top of page
Writer's pictureChathuska Amarasekara

"අයිස්' ඇතුලේ රහස් කතාව.



මේ ලිපිය, මේ වන විට ලංකාවේ ව්‍යසනයක් දක්වාම වර්ධනය වී ඇති, ඒ වගේම ලෝකය පුරාම, දරුවන් හා තරුණ පරපුර අරමුණු කරගෙන සිදුවන ජාවාරමක් වෙන "අයිස්" එහෙමත් නැත්නම් Crystal Meth මත්ද්‍රව්‍ය ජාවාරම ගැන.


මේ ලිපිය අපි ඔබට ඉදිරිපත් කරන්නේ, නිවැරැදිව දැනුවත් වීම හරහා ඔබ මේ ජාවාරමේ ඉත්තෙකු වීමට ඇති අවදානම අවම කිරීමේ අදහසින්.


අයිස් නොහොත්, Crystal Meth හි අතීතය.


Crystal Meth මුලින්ම නිර්මාණය වෙන්නේ, බොහෝ හානිකර මත්ද්‍රව්‍ය වල ආරම්භය වෙන දෙවන ලෝක යුද්ධය පදනම් කරගෙන. එය ඇත්තටම, ඒ කාලයේ භාවිතා වුනේ, යුධ සෙබලුන්ව, යුද්ධය තුල ක්‍රියාශීලීව පවත්වාගෙන යාමට භාවිතා කල යුතේජකයක් ලෙසින්.


Crystal Meth ඇත්තටම මත්ද්‍රව්‍යයක් නෙමේ.


දෙවන ලෝක යුද්ධය තුල, මෙය උත්තේජකයක් ලෙස භාවිතා කලේ, Crystal Meth ශරීර ගත වුනාම, ඒ හරහා, සාමාන්‍ය නින්දේ ක්‍රියාවලිය අක්‍රීය කිරීම සහ ඉතා ඉහල ජව සම්පන්න බවක් ශරීරය තුල කෘතිමව සිදුවන නිසාවෙන්.


ඒ නිසා Crystal Meth මේ වන විට මත්ද්‍රව්‍යයක් ලෙස හැදින්වූවාට, එය ඇත්තටම, අනෙකුත් මත්ද්‍රව්‍ය වගේ මත් බව ඇති කරන දෙයක් නෙමෙයි. ඒ නිසා "පිටට පෙනෙන මත් බව" වැනි දේ හරහා Crystal Meth භාවිතා කර සිටින්නෙකු හදුනා ගැනීමේ හැකියාවක් නැහැ.


Crystal Meth භාවිතා කරන්නෙකුගේ මුල් අවධියේ ලක්ෂන වෙන්නේ, ඉහල ක්‍රියාශීලී බව, ජවසම්පන්න බව, වෙහෙසකින් තොරව අවදියෙන් සිටීමට ඇති හැකියාව වගේ ලක්ෂණ.


නමුත් මෙය ඉතා තාවකාලික තත්වයක් නිසා, දිනක් හෝ දෙකක් ඉතා ක්‍රියාශීලීව සිට, මීලග දිනයන්හිදී ඉතාම පහල ක්‍රියාශීලී බවක් , වෙහෙසකර බවක් පෙන්වීම වැනි දේ හරහා Crystal Meth භාවිතා කරන්නෙකු හදුනා ගන්න පුළුවන්.


Crystal Meth භාවිතා කිරීමේ භයානක බව


මෙය යම් පුද්ගලයකුගේ ශරීරයට දරා ගැනීමට නොහැකි මාත්‍රාවකින් ශරීරගත වුනොත්, සිහිසුන් වීම හෝ මරණය සිදුවිය හැකියි. ඒ වගේම Crystal Meth භාවිතය තුල එවැනි දේ සිදුවීමේ අවදානමද මෙහි ඉතා ඉහල මට්ටමක පවතිනවා, 2015 සිට මත්ද්‍රවය නිසා වූ මරණ වාර්ථා තුල Crystal Meth යනු සුලභව හමුවන මත්ද්‍රව්‍යයක් වී තිබෙනවා.


