සාර්ථකත්වය සම්බන්දයෙන් බොහෝ දෙනෙක් වරද්ද ගන්න තැනක් තැන් දෙකක් තියෙනවා,
එකක් තමයි, ධනාත්මකව හිතන්න පුළුවන් නම් සාර්ථක වෙන්න පුළුවන් කියන එක.
දෙවැනි තැන තමයි, උත්සාහ, උනන්දුව, කැපැවීම, අදිෂ්ඨානය වගේ දේවල් තියෙනවානම් සාර්ථක වෙන්න පුලුවන් කියන එක.
ලෝකයේ බොහෝ දෙනෙක්ගේ සාර්ථකත්වය මන්දගාමී කරන්න, ඒ වගේම සාර්ථකත්වය සීමා කරන්න හේතු වෙන ප්‍රබලම සිතුවිලි රටාවන් දෙක තමයි මේ දෙක.
ටිකක් අමුතු කතාවක් නේද? ඒ වගේම අපි සාර්ථකත්වය සම්බන්දයෙන් නිතර, අහන , දකින, කියවන දේවල් එක්ක බැලුවම පරස්පර විරෝදියි වගේ නේද?
ඔබට එහෙම හිතෙනවානම්, ඔබ 100%ක් නිවැරදියි. මම ඔබට මීට පෙර ඇතැම් ලිපි වලදි පවා සදහන් කරලා තියෙනවා, බහුතරයක් දෙනා සාර්ථක වීම වෙනුවෙන් කල යුතුයයි, සිතන දේවල් සහ ඇත්තටම සාර්ථක වීම වෙනුවෙන් කල යුතු දේවල් අතර ඉතා විශාල වෙනස්කම් හා පරස්පර විරෝදී තත්වයන් තියෙන බව.
උදාහරණයක් විදිහට බැලුවොත්, සාමාන්‍ය ධනාත්මක චින්තනය තුල, මුදල් ඉතිරි කිරීම කියන දේ, ඔබ පුරුදු කර ගත යුතු සාර්ථකත්වයට හිතකර දෙයක් ලෙස ඔබ ඉගෙන ගන්නවා. පොඩි කාලයේ ඉදලා අපි අපේ දරුවන්ට පුරුදු කරනවා, කීයක් හරි ඉතිරි කරන්න පුරුදු වෙන්න කියලා.
නමුත් ඔබ කවදා හරි දවසක, ඉහල මට්ටමේ මූල්‍යමය සාර්ථකත්වය පිලිබද උපදේෂණයක් ලබා ගත්තොත්, එතැනදී ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ, ඔබ කුඩා කාලයේ ඉදලා ඉගෙන ගත්ත, මුදල් ඉතිරි කිරීම කියන දේ දුප්පතුන් හා මධ්‍යමපාන්තිකයන් බිහි කරන පුරුද්දක් බව.
එතැනදී ඔබට ඉගෙන ගන්න ලැබෙනවා, පොහොසතුන් ඉතිරි කරන ආකාරය ගොඩක් වෙනස් බව.
තවත් උදාහරණයක් බැලුවොත්,
ඔබ කෙනෙක් පොහොසත්ද දුප්පත්ද කියලා මනින්නේ මොනවගෙන්ද කියන දේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. නියත වශයෙන්ම අපි බොහෝ දෙනෙක් පොහොසත්බව මනින්නේ, මුදල්, වත්කම් වගේ දේවල් වලට සාපේක්ෂව, නමුත් ඔබ දන්නවාද, සාර්ථකත්වය කියන විශය තුල කෙනෙක්ගේ පොහොසත් බව මනින්නේ කාලයෙන් බව?
කතාව අමුතුයි නේද? ඔව් සාර්ථකත්වයේ ඇත්ත පාඩම්, ඇත්තටම ඔබ හිතනවාට වඩා ගොඩක් අමුතුයි,
මම අද මේ කියන කතාවත් ඒ වගේම දෙයක්. ඉහත කරුණු දෙක මිනිසුන්ගේ සාර්ථකත්වය සීමා කරන ප්‍රබලම සාධක දෙන කියලා කියන්නේ නිකන්ම නෙමෙයි,
හොදට හිතන්න, අවබෝධයකින් යුතුව තේරුම් ගන්න,
ධනාත්මකව හිතුවාම සාර්ථක වෙන්න පුළුවන් කියන එකයි, සාර්ථක වෙන්න ධනාත්මකව හිතන්න පුළුවන් වෙන්න ඕනේ කියන එකයි කියන්නේ එකක් නෙමේ, එකිනෙකට වෙනස් කාරනා දෙකක්.
