top of page

සෑම දවසක්ම සාර්ථක දවසක් කරගන්න පියවර 5 ක්.



ප්‍රායෝගික ජීවිතය තුල සාර්ථකත්වය අපේක්ෂා කරන කෙනෙක්ට සෑම දවසක් තුලම සාර්ථකත්වය ලගා කරගැනීම කියන්නේ ඉතාම වැදගත් දෙයක්. කෙසේ වෙතත් අපි හැම කෙනෙක්ම තමන්ගේ වැඩ, රාජකාරී සියල්ල සාර්ථකව නිම කරලා දවස අවසන් කරන්න සිතුවත් අපි බොහෝ දෙනෙක්ට විවිද හේතු නිසා බොහෝ විට මේ දේ කරගන්න ලැබෙන්නේ නෑ. අපි 90% දෙනා බොහෝ විට තමන්ගේ දවස නිමා කරන්නේ තම දවස සාර්ථකයි කියන සිතුවිල්ලෙන් නෙමේ. ඔබට මෙවැනි තත්වයන්ට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙනවානම් , අද අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ තමන්ගේ එදිනෙදා වැඩකටයුතු අතපසු කර නොගෙන, තමන්ගේ වැඩරාජකාරී පිලිබද පූර්ණ අවදානයෙන් යුතුව සෑම දිනයක් තුලම සුවිශේෂී සාර්ථකත්වයක් ලගා කරගැනීම වෙනුවෙන් ඔබ අනුගමනය කල යුතු පියවර කීපයක් ගැන.


1. පැය කීපයක් කලින් අවදි වන්න.


පැය කීපයක් කලින් අවදි වෙනවා කියන්නේ ඔබේ වැඩකටයුතු වෙනුවෙන් වැඩි කාලයක් තිබෙනවා කියන එක. අවශ්‍ය කටයුතු කිරීම වෙනුවෙන් යම්කිසි අමතර කාලයක් දවසට එකතු කරගැනීම ඔබට පැය කීපයක් කලින් අවදි වීම තුලින් කරන්න පුලුවන්.


2. ශරීරයට හා මනසට ව්‍යායාම ලබා දෙන්න.


සෑම මොහොතකම ශරීරය මනසටත් , මනස ශරීරයටත් බලපෑම් ඇති කිරීම සිදුකරනවා. මේ නිසා ඔබේ දවස ප්‍රබෝධයෙන්, ජවයකින් යුතුව පවත්වාගෙන යාම වෙනුවෙන් ශරීරයට හා මනසට යන දෙකටම උදෑසන ඔබ අවදි වූ මොහොතේදී ව්‍යායාම ලබා දීම ඉතා වැදගත්.


උදෑසන අවදි වූ පසු ඔබට ගැලපෙන ශාරීරික ව්‍යායාමයක් වෙනුවෙන් මිනිත්තු කීපයක් වෙන් කරන්න.

( මිනිත්තු 20-30ක් පමණ ) ඒ වගේම මිනිත්තු 15ක් පමණ යටි සිත ධනාත්මක චිත්ත රූප මැවීමේ අභ්‍යාසයක නිරත වීම, ධනාත්ම යමක් කියවීම වැනි මනස ධනාත්මකව උත්තේජනය කරන ආකාරයේ අභ්‍යාසයක නිරත වන්න.


3. දවස පටන් ගැනීමට පෙර ඔබේ ඉලක්ක සිහිපත් කරන්න.


ඔබේ දවස ආරම්භයට පෙර ඔබ ජීවිතයේ ලගා කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක ගැන සිහි කරන්න, එම ඉලක්ක වෙත ලගා වීම වෙනුවෙන් ඔබ අද දවස තුල කුමක් කල යුතුද යන්න කල්පනා කරන්න. ඒ අනුව ඔබේ දිනය සැලසුම් කර, ඔබට දිනය තුල නිම කිරීමට ඇති රාජකාරී පිලිබද සටහනක් සකසා ගන්න. එයට අනුව දවස ගත කරන්න.


