මේ වෙනකොට ලෝකයපුරා ජීවත් වෙන, සාර්ථකත්වය හොයාගෙන යන බොහෝ දෙනෙක්ගේ අවධානයට යොමු වුන මාතෘකාවක් තමයි "යටි සිත" කියන්නේ... ඒ නිසා අද අපි මේ ලිපියෙන් ඔබට කියලා දෙන්න යන්නේ, මෙන්න මේ යටි සිත තුල වන ශක්තීන් අවධි කරගන්න ඔබට ලැබුනොත් ඔබට අත්විදින්නට ලැබෙන අත්දැකීමේ ස්වභාවය ගැන.
පෙරදිග මනෝවිද්‍යාව තුල "මිනිස් සිත" හදුන්වන්න හරිම ලස්සන අපූරු උදාහරණයක් තියෙනවා... ඒ තමයි "කල්ප වෘක්ෂය". කල්ප වෘක්ෂය කියන්නේ, අපි සිතන ඕනෑම දෙයක් සැබෑ කරදෙන්න පුළුවන් දිව්‍යමය හැකියාවක් ඇති, අපූරු ගසකට! යම් කෙනෙක් මේ ගස යට හිදගෙන කුමන හෝ ආකාරයක දෙයක් ගැන හිතුවොත්, ඒ දේ සැබෑ ජීවිතය තුල සැබෑවක් වෙලා ඔහුට හෝ ඇයට අත්විදින්න ලැබෙනවාලු.
පෙරදිග මනෝවිද්‍යාත්මක සංකල්ප වල සදහන් වෙන්නේ, නිවරැදිව සිත දියුණු කල මිනිසාගේ සිත කියන්නෙත් කල්ප වෘක්ෂයක් කියලා.
ඒ නිසා අපි අද ලිපියෙන් සාකච්චා කරන්න යන්නේ, අපේ සිතේ අපි සාමාන්‍යයෙන් භාවිතා නොකරන කොටයෙන්, ඉතා කුඩා කොටසක් හරි, අපිට සාර්ථකව භාවිතා කරන්න පුළුවන් වුනොත් අපිට අත්විදින්නට පුළුවන් වෙන අපූරු අත්දැකීම් වල ස්වභාවයන් මොනවද කියන දේ ගැන.
යටි සිත කියන්නේ ඇත්තටම මොකක්ද?
මේ දේ ගැන නිවරැදි සාකච්චාවක් කරන්න නම්, ඔබ සියල්ලමට කලින් යටි සිත කියන්නේ මොකක්ද කියන දේ හරියට ඉගෙන ගන්න එක ඉතාම වැදගත්, ඒ නිසා මුලින්ම යටි සිත අවදි වුනාම අත්විදින්නට ලැබෙන දේ ගැන කියන්න කලින්, යටි සිත කියන්නේ මොකක්ද? යටි සිත අවදි වීම කියන්නේ මොකක්ද කියන දේ ගැන පුංචි අවබෝධයක් ලබාගෙන අපි ලිපියේ ප්‍රධාන කොටසට යමු...
සරලවම සදහන් කලොත් යටි සිත කියන්නේ, අපේ සිතේ තියෙන එක කොටසක්. අපි සිත කියන එක තනි වචනයෙන් හැදින්වූවාට, සිත කියන්නේ තනි ඒකකයක් නෙමේ. එය ඉතා සියුම් කොටස් රාශියක එකතුවක්. පෙරදිග මනෝවිද්‍යාව අනුවනම් මේ වගේ කොටස් 84000ක් සිතේ තිබෙන බව සදහන් වෙනවා. බටහිර මනෝවිද්‍යාව අනුවනම් මනස තුල ප්‍රධාන කොටස් 3ක් යටතේ බෙදා දක්වනවා. යටි සිත කියන්නෙත් මෙන්න මේ ආකාරයෙන් තියෙන කොටස් වලින් එක කොටසක්.
