ඉගෙන ගන්න 90%ක් විතර දේවල් Success Illusions ගනයට වැටෙනවා.


උදාහරණයක් විදිහට, ඔබ Motivation තුල ඉගෙන ගන්න, සාමාන්‍යයෙන් නිතර ඇගෙන සංකල්ප ගැන හිතන්න.


"උත්සාහවන්තයා ජය ගනී, අසාර්ථක වෙන සෑම මොහොතකම උත්සාහවන්ත වෙන්න, කවදා හරි ඔබට ජය ගන්න පුළුවන්."


"ලැබෙන මුදලින් කීයක් හරි ඉතිරි කරන්න, ඉතිරි කිරීම සාර්ථකත්වයට උදව් වෙන හොද පුරුද්දක්"


"උත්සාහය, අදිෂ්ඨානය, උවමනාව තියෙනවානම්, ඔබට ඕනෑම දෙයක් ජය ගන්න පුලුවන්

බැලූ බැල්මට ඔබට මේ අදහස් ඇතුලේ වරදක් පෙනෙන්නේ නෑ නේද? මේ අදහස් ඔබේ සාර්ථකත්වය සීමා කරනවා කියලා පෙනෙන්නේ නෑ නේද?


නමුත් මේ අදහස් තුනම, Success Illusions කියලා මම ඔබට කිව්වොත් ඔබට එය පිලිගන්න පුළුවන්ද?

ඔබ කාලයක් තිස්සේ මාත් සමග වැඩ කරපු, එහෙමත් නැත්නම් උපදේශකවරයෙක් ලෙස මගේ සේවය ලබා ගත්ත කෙනෙක් නෙමේනම්, මේක ඔබට විශ්වාස කරන්න බැරි දෙයක් බව මම දන්නවා.


නමුත් එහෙම උනා කියලා මේ කතාව මෙතනින් අමතක කරන්නේ නැතුව, ඇත්තටම මේ දේවල් අපේ සාර්ථකත්වය අපිට නොදැනිම සීමා කරන Success Illusions වෙන්න පුළුවන්ද කියන දේ හොදට කල්පනා කරලා බලන්න කියලා.


මොකද මම මීලග ලිපියෙදී ඔබට කියලා දෙනවා, මේ අදහස් අපිව දන්නෙම නැතුව අසාර්ථකත්වය කරා ගෙනියන්නේ කොහොමද කියන දේ ගැන. ඒ ලිපිය කියවනකොට ඔබ මේ ගැන ටිකක් නිදහසේ හිතලා තිබ්බොත්, ඔබට මෙතෙක් නොතේරිච්ච බොහෝ දේවල් තේරුම් යන්න පටන් ගනීවි.


මොකද මේ ලෝකයේ බොහෝ දෙනෙක්ට තමන් බලාපොරොත්තු වෙන සාර්ථකත්වය ලගා කරගන්න අපහසු වෙන්නේ ඇත්තටම ඔවුන්ගේ වරදක් නිසාවත්, ඔවුන්ට සාර්ථක වෙන්න බැරි නිසාවත් නෙමෙයි. මෙන්න මේ Success Illusions නිසා!


මේ දේ සරලව තේරුම් ගන්න, පහසු වෙන්න, " මුදල් ඉතිරි කිරීම" කියන මාතෘකාව තෝරා ගමු!


ඉතිරි කිරීම කියන දේ පුංචි කාලයේ ඉදල අපිට කියලා දීලා තියෙන්නේ කල යුතු දෙයක් විදිහට, "ලැබෙන ආදායමෙන් කීයක් හරි ඉතිරි කරන්න පුරුදු වෙන්න කියන කතාව, සාමාන්‍යයෙන් අපි නිතර අහන කතාවක්.


නමුත් සාමාන්‍යයෙන් අපි ඉතිරි කිරීම කියන දේ හොද දෙයක් ලෙස ඉගෙන ගත්තාට, ප්‍රායෝගික සාර්ථකත්වය කියන විශය ඔබ ගැබුරින් හැදෑරුවොත්, එතැනදි ඔබට ඉගෙන ගන්න වෙන්නේ ඉතිරි කිරීම කියන්නේ අත් හැරිය යුතු දෙයක් විදිහට.


එතැනදි ඔබ ඉගෙන ගන්නවා, ලෝකයේ සාර්ථක වුන මිනිස්සු, සල්ලි ඉතිරි කරපු මිනිස්සු නෙමේ, වියදම් කරපු මිනිස්සු කියලා. ඒ වගේම, ඔබ ඉගෙන ගන්නවා, ඉතිරි කිරීම, ඉතුරුම් ගිණුම්, Fixed Deposit වැනි සංකල්ප ලෝකයේ මධ්‍යම පාන්තිකයින් නිර්මාණය කිරීම හා මධ්‍යම පාන්තිකයින්ගේ භාවිතය වෙනුවෙන් සකස් කල Success Illusions කියලා.


මීට අමතරව ඔබ ඉගෙන ගන්නවා, ලෝකයේ බැංකු පද්දති වල 80%කට වැඩි ප්‍රමාණයක් ඉතුරුම් තැම්පතු ලෙස පවතින්නේ, දුප්පත් හා මධ්‍යම පාන්තිකයන්ගේ සල්ලි කියලා.

