top of page

මනෝවිද්‍යාත්මක විකුණුම් සංකල්ප #2 : Mirroring උපක්‍රමය

Writer: Chathuska AmarasekaraChathuska Amarasekara


මෙම ලිපිය Psychological Selling පාඨමාලාව ආවරණය කල අය වෙනුවෙන් වන අමතර කියවීමක් ලෙස ඉදිරිපත් කර ඇත.

Mirroring උපක්‍රමය කියන්නේ මොකක්ද?

Mirroring උපක්‍රමය කියන්නේ, මනෝවිද්‍යාත්මක විකුණුම් තුලදී පාරිබෝගිකයා වඩාත් සුවපහසු, සමීප හා ඔබ සමග ඉතාම විවෘත්තව අදහස් ප්‍රකාශ කරන තැනට පත් කර ගැනීම වෙනුවෙන් භාවිතා කල හැකි ඉතාම ප්‍රබල මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්.


Psychological Selling පාඩම් මාලාව තුලදී මම ඔබට කියලා දුන්නා, සාමාන්‍ය විකුණුම්කරුවන් වගේ, තමන්ගේ භාන්ඩ හා සේවා වල ගුණ කියලා විකුණන්න උත්සාහ කරනවා වෙනුවට, පාරිබෝගිකයාගේ හිත ඇතුලේ තියෙන දේවල් එලියට ඇදලා අරගෙන, පාරිබෝගිකයාගේ අදහස් වලට අනුව, ගැලපෙන විදිහට තමන්ගේ ඉදිරිපත් කිරීම කරන්න ඕනේ කියන දේ.


පාරිබෝගිකයාගේ හිත ඇතුලේ තියෙන දේවල් එලිය ඇදලා ගන්න නම්, පාරිබෝගිකයා ඔබ එක්ක බය නැතුව, ඕනෑම දෙයක් කතා කරන තැනට එන්න ඕනේ. ඔන්න ඔතෙන්ට පාරිබෝගිකයාව රැගෙන එන්න තමයි අපිට Mirroring උපක්‍රමය වැදගත් වෙන්නේ.


Mirroring උපක්‍රමය තුලදී වෙන්නේ මොකක්ද?

Mirroring උපක්‍රමය තුලදී අපි කරන්නේ, සරලවම පාරිබෝගිකයාව Copy කිරීම. මේ හරහා අපිට පුලුවන් පාරිබෝගිකයාගේ හිතේ අපිත් ඔහු වගේම කෙනෙක් කියන අදහස බොහොම තදිත් තැම්පත් කරන්න. ඒ හරහා ටික වෙලාවක් යනකොට පාරිබෝගිකයා දන්නේම නැතුව, බොහොම සුවපහසුවෙන් තමන්ගේ හිතේ තියෙන දේවල් ඔබට කියන තැනකට පත් වෙනවා.


මේ උපක්‍රමය පාරිබෝගිකයා සමග සම්බන්ද වෙන ඕනෑම අවස්ථාවක භාවිතා කරන්න පුළුවන්.


Mirroring උපක්‍රමය භාවිතා කරන්නේ කොහොමද?

මෙහිදී ඔබට ආකාර කීපයකට පාරිබෝගිකයාව Copy කරන්න පටන් ගන්න පුළුවන්.


1. කතා විලාශය අනුකරනය කරන්න.

පාරිබෝගිකයා කතා කරන කතා විලාශය, ඔහු භාවිතා කරන වචන වගේ දේවල් ඔබත් භාවිතා කරන්න.


2. පාරිබෝගිකයාගේ අදහස් සුදුසු පරිදි Copy කරන්න.

ඔබේ ගනුදෙනුවට හානියක් නොවන පාරිබෝගික අදහස් copy කරන්න. මේ හරහා ඔහු වගේම හිතන කෙනෙක් යන හැගීම ඔහු තුල ප්‍රබලව ගොඩනැගෙනවා.


3. පාරිබෝගිකයාගේ චර්යාවන් Copy කරන්න.

පාරිබෝගිකයා ඔබ සමග කතා බහ කරනකොට භාවිතා කරන ඉරියවු ඔබත් සිදු කරන්න. ඔහු තමන්ගේ අත මේසය මත තබාගෙන කතා කරනවානම්, ඔබත් එහෙම කරන්න. ඔහු පුටුවට හේත්තු වී කතා කරනවා නම් ඔබත් එහෙම කරන්න. ඔහු දකුණු අත පමණක් මේසය මත තබා ගන්නවා නම් ඔබත් එය කරන්න. මේ ආකාරයෙන් ඔහුගේ ඉරියවු copy කිරීම, ඔහුව නොදැනුවත්වම වඩාත් සුවපහසු තැනකට පත් කරනවා.