4. වේගවත් වෙන්න. කලින් වැඩ කරන්න.


රාජකාරී වෙනුවෙන් කලින් පිටත් වෙන්න, කාර්යාලයට මිනිත්තු කීපයක් කලින් යන්න. ඔබට පැවරෙන සෑම වැඩක්ම මිනිත්තුවක් හෝ කලින් අවසන් කිරීමට උත්සාහ කරන්න. වෙලාවට කලින් වැඩ කිරීම තමන්ට පැවරුණ අභියෝගයක් ලෙස සිතා අභියෝග ජයගැනීමේ මනසකින් යුතුව ක්‍රියා කරන්න. මෙය ඔබේ වේගය , ඵලදායීතාවය වගේම ජවයෙන් හා ධනාත්මක බවෙන් යුතු මානසිකත්වයක් ඇති කරයි. වැඩ රාජකාරී වේගයෙන් , ඉක්මනින් නිමා කිරීම ඔබට ඔබේ ජීවිතයේ වෙනත් දේවල් ( උදා : පවුල, දරුවන් , මිතුරන්) වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමේ හැකියාව ඔබට ලබා දෙයි.


5. සෑම දිනක් අවසානයේම තමන් කොතරම් සාර්ථකද යන්න මැන බලන්න.


සාර්ථකත්වය වෙනුවෙන් වන සැබෑ අභිප්‍රේරණය සෑම විටම ඇතිවන්නේ ඔබ ප්‍රායෝගිකව ලගා කරගන්නා සාර්ථකත්වය තුලින්. ඔබ සාර්ථකයි යන හැගීම, ඔබ පියවරෙන් පියවර ඉදිරියට යන බවට වන හැගීම ඔබට සෑම දිනකම ලැබෙනවානම් එය සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ මනසට දිය හැකි හොදම අභිප්‍රේරණයයි.


වෙනත් කෙනෙකු දිහා බලා කවදා හෝ මමත් එවැනි සාර්ථකත්වයක් ලගා කරගන්නවා යන්න සිතනවාට වඩා, තමන් ප්‍රායෝගිකව එක් පියවරක් හෝ තම සිහින වලට ප්‍රායෝගිකව ලගා වූවා යන හැගීම ඇතිකර ගැනීම ඉතා ප්‍රබලව ඔබ තුල ජවයක් , අභිප්‍රේරණයක් ඇති කිරීමට නිසකවම ඉවහල් වෙනවා. මේ නිසා සෑම දිනකම ඔබ කොතරම් සාර්ථකද යන්න පිරික්සා බලන්න. තමන් කුඩා හෝ සාර්ථකත්වයක් ලබා ඇත්නම් ඒ පිලිබදව සතුටු වන්න. අද දිනයට වඩා හෙට දිනය තුල යමක් කිරීම වෙනුවෙන් ඔබම අභියෝගයක් ඇතිකර ගන්න.

 

ධනාත්මක වීම, ඉලක්කගත වීම, සැලසුම් සහගත වීම, අභියෝග හමුවේ සාර්ථකව ඉදිරියට යාම ඇතුලු බොහෝ හැකියාවන් ඔබ තුල නිර්මාණය කර ගන්නා ආකාරය ගැන ඉගෙන ගන්න, පහතින් ජීවිතය දිනන ප්‍රායෝගික මග කෘතිය Download කරගෙන කියවන්න.


Online Download කර ගැනීමට අපහසු නම්, E-Mail එකක් ලෙස ගෙන්වා ගැනීමට, පහත සදහන් මෙම පොතේ Product Code එක, සදහන් කල පණිවිඩයක්, 0764393624 අංකයට Whatsapp හරහා යොමු කරන්න


Product Code : JDM232


අප නිකුත් කර ඇති සියලුම පොත් පිලිබද විස්ථර දැන ගැනීමට මෙතැන Click කරන්න





1,055 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page