top of page

යටි සිතේ බලය : සාර්ථකත්වය ගොඩනගන අවිංඥාණික මාර්ගය

Updated: Jun 30, 2022



අපි ඕනෑම කෙනෙක්‍ට, ජීවිතයේ යම්කිසි අරමුණක් වෙත ලගා වෙන්න අවශ්‍ය නම්, ඒ වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන් ප්‍රධාන මාර්ගයක් දෙකක් තියෙනවා.


එකක් තමයි සවිංඥාණික මාර්ගය

දෙක තමයි අවිංඥාණික මාර්ගය


සවිංඥාණික මාර්ගය කියන්නේ, අපිට අවශ්‍ය කරන තැනට, හිතලා, සැලසුම් කරලා උත්සාහයෙන්, මහන්සියෙන් ගමන් කරනවා කියන එක. (මේක තමයි අපි හැමෝම දන්න පාර)


හැබැයි මීට අමතරව අවිංඥාණික මාර්ගය කියලා එකකුත් තියෙනවා. මම මේ ලිපියෙන් ඔබට කියලා දෙන්න යන්නේ අන්න ඒ අවිංඥාණික මාර්ගය ගැන.


අවිංඥාණික කියන වචනයේ සරල තේරුම තමයි, "හිතලා කරන්නේ නෑ" කියන එක. ඒ කියන්නේ අවිංඥාණික මාර්ගය කියන එකේ අදහස තමයි, අපි හිතලා අපේ අරමුණු වෙත ලගා වෙනවා වෙනුවට, ඉබේම අපි තුලින් අවශ්‍ය දේවල් සිද්ද වෙලා, අපිට අවශ්‍ය අරමුණු සාර්ථක වෙන තත්වයන් ඇති කරනවා කියන එක.


සමහර වෙලාවට මේක ටිකක් අමුතු කතාවක් වගේ හිතෙයි,


එහෙම නැත්නම්, හිතලා, මහන්සි වෙලා, තමන්ගේ අරමුණු ජය ගන්නේ නැතුව, ඉබේම සාර්ථක වෙන්න පුළුවන්ද, ඔය මොන බොරුද වගේ එකක් ඔබට හිතෙන්නත් පුළුවන්.


ඒ නිසා, මේ මට්ටමෙන් මේ කියන දේ හරිද වැරැදිද කියලා තීරණය කරන්නේ නැතුව, මේ ලිපිය අවසන් වෙනතෙක්ම කියවන්න. මම ඔබට නිශ්චිත විද්‍යාත්මක පැහැදිලි කිරීම් එක්ක මේ දේ පැහැදිලි කරනවා මේ ලිපියෙදී.


අපි හැමෝම තුල, සවිංඥාණික හා අවිංඥාණික ක්‍රියාකාරීත්වය කියලා ආකාර දෙකක ක්‍රියාකාරීත්වයක් තියෙනවා.


සමහර දේවල් අපි හිතලා කරනවා. ඒ දේවල් හරහා අපි යම් යම් ප්‍රතිඵල ලබා ගන්නවා.

ඒ වගේම සමහර දේවල් අපි තුලින් ඉබේ සිද්ද වෙනවා, ඒ හරහාත් අපි විවිධ ප්‍රතිඵල අපේ ජීවිතය තුල ලබා ගන්නවා.


ඒ වගේම ටිකක් සැලකිල්ලෙන් කල්පණා කලොත් ඔබට පෙනෙයි, අපේ ජීවිතයේ බහුතරයක් ප්‍රතිඵල අපිට ලැබෙන්නේ, ඇත්තටම අපේ සවිංඥාණික ක්‍රියාකාරීත්වය (හිතලා කරන දේවල්) මත නෙමේ, අවිංඥාණික ක්‍රියාකාරීත්වය (නොහිතා අපෙන් වෙන දේවල්0 මත කියලා...


සරලවම කිව්වොත්, අද ඔබ මේ මොහොතේ ජීවත් වෙන්නෙත්, ඔබේ මේ අවිංඥාණික ක්‍රියාකාරීත්වය නිසා.


