top of page
Writer's pictureChathuska Amarasekara

රැකියාවේ පීඩනයෙන් මිදෙන්නේ කොහොමද?



රැකියාවේ පීඩනය හේතුවෙන් දිවි නසා ගත් තරුණයෙකු පිලිබද පුවතක් සමාජ මාධ්‍ය තුල හරි හරියට ප්‍රචාරය වීමත් සමග, මට මතක් වූයේ මීට වසර කීපයකට පෙර මෙවැනිම ගැටලුවක් වෙනුවෙන් මා හමුවීමට ආ මෘදුකාංග ඉන්ජිනේරුවෙකි.


ඔහු සදහන් කලේ ඔහු මේ වන විට ලෝකයේ ඇති එපාම කරපු රැකියාව කරමින් ඉන්නා බවයි,


එහිදී මා ඔහුට පලමුව උපදෙස් දුන්නේ නැත. ඒ වෙනුවට මා ඔහුට කිව්වේ, කාර්යාලය ඉදිරිපිට කාණු පිරිසිදු කිරීමේ නිරතව සිටි පිරිසක් සමග මිනිත්තු විස්සක් කතා කර පැමිනෙන්නටයි.


ඔහු විනාඩි 20ක් එතැන රැදී සිටියේ නැත, ඔහු විනාඩි 10න් පමණ නැවත පැමිනියේ, එතැන වූ අවුවත් , දරාගැනීමට නොහැකි දුගඳත්, අපිරිසිදු බවත් නිසා රැදෙන්නට අපහසුයි කියමිනි.


එමෙන්ම ඔහු ඔවුන් සමග සාකච්චා කල මිනිත්තු කීපයට, ඔහු ඔවුන් තමන් ලබන වැටුපෙන්, 10%ක වැනි වැටුපක් වෙනුවෙන් මෙසේ වෙහෙසෙන බව දැනගෙන තිබිනි.


අවසානයේ මා ඔහුගෙන් ඇසුවේ, තමන්ගේ රැකියාව හා ඔවුන්ගේ රැකියාව සංසන්දනය කලොත් එයින් වඩාත්ම පීඩාකාරී රැකියාව කුමක්ද යන්නයි.


ඔහු එයට පිලිතුරු ලෙස සදහන් කලේ, එය තමන්ගේ රැකියාව නොවන බව යන්නයි.


සෑම වෘත්තියකටම අදාලව, එයටම ආවේනික වූ වැඩ පරිසරයක් ඇත, තමා යම් වෘත්තියක් තෝරා ගන්නවා නම්, එහි ඇති වැඩ පරිසරයේ ස්වභාවය ගැන දැනගත යුතුමය.


එය තමන්ට නොගැලපෙන්නේ නම්, තමන්ට ගැලපෙන වෘත්තියක තමන් නිරත වීම වෙනුවෙන් සූදානම් විය යුතුය.


කුඩා කල මගේ බලාපොරොත්තුව වූයේ වෛද්‍යවරයෙක් වීමටයි. නමුත් වෛද්‍යවරයකුගේ වැඩ පරිසරය කුඩා කාලයේදීම මට යම් යම් ආකාරයන්ගෙන් අත්විදින්නට ලැබුන නිසා, මම උසස් පෙල ඇතුලු කඩයින් වලදී එවැනි අංශයකට අදාල මාර්ගයන් තෝරා ගත්තේ නැත.


බොහෝ දෙනෙක් තමන් අනාගතයේදී කරණ වෘත්තිය තෝරා ගන්නේ, එම වෘත්තියට අදාලව ඇති ඉහලම රැකියා හා ආයතන දෙස බලමිනි. එහිදී ඔවුන් කරන ලොකුම වරද නම්, එතැනට ලගා වීමට බොහෝ දුෂ්කර අත්දැකීම් හරහා ගමන් කල යුතු බව අමතක කිරීමයි. එමෙන්ම තම සිහින රැකියාව, සෑම ආයතනයක් තුලදීම තමා සිහින දකින ආකාරයෙන්ම කිරීමට නොලැබෙන බව අමතක කිරීමයි.


සරලව කීවොත් ගූගල් ආයතනයේ ඇති වැඩ පරිසරය, ඔබට සෑම ආයතනයක් තුලම ලැබෙන්නේ නැත. එය තේරුම් නොගත්තොත්, එය නිසැකමව ඔබව රැගෙන යන්නේ විශාල මානසික පීඩනයකටයි.


එමෙන්ම බොහෝ මිනිසුන් තම රැකියාව තොරා ගන්නේ, ලැබිය හැකි ආදායම දෙස බලමිනි. එහි ගැටලුවක් නැත. නමුත් ඔබ එසේ කරනවානම්, එයට ගැලපෙන ඕනෑම පරිසරයක වැඩකරන්නට සූදානම් විය යුතුව ඇත.


නමුත් ඔබ එයට අකමැතිනම්, අවම වශයෙන් තමන් ඉගෙන ගන්නා දෙයට සාපේක්ෂව තමන්ට ලැබිය හැකි රැකියා සහ එහි වැඩ පරිසරය, පීඩනය , එයත් සමග ගොඩනැගෙන ජීවන රටාව වැනි දේ ගැන යම් අවබෝධයක් ඇතිව එය තෝරා ගත යුතුව ඇත.


කිසි දෙනක රැකියාව තුල මුල වරද්දා නොගන්න. සිහින ලෝක වල සිටිමින්, ආදායම දෙසම බලමින්, වෘත්තියකට යොමු වෙනවා වෙනුවට, තමන්ට අවශ්‍ය ජීවිතය ගැන සිතමින්, එයට ගැලපෙන වෘත්තියක් තෝරා ගන්න.


ඔබේ රැකියාව ඔබේ ජීවිතය නොවෙයි. එය ජීවිතයේ කොටසකි.


ඔබේ ජීවිතය වඩාත් සාර්ථක කර ගැනීම වෙනුවෙන් අප නිකුත් කර ඇති පුද්ගල හැකියා සංවර්ධන කෘතිවල eBook පහතින් Download කර ගන්න. නිකුත් කර ඇති සියලු කෘති වල විස්තර දැන ගැනීමට මෙතැන click කරන්න

මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව, ඉතාම ඉහල මට්ටමක් දක්වා රැගෙන ඒම වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන, පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.


සැලසුම් සහගත බව ප්‍රබල මට්ටමකින් වැඩි කර ගනිමින්, ඔබේ වැඩ කටයුතු වල කාර්යක්ෂමතාවය හා සාර්ථකත්වය ගොඩනගන ආකාරය පිලිබද සකස් කල විශේෂ කෘතියකි.


සාමාන්‍ය ආකර්ෂණ නීති සංකල්ප වලින් එහාට ගොස්, අවිංඥාණික මනස තුල වන ශක්තීන් ප්‍රායෝගිකව අවධි කරන ආකාරය පිලිබද උපදෙස් හා පියවර සහිත අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.


අන්තර්ජාලය හරහා Download කරගැනීමට අපහසුනම්, 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන්, eMail එකක් හරහා මෙම eBook එක ලබා ගැනීමේ හැකියාව





105 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page