top of page

තත්පරෙන් මොලය වෙනස් කරන Brain Hacking ගැන දැනගන්න!

Writer: Chathuska AmarasekaraChathuska Amarasekara


අතීතයේදී සාර්ථකත්වය කියන මාතෘකාවේ ප්‍රධාන අංග වුනේ, උත්සාහය, උනන්දුව, කැපවීම වගේ දේවල්, නමුත් අද වන විට සාර්ථකත්වය කියන විශය එතැන සිට සෑහෙන මට්ටමකින් ඉදිරියට ගිහින් අවසන්. ඉතිං මේ ලිපියෙන් අපි කතා කරන්නේ, සාර්ථකත්වයේ නූතන රහස් අතර තියෙන එක ප්‍රධාන මාතෘකාවක් වෙන, Brain Hacking ගැන.


Hacking කියන වචනයේ තේරුම වෙන්නේ, අනවසර පිවිසුමක් හෝ අනවසර මෙහෙයවීමක් වගේ අදහසක්. ඉතිං මේ Brain Hacking කියන්නේ, අපේ මොලය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන ආකාරයට වඩා වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වීමට ඉඩ සැලැස්වීමක් හරහා තමන්ට අවශ්‍ය ප්‍රතිඵල නිර්මාණය කිරීමකට.


නූතන ලෝකයේ මේ විදිහට අපේ Brain එක Hack කිරීම වෙනුවෙන් භාවිතා වෙන ක්‍රම රාශියක් තියෙනවා. අපි මේ අතරින් වඩාත් සිත් ඇදගන්නා සුලු ක්‍රම කීයපක් ගැන මේ ලිපියෙන් ඔබට කියලා දෙන්න අපේක්ෂා කරනවා.


  • Brain Supplements

.

Brain Supplements කියන්නේ, ඔබේ මොලයේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්නට සමත් වෙන ඖෂධ වලට, මේ වන විට ලෝකයේ විවිධ Brain Supplements වර්ග නීත්‍යානුකූලව වගේම, නීත්‍යානුකූල නොවන විදිහටත් නිපදවෙනවා. මේ නිසා Brain Supplements කියන්නේ හරිම පරිස්සමෙන් භාවිතා කල යුතු දෙයක්.


වැරැදි භාවිතය, සම්පූර්ණයෙන්ම මොලේ ක්‍රියාකාරීත්වය විකුර්ති කරන්න වුනත් සමත් වෙනවා.


කෙසේ වෙතත්, මෙම Brain Supplements වර්ග බොහෝමයක්, මිල අධික වීමත්, සීමා සහිත සැපයුම නිසාත් බොහෝ දෙනෙක්ට පහසුවෙන් මිලදී ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ වගේම 2011 දී නිකුත් වුන Limitless චිත්‍රපටය මෙම Brain Supplements ගැන ලොව පුරා විශාල සාකච්චාවක් ඇති කලා. එය කාලයක් තිස්සේ, ලෝකයේ ඉහල සාර්ථකත්වයක් සහිත මිනිසුන් අතරේ පමණක් සාකච්චා වුන මාතෘකාවක් ලෝකයට විවෘත කලා වැනි වැඩක් වුනා.


  • ස්නායු ප්‍රතිපෝෂණ උපාංග


ස්නායු ප්‍රතිපෝෂණ උපාංග කියන්නේ, ක්ෂණිකව, මොලෝ ක්‍රියාකාරීත්වයට අදාල දත්ත ඒ මොහොතේම ලබා දෙන උපකරණ වලට, මෙහිදී සිදුවෙන්නේ, ඔබේ මොලයේ ක්‍රියාකාරීත්වය අහිත කර තත්වයකට පත්වීමට කලින්, එය පිලිබද දැනුවත් කිරීමක්. ඒ නිසා, මෙවැනි උපකරන භාවිතා කිරීමෙන්, අපේ මොලයේ ක්‍රියාකාරීත්වය ගැන සවිංඥාණික වෙමින් මොලය පාවිච්චි කිරීමේ හැකියාව අපිට ලැබෙනවා.


  • මොලය උත්තේජණය කිරීමේ උපකරණ


මෙවැනි උපකරන හරහා වෙන්නේ, ඔබේ මොලය කෘතිමව උත්තේජණය කරලා, ඔබට අවශ්‍ය ආකාරයෙන් පවත්වාගෙන යාමක්.

උදාහරණයක් විදිහට, ඔබට ඉහල මානසික ඒකාග්‍රතාවයක් ඇතුව කල යුතු වැඩක් කරන්න අවශ්‍ය නම්, එහිදී ඔබට පුලුවන් මෙවැනි උපකරණයක මානසික ඒකාග්‍රතාවයට අදාල සැකකීමක් සක්‍රීය කරලා එය පැලදගෙන වැඩ කරන්න.


එහිදී මෙම උපකරණය විසින්, විද්‍යුත් හා කාන්දම් ශක්තිය හරහා ඔබේ මොලයේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය ආකාරයෙන් උත්තේජණය කර, ඉහල මානසික ක්‍රියාකාරීත්වයක් සහිත පුද්ගලයෙකුගේ මොලයේ ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාකාරීත්වයක් කෘතිමව පවත්වාගෙන යාම සිදුවෙනවා.


  • තෙරපි හා ව්‍යායාම


මෙහිදී සිදුවෙන්නේ, විවිධ තෙරපි ක්‍රම හා ව්‍යායාම හරහා, මොලයේ ක්‍රියාකාරීත්වය වෙනස් කිරීමක් කර අවස්ථානුකූලව ගැලපෙන ආකාරයට මොලයේ ක්‍රියාකාරීත්වය සකස් කර ගැනීමක් කිරීමයි.


Ice Bath වැනි තෙරපි ක්‍රම මේවාට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්.


  • විශේෂ භාවනා ක්‍රම


මොලයේ ක්‍රියාකාරීත්වය හා භාවනාව කියන්නේ එකිනෙකට බැදී පවතින කාරණාවක්. නිවැරැදි භාවනා ක්‍රම භාවිතයෙන්, ඔබට බොහොම පහසුවෙන් ඔබේ මොලයේ ක්‍රියාකාරීත්වය ප්‍රබල ලෙස වෙනස් කරගන්න පුළුවන්.


ඒ අනුව සකස් කල, Brain Hacking Meditation ක්‍රම බොහෝමයක් මේ වන විට ලෝකයේ තිබෙනවා. නමුත්, මෙවැනි ක්‍රමයක් භාවිතා කර දැනෙන මට්ටමේ ප්‍රතිඵලයක් ලබන්න නම්, ඔබට ඒ වෙනුවෙන්, මුලින්ම යම් කාලයක් වැය කර නිවැරැදි උපදෙස් යටතේ පුහුණු වීමක් සිදු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා.


 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page