ඔබට පුළුවන්, හිතලා හුස්ම ගන්න, හැබැයි ඔබට ඒක අමතක වුනොත්, ඒ ක්‍රියාවලිය, ඔබේ අවිංඥාණික ක්‍රියාවලිය විසින් බාර ගන්නවා. ඒ නිසා ඔබ හිතලා හුස්ම නොගත්තත්, ඔබට මේ වෙලාවේ අවිංඥාණිකව හුස්ම ගැනෙනවා. ඒ නිසා ජීවත් වීම කියන දේ ඔබට මේ වෙලාවේ ප්‍රශ්ණයක් නෙමේ.


නමුත් නිකමට වගේ හිතලා බලන්න, ඒ දේ මේ මොහොතේ සිට අවිංඥාණිකව ඔබට තුල ක්‍රියාත්මක නොවුනොත්, තව කොච්චර වෙලා ඔබ ජීවත් වෙයිද කියලා. ඒ වගේම ජීවත් වීම කියන එක කොයි තරම් අමාරු එකක් වෙයිද කියලා.


අනිත් අතට, ඔබේ ශරීරයේ ක්‍රියාකාරීත්වය දිහා බැලුවොත්, 99% වගේ සිද්ද වෙන්නේ අවිංඥාණික, ස්වයංක්‍රීය ක්‍රියාවලියක් විදිහට. ඔබේ හදවට ගැහෙන්නේ, ඔබ හිතන විටදි නෙමේ.. එහෙම හිතලා හදවත ක්‍රියාත්මක කරන්න වුනා නම්, අපි බහුතරයක් දෙනාට මිනිත්තු කීපයක්වත් ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ.


ඒ නිසා, මේ අවිංඥාණික ක්‍රියාවලිය තමයි ඇත්තටම අපේ ජීවිතයේ බහුතරයක් තත්වයන් පාලනය කරන්නේ. එහෙම බැලුවොත් අපි සවිංඥාණිකව ජීවිතයේ ලබා ගන්න ප්‍රතිඵල තියෙන්නේ ඉතාම සුලු ප්‍රමාණයක් විතරයි.


ඒ වගේම, ලෝකයේ ජීවත් වෙන බොහෝ දෙනෙක්, තමන්ගේ ජීවිතය, හරිම සංකීරණ එකක් කරගෙන දුක් විදින්නෙත්, ඔන්න ඔය සවිංඥාණික ප්‍රතිඵල ලබා ගැනීම කියන කාරණාව ඇතුලෙම තමයි.


නිකමට හිතලා බලන්න, ඔබ ඔබේ ජීවිතයේ දුක් වෙන, පීඩනයන් ඇති කර ගන්න තත්වයන් බොහෝමයක්, සවිංඥාණිකව ඇතිකරගත්ත අරමුණු වෙත සවිංඥාණිකව ලගා වෙන්න ගිහින් අසාර්ථක වීම නිසා, ඇති වුන ඒවා නෙමේද කියලා....


මෙන්න මේ නිසා තමයි, මේ සාර්ථකත්වය වෙත යන අවිංඥාණික මාර්ගය කියන එක ගැන දැනගෙන ඉන්න එක අපිට වැදගත් වෙන්නේ.


මේක හරිම සරල දෙයක්. අපිට හුස්ම ගැනීම කියන දේ, හිතලා කරන්න පුළුවන් වගේම, අපිට ඒ දේ අමතක වුනොත් අවිංඥාණිකව සිද්ද වෙන්න පටන් ගන්නවා වගේ. මෙහිදී වෙන්නේ, අපේ අරමුණු, බලාපොරොත්තු වගේ දේවල් වෙත ලගා වෙන්න අවශ්‍ය දේවල් අපි තුලින් හරි ආකාරයෙන් සිද්ද වෙන්නේ නැත්නම්, අපි තුලින් ඉබේ සිද්ද වෙන ආකාරයට අපේ ක්‍රියාවලිය සකස් කරන එක. එහෙම නැත්නම් ඒ සැකසීම හරහා මහන්සියෙන් අපේ අරමුණු වෙත ලහා වෙනවා වෙනුවට, ස්වයංක්‍රීයව ඒ අරමුණු වෙතට ලගා වෙන තත්වයක් නිර්මාණය කරන එක.