යටි සිත අවදි වීම කියන්නේ මේ යටි සිතේ තියෙන ශක්තීන් ක්‍රියාත්මක වෙන්න පටන් ගැනීමක්. සාමාන්‍ය මිනිසෙක්ගේ යටි සිත, ක්‍රියාත්මක වීම සිදුවෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයකින් පමණයි. ඒ නිසා ඔබ ඔබේ යටි සිත හරි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන තැනට පත් කර ගත්තොත්, ඔබට අමුතු අත්දැකීම් රාශියකට මුහුණ දෙන්න ලැබෙන්න පටන් ගන්නවා. මේ ලිපියෙන් කතා කරන්නේ අන්න ඒ අත්දැකීම් ගැන.
යටි සිත අවදි වුනාම අත්විදින්නට ලැබෙන පුදුම අත්දැකීම්.
ස්වයංක්‍රීය මෙහෙයුම් අත්දැකීම
යටි සිතේ අවදි වුනාම අපිට අත්විදින්නට ලැබෙන විශ්මිත අත්දැකීමක් තමයි මේ ස්වයංක්‍රීය මෙහෙයුම් අත්දැකීම කියන්නේ. අපේ යටි සිතේ, අපිට අවශ්‍ය දේවල් ලගා කරගැනීම වෙනුවෙන් ස්වයංක්‍රීයව අපිව මෙහෙයවීමේ අමුතු හැකියාවක් තියෙනවා. බොහෝ දෙනෙක් යටි සිත අවදි කිරීම සිදු කිරීම, බොහෝ විට සිදු කරන්නේ මෙන්න මේ හැකියාව ක්‍රියාත්මක කර ගැනීමේ අපේක්ෂාවෙන්.
මොකද මේ හැකියාව සක්‍රීය වුනාම අපිට පුළුවන්, අපි හිතලා, මනස වෙහෙසලා, හරි අමාරුවෙන් ගොඩනාගා ගන්න හදන සාර්ථකත්වය ඉබේම ගොඩනැගෙන තැනට පත් කරන්න.
හැමෝටම තේරුම් ගන්න පුළුවන් උදාහරණයකින් කීවොත්, අපි හිතමු ඔබ යම් කිසි විභාගයකින් ඉහල ජයක් ලබන්න බලාපොරොත්තු වෙනවා කියලා. මෙතැනදී ඔබ යටි සිත ගැන අමතක කරලා සාමාන්‍ය විදිහට ක්‍රියා කලොත්, ඔබට සිද්ද් වෙනවා ඒ වෙනුවෙන් යම් කැපවීමක් ඇතිව කටයුතු කරන්න. මෙතැනදී ඔබට පාඩම් කරන දේවල් අමතක වීම, හිත එක අරමුණක තියාගෙන වැඩ කරන්න අමාරු වීම, වෙහෙස , නිදිමත, කම්මැලි කම වගේ දේවල් එක්ක ආයාසයක් දරමින් ක්‍රියාත්මක වෙන්න සිදුවීම වගේ දේවල් රාශියකට මුහුණ දෙන්න සිදුවෙනවා.
නමුත් යටි සිතේ මේ හැකියාව භාවිතා කිරීමේ හැකියාව ඔබට තියෙනවානම්, ඔබට පුළුවන් ඔබ ඒ වෙනුවෙන් ආයාසයකින් යන්න උත්සාහ කරනවා වෙනුවට, ඔබට ඒ වෙනුවෙන් නිරායාසයෙන් මෙහෙයවීමේ රාජකාරිය යටි සිතට බාර දෙන්න. එතැනදී යටි සිත ඔබේ අරමුණට ගැලපෙන ආකාරයෙන් , ඔබේ මතක ශක්තිය වැඩි කිරීම, වෙහෙස , නිදිමත, කම්මැලි කම වගේ දේවල් අවම කරමින් ඔබට ඔබේ අරමුණ වෙත ලගා වීමට හැකි තත්වයන් නිර්මාණය කිරීම සිදු කරනවා. හිත එක අරමුනක තියාගෙන වැඩකල හැකි හැකියාව වැඩි කරනමින් ඔබට අවශ්‍ය සාර්ථකත්වය වෙත ඉතාම පහසුවෙන් ලගා වෙන්න පුළුවන් හැකියාව නිර්මාණය කිරීම සිදු කරනවා.