ධනාත්මකව හිතුවම සාර්ථක වෙන්න පුළුවන්නම්, ධනාත්මකව හිතන මිනිස්සු සාර්ථක වෙලා, අනිත් මිනිස්සු අසාර්ථක වෙන්න ඕනේ, නමුත් ලෝකයේ වැඩියෙන්ම ඉන්නේ, මට කිසි දෙයක් බෑ, මම අසාර්ථකයි, මට සාර්ථක වෙන්න බෑ කියලා හිතන නිසා අසාර්ථක වුන මිනිස්සු නෙමේ, මේ ලෝකයේ වැඩියෙන්ම ඉන්නේ, සාර්ථක වෙන්න උවමනාව තියෙන, සාර්ථක වෙන්න ඕනේ කියලා හිතන, ඒ වෙනුවෙන් යම් යම් දේවල් කරන, ඒත් සාර්ථක වෙන්න බැරි වුන මිනිස්සු.
ඒ මිනිස්සු ඍණාත්මක නෑ. ඒ මිනිස්සු ධනාත්මකයි. නමුත් ගැටලුව ඔවුන් සාර්ථක නැති එක.
ඒ නිසා ඔබ නිවරැදිව තේරුම් ගන්න ඕනේ දේ තමයි, ධනාත්මකව හිතුවට ඔබ සාර්ථක වෙන්නේ නෑ හැබැයි, සාර්ථක වෙන්න ධනාත්මකව සිතන එක වැදගත් කියන කාරනය.
දෙවැනි කාරණය තමයි, උත්සාහය, උනන්දුව, කැපවීම, අධිෂ්ඨානය වගේ දේවල් මත සාර්ථකත්වය ගොඩනැගෙනවා කියන කරුණ. නමුත් එතැනදිත් මට ඔබට කියන්න තියෙන්නේ, උත්සාහය, උනන්දුව, කැපවීම, අධිෂ්ඨානය වගේ දේවල් මත සාර්ථකත්වය ගොඩනැගෙනවා කියන එකයි, සාර්ථක වීම වෙනුවෙන් උත්සාහය, උනන්දුව, කැපවීම, අධිෂ්ඨානය වගේ දේවල් අවශ්‍යයි කියන එකයි, එකක් නෙමේ දෙකක් කියලා.
ලෝකයේ වැඩියෙන්ම ඉන්නේ, මුකුත් නොකර ඔහේ බලන් ඉදලා අසාර්ථක වුන මිනිස්සු නෙමේ, උත්සාහකලත්, කොච්චර උනන්දුවෙන් වැඩ කලත්, කොච්චර කැපවීමෙන් , අදිෂ්ඨානයක් ඇතුව වැඩ කලත් තාමත් සාර්ථක වෙන්න බැරි වුනා කියන මිනිස්සු.
ඒ නිසා උත්සාහය, උනන්දුව, කැපවීම, අධිෂ්ඨානය වගේ දේවල් ගොඩනගා ගැනීම හරහා සාර්ථකත්වය ගොඩනගා ගන්න පුළුවන් කියනවාට වඩා වඩාත් නිවරැදි කරුණ වෙන්නේ, සාර්ථක වීම වෙනුවෙන් උත්සාහය, උනන්දුව, කැපවීම, අධිෂ්ඨානය වගේ දේවල් තිබීම පහසුවක් කියන දෙය.
නමුත් මේ කරුණ ඔබ හරියට තේරුම් නොගන්න තෙක්, ඔබ හිතනවා, සාර්ථක වෙන්න නම්, ඔබ තව තවත් ධනාත්මකව හිතන්න ඕනේ කියලා, තව තවත් ඔබ තුල තියෙන උත්සාහවන්ත බව, අදිෂ්ඨානය, කැපවීම වගේ දේවල් වැඩි කර ගන්න ඕනේ කියලා. අන්න ඒ නිසා තමයි, මේ තැන් දෙක ඔබේ අසාර්ථකත්වය සීමා කරන ප්‍රබලම කරුණු දෙක කියලා මම ඔබට කිව්වේ.
මේ කතාව ටිකක් ලේසියෙන් ඔලුවට දා ගන්න පුංචි උදාහරණයක් දෙන්නම්,
අපි හිතමු මම ඔබට අඹ ඇටයක් දීලා, මේක පැල කරලා කොස් ගහක් හදන්න කියලා කිව්වා කියලා, එතැනදී ඔබ කොතරම් ධනාත්මකව හිතුවත්, ඔබ කොතරම් උත්සාහයෙන්, උනන්දුවෙන්, කැපවීමෙන්, අධිෂ්ඨානයෙක් වැඩ කලත්, ඔබට කවදාහරි කොස් ගහක් ලැබෙනවද?
