top of page

තනි ඉරේ චිත්‍රය හා මුදල් ඉපයීමේ කලාව (මේක ඩොලර් මිලියන 43.8ක් වටින්නේ ඇයි?)

Updated: Jul 16, 2024

Barnett Newman කියන චිත්‍ර ශිල්පියාගේ, “Onement VI” කියන චිත්‍රය ගැන ඔබ අහලා තියෙනවාද? මේ චිත්‍රය හරිම සුවිශේෂීයි, ඒකට හේතුව තමයි, මේකේ තියෙන්නේ, නිල් පාට පසුබිමක, සිරස්ව ඇදි සුදු පාට තනි රේඛාවක් පමණයි.


බැලූ බැල්මට ඕනෑම පුංචි දරුවෙකුට වුනත් අදින්න පුළුවන් විදිහේ චිත්‍රයක්. හැබැයි මේක සුවිශේෂී වෙන්න තියෙන හේතුව මේක විතරක්ම නෙමේ. මේ චිත්‍රයේ තියෙන වැදගත්ම දේ තමයි, මේකේ මිල!


2013 වසරේදී පැවැත්වූ Sotheby's Contemporary Art Auction එකේදී මේ චිත්‍රය, ඇමරිකානු ඩොලර් මිලියන 43.8ක අති විශාල මිලකට අලෙවි වුනා. ඒ වගේම ඒ කාලයේදී මේ සිදුවීම, ලෝකයේ බොහෝ දෙනෙක්ගේ අවදානය යොමු වුන, ප්‍රධාන මාධ්‍ය පවා වාර්ථා කල සිදුවීමක් බවට පත් වුනා.



ඇයි මේකට මෙච්චර මිලක්?

මේ සිදුවීම, මූල්‍යමය සාර්ථකත්වය ගැන ඉතාම සුවිශේෂී පාඩමක් ඉගෙන ගන්න පුළුවන්, ප්‍රායෝගික අවස්ථාවක්. ඒ පාඩම තමයි මුදල් ඉපයීම කියන්නේ වෙනම කලාවක් කියන දේ.


මිනිස්සු බොහෝ වෙලාවට මුදල් කියන දේ දකින්නේ, මහන්සිය, කැපවීම එහෙමත් නැත්නම් දක්ෂතාවය වගේ දේවල් නිසා තමන්ට උපයන්න පුළුවන් දෙයක් විදිහට.


ඒ නිසා අපිට ගොඩක් වෙලාවට මේ මූල්‍යමය දියුණුව සම්බන්දයෙන් අහන්න ලැබෙන උපදෙස් වෙන්නේ,


"ගොඩක් මුදල් උපයන්න නම්, ගොඩක් මහන්සි වෙන්න ඕනේ"

"දක්ෂතාවය වැඩි වෙනකොට උපයන්න පුලුවන් ප්‍රමාණය වැඩි වෙනවා" වගේ දේවල්.


නමුත් මෙන්න මෙහෙම හිතන්න පුරුදු වීම තමයි, ඇත්තටම බොහෝ දෙනෙක්ට මුදල් උපයන්න බැරි වෙන්නත් හේතු වෙලා තියෙන්නේ.


මුදල් ඉපයීම කියන්නේ වෙනම කලාවක්. අන්න ඒ කලාව දන්න මිනිස්සු තමයි හැම වෙලාවෙම වැඩියෙන් මුදල් උපයන්නේ. මේ චිත්‍රයත් ඔබට කියලා දෙන්නේ අන්න ඒ පාඩම.


ඇත්තටම බැලුවොත්, මේ චිත්‍රය වගේ චිත්‍රයක් අදින්න, අපි ඕනෑම කෙනෙක්ට පුළුවන්, ඒ වගේම මේ චිත්‍රයට වඩා සිය දහස් ගුණයක දක්ෂතාවයක් තිබුනත් අදින්න අමාරු, ඉතාම සියුම්, ඒත් මේ මිලෙන් 1% වත් මිලකට අලෙවි වෙන්නේ නැති චිත්‍රත් මේ ලෝකයේ තියෙනවා.


ඇයි එහෙම වෙන්නේ? හේතුව තමයි.. ඒ සියුම් නිර්මාණ කරන්න පුලුවන් මිනිස්සු ලග දක්ෂතාවය තිබුනට, ඒක මූල්‍යමය වටිනාකමක් බවට පෙරලන්න ඔවුන් දන්නේ නැති වීම


මහන්සි වීම කියන්නේ එකක්, මහන්සිය මුදල් බවට පෙරලන්න දක්ෂ වීම කියන්නේ තවත් එකක්,

යමකට දක්ෂ වීම කියන්නේ එකක්, ඒ දක්ෂතාවය මුදල් බවට පෙරලන්න දක්ෂ වීම කියන්නේ තවත් එකක්.


සමහර වෙලාවට ඔබ දැකලා ඇති, ඔබ තරම් ඉගෙන ගෙන නැති, ඔබ තරම් දක්ෂ නැති මිනිස්සු, රැකියාවන් තුල ඉහලට ගිහින්, ඔබට වඩා උපයන හැටි.


සමහර වෙලාවට ඔබ දැකලා ඇති, ඔබ තරම් ඉගෙන ගෙන නැති, ඔබ තරම් දක්ෂ නැති මිනිස්සු, ව්‍යාපාර තුල ඔබව පසුකරගෙන ගිහින් දියුණු වෙන හැටි.


සමහර වෙලාවට ඔබ දැකලා ඇති ඔබ තරම් මහන්සි නොවන මිනිස්සු, රැකියාව තුල , ව්‍යාපාර තුල ඔබට වඩා උපයන හැටි.


