top of page

බලාගෙන ඉන්නැද්දි දියුණු වෙන මිනිහෙක් වෙන හැටි

Updated: Dec 1, 2022




ඔබ වේගවත් සාර්ථකත්වයක් අපේක්ෂා කරන කෙනෙක්ද? එහෙනම් මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි!


අපේ ජීවිතයේ අපි අපේක්ෂා කරන සාර්ථකත්වයන් වෙත ලගා වෙන්න අමාරුවෙන්න, ඒ වගේම ප්‍රමාද වෙන්න බලපාන ප්‍රධාන හේතු 3ක් තියෙනවා.


මේ ලෝකයේ බොහෝ දෙනෙක්ට සාර්ථක වෙන එක, තමන් බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන එක අමාරු දෙයක් වෙන්න, තියෙන ලොකුම හේතුව තමයි මෙන්න මේ හේතු 3 හරියට හදුනාගෙන කළමණාකරණය කර නොගැනීම.


මේ ලිපියෙන් අපි බලමු ඒ මොනවාද කියලා.


01 වෙනි හේතුව තමයි, Mind & Thought Management තුල දුර්වල වීම.


ඒ කියන්නේ තේරෙන භාෂාවෙන් කිව්වොත්, ඔබට ඔබ අපේක්ෂා කරන අරමුණ වෙත ලගා වීමට අවශ්‍ය පරිදි මනස හා සිතුවිලි මෙහෙයවන්න තියෙන නොහැකියාව. මොකද ඔබේ ජීවිතයේ ඔබ ලගා කරගන්න බලාපොරොත්තු වෙන ඕනෑම අරමුණකට අදාලව 80% ක බලපෑමක් ඇති කරන ප්‍රධානම සාධකය තමයි ඔබේ මනස.


ඒ නිසා "මනස" අවුල් නම්, "සිතුවිලි" අවුල් නම් ඔබට වැඩේ ටිකක් නෙමේ, ගොඩක් අමාරුයි.


මේ මනස සහ සිතුවිලි කළමණාකරණය කර ගැනීම කියන එකට මූලිඛ වශයෙන් කොටස් 3ක් අයිති වෙනවා. ඒ තමයි,


  • මනස මනා ලෙස පාලණය කිරිමේ හැකියාව හා අරමුණුගත කිරීමේ හැකියාව : ඒ කියන්නේ සරලවම, මනසට ඕනේ විදිහට වැඩ නොකර ඔබට ඕනේ විදිහට මනස මෙහෙවන්න තියෙන හැකියාව. අරමුණකට අනුව වැඩකරන්න තියෙන හැකියාව.


  • මානසික නිරවුල් බව පවත්වාගෙන යාමේ හැකියාව. : ඒ කියන්නේ සරලවම, තමන්ට අවශ්‍ය තැනට ලගා වෙන්න කරන්න ඕනේ මොනවද, කරන්න ඕනේ කොහොමද, කරන්න ඕනේ කවදද කියන එක ගැන ඉතාම පැහැදිලි අදහස් තිබීම කියන එක. (මේ හැකියාව, සාර්ථකත්වය ගැන හීන දකින 80% ටම නෑ, ඒ නිසා තමයි, බොහෝ වෙලාවට, කරන කියන දේවල් වල ප්‍රතිඵල නැත්තේ)


  • අභියෝග වලට මුහුණ දීමේ හැකියාව : ඒ කියන්නේ යම්කිසි බාධකයක්, අභියෝගයක්, ගැටලුවක් ආවාම ඒකට සාර්ථකව මුහුණ දෙන්න තියෙන හැකියාවට. බොහෝ දෙනෙක් හිතනවා මේ කියන්නේ Motivation ගැන කියලා. නමුත් මේ කියන්නේ Motivation ගැන නෙමේ. මේ කියන්නේ අභියෝගයක් ආවාම, එය හරියට විශ්ලේෂණය කරලා, කලබල වෙන්නේ නැතුව, වඩාත් ගැලපෙන විසදුම්, වඩාත් ගැලපෙන වෙලාවේදී ගන්න පුලුවන් වීමට.


මෙන්න මේ තත්වයන් 3 ඔබට හරියට කළමණාකරණය කරගන්න බැරිනම්, ඔබ කොතරම් Motivation එකක් තියෙන, හැම වෙලාවෙම මම සාර්ථක වෙනවා , කොහොම හරි යනවා කිය කියා හිටියත් වැඩක් නෑ. ඔබට Fail වෙන්න සිදු වෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට ඔබ කරන දේවල් හරි යන්නේ නෑ. සාර්ථකත්වය වෙත ලගා වීම සිදුවෙන්නේ ඉතාම හෙමින්.