4. Emotional Mirroring

Emotional Mirroring කියන්නේ පාරිබෝගික හැගීම් Copy කිරීම කියන එකට. එහිදී පාරිබෝගිකයාගේ හැගීම් වල ස්වභාවය අධ්‍යයනය කරලා, ඒ අනුව ඔබත් එය Copy කිරීම සිදුවෙනවා.


Mirroring වලදී ඔබ අවදානය යොමු කල යුතු දේවල්

1. ස්වභාවික බව රැක ගැනීම.

ඔබ මේ උපක්‍රමය භාවිතා කරනවා නම් , අනිවාර්යයෙන්ම ස්වභාවික බව රැකගෙන මේ වැඩේ කරන එක වැදගත්, එහෙම නැතුව, ඔබ පාරිබෝගිකයාව Copy කරන්න හදනවා කියන දේ පාරිබෝගිකයාට දැනුනොත් එතැනින් එහාට සියල්ල අපතේ යනවා.


2. Copy කරන්න කලින් හොදින් බලාගෙන ඉන්න.

පටන් ගත්ත වෙලාවේ ඉදලා Copy කරනවා වෙනුවට, මුලින්ම ටිකක් පාරිබෝගිකයාව අධ්‍යයනය කරන්න, මොකද ඔබ Copy කරන්න ඕනේ, පාරිබෝගිකයාගේ ඇත්ත ස්වභාවය මිස, ඔහු ඔබට පෙන්වන ස්වරූපය නෙමෙයි. බොහෝ වෙලාවට පාරිබෝගිකයෝ ඔබව හමුවෙන පලවෙනි මිනිත්තු කීපයේදී පොඩි රගපෑමක් කරනවා. ඊට පසුව තමයි, හිමීට තමන්ගේ ඇත්ත ස්වරූපයට පත් වෙන්නේ. අන්න ඒ නිසා ඔබ ටිකක් අවදානයෙන් ඔහුව අද්‍යයනය කරන එක වැදගත්.


3. සවිංඥාණික වෙන්න.

පාරිබෝගිකයා එක්ක හැම වෙලාවෙම වෙනස් වීම මෙහිදී අත්‍යවශ්‍යයි. ඒ නිසා සවිංඥාණිකව පාරිබෝගිකයා තමන්ගේ හැසිරීම් වෙනස් කරන විදිහට ඔබත් ඒවා වෙනස් කිරීම කරන්න ඕනේ. එහෙම නැතුව ටික වෙලාවක් යනකොට ඔබට මේ වැඩේ අමතක වුනොත් මේ උපක්‍රමය සාර්ථක වෙන්නේ නෑ.


Mirroring පිටුපස මනෝවිද්‍යාව

Mirroring හරහා සුදුවෙන්නේ පාරිබෝගිකයාට මමත් ඔබ වගේ කෙනෙක් කියන හැගීම අවිංඥාණිකව ලබා දීම. ඒ නිසා පාරිබෝගිකයා ටික වෙලාවක් යනකොට නොදැනීම, එයාගේ හිතේ තියෙන දේවල් බය නැතුව, බොහොම පහසුවෙන් ඔබ එක්ක කතා කරන්න පටන් ගන්නවා. ඒ හරහා ඔබට පුලුවන් පාරිබෝගිකයාව ඉතාම හොදින් තේරුම් ගන්න, ඒ අනුව තමන්ගේ විකිණීමට අදාල Pitch එක පාරිබෝගිකයාගේ හැගීම් වලටම වදින විදිහට ඉදිරිපත් කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා.


Psychological Selling වලදී අපි කරන්නේ, අපෙන් යමක් මිලදී ගන්න පාරිබෝගිකයාව Push කරනවා වෙනුවට, ඔහුට එය හිතෙන තැනට පත් කරන එකනේ. ඒ නිසා Mirroring උපක්‍රමය භාවිතා කරන්න දක්ෂ Psychological Seller කෙනෙක් කියන්නේ, Sales Game එක උඩු යටිකුරු කරන්න පුලුවන් චරිතයක්!


මනෝවිද්‍යාත්මක විකුණුම් සංකල්ප පිලිබද මේ ලිපි මාලාව අපි ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම Psychological Selling පාඨමාලාව හැදෑරූ අයට ලබා දෙන අමතර කියවීමක් ලෙසට. ඔබ තවම Psychological Selling පාඨමාලාව ආවරණය කලේ නැත්නම් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න මෙතැන Click කරන්න

 
 

2 Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Guest
Dec 05, 2024
Rated 5 out of 5 stars.

Thank you sir

Like

Guest
Nov 30, 2024
Rated 5 out of 5 stars.

Great Insight !

Like
bottom of page