නිශ්චිතවම නෑ. මොකද මම ඔබට ලබා දුන්නේ අඹ ඇටයක් මිස, කොස් ඇටයක් නෙමේ. එතැනදී ඔබ සාර්ථක වෙනවාද නැද්ද කියන දේ තීරණය වෙන්නේ, ඔබ පැලකරන බීජය වෙනස් කිරීම මත මිස, ඔබ කොතරම් ධනාත්මකව හිතනවාද, ඔබ කොතරම් උත්සාහවන්තද, අදිෂ්ඨානශීලීද වගේ දේවල් මත නෙමේ.
සැබෑ ජීවිතයේ සාර්ථකත්වයත් මේ වගේම තමයි. සාර්ථක වීම කියන්නේ සරලවම, ප්‍රතිඵල හා ක්‍රියාවලිය ගැලපීමේ විශයක්. මේ ලෝකයේ ජීවත් වෙන බොහෝ දෙනෙක් ඇත්තටම අසාර්ථක වෙන්නේ, ධනාත්මකව හිතන්නේ නැති නිසාවත්, උනන්දුව, කැපවීම හෝ අදිෂ්ඨානය වගේ දේවල් වල තියෙන අඩුපාඩු නිසාවත් නෙමේ.
ඔවුන් ඇත්තටම අසාර්ථක වෙන්නේ, තමන් කරන දේ සහ ලැබෙන ප්‍රතිඵලය අතර ගැලපීම හරියට ඇති කරගන්න බැරි නිසා.
ඔබ නිකමට ඔබ ඔබේ ජීවිතයේ අත්විදපු සිදුවීම් ගැනම හිතලා බලන්න, ඔබ දැකලා නැද්ද ඔබට වඩා මහන්සි නොවන, ඔබ තරම් පාඩම් නොකරන, ඔබ තරම් උනන්දු නැති ළමයි, පාසලේ හෝ විශ්වවිද්‍යාලයේ ඉහල ලකුණු ලබා ගන්න හැටි.
ඔබ දැකලා නැද්ද, ඔබ තරම් දක්ෂ නැති, ඔබ තරම් උත්සාහය, උනන්දුව, කැපවීම නැති පුද්ගලයින්, ඔබව පසු කර රැකියාවේ ඉහලට යනවා.
ඔබ දැකලා නැද්ද, ඔබටත් වඩා පහල තැනකින් පටන් ගත්ත, ඔබ තරම් දක්ෂ නැති, ඔබ තරම් මහන්සි නොවන මිනිස්සු ව්‍යාපාරික අතින් ඔබව පසු කර ඉදිරියට යනවා.
ඇයි ඒ, හේතුව, ඔවුන් ඔබට වඩා හොදට, අවශ්‍ය සාර්ථකත්වය හා ඒ වෙනුවෙන් කල යුතු දේවල් අතර ගැලපීම කරගන්න දන්නවා.
මම ඔබෙන් ඍජු ප්‍රශ්ණයක් අහනවා...
හිතන්න, මම ඔබට අඹ ඇටයක් දුන්නොත් ඒ අඹ ඇටයෙන්, අඹ ගසක්ම පැලවෙන බව ඔබට නියත වශයෙන්ම ඔබට කියන්න පුළුවන්ද? නියත වශයෙන්ම ඔව්. මොකද ඔබට ඒ ගැලපීම 100%ක් විශ්වාසයි.
හැබැයි, ඔබට පුළුවන්ද, අන්න ඒ විදිහටම, ඔබ කරන කියන දේවල් හරහා, නියත වශයෙන්ම ඔබ හීන දකින සාර්ථක ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් බව කියන්න?
එහෙම බැරිනම් අන්න එතන තමා ගැටලුව, ඔබේ අනාගතය තියෙන්නේ අවිනිශ්චිත තැනක. ඔබේ අනාගතයේ පාලනය ඔබ සතුව නෑ. එහෙම නැති වුනාම ඔබට අනාගතය බාර ගන්න වෙන්නේ අහබුවක් විදිහට.
ඔබට හැමදාම ජීවත් වෙන්න වෙන්නේ, මම සාර්ථක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුලුවන් වගේ මානසිකත්වයක් එක්ක.
