මෙම ලිපිය Psychological Selling පාඨමාලාව ආවරණය කල අය වෙනුවෙන් වන අමතර කියවීමක් ලෙස ඉදිරිපත් කර ඇත.
Anchoring උපක්‍රමය කියන්නේ, විකුණුම්කරුවන් විදිහට අපිට විකුණ ගන්න අවශ්‍ය භාන්ඩයක් හෝ සේවාවක්, මිලදී ගැනීම වාසි සහගතයි කියන හැගීම පාරිබෝගිකයා තුල ඇති කිරීම හරහා, විකුණුම් ඉහල දමා ගැනීමට භාවිතා කරන මනෝවිද්‍යාත්මක විකුණුම් උපක්‍රමයක්.
මේ හරහා ඔබට පුලුවන්, පාරිබෝගිකයා, ස්වයං තීරණ ගන්නෙක් නොකර, නොදැනීම ඔබට අවශ්‍ය තීරණයම වැඩි වශයෙන් ගන්න කෙනෙක් කරන්න.
ඒ නිසා මේ ක්‍රමය හරියට පාවිච්චි කරන්න ඉගෙන ගත්තොත්, ඔබට ඒ හරහා සාමාන්‍ය විකුණුම්කරුවෙක්ට නොලැබෙන ආකාරයේ විකුණුම් වාසි නිර්මානය කර ගන්න පුලුවන්.
Anchoring උපක්‍රමයේදී සිදුවෙන්නේ මොකක්ද?
Anchoring උපක්‍රමය තුලදී සිදුවෙන්නේ, කෘතිමව මිල වැඩි බවට හැගීමක් ඇති කරලා, පසුව අවශ්‍ය මිල ඉදිරිපත් කිරීම හරහා, පාරිබෝගිකයාට මිලදී ගැනීමේ උනන්දුවක් ඇතිකිරීම. එතැනදි පාරිබෝගිකයාට ඔබට විකුණන්න අවශ්‍ය මිල දැනෙන්නේ සාමාන්‍ය මිලක් ලෙසට නෙමෙයි, එය ඔහුට දැනෙන්නේ විශේෂ වාසි දායක මිලක් විදිහට.
ඒ නිසා, පාරිබෝගිකයා තුල එය මිලදී ගැනීම වෙනුවෙන්, විශේෂ උනන්දුවක් ස්වභාවිකව ඇති වෙනවා. ඒ හරහා වඩාත් පහසු විකිණීමක් සිදුකරන්න විකුණුම් කරුට අවස්ථාව ලැබෙනවා.
Anchoring ක්‍රමය භාවිතා කරන්න පුළුවන් ක්‍රම
POF (Premium Option First)
POF කියන්නේ, ඉහල මිලක් මුලින්ම ඉදිරිපත් කර, පසුව අවශ්‍ය මිල ඉදිරිපත් කිරීම කියන එක.
උදාහරණයක් විදිහට ගත්තොත්, ඔබට පුලුවන් ඔබ විකුණන දේ මුලින්ම ඉහල මිලක් යටතේ විකුණන්න උත්සාහ කරලා, එහි වටිනාකම ඉහල බවට පාරිබෝගිකයා තුල අදහසක් ඇතිකරන්න.(නමුත් මෙහිදී පාරිබෝගිකයා එය මිලදී ගනීවියයි අපි අපේක්ෂා කරන්නේ නෑ)
ඒ අදහස ඇති වුනාට පසු, ඔබට කල යුතු දේ තමයි, විශේෂ මිලක් ලෙස ඔබට අවශ්‍ය මිල ඉදිරිපත් කරන එක. එහිදී පාරිබෝගිකයාට ඔබේ සාමාන්‍ය මිල දැනෙන්නේ විශේෂ වාසිදායක මිලක් විදිහට.
Bundle Pricing
මෙහිදී සිදුවෙන්නේ භාන්ඩ හෝ සේවා කීපයක් මිලදී ගැනීමේදී වාසියක් පෙනෙන ලෙස මිල ඉදිරිපත් කිරීම හරහා වැඩියෙන් මිලදී ගැනීමට පෙලබවීම.
උදාහරණයක් ලෙස බැලුවොත්, ඇපල් ගෙඩි 1ක් 100, 2ක් 150 යි වගේ මිලක් ඉදිරිපත් කිරීම මෙයටදාල වෙනවා. එහිදී එකක් ගන්න වෙලාවේ 2ක්ම මිලදී ගැනීම හොදයි කියන අදහස පාරිබෝගිකයා තුල ඇති වෙන නිසා, වැඩියෙන් මිලදී ගන්න පාරිබෝගිකයා නිරායාසයෙන්ම පෙලබවෙනවා.
Contrast Pricing
Contrast Pricing කියන්නේ, මිල අඩු දේ අවාසි බවට හැගීමක් ඇති කරලා, මිල වැඩි දේ මිලදී ගන්න පෙලබවීමට. උදාහරණයක් විදිහට,
Small Coffee: Rs. 200
Medium Coffee: Rs. 350
Large Coffee: Rs. 360 හෝ Rs. 400 වැනි මිල ඉදිරිපත් කිරීමක් ගන්න පුලුවන්
Small Coffee: Rs. 200 ලෙස ලබා දිය යුත්තේ ඉතා කුඩා කෝපි කෝප්පයක්. අය කරණ මිලට මෙය පාඩු බව පාරිබෝගිකයාට දැනවීම මෙහිදී සිදුවෙනවා.
ඒ නිසා පාරිබෝගිකයා කෙලින්ම මීලග අවස්ථා කෙරෙහි වැඩි අවදානයක් යොමු කරනවා. ඒ අනුව මීලග තෝරා ගැනීම් ලෙස,
Medium Coffee: Rs. 350
Large Coffee: Rs. 360 හෝ Rs. 400 ලෙස ඔබට මිල ඉදිරිපත් කල හැකියි,
එහිදී Large Coffee එකේ මිල වඩාත් වාසි දායක එකක් ලෙස හෝ එයත් ඉහල මිලක් ලෙස දැක්වීම හරහා, Large Coffee එකක් හෝ Medium Coffee එකක් මිලදී ගැනීමට පාරිබෝගිකයාව පොලබවන්න ඔබට හැකියාව තිබෙනවා.
මනෝවිද්‍යාත්මක විකුණුම් සංකල්ප පිලිබද මේ ලිපි මාලාව අපි ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම Psychological Selling පාඨමාලාව හැදෑරූ අයට ලබා දෙන අමතර කියවීමක් ලෙසටයි.
ඔබ තවම Psychological Selling පාඨමාලාව ආවරණය කලේ නැත්නම් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න මෙතැන Click කරන්න
Course එක සුපිරි! සෑහෙන දේවල් ටිකක් ඉගෙන ගත්තා. එතැනින් එහාට ඕනේ දේවල් ටික මෙහෙම ලබා දෙන එක ඊට වඩා සුපිරි. 😍
Thank you
Good stuff and learned so much.