02 වෙනි හේතුව තමයි Money Management දුර්වල වීම


කතාව සරලයි, අපි හැමෝම දන්නවා, වර්ථමාන ලෝකයේ සල්ලි නැතුව කිසිම දෙයක් කරන්න බෑ කියන එක. මම ඔබට යෝජණා කරනවා, සල්ලි කියන්නේ හැම දේම නෙමේ කියලා පන්පෝරි ගහන මිනිස්සුන්ගේ පවා ජීවිතය ටිකක් අධ්‍යයනය කරලා බලන්න කියලා.


එහෙම කියන මිනිස්සුත් දවසේ වැඩි හරියක් ගත කරන්නේ සල්ලි හොයන්න...ඒ නිසා ඔබ හිතනවානම් සල්ලි වලට සතුට මිලදී ගන්න බෑ වගේ සාම්ප්‍රධායික ගොන් අදහස්, සල්ලි නැති මිනිහට සතුට කෙසේ වෙතත්, මුකුත්ම මිලදී ගන්න බැරි බවත් මතක තියා ගන්න.


ඒ නිසා සල්ලි තියෙන එකත්, සල්ලි කළමනාකරණය කරගන්න දක්ෂ වෙන එකත් සාර්ථකත්වයට ඉතාම වැදගත්, සල්ලි හරියට මෙහෙයවන්න දන්න මිනිහට තමයි, සල්ලි තියෙන්නේ. ඒ නිසා ඔබ මූල්‍යමය අතින් දුර්වල කෙනෙක් නම් වහ වහාම සල්ලි කලමණාකරණය කරන හැටි ඔබ ඉගෙන ගන්නම ඕනේ.


මුදල් කළමණාකරණය කියන කොට බොහෝ දෙනෙක් හිතන්නේ, ඉතිරි කිරීම, වියදම් පාලනය වගේ දේවල් කියලා. නමුත් මේ කතාව ඒ ගැන නෙමේ, මුදල් කළමනාකරණය කියන්නේ මීට වඩා අතිශය පුලුල් විශයක්. ඒ වගේම අතිශය මනෝවිද්‍යාත්මක විශයක්.


මුදල් කළමාණාකරණය හරියට ඔබ ඉගෙන ගන්න පටන් ගත්ත දවසට ඔබට දැනෙනවා, ඇත්තටම ඔබ මුදල් ගැන කිසිම දෙයක් දන්නේ නෑ කියලා. මොකද , මේ විශය තුල ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ ඇත්තටම ඔබ මුදල් ගැන හරියි කියලා හිතාගෙන ඉන්න සංකල්ප වලට වඩා පරස්පර විරෝදී හා වෙනස් සංකල්ප ටිකක්.


උදාහරණයක් විදිහට, ඔබ මුදල් ඉතිරි කිරීම හොද පුරුද්දක් විදිහට හිතනවානම්, මේ දේ ඉගෙන ගන්න යනකොට ඔබට ඉගෙන ගන්න වෙන්නේ මුදල් ඉතිරි කිරීම නරක පුරුද්දක් විදිහට, එතැනදි ඔබට ඉගෙන ගන්න ලැබෙනවා, මුදල් ඉතිරි කිරීම කියන්නේ, දුප්පත්, මධ්‍යම පාන්තික මිනිසුන් විසින් කරන වැරැදි මූල්‍යමය මෙහෙයවීමක් විදිහට, ඔබ ඉගෙන ගන්නවා පොහොසතුන් ඉතිරි නොකරන බව හා පොහොසත් වීමට අවශ්‍යනම් මුදල් ඉතිරි නොකල යුතු බව..


ඒ වගේම ඔබ හිතාගෙන ඉන්නවානම්, ණය නැතිව ජීවත් වෙන එක හොද දෙයක් කියලා, මේ විෂය ඔබ ඉගෙන ගන්න ගියාම තේරෙන්න ගන්නවා, ණය නොගෙන ඉන්න එක තමයි වැරැද්ද කියලා. ඔබ එතැනදී ඉගෙන ගන්නවා, ලෝකයේ බිලියනපතියන් පවා, සල්ලි තියාගෙන ණය ගැනීම සිදුකරන බව...