අන්න ඒ විදිහට ස්වයංක්‍රීය අවිංඥාණික ක්‍රියාවලිය අපිට අපේ අරමුණු වෙත ලගා වීම වෙනුවෙන් සකස් කර ගන්න පූලුවන් නම්, ඒ දේ හරහා, අපි බලාපොරොත්තු වෙන අරමූණු වෙත අපිටත් නොදැනී ලගා වෙන්න පූලුවන් තත්වයන් අපි තුල නිර්මාණය වෙනවා.


උදාහරණයක් විදිහට, ඔබ වාහන පදවන්න පුරුදු වෙන කාලේ, වාහන පදවන අත්දැකීමයි, පුරුදු වුනාට පස්සේ අත්දැකීමයි ගැන හිතලා බලන්න.


වාහනයක් එලවන්න පුරුදු වෙන කාලෙදී, අපි හැමදේම කරන්නේ හිතලා, ගියර් මාරු කරන්නේ හිතලා, ක්ලච් බැලන්ස් කරන්නේ හිතලා. වාහනේ හසුරවන්නේ, වේගය පාලනය කරන්නේ, තිරිංග තද කරන්නේ හිතලා. ඒ නිසා ඒ කාලෙදී, වාහන එලවන එක හරි අමාරු දෙයක් වගේ දැනෙන්නේ.


හැබැයි හුරු වුනාම, අපි ඔය එකක්වත් හිතලා කරන්නේ නෑ. සමහර වෙලාවට අපි වාහනයට නගිනවා, ඒ අතර මග, රේඩියෝ එකේ යන දෙයක් අහගෙන හරි, මොනවා හරි ගැන හිත හිතා හරි, දන්නේම නැතුව අවශ්‍ය තැනට ලගා වුනාම, වාහනෙන් බහිනවා.


ඒ අතර මග, අපි කරන්න ඕනේ, සියලු දේ , වාහන පුරුදු වෙන කාලේ හිතලා කලාට, හුරු වුනාට පස්සේ සිද්ද වෙන්නේ අවිංඥාණිකව.


ඒ නිසා වාහන පැදවීම හුරු වුනාට පස්සේ, වාහනයක් පදවන එක, පුරුදු වෙන කාලයේ වගේ නීරස අත්දැකීමක් වෙන්නේ නෑ. ඒක විදින්න පුලුවන් අත්දැකීමක් බවට පත් වෙනවා.


අවිංඥාණික මාර්ගය තුල සාර්ථකත්වය ගොඩනැගීමත් ඔන්න ඔය වගේම දෙයක්.


අවිංඥාණික මාර්ගය තුල සාර්ථකත්වය ගොඩනැගීමේ ක්‍රමය, වසර දහස් ගනනක අතීතයක් තියෙන, දෙයක්. මේ සම්බන්දයෙන් වන ඉතා ඉපැරැණි ශිල්ප ක්‍රම වේද හා යෝග විද්‍යාවන් තුල පවා හමුවෙනවා.


අතීතයේදී මේ ක්‍රමය භාවිතා වෙන්නට තිබුණ ප්‍රධාන හේතුවත් හරි අපූරු එකක්.


ඒ කාලයේදී මෙම යෝග විද්‍යාවන්, වේද විද්‍යාවන් නිර්මාණය වෙන්නේ, මිනිහාගේ පරිපූර්ණත්වය, ආධ්‍යාත්මික දියුණුව වගේ දේවල් අරමුණු කරගෙන.


එතැනදී සමහර වෙලාවට අපි සවිංඥාණිකව ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරනකොට, අපිට සාමාන්‍ය ජීවිතයේ අනිත් දේවල් මග හැරෙනවා. අන්න ඒ අසමබර තත්වය වෙනස් කර ගැනීම වෙනුවෙන් තමයි, මේ අවිංඥාණික මාර්ගයේ ගමන් කිරීම මිනිසුන් කලේ.