සාමාන්‍යයෙන් අපිට යමක් සාර්ථක කරගන්න අමාරුනම් ඒකට තියෙන එකම හේතුව තමයි, අපේ ශාරීරික හා මානසික තත්වයන් ඒ දේ සාර්ථක කරගැනීමට අවශ්‍ය දේ කිරීම වෙනුවෙන් ප්‍රමානවත් නොවීම. උදාහරණයක් විදිහට අපි හිතමු ඔබට මාසෙකට රු මිලියනයක් උපයන එක අමාරුයි කියලා.... ඇයි එහෙනම් ඒක අමාරු වෙන්නේ? සරලවම එක්කෝ ඔබට ඒ දේ වෙනුවෙන් කරන්න ඕනේ මොනවද කියන දේ හිතා ගන්න බෑ. එහෙම නැත්නම් එහෙම හිතා ගන්න පුලුවන් වුනත් කර ගන්න බෑ. ඔච්චරයි ප්රශ්නය.. යටි හිත තුල ශක්තිය අවදි වුනාම ඔබට පුලුවන් ඔබේ අරමුණු අනුව මේ දේවල් ස්වයංක්‍රීයව වෙනස් වෙන්න ඉඩ හරින්න.
උදාහරණයක් ලෙස ඔබට මිලියනයක් මාසයකට උපයන්න ඕනේනම්, ඔබට පුලුවන් යටි සිත හරහා ඒ දේ කරන්නේ කොහොමද කියලා ඔබ හිතලා විවිද දේ උත්සාහ කරනවා වෙනුවට, ඒ වෙනුවෙන් ඔබට කල හැකි දේවල් ඔබේ මනසට ඉබේම එන ආකාරයේ, ඔබේ මානසික අවදානය ඉබේම ඒ දේ කල හැකි ආකාර වෙත ස්වයංක්‍රීයව යොමු වෙන ආකාරයේ තත්වයක් නිර්මාණය කරන්න. ඒ වගේම ඒ හරහා ඔබට පුලුවන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පුලුවන් තත්වයට ඔබව පත් කරන්න.
මේ හරහා ඔබ අමාරුවෙන් කරන්න උත්සාහ කරන දේවල් ඔබ හිතන්නේ නැති තරම් පහසු වෙන්න පටන් ගන්නවා, සමහර වෙලාවට ඔබ මෙච්චර කාලයක් කරන්න බෑ කියලා හිතාගෙන හිටපු දේවල් පවා ඉතාම ලේසියෙන් කරන්න පුලුවන් තත්වයට පත් වෙනවා.
ඒ අත්දැකීම බොහෝ විට ඔබට දැනෙන්නේ, ඔබට ඉදිරියට යන්න තිබුන බාධක සියල්ල ඉවත් වෙලා, යන්න ඕනේ මාර්ගය නිර්මාණය වීමක් වගේ. මෙය සෑම මොහොතකම වේගවත් වගේම පහසු සාර්ථකත්වයක් ඔබ වෙතට ලගා කර දීමට හේතු වෙනවා.
Jack Canfield වගේ ලෝකප්‍රකට පුද්ගලයින් පවා මේ අත්දැකීම ලද බව, එය ප්‍රායෝගිකව තම ආදායම් තත්වය, පොහොසත් බව වැඩිකරගැනීම වෙනුවෙන් භාවිතා කල බව ප්‍රසිද්දියේ ප්‍රකාෂ කර තිබෙනවා.
පාරසරික වෙනස් වීම් පිලිබද අත්දැකීම
මෙය යටි සිත අවදි වීමත් සමග, යටි සිතේ ශක්තීන් භාවිතා කරන්නට ඔබට හැකිවීමත් සමග ඔබට අත්විදින්නට හැකි තවත් අමුත් අත්දැකීමක්. මෙහිදී සිදුවෙන්නේ ඔබේ පරිසරික සාදක ඔබට වාසි සහගත ලෙස වෙනස් වීම.
පාරීසරික සාදක කියන්නේ , ඔබ ඇසුරු කරන මිනිසුන් , භෞතික වස්තූන් ඇතුලු දේවල් වලට. මෙච්චර කල් ඔබට අවශ්‍ය සාර්ථකත්වය වෙත යන්න මේ පාරසරික සාදක බාධාවක් වෙලා තිබුනනම් , ඔබේ යටි සිත අවධි වීමත් සමග මේ සියලු දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා.