මෙන්න මේ වගේ අමුතු විශයක් තමයි , මුදල් කියන්නේ...ඒ නිසා මේ විෂය දන්නේ නැත්නම්, ඔබට ජීවත් වෙන්න වෙන්නේ මුදල් කියන දේ හැමදාම ප්‍රශ්ණයක් කරගෙන.


හැම වෙලාවෙම ඉදිරියට යනකොට ඔබට තියෙන ලොකුම බාධකය ලෙස මුදල් පෙනෙන්න පටන් ගන්නවා. හැමදාම ආදායම් මදිවීම, සල්ලි නැති වීම, අවදානමක් ගන්න බැරි වීම බාදාවක් විදිහට ඔබේ මනසට වද දෙන්න පටන් ගන්නවා.


ඔබ දන්නවා, සාර්ථක මිනිසෙක් ලෙස ගොඩනැගෙන්න ඔබට මුදල් අවශ්‍යයි, ඔබට කීයක් හරි හොයලා මොනවා හරි කාලා ජීවත් වෙන්න පුලුවන්, හැබයි ඔබ පෝෂණය ගැන , සෞඛ්‍ය ගැන හිතලා ආහාර ගන්නවානම්, ඔබ නිශ්චිත තෝරා ගැනීම් කරනවානම්, එතැනදී ඔබට සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා වැඩි වියදමක් දරන්න වෙනවා.


එච්චර ඕනේ නෑ, ඔබට නිදහසේ හිතන්න වෙලාවක් වෙන්කර ගැනීමට පවා ඔබට ලොකු මූල්‍යමය වටිනාකමක් තියෙනවා. සරලවම කිව්වොත්, තරුපහේ හෝටලයකට ගිහින්, කෝපි කෝප්පයක් බොන ගමන් බිස්නස් එකක් සැලසුම් කරන එකයි, බස් එකේ යන ගමන් බිස්නස් එකක් සැලසුම් කරන එකයි කියන්නේ එකක් නෙමේ දෙකක්.


ඒ වෙලාවට ඔබේ මනස වැඩකරන විදිහ ගැන ඔබ හරි අවදානයකින් යුතුව හිටියොත් ඔබට පෙනෙයි, ඒ තැන් දෙකේදී ඔබේ මනස වැඩකරන විදිහේ අහසයි පොලවයි වගේ වෙනසක් තියෙන බව...


ඒ නිසා ඔබට සල්ලි ඕනේ, සල්ලි නැත්නම්, සාර්ථක වෙන එක ඇත්තටම අමාරුයි...සල්ලි නැති මිනිස්සු සල්ලි කියන්නේ හැම දේම නෙමේ කියලා කිව්වට, සල්ලි වලට ගොඩක් දේවල් කරන්න පුලුවන්.


03 වෙනි හේතුව තමයි, යටි සිත නිවැරැදිව ගොඩනගා ගෙන නොසිටීම


අපේ මනසේ සවිංඥාණික ක්‍රියාවලිය සහ අවිංඥානික ක්‍රියාවලිය කියලා ක්‍රියාවලීන් දෙකක් තියෙනවා, සවිංඥාණික කියන්නේ අපි හිතලා කරන දේවල්, අවිංඥාණික කියන්නේ අපෙන් ඉබේම වෙන දේවල්.


උදාහරනයක් විදිහට, ඔබ වාහනයේ තිරිංග වැඩකරනවාද කියලා බලන්න හිතාගෙන තිරිංග තද කලොත් ඒක සවිංඥාණිකයි, ඒත් ඔබ වාහනයක් පදවාගෙන යන ගමන් බල්ලෙක් පාරට පැනලා, ඒ මොහොතෙදි ඔබට තිරිංග තද වුනොත් ඒක අවිංඥාණිකයි..


අපේ මනසේ සවිංඥාණික ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ අපේ සවිංඥාණික මනස, නැත්නම් උඩු සිත කියන කොටසින්, අපේ අවිංඥාණික ක්‍රියාවලීන් ක්‍රියාත්මක කරන්නේ අපේ යටි සිත කියන කොටසින්..


අපි හැමෝම ක්‍රියාත්මක වෙන්නේ මේ ක්‍රියාවලීන් දෙකේ එකතුවකින්.