මේකට හේතුව තමයි, මුදල් ඉතිරි කිරීම, මුදලේ සැබෑ වටිනාකම අවප්‍රමාණය වීමත් සමග අවාසි සහගත සංකල්පයක් වීම. උදාහරණයක් විදිහට, ඔබ මීට වසර 20කට කලින්, ඩොලර් 1ක් ඉතුරු කලොත් අද වන විට ඒ ඩොලර් 1න් එදා මිලදී ගන්න පුලුවන් වුන දේවල් මිලදී ගන්න අද වන විට ඩොලර් 200කට වඩා අවශ්‍යයි. ඒ කියන්නේ මුදලේ සැබෑ වටිනාකම අවප්‍රමාණය වීම, දෙසිය ගුණයකින් සිදු වෙලා තියෙනවා.


මෙන්න මේ නිසා, මුදල් ඉතිරි කිරීම කියන දේ ප්‍රායෝගික සාර්ථකත්වය තුලදී කල යුතු දෙයක් ලෙස සලකන්නේ නෑ. මොකද මේ තත්වය යටතේ මුදල් ඉතිරි කරනවාට වඩා මුදල් වියදම් කිරීමෙන්, වැඩි වටිනාකමක් රැස් කර ගැනීමේ හැකියාවක් තිබෙන නිසා.


ඒ නිසා, ඉතිරි කිරීම කියන හොද දෙයක් ලෙස පෙනුනත්, එය අනිත් පැත්තෙන් තමන්ට ඉදිරියට යන්න තියෙන හැකියාවන් සීමා කර ගැනීමක් බවටත් පත් වෙනවා.


නමුත් මෙතැනදී ඔබට හිතෙන්න පුළුවන්, හදිස්සියකදි හෝ කරදරයකදී භාවිතා කරන්න මුදල් ඉතිරි කරන්න ඕනේ නැද්ද කියලා. ඇත්තටම බැලුවොත් එහෙම හිතන්න පෙලබවීමත් Success Illusion එකක්.


සාමාන්‍යයෙන් ඔබ ධනවතෙක් වෙන්න හිතනවානම්, මූල්‍යමය ස්ථාවර බවක් හෝ නිදහස් බවක් අත්විදින්න හිතනවානම්, ඒ තත්වයක් හබාගෙන යන කෙනෙක්ට, යම් කිසි කරදරයකදී, හදිසියකදි භාවිතා කිරීම වෙනුවෙන් සකස් කල වෙනමම ක්‍රම ලෝකයේ තිබෙනවා.


බොහෝ වෙලාවට තමන් හොයන ආදායමෙන් කොටසක් එවැනි හදිසි තත්වයකදී භාවිතා කරන්න ඉතිරි කිරීම කියන දේ, එවැනි අවස්ථාවන්ට සූදානම් වීම වෙනුවෙන් වඩාත් සුදුසු ක්‍රමයක් ලෙස ප්‍රායෝගික සාර්ථත්වය තුලදී පිලිගන්නේ නෑ.


මේ දේ සරලව තේරුම් ගැනීම වෙනුවෙන් මෙහෙම හිතන්න, අපි හිතමු ඔබ අසනීපයක් වගේ හදිසියකදී භාවිතයට ගන්න කියලා අද රු ලක්ෂ 1ක් ඉතිරි කරලා තියාගෙන ඉන්නවා කියලා, ඔන්න එතකොට ඔබට හදිසියේ අසනීපයක් වෙලා, රු ලක්ෂ 1 සැත්කමකට වැය කරන්න වෙනවා. එහෙම අවස්ථාවක ඔබ ඉතිරි කරගත්ත මුදල එක වර අවසන් වුනොත්, ඔබ ආයෙත් බින්දුවේ ඉදලා ඉතිරි කරන්න පටන් ගන්න ඕනේ. ඒ අවස්ථාවේදී ඔබ නැවත ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගන්න තෙක් ඔබ අනාරක්ෂිතයි. ඒ වගේම කලින් සදහන් කල මුදලේ සැබෑ වටිනාකම අවප්‍රමාණය වීම කියන දේ මෙහෙම ඉතිරි කරන මුදල් වලටත් බලපානවා.


එතකොට හදිසියකට කීයක් හරි ඉතිරි කරලා තියා ගන්න ඕනේ කියලා අපි හිතුවට, ප්‍රායෝගිකව ඇතැම් ඒක එතරම් සාර්ථක දෙයක් නෙමේ කියන දේ ඔබට වැටහෙනවා ඇති.


නමුත් මේ දැනුම සාමාන්‍ය සමාජය වෙත ලැබීමක් සිදු වෙන්නේ නෑ. බොහෝ විට සැබෑවටම සාර්ථක වීම වෙනුවෙන් වන සංකල්ප පිලිබද දැනුම යම් සීමිත පිරිසක් අතරේ පමණක් හුවමාරු වෙද්දි, සමාජයේ අනෙකුත් පිරිස් අතරේ Success Illusions ගණයට වැටෙන සංකල්ප ප්‍රබල ලෙස හුවමාරු වීම සිදු වෙනවා.


මේ නිසා ජීවිතේ සාර්ථකත්වය කරා මෙහෙයවීමේදී, හරි සංකල්ප අවබෝධ කරගෙන ඒ අනුව වැඩ කරන එක හරිම වැදගත්.


 

Success Illusions ඇතුලු, සාමාන්‍ය ධනාත්මක චින්තනය හා අභිප්‍රේරණය තුල සාකච්චා නොවෙන පාඩම් රැසක් ඇතුලත්, දින 03ක Transformation වැඩසටහනේ පටිගත කල වීඩියෝව දැන් ඔබට නොමිලේ නරබන්න පුළුවන්. වැඩසටහනට අදාල වීඩියෝ ලබා ගැනීම වෙනුවෙන් TR24 ලෙස සදහන් කල පණිවිඩයක් 076 970 5622 අංකයට WhatsApp හරහා යොමු කරන්න.

324 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page