top of page

විවේචන හමුවේ මනස නොසැලී තබාගන්නා රහස.

Nov 10
2 min read

විවේචනය කියන්නේ අපේ ගමන නතර කරන්න ලැබෙන බාධාවක් නෙමෙයි, ඒක අපි අපේ ගමන යනකොට හමුවෙන "Speed Breakers" (වේග සීමා) වගේ දෙයක්. හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, කවුරු හරි මොකක් හරි විවේචනයක් කරපු ගමන් ඒ ගැන හිත හිත තමන්ගේ වැඩේ නතර කරන එක

.

විවේචන හමුවේ මනස නොසැලී තබාගෙන, ඔබේ ගමන ශක්තිමත්ව යන්න පාවිච්චි කරන්න පුළුවන් රහස් කිහිපයක් ගැන මේ පාඩමෙන් ඉගෙන ගමු.

1. විවේචනයේ "මූලාශ්‍රය" (Source) හඳුනා ගන්න.

විවේචනයක් ලැබුණම ඒ ගැන කලබල වෙන්න කලින් බලන්න ඒක එන්නේ කාගෙන්ද කියලා. ඔබ කරන දේ ගැන දැනුමක් තියෙන, ඔබ දියුණු වෙනවා දකින්න කැමති කෙනෙක් කරන විවේචනයක් නම් ඒකට සවන් දෙන්න. හැබැයි තමන්ගේ ජීවිතේ කිසිම සාර්ථකත්වයක් නැති, නිකන් ඉන්න ගමන් අනුන්ට බනින එකම රස්සාව කරගත්තු කෙනෙක් කරන විවේචනයක් නම්, ඒකේ කිසිම වටිනාකමක් නැහැ. ඒ වගේ මූලාශ්‍රවලින් එන දේවල් සතයකටවත් මායිම් කරන්න එපා.

2. "Constructive" සහ "Destructive" විවේචන හරියටම වෙන් කරගන්න.

විවේචනයක් ලැබුණම ඒක මේ කාණ්ඩ දෙකෙන් අයිති වෙන්නේ කොතැනටද කියලා මුලින්ම හිතන්න.

  • Constructive Criticism (නිර්මාණාත්මක විවේචනය): මේවා එන්නේ ඔබේ වැඩේ තියෙන අඩුවක් පෙන්නලා දීලා ඔබව දියුණු කරන්නයි. උදාහරණයක් විදිහට, "ඔයාගේ වීඩියෝ එකේ අන්තර්ගතය හොඳයි, හැබැයි සද්දය (Sound) මීට වඩා පැහැදිලි වුණොත් තවත් වටිනවා" වගේ දෙයක්. මේකේ තියෙන්නේ පණිවිඩයක්. ඒ නිසා මේ වගේ විවේචන පෞද්ගලිකව (Personally) ගන්නේ නැතුව, වැඩේ දියුණු කරගන්න පාවිච්චි කරන්න.

  • Destructive Criticism (විනාශකාරී විවේචනය): මේ විවේචනවල කිසිම පණිවිඩයක් නැහැ. තියෙන්නේ ඔබව මානසිකව වට්ටන්න සහ අපහසුතාවයට පත් කරන්න කියන වචන විතරයි. උදාහරණයක් විදිහට, "ඔයාට ඕවා කරන්න බැහැ", "ඔයා කරන්නේ විකාර වැඩක්" වගේ දේවල්. මේවායේ ඔබේ වැරැද්දක් පෙන්වන්නේ නැහැ, කරන්නේ ඔබව පහත් කරන එක විතරයි. අන්න ඒ වගේ 'විනාශකාරී' විවේචන අහපු ගමන් "Delete" කරන්න.

3. "Tops of Trees" න්‍යාය මතක තබා ගන්න.

ඔබ උස ගසක් වෙනකොට හුළඟ වදින්නේ වැඩියෙන්ම ඔබටයි. ඒ වගේම ඔබ සාර්ථකත්වය කරා යනකොට විවේචන එන්නෙත් වැඩියෙන්ම ඔබටයි. කවුරුත් කිසිම වැඩක් කරන්නේ නැති කෙනෙක්ව විවේචනය කරන්නේ නැහැ. ඒ නිසා විවේචන එනවා කියන්නේම ඔබ යම් ගමනක් යනවා කියන එකට සාක්ෂියක්. ඒක සාර්ථකත්වයේ එක්තරා පැතිකඩක් විදිහට දකින්න.

4. ප්‍රතිචාර දැක්වීමට (React) කලබල වෙන්න එපා.

විවේචනයක් ආපු ගමන් ඒකට උත්තර දෙන්න හෝ රණ්ඩු වෙන්න යන්න එපා. ඔබ ආවේගශීලීව ප්‍රතිචාර දක්වනවා කියන්නේ ඒ විවේචනය කරපු කෙනා ජයග්‍රහණය කළා කියන එකයි. ඒ වෙනුවට නිහඬව ඉන්න. ඔබේ "සාර්ථකත්වය" හරහා ඔවුන්ට පිළිතුරු දෙන්න. මතක තියාගන්න, "Silence is the best answer to someone who doesn't value your words."

5. ඔබේ වටිනාකම තීරණය කරන්නේ අනුන්ගේ වචන නෙමෙයි.

කවුරු හරි කිව්ව පලියට ඔබ නරක කෙනෙක් හෝ අසාර්ථක කෙනෙක් වෙන්නේ නැහැ. ඔබ කවුද කියලා ඔබ දන්නවා නම්, අනුන් දෙන 'Certificates' ඔබට වැඩක් නැහැ. ඔබේ වටිනාකම තියෙන්නේ ඔබේ දක්ෂතාවය සහ කැපවීම ඇතුළේ මිසක්, අනුන්ගේ කටවල් ඇතුළේ නෙමෙයි.

6. විවේචන "ඉන්ධන" (Fuel) කරගන්න.

ඔබව පහත් කරලා කතා කරන අයට පේන්නම සාර්ථක වෙන්න උත්සාහ කරන්න. ඒ විවේචන ඔබේ ගමනට වේගයක් ලබා දෙන ඉන්ධන කරගන්න. "මට බෑ" කියපු අයට, "මම ඒක කළා" කියලා පෙන්වන එක තමයි දෙන්න පුළුවන් හොඳම දඬුවම.


සටහන : 𝗖𝗵𝗮𝘁𝗵𝘂𝘀𝗸𝗮 𝗔𝗺𝗮𝗿𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮

(𝑩𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 & 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒊𝒗𝒊𝒕𝒚 𝑫𝒆𝒗𝒆𝒍𝒐𝒑𝒎𝒆𝒏𝒕 𝑨𝒅𝒗𝒊𝒔𝒐𝒓)

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Join our mailing list

Never miss an update

bottom of page