ඔබ හිතන්න, ඔබ යම් කිසි තැනකින් යම් කිසි භාන්ඩයක් මිලදී ගන්න හදනවා කියලා. එහෙම අවස්ථාවක ඔබට ඔබ මුදල් දුන්නට පස්සේ, අලෙවිකරු ඔබට අවශ්‍ය භාන්ඩය දෙයිද නැද්ද වගේ සැකයක් ඔබ තුල ඇති වුනොත්, ඔබ ඒ මුදල කිසි ප්‍රශ්ණයක් නැතුව ගෙවනවාද, නැත්නම් ගෙවන්න අදි මදි කරනවාද?
නියත වශයෙන්ම ඔබ ඒ මුදල ගෙවන්න අදි මදි කරනවා. මොකද ඔබට සැකයක් තියෙනවා, ඔබ මුදල් ගෙව්වට පස්සේ, ඒ භාන්ඩය තමන්ට ලැබෙයිද නැද්ද කියලා.
අන්න ඒ වගේම තමයි, ඔබේ අනාගතය ගැන අවිනිශ්චිත බවක් තියෙන පුද්ගලයා, හැම වෙලාවෙම ගත යුතු තීරණ, ගන්න ඕනේ වෙලාවෙදී ගන්න අදි මදි කරනවා. ඒ නිසා හැම වෙලාවෙම ඔවුන් තමන්ගේ උපරිමයෙන් තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්නේ නෑ.
මගේ උපදේශණ දිවිය තුල, තමන් ඉන්න ගේ උකස් කරලා ගත්ත මුදලින් තමන්ගේ ජීවිතයම ධනාත්මක විදිහට වෙනස් කරගත්ත මිනිස්සු මට මුන ගැසී තිබෙනවා. මොකද ඔවුන්ට ඒ තරම්ම විශ්වාසයි, තමන් කරන දෙය හා ඒ දේ කලොත් ලැබෙන ප්‍රතිඵලය ගැන.
හැබැයි ඔය ගැලපීම හරියට කරගන්න බැරි කිසිම කෙනෙක්ට ඒ වගේ තීරණ එක්ක ජීවිතේ මෙහෙයවන්න බෑ. උදාහරණයක් විදිහට, ඔබ ඔබේ ආයතනයේ ඔබත් එක්ක වැඩ කරන පුද්ගලයින් සමග පුංචි සාකච්චාවක් කර බලන්න, එතැන ඉන්න බොහෝ දෙනෙක්, රැකියාව වෙනුවට තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කැමැත්තෙන් ඉන්න බව ඔබට පෙනේවී, ඒ වගේම ඔවුන් ඒ වෙනුවෙන් රැකියාව අත් හැර දමන්න බය බවත් ඔබට පෙනේවි.
මොකද ඔවුන් හිතනවා, ඒ දේ කලොත්, තමන් අමාරුවේ වැටෙයි කියලා. මොකද ඔවුන්ට තමන් කරන්න යන දේ සහ ඒ දේ කලොත් ලැබෙන ප්‍රතිඵලය අතර පැහැදිලි ගැලපීමක් හදා ගන්න තේරෙන්නේ නෑ.
ඇත්තටම සැබෑ ජීවිතයේ සාර්ථක වෙන මිනිසුන් සහ අසාර්ථක වෙන මිනිසුන් අතර තියෙන ඇත්තම කතාව ඔන්න ඕක. ඔන්න ඔය ගැලපීම හදා ගන්න තැනට ඔබට ඔබව ගොඩනගා ගන්න පුලුවන්නම්, එතැනින් එහාට ඔබ ඉන්නේ සාර්ථකත්වයේ පාරේ.
දැන් තියෙන ප්‍රශ්ණය වෙන්නේ අපි කොහොමද ඒ තැනට පත් වෙන්නේ කියන එක...
ඒකට මේ ලෝකයේ තියෙන්නේ එකම එක විසදුමයි, ඒ තමයි සාර්ථකත්වය කියන විශය ඉගෙන ගැනීම. සාර්ථක වීම කියන්නේ වෙනම විශයක්. ඒ විශය ඔබ කොතරම් දන්නවාද කියන දේ මත තමයි, ඔබට ඔය ගැලපීම කොතරම් සාර්ථක විදිහට කරන්න පුළුවන්ද කියන දේ තීරණය වෙන්නේ.
නමුත් සාර්ථකත්වය ගැන ඉගෙන ගන්නවා කියන්නේ, ඔබ ඔය සාමාන්‍යයෙන් යොමුවෙන, ධනාත්මක චින්තනය හෝ අභිප්‍රේරණය නම් නෙමෙයි. එය ඊට වඩා වෙනස් විශයක්.