නමුත් අපි අපේ ජීවිත තුල යම් වෙනසක් ඇතිකරගන්න හදනකොට මේ ක්‍රියාවලීන් දෙක එකිනෙකට ගැටෙන්න පටන් ගන්නවා, උදාහරනයක් විදිහට, ඔබ උදේ 4ට නැගිටිනවා කියලා සවිංඥාණික තීරණයක් අරගෙන වෙනස් වෙන්න උත්සාහ කරනවා කියලා හිතමු, ඒත් ඔබ එහෙම හිතුවට උදේට නැගිටෙන්න හිතෙන තත්වයන් ඇතිකරන අවිංඥාණික ක්‍රියාවලිය, එයට සූදානම් නැත්නම්, ඔබ 4ට නැගිටිනවා කියලා හිතුවට, ඔබට 4ට නැගිටින එක හරිම අමාරු දෙයක් බවට පත් වෙනවා.


නැගිටින්න ඕනේ කියලා ඔබ සවිංඥාණිකව තීරණය කලාට, ඒ වෙලාවට ඔබට කම්මැලි හිතෙනවා, නිදිමත දැනෙනවා, තව විනාඩියක් ඉන්නවා කියලා හිතෙනවා, නැත්නම් හෙට ඉදලා වැඩේ පටන් ගන්නවා කියලා හිතලා ආයෙත් නිදා ගන්නවා වගේ විවිද සිතුවිලි මනසට ඇවිත් ඔබට ඒ වෙනස ඇතිකරගන්න බැරි තැනට පත් වෙනවා.


ඒ නිසා ජීවිතේ වෙනස් කරගන්න යනකොට, ඉලක්ක, සැලසුම් හදා ගන්නවා වගේම, ඒ දේවල් වලට ගැලපෙන ආකාරයෙන් යටි සිත සකස් කරගන්න එකත් ඔබ කරන්නම ඕනේ.


විවිද දේවල් සැලසුම් කලාට, ඒවා හරි ආකාරයෙන් කරගන්න බැරි අයගෙන් 99%ටම එහෙම වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ ක්‍රියාවලීන් දෙක අරමුණට ගැලපෙන ආකාරයට සකස් කරගන්න බැරි වීම.


ඒ නිසා, ඔබට පුලුවන් නම්, මේ තත්වයන් 3ම සාධනීය මට්ටමකින් වෙනස් කර ගන්න, ඔබේ සාර්ථකත්වය කරා යන ඉබි ගමන, සම්පූර්ණයෙන්ම කනපිට හරවලා, බලාගෙන ඉන්නැද්දි දියුණු වෙන මිනිසෙක් වෙන්න මේ ලෝකයේ ජීවත් වෙන හැම කෙනෙක්ටම පුලුවන්.


මේ සියලු දේ ගැන, පූර්ණ මූලිඛ අවබෝධයක් ලබා ගන්න, අප නිකුත් කර ඇති, "ජීවිතය දිනන ප්‍රායෝගික මග" , "පොහොසත් බවේ රන් දොරටු" , "අසිරිමත් යටිසිත" කියන ප්‍රායෝගික උපදෙස් පොත් තුන කියවන්න.


ඔබට ඒ හරහා මේ තත්වයන් තුනම ප්‍රමාණවත් මට්ටමකින් සකස් කරගන්න ආකාරය ගැන, පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුලුවන්.


පහතින් ඔබට මේ පොත් තුනම eBook ලෙස ලබා ගන්න පුලුවන්.

ඔබේ සැලසුම් සහගත බව ප්‍රබල මට්ටමකින් වැඩි කර ගනිමින්, ඔබේ වැඩ කටයුතු වල කාර්යක්ෂමතාවය හා සාර්ථකත්වය ගොඩනගන ආකාරය පිලිබද සකස් කල විශේෂ කෘතියකි.

අවිංඥාණික මනස තුල වන ශක්තීන් ප්‍රායෝගිකව අවධි කරන ආකාරය පිලිබද උපදෙස් හා පියවර සහිත අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.

ප්‍රායෝගික මූල්‍ය සැලසුම් සැකසිම වෙනුවෙන්, පියවර සහිත උපදෙස් සහිත ප්‍රායෝගික උපදෙස් පොතකි.


අන්තර්ජාලය හරහා Download කරගැනීමට අපහසුනම්, 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන්, eMail එකක් හරහා මෙම eBook එක ලබා ගැනීමේ හැකියාව පවතී.







1,167 views

2 Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Lakmal Vidushan
Lakmal Vidushan
Apr 19, 2022

Great....

Like

SDR wkm
SDR wkm
Sep 25, 2021

Thank you so much💖💖💖💖💖💖💖💖💖

Like
bottom of page