Crystal Meth යනු පුද්ගලයකුගේ මානසික ක්‍රියාකාරීත්වය ඉතාම ප්‍රබල ලෙස විනාශ කර දමන්නට සමත් විශ ද්‍රව්‍යයක්. එය නිරවුල් මනසකින් ක්‍රියාත්මක වීමට ඇති හැකියාව ඉතාම කෙටි කාලයක් තුල ඔබෙන් ඉවත් කරන අතර සාමාන්‍ය මානසික තත්වයක රැදී සිටින්නට ඇති හැකියාව මේ හරහා ඔබට අහිමි වෙනවා.


මේ නිසා Crystal Meth භාවිතා කරන්නන් ඉතාම ඉක්මනින්, මානසික වශයෙන් දුර්වල වී, ඇතැම් විට කලබලකාරී මිනිසුන් බවට පත් වීම හෝ මානසික ආතතිය, විශාදය වැනි තත්වයන්ට වේගයෙන් ගොදුරු වීම සිදුවෙනවා.


එමෙන්ම Crystal Meth යනු ඔබේ හදවතේ ක්‍රියාකාරීත්වය වේගයෙන් විනාශ කරන දෙයක්. එය කෙටිකාලීන හදිසි හෘදයාබාධ වල සිට දිගු කාලීන හෘද රෝග දක්වා ප්‍රබල බලපෑම් ඇතිකරනවා. Crystal Meth භාවිතා කරන්නන් හදිසියේ හෘදයාබාධ වලින් මිය යාම ඉතාම සුලබ දෙයක්


එමෙන්ම මෙය ඉතාම කෙටි කාලයක් තුල හුස්ම ගැනීමේ අපහසුතා ඇතිකරන අතර, පෙනහලු වල ක්‍රියාකාරීත්වය පහල මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා. මේ නිසා හුස්ම ගැනීමේ අපහසුතා, Crystal Meth භාවිතා කරන්නන් අතර අනිවාර්යය දෙයක්.


තව දුරටත් මාංශ පේශී දුර්වල වීම වැනි දේට මෙය ඍජු දායකත්වයක් සපයන නිසා, Crystal Meth භාවිතා කරන්නන්ගේ දත් හැලී යාම වැනි දේ වැඩි කාලයක් ගත වෙන්නට පෙර දැක ගන්න පුලුවන්.


එමෙන්ම මෙය මානසික විකුර්තිතාවයන් ඇති කිරීමට හේතු වෙන අතර, කාලයත් සමග යම් යම් දේ ඇසීම, පෙනීම වැනි උමතු තත්වයන් Crystal Meth භාවිතා කරන්නන් තුල ඇති වෙනවා.


Crystal Meth තුල ඇති භයානකම තත්වය වන්නේ, එය ශරීර ගත වූ පසු, ඇතිවන තත්වයන් නැවත සුව කර ගැනීමට ඉතා අපහසු වීමයි. එබැවින්, භාවිතා නොකරන්නන්, භාවිතා නොකරන තැනට තීරණයක් ගැනීමට හැකි ආකාරයෙන් දැනුවත් වීමත්.


භාවිතා කරන්නෙක් නම්, හැකි ඉක්මනින් ප්‍රතිකාර සදහා යොමු වීමත් ඉතාම වැදගත්.


ලිංගික ජාවාරම හා Crystal Meth


Crystal Meth ලිංගික ජාවාරම් වෙනුවෙන් තරුණියන් බිලී බා ගැනීමට භාවිතා වන අවියක් ලෙස ලෝකයේ බොහෝ තැන් වල භාවිතා වන දෙයක්. මේ නිසාම Crystal Meth ලෝකයේ තරුණියන් හා කුඩා දැරියන් අතර ව්‍යාප්ත වීම වේගයෙන් සිදුවෙනවා.