ඔබ කවදා හරි හිතුවා නම්, ඇයි එහෙම වෙන්නේ කියලා, ඒකට හේතුවත් මේකම තමයි.... ඔවුන් ඔබ තරම් ඉගෙනගෙන නැති වුනාට, ඔබ තරම් දක්ෂ නැති වුනාට, ඔබ තරම් මහන්සි නොවුනට, ඔවුන් එක දෙයක් දන්නවා, ඒ තමයි, ඔවුන්ට තියෙන දේ තමන්ට අවශ්‍ය මුදල බවට පෙරලන්න ඔවුන් දන්නවා.


එහෙම නැත්නම්, තමන්ට තියෙන දේ පාවිච්චි කරලා තමන්ට අවශ්‍ය මුදල උපයන්න ඔවුන් දන්නවා. අන්න ඒක තමයි මුදල් ඉපයීම වෙනම කලාවක් කියන එකේ අදහස.


කාල් බෙන්ස්, ලෝකයේ ප්‍රතම මෝටර් රථය නිර්මාණය කලේ, ඒ හරහා ධනවතෙක් වෙන්න හිතාගෙන,


මොකද ඒ වෙනකොට ලෝකයේ මෝටර් රථ කියලා දෙයක් තිබුනේ නෑ. ඒ නිසා ඔහු හිතුවා, අලුත් දෙයක්, ඒ වගේම මිනිස්සුන්ගේ ජීවිත වඩාත් පහසු කරන්න පුලුවන් වටිනා දෙයක් නිසා, මේ වැඩේ සාර්ථක වෙයි කියලා.


නමුත් ඔහුගේ මෝටර් රථය කවුරුත් ගත්තේ නෑ.


හැබැයි, ඒ නිශ්පාදනයම, කිසිම වෙනසක් නොකර, ඔහුගේ බිරිද වෙලද පොලට නිකුත් කරන්න උත්සාහ කලාම, හැමෝම ඒක ඉල්ලන දෙයක් බවට පත් වුනා.


ඇයි එකම නිර්මාණය, කාල් බෙන්ස් වෙලද පොලට ගේන්න හදනකොට කවුරුත් මිලදී නොගන්න දෙයක් වෙලා, ඔහුගේ බිරිද බර්තා බෙන්ස් වෙලදපොලට නිකුත් කරනකොට හැමෝම ඉල්ලන දෙයක් වුනේ.


හේතුව තමයි, කාල් බෙන්ස්, අලුත් දේවල් හදන්න දක්ෂයෙක් වුනාට, ඒ දක්ෂතාවයෙන් වටිනා දෙයක් නිර්මානය කලාට, ඔහු දක්ෂතාවයවත්, වටිනාකමවත්, මුදල් බවට පෙරලන්න දක්ෂයෙන් නොවීම,


හැබැයි, බර්තා බෙන්ස් කියන්නේ, කාල් තරම් නිර්මාණ කිරීමේ දක්ෂයෙක් නෙමේ, හැබැයි ඇය දන්නවා, තියෙන දේ පාවිච්චි කරලා මුදල් උපයන්න.


ඒ නිසා මුදල් උපයන්න ඕනේ නම්, හැම දේටම කලින් මුදල් උපයන කලාව තුල දක්ෂයෙක් වෙන්න.


එහෙම නැති වුනොත්, ඔබ කොච්චර දක්ෂයෙක් වුනත්, ඔබ ලග කොච්චර හැකියාවන්, වටිනාකම් තිබුනත්, ඒ වගේම ඔබ කොච්චර මහන්සි වුනත් ඔබට ප්‍රමාණවත් මුදලක් නොලැබීම කියන අත්දැකීමෙන් මිදෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.


මුදල් ඉපයීමේ කලාව සහ මූල්‍ය සාර්ථකත්වය ගොඩනගා ගැනීමේ කලාව ගැන, තව දුරටත් ඉගෙන ගන්න, පහතින්, පොහොසත් බවේ රන් දොරටු PDF eBook එක Download කරගෙන කියවන්න.



Download කරගැනීමට අපහසු අය මෙය email එකක් ලෙස ලබා ගැනීමට BOOK1 ලෙස සදහන් කල පණිවිඩයක් 0764393624 අංකයට Whatsapp හරහා යොමු කරන්න.

4 Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Guest
Mar 09, 2024
Rated 5 out of 5 stars.

බොහොම ස්තුතියි. මේ ලිපියත් , ඔබේ පොතත් දෙකම ඉතාම වටිනවා. ජය වේවා ඔබතුමාට!

Like

Guest
Jan 31, 2024
Rated 5 out of 5 stars.

ඔබේ පොත ඉතාම වටිනවා. නොදන්න බොහෝ දේ ඉගෙන ගත්තා.

Like

Guest
Jan 25, 2024
Rated 5 out of 5 stars.

හරිම වටිනා පාඩමක් සර්. හැමදාම අහන බොරු Motivation වලින් එහාට ගිහින් ඇත්ත ඇති සැටියෙන් කියලා දෙන ඔබතුමාට බොහොම ස්තුතියි. මම සර්ගේ පොත් හැම එකක්ම ලබා ගත්තා. හැම පොතක්ම මම දැනට පස් වතාවකට වඩා කියවලා හැම වචනයක්ම හිතට දාගෙන මගේ ජීවිතය හදා ගන්න ගමන් ඉන්නේ.

Like

Guest
Jan 25, 2024
Rated 5 out of 5 stars.

Thanks for this valuable article. Already ordered the book. ❤️

Like
bottom of page