ඔබ දන්නවාද මේ ලෝකයේ බොහෝ දෙනෙක්ට සාර්ථකත්වය ලබා ගන්න බැරි වෙන්න බලපාන ලොකුම සාදකය මොකක්ද කියලා? ඒ තමයි උවමනාව...
මනෝවිද්‍යාඥයින් පවසන විදිහට, මේ ලෝකය වෙනස් කරන්න ඕනේ, තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න ඕනේ කියලා හිතන මිනිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක්, තමන්ගේ රූපවාහිණියේ රිමෝට් එක තමන් ලග නැත්නම්, චැනල් එක මාරු කරන්නවත් සූදානම් නෑ...බොහෝ වෙලාවට ඔවුන් තියෙන චැනල් එකම බලන්න හිත හදා ගන්නවා.
ඒ තරම්ම කම්මැලියි...
පසුගිය දශකයකට ආසන්න කාලය තුල මම දහස් ගනකට උපදේශණ සේවා සපයලා තියෙනවා, ඒ වගේම ඒ දහස් ගනන මම ලගට ඇවිත් ජීවිතේ වෙනස් කර ගන්නකොට, ඒ වෙනුවෙන් වැය වෙන රුපියල් පන් හය දහසක මුදල ගෙවන්න දහස් වාරයක් හිතන ලක්ෂ ගනනකුත් මම දැකලා තියෙනවා.
මුල් කාලයේදී මම හිතුවේ, රු 5000ක් කියන්නේ මිනිස්සුන්ට දරා ගන්න අමාරු මුදලක් වෙන්න ඇති ඒකයි මිනිස්සු මේ තරම්ම මේ ගැන හිතන්නේ කියලා. නමුත් මේ කතාව මම ආරම්භක අවදියේදී මා සමග වැඩ කල මට වඩා වසර ගනනක අත්දැකීම් ඇති විදේශීය උපදේශකවරයෙකුට පැවසුවාම, ඔහු මට හරි අපූරු දෙයක් කිව්වා..
ඔහු කියපු දේ තමයි.. "ඔවුන් ඇත්තටම එහෙම කරන්නේ සල්ලි නැති නිසා නෙමෙයි, ඔවුන් ඒ දේ කරන්නේ ඔවුන්ගේ හීන රු5000ක් තරම්වත් වටින්නේ නැති නිසා" කියලා... ඔහු මට දුන්න තර්කය තමයි, ඇත්තටම සාර්ථක වෙන්න ඕනේ මිනිහෙක්ට මාසෙකට දවසක් කුලී වැඩක් කලත් ඔය ගාන හොයා ගන්න පුලුවන් කියන එක. නැත්නම් කිසිම වැඩක් නොකර පාරය බැහැලා හිගා කෑවත් ඔය මුදල හොයන්න පුලුවන් කියන එක...
ඒ වගේම ඔහු මට කියපු දෙයක් තමයි, කිසිම දවසක ඒ මිනිස්සුන්ව හදන්න උත්සාහ කරන්න එපා කියන දේ, මොකද අපි එක සාර්ථක මිනිසෙක් හදනකොට, ඒ මනුස්සයට වැඩ ගන්න දුර්වල මිනිස්සුත් මේ ලෝකයේ ඉන්න ඕනේ.
ඒ නිසා ඔහු කියපු දේ තමයි, තව මිනිසෙක්ගේ සේවකයෙක් විදිහට ජීවත් වෙන්න සූදානම් වෙන, සදුදට ගෙදර ඉන්න ඕනේ වුනත්, ගෙදර ඉන්න බැරි, අකමැති වුනත් වැඩට යන්න සිද්ද වෙන තරම් දුර්වල, හිරවුන ජීවිත ගතකරන්න සූදානමක් තියෙන මිනිස්සුන්ව වෙනස් කරන්න යනන් එපා කියලා.
මාස කීපයක් යනකොට, ඈත ප්‍රදේශ වලින් ඇවිල්ලා, කුලී වැඩක් කරලා ගාස්තු හොයාගෙන, බස් හෝල්ට් එකේ නිදාගෙන උදේ පාන්දර උපදේශණ සේවා වලට එන මිනිස්සු දකිනකොට මට හිතුනා ඇත්තටම ඔහු කියපු කතාව හරි කියලා.
