සතුටින් සිටින්න පියවර 5ක්
- Chathuska Amarasekara
- May 12, 2023
- 2 min read

1. උදෑසන ව්‍යායාම කරන්න
උදෑසන හොදින් ව්‍යායාම වල නිරතවීම, මානසික හා ශාරීරික වශයෙන් ඔබව ධනාත්මක තත්වයකට රැගෙන එනවා. එමෙන්ම එය ධනාත්මක සිතුවිලි රටාවන් ගොඩනැගීම වෙනුවෙනුත් උපකාරී වෙනවා.
එමෙන්ම උදෑසන ව්‍යායාම වල නිරත වීම, මානසික පීඩනයන්ට ශක්තිමත්ව මුහුණ දීමට වගේම, නිර්මාණශීලීව සිතීමට හා ජවසම්පන්නව සිටීමට අවශ්‍ය කරන, රසායනිකයන් ඔබේ ශරීරය තුල ඇති වීමට උපකාරී වෙනවා.
2. ප්‍රශ්ණ වලට කල් තියා මුහුන දෙන්න.
සාමාන්‍යයෙන් අපි බොහෝ දෙනෙක් ප්‍රශ්ණ වලට මුහුණ දීලා ඒ දේවල් විසද ගන්නවාට වඩා, විය හැකි දේවල් ගැන හිත හිතා දුක් වෙන්නට හෝ බය වෙන්නට වැඩි වෙලාවක් ගත කරනවා. එය ඔබේ සතුට නැති කරන ලොකුම සාධකයක්.
ඒ නිසා, ප්‍රශ්ණ නිසා විය හැකි දේවල් ගැන හිත හිතා ඒවාට මුහුණ දීම කල දමණවා වෙනුවට. කල් තියා ඒවාට මුහුණ දෙන්න. ප්‍රශ්ණයක් ඇති වෙන බව දැනුන සැනින් ඒවාට මුහුණ දෙන්න, ඒවා විසදීමට අවශ්‍ය දේවල් කරන්න.
එය බොහෝ ප්‍රශ්න විශාල ප්‍රශ්න වීමට කලින් විසදා ගැනීමට ලොකු දායකත්වය ලබා දෙනවා, ඒ වගේම, ප්‍රශ්න ගැන සිතීමට, විය හැකි දේවල් අනුමාන කරමින්, තමන්ගේ සිතේ සතුට නැති කර ගැනීමට ඔබ ගත කරන කාලය නැති කර දමනවා.
3. ඔබට ඇති දේ ගැන සතුටු වීමට කාලය වෙන් කරන්න.
දිනපතා උදෑසන, ඔබේ රාජකාරී පටන් ගැනීමට කලින්, ඔබට දැනටමත් ඇති දේවල් ගැන, ඔබ මෙතෙක් ඔබේ ජීවිතයේ ලගා කරගත් දේවල් ගැන සතුටු වීමට මිනිත්තු කීපයක් වෙන් කරන්න.
එය, අපරාජිත, ඍණාත්මක සිතුවිලි රටා වලින් ඔබව ඉවත් කරනවා.
4. සතුටින් සිටින ධනාත්මක මිනිසුන් සමග එකතු වෙන්න
සෑම මොහොතකම ජීවිතේ විදින, සතුටින්, ධනාත්මකව ජීවිතය ගත කරන මිනිසුන් සමග වැඩියෙන් සම්බන්ද වෙන්න, එය සෑම විටම ධනාත්මක සංවාද කෙරෙහි ඔබව යොමු කරනවා, ඒ වගේම ධනාත්මව ඕනෑම දෙයක් දෙස බලමින්, සතුටින් ජීවිතය ගත කිරීමට අවශ්‍ය ජවය ඔබට ලබා දෙනවා.
5. සෑම විටම සිනා සෙන්න.
සෑම විටම සිනා මුසු මුහුණකින් යුතුව වැඩ කරන්න. සිනහව සමග ඔබේ මුහුණේ මාංශපේශී සකස් වෙන ආකාරය, ඔබේ මනසේ ක්‍රියාකාරීත්වයට ඍජුවම බලපානවා. ඔබ සිනා මුසුව සිටින විට මනස තුල ඍණාත්ම සිතුවිලි ඇති වීම ඉතාම අඩුයි. එය විද්‍යාත්මකව පවා ඔප්පු කල කාරණයක්.
ඒ වගේම සිනහව සමග ඔබේ ශරීරයේ ධනාත්මක රසායනික වෙනස් කම් රාශියක් සිදු වෙනවා. එය ධනාත්මකව, සතුටින්, ජවසම්පන්නව ඔබේ දවස ගෙවන්නට දැඩි ලෙස උපකාරී වෙනවා.
තවත් මෙවැනි උපක්‍රම ගැන දැන ගන්න, ධනාත්මක වීම, ඉලක්කගත වීම, සැලසුම් සහගත වීම, අභියෝග හමුවේ සාර්ථකව ඉදිරියට යාම ඇතුලු බොහෝ හැකියාවන් ඔබ තුල නිර්මාණය කර ගන්නා ආකාරය ගැන ඉගෙන ගන්න, පහතින් ජීවිතය දිනන ප්‍රායෝගික මග කෘතිය Download කරගෙන කියවන්න.
Online Download කර ගැනීමට අපහසු නම්, E-Mail එකක් ලෙස ගෙන්වා ගැනීමට, පහත සදහන් මෙම පොතේ Product Code එක, සදහන් කල පණිවිඩයක්, 0764393624 අංකයට Whatsapp හරහා යොමු කරන්න
Product Code : JDM232
අප නිකුත් කර ඇති සියලුම පොත් පිලිබද විස්ථර දැන ගැනීමට මෙතැන Click කරන්න
Коментари