මෙය සිදුවෙන්නේ මූලිඛ වශයෙන් ඔබේ චිත්ත තරංග හරහා, සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා, යටි සිත අවධි කල කෙනෙක්ගේ චිත්ත තරංග ක්‍රියාත්මක වෙන ආකාරය ටිකක් ප්‍රබලයි. ඒ නිසා එහෙම කෙනෙක්ගේ සිතුවිලි වලට අවට පරිසරයේ තියෙන තත්වයන් පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනවා.
උදාහරණයක් ලෙස අපි හිතමු ඔබට කාගේ හරි හිතේ තියෙන කැමැත්ත ඔබ වෙත ලබා ගැනීමේ වුවමනාවක් තියෙනවා කියලා. ඔබේ යටි සිත අවධි වෙලානම් ඔබට පුලුවන් ඒ පුද්ගලයාගේ මනස ඔබට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම වෙනුවෙන් මානසික යෝජනා ලබා දෙන්න. එවිට ඉබේම ඒ පුද්ගලයාගේ සිතුවිලි වෙනස් වෙමින් ඔබට අවශ්‍ය ආකාරයේ සිතුවිලි ඇතිවීමට පටන් ගන්නවා.
ඔබට පුලුවන්ම ඉතා ප්‍රබල වශයෙන් මේ තත්වය දියුනු කරන්න, ඔබට පුළුවන් මිනිසුන් වගේම සතුන් පවා ඔබට අවශ්‍ය පරිදි මෙහෙයවන්න. මීට අමතරව ජීවීන් නොවන වස්තූන් වල ස්වභාවය පවා ඔබට මේ හැකියාවෙන් වෙනස් කරන්න පූළුවන්. මෙය මේ වන විට පරීක්ෂණ තුලින් පවා තහවුරු වී කාරණයක්.
මෙහිදී ඔබට අවශ්‍ය විදිහට හැමෝම ක්‍රියාත්මක වෙන තත්වයන් ඔබට අත්විදීන්න පුළුවන්!
වාසනාවේ අත්දැකීම
මේ යටි සිත අවධි වීම සමග ඔබට අත්දකින්නට ලැබෙන තවත් අත්දැකීමක්. බොහෝ වෙලාවට මනසට මා කලින් සදහන් කල ආකාරයට කල්ප වෘක්ෂය කියන්නෙත් මෙන්න මේ නිසා. මෙහි අදහස වෙන්නෙ, ඔබට අවශ්‍ය දේවල් ඔබ වෙතට නිරායාසයෙන් ආකර්ෂණය වීමේ තත්වයක්. නමුත් මෙය මැජික් එකක් නම් නෙමේ.
මේ විශ්වයේ තියෙන ස්වභාවය තමයි, හැම වෙලාවෙම යමක් ලැබෙන්නේ ඒ දේ ලැබීමට සුදුසු පුද්ගලයාට වීම. උදාහරණයක් ලෙස ලොතරැයියක් දිනන්න ලැබෙන්නේ ලොතරැයි ගන්න කෙනාට, මැනිකක් ලැබෙන්නේ පතලක් හාරන කෙනාට, අඩුම තරමේ පතලක් හාරන තැනක ඉන්න කෙනෙක්ට.
ඒ වගේ, ඔබට යමක් ලැබෙන්න නම් , ඔබට ඒ වෙනුවෙන් ඒ දේ ලැබීමට සුදුස්සෙක් වෙන්න වෙනවා. නමුත් ඇතැම් වෙලාවට මේ තත්වය සවිඥාණිකව ඇතිකර ගන්න සාමාන්‍ය මිනිසෙක්ට ටිකක් අමාරුයි. නමුත් මේ හැකියාව අවිඥාණිකව ගොඩනගලා දෙන්න ඔබේ යටි සිතට පුලුවන්. මෙතැනදී ඔබට ඕනේ දේවල්, ඕනේ වෙලාවට කොහෙන් හරි ඔබට ලැබෙනවා වගේ අත්දැකීමක් ඔබට අත්විදින්න පූළුවන්.