එරික් තෝමස් කියනවා, මිනිසෙක්ට ඇත්තටම සාර්ථක වෙන්න ඕනේනම්, ඒ මිනිහට, දියේ ගිලුන මිනිසෙක්ට හුස්ම ගන්න ඕනේ වෙන තරමටම සාර්ථක වෙන්න උවමනා වෙන්න ඕනේ කියලා.
නිකමට ඔබ ගැනත් හිතලා බලන්න, ඔබටත් ඇත්තටම එහෙම උවමනාවක් තියෙනවාද? නැත්නම් ඔබත් රිමෝට් එක ලග නැත්නම් එකම චැනල් එක බලාගෙන ඉන්න ජාතියේද?
ඔබ නිර්මාණය කර ගන්නේ, සාර්ථක මිනිසෙක්ගේ අනාගතයක්ද? නැත්නම් සාර්ථක මිනිසෙක් යටතේ වැඩකරන සේවකයෙක්ගේ අනාගතයක්ද?
තීරණය ඔබ අතේ....
සටහන : මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර
Entrepreneur, Business Coach, Soft Skill & Personal Development Expert, Strategic Interventionist, Motivational Speaker, Author & Researcher
👇👇👇👇
2022 පටන් ගන්නකොට ඇතිකරගත්ත අරමුණු, 80% දෙනා මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අමතක කර අවසන්!
මේ අවුරුද්දේ මාස දෙකක්ම ගෙවිලා ඉවර වෙන්න ලං වුනත්, බහුතරයක් දෙනාගේ ජීවිත තුල ලගා කරගත්ත දෙයක් නෑ.
මේ දේ ඔබේ ජීවිතය තුලත් ඔබ අත්විදිනවානම්, එකම තැන පල් වෙනවා වෙනුවට, සැලසුම් සහගතව 2022 ජයග්‍රාහී වසරක් බවට පරිවර්තනය කරගන්න
2022 අභියෝගාත්මක වසර, සාර්ථකව ජය ගැනීම වෙනුවෙන් සාමාන්‍ය අභිප්‍රේරණයෙන් එහාට ගොස් ඔබට ප්‍රායෝගික උපායමාර්ගික සැලසුම් හා මගපෙන්වීම් සිදුකරන,
✅ 2022 ජය ගන්නේ කොහොමද?
✅ Money Plan 2022
වැඩසටහන් දෙකෙහි පටිගත කරන ලද වැඩසටහන් දෙකම රු. 1950ක විශේෂ මිලකට දැන් ඔබට ලබා ගත හැකියි.
(සාමාන්‍ය වටිනාකම රු 10000)
__
🎯 " 2022 ජය ගන්නේ කොහොමද?" වැඩසටහනේ අන්තර්ගතය
👉 2022 සාමාන්‍ය වසරක් ආකාරයෙන් සැලසුම් කර ජය ගත නොහැකි වන්නේ ඇයි?
👉 2022 වෙනුවෙන් ඇතිකරගත යුතු සුවිශේෂී සූදානම
👉 2022 තුල ඔබ හබා යා යුතු සුවිශේෂී අරමුණු
👉 2022 වෙනුවෙන් ඉලක්ක පිහිටුවීම
👉 2022 වෙනුවෙන් සැලසුම් සැකසීම හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ විශේෂ ක්‍රමශිල්ප.
🍄 කාලය: පැය 1 මිනිත්තු 55
🍄 වසර සැලසුම් කිරීම වෙනුවෙන් සකස් කල විශේෂ සැලසුම් පත්‍රිකා සහිතයි.
___
🎯 Money Plan 2022 වැඩසටහනේ අන්තර්ගතය
👉 2022ට අත්‍යවශ්‍ය ප්‍රායෝගික මූල්‍ය රහස් (සංකල්ප) හදුනා ගැනීම
👉 2022ට අනිවාර්යය මූල්‍ය ඉලක්ක
👉 ආදායම් වැනිකර ගැනීමේ ප්‍රායෝගික මූල්‍ය විද්‍යා ක්‍රමශිල්ප
👉 මුදල් කලමණාකරණය වෙනුවෙන් විශේෂිත උපක්‍රම
👉 මූල්‍යමය ස්ථාවර ගොඩනැගීමේ ප්‍රායෝගික මාර්ගය
🍄 කාලය: පැය 2 මිනිත්තු 19
__
✅ මෙම විශේෂ වට්ටම ලබා ගැනීම වෙනුවෙන් win2022 හිස්තැනක් ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය සදහන් කර Whatsapp පනිවිඩයක් එවන්න.
Comments