එහිදී, සාමාන්‍ය ලෞකික සාර්ථකත්වයන් වෙත ලගා වෙමින්, යහපත් ජීවිතයක් ගොඩනගා ගන්න අතරම, සවිංඥාණිකව, ජීවිතය , ආධ්‍යාත්මය තේරුම් ගනිමින්, ඉදිරියට යන්නත්, මිනිසාට අවස්ථාව ලැබෙනවා.


මොකද ඔවුන් ඒ ලෞකික සාර්ථකත්වයන් වෙනුවෙන් ඔවුන්ගේ සවිංඥාණික බව යොදවන්නේ නෑ. එය අවිංඥාණික ක්‍රියාවලියට බාර දෙනවා.


අපි විශ්වයේ ගැඹුරු දහමක් ගැන හිතන මොහොතක වුනත්, අවිංඥාණික ක්‍රියාවලිය, හුස්ම ගැනීම නතර කරන්නේ නෑ.


එය ඔබට, ඔබට අවශ්‍ය දේ හිතන්නට නිදහස ලබා දෙමින්, ඔබේ සාමාන්‍ය පැවැත්ම තහවුරු කරනවා. අන්න ඒ වගේම මේ අවිංඥාණික ක්‍රියාවලිය සාර්ථකත්වයට යොදා ගැනීමත්, ඔබ ජීවිතය විඳින අතරේදී, ඔබේ අනාගතය ඇතුලු, අනිත් දේවල් බලා ගැන බය නොවී ඉන්න පුළුවන් තත්වයක් නිර්මානය කරනවා.


පසු කාලීනව, බටහිර ජීවත් වූ සුබවාදී චින්තකයන් විසින් Law of Attraction වගේ සංකල්ප සමාජ ගත කලෙත් මේ මූළිඛ හරය පදනම් කරගෙන.


මේ අවිංඥාණික ක්‍රියාවලිය සාර්ථකත්වය වෙනුවෙන් සකසා ගැනීම කියන දේ අපිට කරන්න පුළුවන් වෙන්නේ, යටි සිත බලගැන්වීම කියන දේ හරහා.


අපේ හිතේ ක්‍රියාකාරීත්වය අනුව, මිනිස් සිත කොටස් දෙකකට බෙදෙනවා උඩු සිත හා යටි සිත කියලා.


උඩු හිත කියන්නේ, අපි හිතලා කරන දේවල් ක්‍රියාත්මක වෙන කොටසට, යටි සිත කියන්නේ අනිත් කොටසට.


ඒ හරහා සිද්ද වෙන කාර්යයන් රාශියක් තියෙනවා, ඒ වගේම අවිංඥාණික ක්‍රියාවලීන් පාලනය කියන්නෙත් ඒ හරහා වෙන එක දෙයක්.


යටි සිත බලගැන්වීමේ අභ්‍යාස හරහා අපිට පුළුවන්, ඒ අවිංඥාණික ක්‍රියාවලිය, ජීවිතේ අරමුණු හබා යාමට ගැලපෙන ආකාරයෙන් සක්‍රීය කර ගන්න.


ඒ දේ කලොත්, එතැනින් එහාට ඔබටත් පුලුවන්. අවිංඥාණික මාර්ගය තුල සාර්ථකත්වය ගොඩනැගීම කියන අත්දැකීම ප්‍රායෝගිකව අත් විදින්න.


මානසික තත්වයන් දියුණු කිරීම පිලිබදව අප නිකුත් කර ඇති eBook, පහතින් Download කර ගන්න

මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව, ඉතාම ඉහල මට්ටමක් දක්වා රැගෙන ඒම වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන, පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.

සාමාන්‍ය ආකර්ෂණ නීති සංකල්ප වලින් එහාට ගොස්, අවිංඥාණික මනස තුල වන ශක්තීන් ප්‍රායෝගිකව අවධි කරන ආකාරය පිලිබද උපදෙස් හා පියවර සහිත අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.

ධනාත්මක මානසිකත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබට භාවිතා කල හැකි සරල උපක්‍රම පිලිබද ඍජු පාඩම් සහිත ප්‍රායෝගික උපදෙස් පොතකි


වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න




879 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page