ලංකාව තුලත් දැරියන් හා තරුණියන් මෙයට ඇබ්බැහි වීම අනෙක් මත්ද්‍රව්‍ය වලට සාපේක්ෂව ඉතා කැපී පෙනෙන ලෙස සිදුවෙනවා.


Crystal Meth භාවිතා කරන්නෙක් හදුනා ගන්නේ කොහොමද?


Crystal Meth භාවිතා කරන්නන් සාමාන්‍යයෙන් පහත ලක්ෂණ හරහා හදුනා ගැනීමේ හැකියාව ඇත.

  1. තමන් ගැන, තමාගේ හැඩරුව, පිලිවෙල ගැන දක්වන සැලකිල්ල අඩු වීම

  2. ජීවන රටාවේ අපිලිවෙල තත්වන් ඇතිවීම

  3. ආවේගශීලී වීම, වික්ෂිප්ත ස්වභාවය සහ නොසංසුන් බව

  4. මනෝ චලනයන් වැඩි වීම (mood swings)

  5. ශරීරය පාලනයකින් තොරව තදින් ගැස්සීම

  6. උමතු චර්යාවන්

  7. අසාමාන්‍ය නින්ද හෝ අවදියෙන් සිටීම

  8. ලයිටර්, වීදුරු කැබැලි ලග තබා ගැනීම

  9. නිතර ණයට ගැනීම, සොරකම් සිදු කිරීම, හිටි හැටියේ මුදල් ඉපයීම ගැන ඇතිවන දැඩි උනන්දුව

  10. ලිංගික බෙලහීනතාවය

  11. නිතර ඇසුරු කරන පුද්ගලයින් තුල මෙවැනි ඉහත ලක්ෂණ සහිත වීම


Crystal Meth ව්‍යාප්තිය සිදුවන ආකාරය


Crystal Meth මත් වීම හා විනෝදය නිසා සමාජගත වන දෙයක් නොවෙයි. එය බොහෝ විට සිදුවන්නේ, ඵලදායිතාවය, ක්‍රියාශීලී බව වැඩි වීම වෙනුවෙන් භාවිතා කරන දෙයක් ලෙසයි.


එබැවින් මෙයට මත් බවට රුචි කරන පිරිසට වඩා, දියුණුව, සාර්ථකත්වය අපේක්ෂා කරන පුද්ගලයින් යොමු වීමේ ප්‍රවනතාවය ඉහල වේ. එමෙන්ම Crystal Meth ජාවාරම් කරුවන් ඉලක්ක ගත කරන්නේ, ප්‍රබල ලෙසම දරුවන් හා යොවුන් වියේ පසුවන තරුණ පිරිසයි.


එමෙන්ම මෙයට ඇබ්බැහි වූවන් හරහාම, මෙය වැඩි වශයෙන් ව්‍යාප්ත වීම සිදුවන අතර, එය තමන්ගේ ඇබ්බැහියට අවශ්‍ය මූල්‍ය තත්වයන් සකස් කර ගැනීම වැනි දේ අරමුණු කරගෙන ඔවුන් බොහෝ විට සිදු කරනවා.


Crystal Meth භාවිතා කරන බවට සැකයක් ඇති වුනොත් කල යුත්තේ මොනවාද?


ඔබේ දරුවෙක් හෝ හිතවතෙක් Crystal Meth භාවිතා කරන බවට හැගුනොත්, හැකි ඉක්මනින් එය සිදු කරනවාද යන්න තහවුරු කරගෙන වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු වීම ඉතාම වැදගත්.


එමෙන්ම ඔවුන්ව පීඩනයට ලක් කිරීම, නොකල යුතුයි. ඔවුන්ට එම තත්වයෙන් මිදීමට ආදරයෙන් කරුණාවෙන් මෙන්ම, නුවනැතිව උදව් කිරීම ඉතාම වැදගත්.



Crystal Meth භාවිතය නිසා විකුර්ති වීම්

270 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page