උදාහරණයක් විදිහට අපි හිතමු ඔබ රැකියාවක් නැතුව ඉන්න, සම්මුඛ පරීක්ෂණ රාශියකට ගියත් රැකියාවක් ලබා ගන්න නොහැකි වුන කෙනෙක් කියලා. ඔබ සාමාන්‍ය ධනාත්මක චින්තනය හෝ අභිප්‍රේරණයට යොමු වුනොත්, එතැනදී ඔබට පත් වෙන්න පුලුවන් උපරිම තැන වෙන්නේ, මම කොහොම හරි රැකියාවක් ලබා ගන්නවාමයි කියන මානසිකත්වයට පත් වීම විතරයි.
නමුත් සාර්ථකත්වය කියන විශය තුල ඔබව රැගෙන යන්නේ එතැනට නෙමෙයි. සාර්ථකත්වය කියන විශය තුල ඔබ ඉගෙන ගන්නේ ප්‍රායෝගික ලෝකය තුල ඔබට අවශ්‍ය දේ ලගා කරගන්න නම් ඔබ කල යුතු දේවල් ගැන.
උදාහරණයක් ලෙස, ඔබ දන්නවාද, ඔබ සම්මුඛ පරීක්ෂණයකට ඇදගෙන යන ඇදුමේ පාට, ඔබේ සාර්ථකත්වයට බලපාන බව.
ඒ වගේම ඔබ දන්නවාද ඔබට ඒ රැකියාව ලබා ගැනීම වෙනුවෙන් සැපිරිය යුතු සුදුසුකම් සපුරා තිබීම, රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය කරන ප්‍රබලම සාධකය නොවන බව?
ඔබ දන්නවාද, සම්මුඛ පරීක්ෂණයකදී, එය පවත්වන පුද්ගලයාගේ මනස ඔබට අවශ්‍ය තීරණය ලබා දීම වෙනුවෙන් මෙහෙයවිය හැකි විවිධ ක්‍රම ශිල්ප තියෙන බව?
ඒවා ඔබ දන්නේ නැත්නම්, පැහැදිලිවම ඔබට ඔබේ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵලය අහබුවක් ලෙස බාර ගන්න වෙනවා. ඔබ මේවා දන්නවානම් විතරයි, ඒ අවස්ථාව ඔබේ පාලනයට අරගෙන, රැකියාව ඔබ සතු කර ගන්න පුළුවන් වෙන්නේ.
අන්න ඒ නිසයි, ඔබ සාමාන්‍යයෙන් යොමුවෙන, ධනාත්මක චින්තනය හෝ අභිප්‍රේරණය, මානසික වශයෙන් ඔබව වෙනස් කලාට, ප්‍රායෝගිකව ඔබව වෙනස් නොකරන්නේ. මොකද සාර්ථකත්වය කියන්නේ ඇත්තටම මනසින් කරන ක්‍රීඩාවක් නෙමේ. එය සැබෑවට කරන ක්‍රීඩාවක්.
ඒ නිසා, මම කොහොම හරි සාර්ථක වෙනවා, මොනවා හරි කරලා සාර්ථක වෙනවා, මම කවදා හරි සාර්ථක වෙනවා කියලා කොතරම් අභිප්‍රේරණයකින් යුතුව හිත හිතා හිටියට කිසිම දෙයක් වෙන්නේ නෑ. සැබෑ ජීවිතය තුල ඔබට අවශ්‍ය දේ හා ඒ වෙනුවෙන් ඔබ කල යුතු දේ ඔබට හරියට ගලපා ගන්න බැරි තාක් කල්.
ඉලක්කගත වීම, සැලසුම් සහගත වීම, අභියෝග හමුවේ සාර්ථකව ඉදිරියට යාම ඇතුලු බොහෝ හැකියාවන් ඔබ තුල නිර්මාණය කර ගන්නා ආකාරය ගැන ඉගෙන ගන්න, පහතින් ජීවිතය දිනන ප්‍රායෝගික මග කෘතිය Download කරගෙන කියවන්න.
Online Download කර ගැනීමට අපහසු නම්, E-Mail එකක් ලෙස ගෙන්වා ගැනීමට, පහත සදහන් මෙම පොතේ Product Code එක, සදහන් කල පණිවිඩයක්, 0764393624 අංකයට Whatsapp හරහා යොමු කරන්න
Product Code : JDM232
අප නිකුත් කර ඇති සියලුම පොත් පිලිබද විස්ථර දැන ගැනීමට මෙතැන Click කරන්න
නොදැකපු කෝණයකින් ජීවිතය දැකීමට අවස්ථාවක් උදාකර දීම සම්බන්ධව බෙහෙවින්ම ස්තූතියි