මේ දේවල් පිලිබද දැනුවත්වනවා වගේම මේ දේවල් කොතරම් ප්රබලව ක්‍රියාත්මක වනවාද යන්නත් තේරුම් ගැනීම ඉතාම වැදගත්, යටි සිත තුල තියන ශක්තීන් ක්‍රියාත්මක වීම සරලවම බොහෝ දෙනෙක් සිතනවාට වඩා ඉතා ප්‍රබල බව තේරුම් ගැනීම ඉතාම වැදගත්.
මෙයට හොදම උදාහරනයක් ලෙස නැපෝලියන් හිල්ගේ දරුවා පිලිබද උදාහරණය දක්වන්නට පුළුවන්. ශ්‍රවන ඉන්ද්‍රියන් රහිතව ඉපදෙන ඔහු පිලිබද වෛද්‍ය මතය වෙන්නේ, කිසිම දිනෙක ඔහුට සවන්දීමේ හැකියාව ලැබිය නොහැකි බවයි. නමුත් නැපෝලියන් හිල් විසින් එම හැකියාව වෛද්‍යවරුන්ට පවා අභියෝග කරමින් තම දරුවාට ලබා දෙන්නේ මෙවැනි උපක්‍රම මගින්.
අද වන විට පිලිකා වැනි සුවිශේෂී රෝගී තත්වයන් වෙනුවෙන් පවා මෙම මානසික ශක්තීන් භාවිතය (භාවනාව වැනි උපක්‍රම හරහා) ඉතා සුලභව දැක ගන්න පුළුවන්.
ඒ වගේම, මානසික ශක්තීන් අවදි කිරීමක් සිදු කරනවානම් , එය නිසි අවබෝධයකින් කිරීමේ අවශ්‍යතාවය තේරුම් ගැනීමත් ඉතාම වැදගත්, යටි සිත තුල ශක්තීන් අවදි වීම කියන්නේ ඔබට ඔබේ සාර්ථකත්වය වෙත යන්න අධිවේගී මෝටර් රථයක් ලැබුනා වගේ දෙයක්. නමුත් ඒ මෝටර් රථය ලැබෙන්නේ හරියට ඒක පදවන්න බැරි කෙනෙක්ටනම්, ඔහුට එය අධි වේගයෙන් අනතුරු කරා යන්න මාර්ගයක් වෙන්න ලොකු අවධානමක් තිබෙනවා.
Hypochondria වැනි රෝගී තත්වයන් මේ දේට හොද උදාහරණයක්. මෙම මානසික රෝගය තියෙන අයගේ යටි සිත තුල තියෙන ශක්තීන් ඍණාත්මක ස්වරූපයකින් අවදි වීමේ ලොකු අවදානමක් තියෙනවා. ඒ නිසාම බොහෝ විට මේ රෝගය මානසික රෝගයකින් පමනක් නතර නොවී ශාරීරික රෝගී තත්වයක් දක්වාම දියුනු වීම බොහෝ විට සිදුවෙනවා!
මේ නිසා යටි සිත අවදි කිරීමක් ගැන ඔබ උනන්දු නම්, ඒ වෙනුවෙන් , නිශ්චිත වශයෙන්ම නිවරැදි ගුරු හරුකම් යටතේ පුහුණු වීමත් ඉතා වැදගත්.
මානසික තත්වයන් දියුණු කිරීම පිලිබදව අප නිකුත් කර ඇති eBook, පහතින් Download කර ගන්න
මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව, ඉතාම ඉහල මට්ටමක් දක්වා රැගෙන ඒම වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන, පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
සාමාන්‍ය ආකර්ෂණ නීති සංකල්ප වලින් එහාට ගොස්, අවිංඥාණික මනස තුල වන ශක්තීන් ප්‍රායෝගිකව අවධි කරන ආකාරය පිලිබද උපදෙස් හා පියවර සහිත අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
ධනාත්මක මානසිකත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබට භාවිතා කල හැකි සරල උපක්‍රම පිලිබද ඍජු පාඩම් සහිත ප්‍රායෝගික උපදෙස් පොතකි
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
Comments